topone

mahayana-bududhama

මහායාන බෝධිසත්ව සංකල්පය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශාධිපති

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත හිමි

බෝධිසත්ත්ව සංකල්පයට හා බෝධි චිත්තයට මහායාන බෞද්ධ චින්තනයෙහි සුවිශේෂී තැනක් හිමිවේ. පාලි පෙළ දහමේ මෙන් ම සංස්කෘත සාහිත්‍යයේ ද බෝධි සත්ත්වයන්ට අර්ථ සපයා ඇති ආකාරය විමසා බැලීම වැදගත් වේ. ‘බෝධි’ යනු අවබෝධය යි. නිවන අවබෝධ කිරීම බෝධිය නම් වේ. සත්ත යන්නට පාලි පෙළ දහමේ අර්ථ කිහිපයක් දක්වා ඇත. සංජ් ධාතුවෙන් ඇලීම් අර්ථයෙහි අතීත කෘදන්ත පදයක් ලෙසත් යෙදී ඇති අතර ‘සද්’ ධාතුවෙන් භාව තද්ධිත පදයක් වශයෙන්ද භාවිත වේ. විද්‍යමානවන පෙනෙන යන අර්ථ ඒ අතර වේ. බෝධිසත්ව යන අර්ථය ඒ අනුව සම්බෝධිය පෙනෙන, විද්‍යමාන වන අර්ථයෙන් විග්‍රහ කළ හැකිය.

සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී ‘’බෝධි සත්ත්වයා’’ යන්න සර්වඥතා ඥානය ලැබීමට නියත විවරණ ලැබූ උතුමා අදහස් කරයි. හෙතෙම බුද්ධාංකුර වශයෙන් සලකා ඇති අතර බුද්ධත්වය උදෙසා පාරමී ධර්ම පූරණය කරන තැනැත්තා ද බෝධිසත්ව නාමයෙන් සලකයි.

පාලි අට්ඨ කතාවන්හි විවරණයන්ට අනුව අවබෝධ නොකළ චතුරාර්ය සත්‍යය ඇත්තා අනභිසම්බුද්ධ යනුවෙන් හඳුන්වයි. ‘බෝධිසත්ත’ යනු අවබෝධ කරන්නා වූ පුද්ගලයා ය. සම්මා සම්බෝධිය අවබෝධය කිරීම සඳහා උත්සාහ වන වීර්ය වඩන සිහි නුවණ සහිත උතුමා බෝධිසත්ත්ව වේ. එමෙන් ම බෝධියෙහි ඇලුණු ලැඟුණු තැනැත්තා ‘සත්ත’ නම් වේ.

‘සත්ත’ යන්න විග්‍රහකරන පාලි පෙළ දහම ‘සතෙතා’ ඇලුණේ, ‘ආසතෙතා’ වඩාත් ඇලුණේ ‘විසතෙතා’ තරයේ ඇලුණේ සත්ත නාමයෙන් හඳුන්වා ඇත. එහෙත් ඇලීම් අර්ථයෙන් බෝධිසත්ත්වයන් හට අර්ථ දැක්වීම මගින් එහි සැබෑ අර්ථය උද්දීපනය නො වේ.

සම්බෝධිය විද්‍යාමාන කර ගැනීම උදෙසා වීර්ය වඩන නැතහොත් බෝධිය සාරය කොට ගත් උතුමා බෝධිසත්ත්ව ලෙසින් සැලකීම වඩාත් යෝග්‍ය වේ. සංස්කෘත ‘සත්ත්ව‘ යන පදයෙහි සාරය, සාත්වික ගුණය යන අර්ථය මතුකර දැක්විය හැකිය. නිවනේ් සාරය ප්‍රකට වන්නේ බෝධි චිත්තයෙනි. බෝධිචර්යාවතාරය අනුව කරුණාව හා ප්‍රඥාව සාරය කොට ගත් සකල සත්ත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස බුද්ධත්වය අවබෝධ කරමියි යන අධිෂ්ඨානයෙන් බුද්ධත්වය කෙරෙහි අරමුණ වූ සිත බෝධි චිත්තය වේ. බුද්ධත්වය උදෙසා ප්‍රථම මාර්ගය වන්නේ ද බෝධි චිත්තය යි. ධර්මකායෙහි සහ බෝධිචිත්තයෙහි ප්‍රධානම ලක්ෂණය නම් කරුණාව හා ප්‍රඥාවයි. බෝධිචිත්තයෙන් සමන්විත බෝසතුන්ට කළ නොහැකි කිසිවක් නැත.

ආචාර්ය නාගර්ජුන බෝධි චිතබෝධි චිත්තය විස්තර කරන ආකාරයට අනුව නම්,

‘බෝධිචිත්තය වනාහී පඤ්චස්ඛන්ධය, ද්වාදසායනනය, අෂ්ඨාදශ ධාතු අන්තර්ගත නොවන ස්වභාවයයි. එය ස්පර්ශ කළ නොහැකි ස්වභාවයකි. එය අනාත්මය. සර්ව සාධාරණය. අනිර්මිතය. ශූන්‍යය. බෝධිචිත්තයෙහි ප්‍රධානම අංගය නම් කරුණාව හෙයින් එහි ස්වභාවය අවබෝධ කර ගත් තැනැත්තා කරුණා චිත්තයෙන් ම සියල්ල දකියි.

පරමෝත්කෘෂ්ට ධර්මතාවය බෝධි චිත්තය වේ. එසේ හෙයින් බෝධිසත්ත්වයන් වහන්සේ මහා කරුණාවෙන් ම යුක්තව භව ගමනට ප්‍රධාන හේතුව වූ ප්‍රතීත්‍ය සමුත්පාදය සොයා ගනිත් බෝධිසත්ත්වයන් වහන්සේගේ බෝධිචිත්තය සමානාත්මතාව නමැති හෘදයෙහි වාසය කරමින් විමුක්තිය උදෙසා උපායයන් නිර්මාණය කරයි. බෝධිචිත්තය අවබෝධ කළ තැනැත්තේ ජාති ජරා මරණ යන්ගෙන් විනිර්මුක්තව ආත්මාර්ථ පරාර්ථ සාධනයට හේතු වූ කර්ම සම්පූර්ණ කිරීමෙහි නිරත වේ.

මහායාන දර්ශනය තුළ බෝධිසත්ත්ව චරිතය නිරූපණය කර ඇත්තේ කරුණාවේ හා ප්‍රඥාවේ ප්‍රතිමූර්තිය ලෙසිනි. ප්‍රතීත්‍ය සමුප්පාද අවබෝධය උදෙසා කර්ම සම්පූර්ණ කරන පරමෝත්කෘෂ්ට චරිතයක් වශයෙනි. ඒ සඳහා අවැසි කරුණාවෙන් ප්‍රකට වන්නේ අප්‍රමාන සත්ත්ව සංහතිය වෙනුවෙන් ම ප්‍රගුණ කළ යුතුª ආකල්පයි. තුන්ලෝකයෙහි ම සත්ත්ව ප්‍රජාව විෂයෙහි පිහිටිය යුතු ස්වභාවය යි. එම කරුණාව ප්‍රකට කළ යුතු ආකාරය නම් අනන්ත අපරිමිත සත්ත්වයන් විෂයෙහි සත්ත්ව සංඥාවෙන් තොරව ය. බෝධිචිත්තය ඇති උතුමා තුළ සත්ත්ව සංඥාවක් හෝ පුද්ගල සංඥාවක් හෝ ජීව සංඥාවක් හෝ ආත්ම සංඥාවක් හෝ ධර්ම සංඥාවක් පැවතිය නො හැකිය යන්න මහායානික පිළිගැනීමයි.

මහායාන බෞද්ධ දර්ශනයෙහි බෝධිචිත්තය සේම බෝධි සත්ත්වයන් ද උසස් වේ. එය අපරිමිත බලයකින්ද අපිරිමිත ගුණවලින් ද හෙබි පරමාදර්ශී උතුමෙකු වශයෙන් විග්‍රහකර ඇත. බෝධි චිත්තය පිළිබඳව මහායානික අදහස් විමර්ශනය කිරීමේ දී එතුළට ජනකාන්ත වූ ආගමික භක්තිය, දනවන ලක්ෂණ මෙන් ම දාර්ශනික ලක්ෂණ ද ඇතුළත් කර ඇති බව පෙනේ. මානුෂික චිත්තයෙහි මෙන් ම බෝධි චිත්තයෙහි වෙනසක් නැතැයි පෙන්වා දෙන මහායාන ග්‍රන්ථ ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් බලන විට ‘චිත්තය’ කොටස් තුනකට අනුව විග්‍රහ කළ හැකි බව දක්වයි.

  • ලෞකික චිත්තය
  • බෝධිසත්ත්ව චිත්තය
  • බෝධි චිත්තය වශයෙන

ලෞකික චිත්තය අසංඛ්‍ය වූ ආත්ම දෘෂ්ටිය සහිතව පාප ධර්ම හේතුවෙන් අපරිශුද්ධ වූ ස්වභාවයකින් යුක්තය. එබැවින් එය සදාතනිකව ම ජාති ජරා ව්‍යාධි මරණයන්ට භාජනය වෙමින් සංසාරයෙහි සැරිසරයි.

මේ තත්ත්වය කෙරෙහි කලකිරී පාප ධර්මයන්ගෙන් බැහැරව පාරමිතා ධර්ම පූරණය කරමින් සම්බෝධිය සොයමින් සකල විධ පුණ්‍ය ධර්ම රැස් කිරීමේ උද්තුංග කාර්යයෙහි යෙදීමට පොළඹවනු ලබන චිත්තය බෝධිසත්තව චිත්තයයි.

සකල විධ වූ ක්ලේශ ධර්මයන්ගෙන් විනිර්මුක්තව සියලු දුක්ඛයන්ගෙන් දුරස්ථව පාප ධර්ම බාහිර කරමින් යහපත්ව මනා සේ යහපත් ව උසස් සේ යහපත් ව ධර්මාත්ම ව සියලු සත්ත්වයන් විෂයෙහි ශ්‍රේෂ්ඨ ව අනුත්තර වූ සම්‍යක් සම්බුද්ධ තත්ත්වයට පත්ව මහා පුරුෂ ව සකල විධ බන්ධනයන්ගෙන් විනිර්මුක්තව නොනැවති ම ඉදිරියට ගමන් කරන්නා වූ උත්තම චිත්තය බෝධි චිත්තය යි.

එය සම්මා සම්බුදුවරයන් වහන්සේට පමණක් සීමා වේ. බෝධිචිත්තය මෙන් ම බුද්ධ චිත්තය ලෝකෝත්තර වූවකි.

මහායාන ධර්මයට අනුව සියලුම සත්ත්වයන් ගේ් චිත්තාභ්‍යන්තරයෙහි බෝධිචිත්තයේ මුල බීජ පවතී. එහෙත් එය විකසිත නොවී හැකිලී සැඟවී පවතී. එය මුළුමනින් ම විකසිතව පවතින්නේ් බුදුවරයන් තුළ පමණි. මිලිනව පවත්නා බෝධිචිත්තය සතරාකාරයකින් විකසිත කරගත හැකි බව මහායානිකයෝ පිළිගනිති.

1. සම්මා සම්බුදුවරු මෙනෙහි කිරීමෙන්

2. සසර දුක මෙනෙහි කිරීමෙන්

3. සත්ත්වයා අනේක විධ දුකට පත් වීමට හේතු වූ කරුණු පිළිබඳව සිත යොමු කිරීමෙන්

4. තථාගතයන් වහන්සේගේ් ගුණ සිහි කිරීමෙන්


මෙලෙස විකසිත කරගත හැකි බෝධි චිත්තය බෝධිප්‍රණිධි චිත්තය හා බෝධි ප්‍රස්ථාන චිත්තය වශයෙන් උභයාකාරය. මෙය බෝධි චිත්තයෙහි කරුණාව මූර්තිමත් වන අවස්ථාවක් ලෙස සැලකේ. බෝධි ප්‍රණිධිය නම් සකල ලෝකවාසී සත්ත්වයන් ගේ් අපේක්ෂාව උදෙසා තමා බුද්ධත්වයට පත්වන්නෙමියි යන චිත්තය යි.

ථෙරවාද සම්ප්‍රදායෙහි මනෝප්‍රණිධාන යනුවෙන් හඳුන්වා ඇත්තේ මෙය යි. බෝධි ප්‍රස්ථාන ට්ත්තය නම් බෝධි ප්‍රණිධි චිත්තයෙන් යුක්තව බුද්ධත්වයෙන් අවබෝධ කිරීමට හැකි ව්‍රතයක් දරමින් යහපත් ක්‍රියාවන් සිදුකරමින් කටයුතු කරන සිතයි. බෝධිප්‍රණිධි චිත්තය සහ බෝධි ප්‍රස්තාන චිත්තය අතර වෙනස ගමනක් යෑමට සැරසෙන පුද්ගලයෙකු ඒ ගමන යාමට සිතීම සහ ඒ ගමන යාම හා සමාන ය.

මහායානිකයන් පිළිගන්නා පරිදි බෝධිචිත්තය පහළ වීම යනු සිතෙහි කරුණාව හා ප්‍රඥාව ඇති වීම යි. එතැන් පටන් හෙතෙම බෝධි සත්ත්වයකු වේ.

බෝධි චිත්තය පහළ වූ පසු බෝධිප්‍රණිධි චිත්තය සහිත වූ හෙතෙම තමාට ම ප්‍රතිඥාවක් ලබා දෙයි. යම්තක් කාම, රූප, අරූප යන තුන් ලෝක ධාතුවෙහි සත්ත්වයන් වාසය කරන්නේ ද අණ්ඩජ වේවා, ජලාබුජ වේවා, සංසේදජ වේවා, ඕපපාතික වේවා, දූර්ස්ථ වේවා, සමීපස්ථ වේවා, මහත් වේවා, කුඩා වේවා, ඒ සියලු සත්ත්ව සමූහයා සසර දුකින් එතෙර කරන තෙක් තමා ගේ නිර්වාණ ප්‍රාප්තිය ප්‍රමාද කරමියි ප්‍රණිධාන ඇති කර ගැනීම බෝධිචිත්තයේ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් සැලකේ. බුද්ධත්වයට පත් වෙමි යි යන බෝධි චිත්තය සහිත එතුමාට අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක නිවනට පත්වීමේ ශක්‍යතාවක් ඇත. ඒ සඳහා කාලය පතිරූප දේශය සොයා යාම අනවශ්‍ය ය. කරුණාව හා ප්‍රඥාව සාරය කොට ඇති එතුමාට අවශ්‍ය ඕනෑම විටෙක නිර්වාණ ප්‍රාප්තියට පත්විය හැකි ය.

කරුණාව හා ප්‍රඥාව සාරය කොට ගත් බෝධිසත්ත්වයන් වහන්සේ පාරමිතා ධර්ම හයක් සම්පූර්ණ කළ යුතු වෙයි. හීනයාන සම්ප්‍රදායෙහි සඳහන් වන පරිදි බුද්ධත්වය අවබෝධ කිරීම සඳහා බෝධිසත්ත්වයන් වහන්සේ දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතුªවේ. එහෙත් මාහායාන සම්ප්‍රදාය තුළ එබඳු දස පාරමිතාවන් නොමැත.

ඒ වෙනුවට දක්වා ඇත්තේ පාරමිතා හයක් පමණි. එය පූරණය සඳහා අවතීර්ණ විය යුත්තේ බෝධිසත්ත්ව භූ®මිවල දූරංගම නම් සත්වෙනි භූ®මිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව යි.

සෑම මහායාන බෝධිසත්ත්වරයෙක් ම දශ භූ®මින් සම්පූර්ණ කළ යුතුªය. හීනයාන සම්ප්‍රදාය තුළ ඉගැන්වීම් වන දස පාරමිතා හා මහායානයේ දශ භූමි අතර සමානතාවක් නොමැත. දශ භූ®මි පිළිවෙළින් සම්පූර්ණ කිරීමෙන් ක්‍රමයෙන් බුද්ධත්වයට සමීපවීමේ ශක්‍යතාව ලැබේ.

අනතුරුව ධර්මකාය සමඟ සම්බන්ධ වී එහි ආස්වාදය ලැබීමේ අවස්ථාව උදාකර ගනී. ධර්මකාය පිළිබඳ පිළිගැනීමක් හීනයානයේ නැත. බෝධිසත්ත්වයන් වහන්සේ මෙම ධර්මකායයෙහි අවතාර වශයෙන් මහායානිකයෝ සලකති.

දශභූ®මි පිළිබඳ ව මහායාන ග්‍රන්ථයන්හි විවිධ අදහස් දැක් වේ. මහා වස්තුවෙහි දැක්වෙන දශභූමි වලට වඩා වෙනස් වූ දශභූමියක් දශභූ®මි සූත්‍රයෙහි සහ අවතංසක සූත්‍රයෙහි දැක්වේ. මෙහි දැක්වෙන මෙම ග්‍රන්ථ දෙකට ම වඩා වෙනස් වූ විග්‍රහයක් බෝධිසත්ත්ව භූ®මි නම් ග්‍රන්ථයේ සඳහන් වේ.


එහි දශ භූ®මිය වෙනුවට දක්වා ඇත්තේ සප්ත භූ®මියකි. එහෙත් ලංකාවතාර සූත්‍රයෙහි දශ භූ®මියට අමතර ව තථාගත භූමි නමින් එකොළොස්වන භූමියක්ද දක්වා ඇත. ධර්ම සංග්‍රහය නම් වූ කෘතියක නිරූපමා - සහ ඥානවතී වශයෙන් තවත් භූ®මි දෙකක් ද ඇති බව ‘හල් දයාල් මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් විවිධ වර්ගීකරණයන් පැවතිය ද සාමාන්‍යයෙන් මහායාන දර්ශනයෙහි දශභූ®මි වශයෙන් පිළිගෙන ඇත්තේ දශභූ®මි සූත්‍රයෙහි දක්වා ඇති දහය යි. එම දශ භූ®මි දශභූ®මික සූත්‍රය, මහා වස්තුව හා බෝධි සත්ත්ව භූ®මි යන ග්‍රන්ථයන්හි ‘පුමුදිතා’ වශයෙන් නම් කර ඇති අතර මහා වස්තුවේ ‘දුරුරෝහා’ යන නමින්ද බෝධිසත්ත්ව භූ®මි සූත්‍රයෙහි ගෝත්‍ර භූ®මි යන නමින්ද දක්වා ඇත. දශ භූ®මික සූත්‍රයෙහි එය දක්වා ඇත්තේ

1. ප්‍රමුදිතා 2. විමල 3. ප්‍රභාකරී

4. අර්චිස්මතී' 5. සුදුර්ජය'ා 6. අභිමුඛී

7. දූරංගමා' 8. අචලා' 9. සාධුමතී

10. ධර්මමේඝා වශයෙනි.

මෙම දශභූ®මි වලින් ප්‍රකාශ වන්නේ මහායාන සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කිරීමට ප්‍රථම ක්‍රමයෙන් උදාකර ගත යුතු තත්ත්වයන් සහ අවස්ථාවන් දහයකි.

බුද්ධත්වය සාක්ෂාත් කිරීම පිණිස බෝධිසත්ත්වයන් වහන්සේ විසින් සම්පූර්ණ කළයුතු පාරමිතා දහයකි. මහායාන දර්ශනයට අනුව බෝධිසත්ත්වවරු කටයුතු කරන්නේ් ධර්ම සහ කර්ම දෙක පදනම් කරගෙන ය. මහායාන චින්තනයට අනන්‍ය වූ කර්ම පරිනාමනා සංකල්පයක් වේ. එය හීන යානිකයෝ ප්‍රතික්ෂේප කරති. බෝධිසත්ත්ව ප්‍රණීධියත්, චර්යා පරිනාමයත් නොමැති ව බෝධිසත්වයෙකු වීම අපහසු බව මහායානිකයන්ගේ මතය යි.

මහායාන ධර්මයේ පිබිදීම

චීන ජනරජයේ මහායන ධර්මය බොහෝ සේ ප්‍රචලිත වී ඇත. මහායාන ධර්මයේ භූගෝලීය මූලාරම්බය නොදත් නමුත් පලවැනි ශතවර්ෂයේ සිට එය පÜචලිත වී ඇත. නොයෙක් විද්වතුන් සඳහන් කරන්නේ මෙම ධර්මය බෞද්ධ ගිහියන් හඳුන්වා දී ඇති සංකල්ප ගොනු වී ඇති බවය. මෙය පිලිනොගත් කොට්ñ$ෂයක්ද ඇත්තේය. ඕනෑම දර්ශනයක් පිලිපදින පැවිදි නමක් බුදුන් වහන්සේ දේශනා වදාර විනය රීති පිලිපදින්නේද ඒ පැවිදි නම සංඝ වේ. මහායාන ධර්මයේ බෝදිසත්වයන් ගේ ජීවන මාර්ගයේ වැදගත් බව බොහෝ සේ කරුනු දක්වා ඇත. බෞද්ධාගමේ මෙය පැහැදිලි කර ඇති නමුත් මහායානයේ මෙය වඩාත් අවධාරණයට ලක් කොට ඇත. ඒ වාගේම එම ජීවන මාර්ගය සියලු දෙනා පිලිපැදිය යුතු බවත් අවධාරණය කොට ඇත.

දෙවන සියවසේ කණිෂ්ක අධිරාජ්‍ය සමයේ හතරවැනි මණ්ඩලය හඳුන්වා දී ඇත. මෙම මණ්ඩලය ථේරවාද ධර්මයේ පිලිගෙන නැත. එයට හේතු වන්නේ මෙම මණ්ඩලය ත්‍රිපිටකයේ ඇති සංකල්ප යොදා ගැනීමෙන් වැලකී සිටීමය.

මහායාන ධර්මය උගත් පඬිවරයෙක් වන නාගාර්ජුන, මහායාන ධර්මයට තර්කාත්මක සංස්ථාපනයක් ලබා දුන්නේය. ඔහුගේ දේශනාවන් ත්‍රිපිටකයේ පරාමිතියට ඇතුලත තර්ක කිරීමට ලක් විය. ඔහුගේ පාසල හඳුන්වන්නේ මාද්‍යමක යනුවෙන්ය. කුශාන් අධිරාජ්‍යයෙන් පසුව ඉන්දියාවේ මහායාන ධර්මය ප්‍රචලිත විය. තවද මෙම ධර්මය ඉගැන්වීමට නාලන්දා විශ්ව විද්‍යාලය වැනි කේන්ද්‍රස්ථාන ඉදිවිය.

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software