topone

gihi-saha-pavidi-jiwithaya

සම්ප්‍රදායික ලෙසින් ථේරවාද බුද්ධාගම ගිහි සහ පැවිදි (පුරාතනයේ භික්ෂුණී ද ඇතුලත් වුනි) යන දෙපක්ෂයට සුදුසු පිළිවෙත් අතර පැහැදිලි වෙනසක් පිළිගෙන තිබේ. ධර්මාවබෝධයට හැකියාව ගිහියන්ට ද ඇති බව ථේරවාද පිළිගෙන ඇත. ඊට ථේරවාදයේ දී ලැබෙන තැන මහායානයේ සහ වජිරයානයේ ලැබෙන තැනට වඩා අඩු වැදගත්කමකින් යුතු වූවකි. මේ වෙනස, සහ පාලි ත්‍රිපිටකයේ සඳහන් වෙන ගිහි පැවිදි වෙනස් පිළිවෙත් ද, එසේම පැවිද්දන් විසින් අනුගමනය කරන ජනතාවගේ ආගමික උත්සව ද, යනාදිය විමසන සමහර විද්‍යාර්ථීන් ගේ අදහස වනුයේ ථේරවාද බුද්ධාගම විවිධ සම්ප්‍රදායන් කිහිපයක් එකතු වී සැකසී ඇත්තක් කියාය. ඒවා අතර වෙනස්කම් දැකිය හැකි වුවත් ඒවා එකින් එක සංකලනයක් ද වී ඇති බවයි. මානවවේදී මෙල්ෆෝර්ඩ් ස්පීරෝ (Melford Spiro) සිය "බුද්ධාගම සහ සමාජය" (Buddhism and Society) යන කෘතියේ බුරුම ථේරවාද සම්ප්‍රදායන් තුනක් වර්ග කරයි: නපුරු භූතාත්ම පළවා හරින මන්තර ගුරුකම් සමන්විත බුද්ධාගම (Apotropaic Buddhism), අනාගත උප්පත්තියක් සඳහා පින් එකතු කරන බුද්ධාගම (Kammatic Buddhism), ත්‍රිපිටකයේ සඳහන් ලෙසින් වූ නිබ්බාන විමුක්තිය සොයා යන බුද්ධාගම (Nibbanic Buddhism). ඔහු තරයේ කියා සිටින්නේ මේ අදහස් තුනම පාලි ත්‍රිපිටකයේ අන්තර්ගත බවයි. එහෙත් මේ වර්ග කිරීම් තුන සියළු විද්‍යාර්ථීන් විසින් පිළිගෙන නොමැති වූවකි.

ගිහියන්ගේ කාර්ය භාරය ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කරන ලෙසින් වූවක් බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. මෙය ස්පීරෝගේ කර්ම බුද්ධාගම යන වර්ගයට අයිති වෙයි. පින් අනුමෝදන් කරගන්නට හැකි ක්‍රියාවන් ලෙසින් පූජ්‍ය පක්ෂයට ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම, පංසල් හා ආශ්‍රම වලට ආධාර කිරීම, බුද්ධ ප්‍රතිමා ඉදිරියේ හඳුන්කූරු හා පහන් පත්තු කිරීම සහ පාලි ත්‍රිපිටකයේ එන ගාථා සජ්ක්ධායනය කිරීම යනාදියයි. සමහර ගිහි බෞද්ධයන් ආගමික කටයුතු වල වැඩි ක්‍රියාකාරීත්වයකින් කටයුතු කරති. පන්සල් වල මුදල් බාරකරුවන් සහ කළමනාකරණ පාලකයන් වශයෙන් ගැහැණු සහ පිරිමි දෙක ම ක්‍රියාශීලී වීම ආගමික කටයුතු වල නියැළෙන ගිහියන් අතරින් සැමදා දැකිය හැකි විය. අනිත් සමහර ගිහියන් අතර තම පළාතේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් ආහාර පිසීම, සුද්ද පවිත්‍ර කිරීම හා පන්සල් භූමිය පවත්වා ගෙන යෑම වැනි කටයුතු වල නියැළෙන ආකාරය ද දැකි හැකිය. ගිහියන් අතින් කෙරෙන කටයුතු වල දී පාලි ත්‍රිපිටකය අධ්‍යයනයට හෝ බෞද්ධ භාවනා පිළිවෙත් අනුගමනය සඳහා ඉඩක් තිබි ඒවා නොවීය. 20 වැනි සියවසේ දී මේ සඳහා ඉඩ තායිලන්ත සමාජයේ වැනි සමහර ස්ථාන වල දී ගිහියන්ට ඉඩකඩක් ලැබී ඇත.

තායි වනගත සම්ප්‍රදායට අයත් වන බුද්ධදාස නොහොත් අජාන් බුද්ධදාස, ලුආන්ග් ටා මහා බුආ (Luang Ta Maha Bua), අජාන් (Ajahn) ප්ලියෙන් පන්‍යාපතිපෝ (Plien Panyapatipo), අජාන් පසන්නෝ (Ajahn Pasanno), සහ අජාන් ජයසාරෝ (Ajahn Jayasaro), යනාදීන් ආරණ්‍යයන් වලින් බැහැරව ගිහියන් සඳහා භාවානා මධ්‍යස්ථානය ඉදි කළහ.

එංගලන්තයේ අජාන් මුන් (Ajahn Mun) ගේ ගෝලයෙක් වූ අජාන් චාහ් (Ajahn Chah) විසින් වෙස්ට් සසෙක්ස් පෙදෙසේ චිට්හර්ස්ට් හි ආරණ්‍යගත සම්ප්‍රදායක් චිත්තවිවේක (Cittaviveka) නමින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ ගෝලයෙකු වූ අජාන් සුමේධෝ (Ajahn Sumedho) සමඟ ය. හර්ට්ෆෝර්ඩ්ෂයර් හි අමරාවතී (Amaravati) පටන් ගත්තේ ගිහියන්ට සමාජයෙන් හුදකලා වී භාවනා කිරීම සඳහා ය. අජාන් සුමේධෝ විසින් මෙම සම්ප්‍රදාය තව දුරටත් පතුරවමින් නෝදම්බලන්ඩ් හි හාර්න්හැම් වෙත ගෙන යන ලදි.

එය වර්තමානයේ අජාන් චාහ් ගේ තවත් ගෝලයෙකු වන අජාන් මුනින්දෝ මාර්ගෝපදේශය යටතේ සිද්ධ වෙන්නකි.

ථේරවාද බුද්ධාගමේ ඉහළ ම ඉලක්කය වූ නිබ්බාන, අයත් කරගන්නේ සද්ගුණය අධ්‍යයනයෙන් හා එය එදිනෙදා ජීවිතයේ දී පාවිච්චියට ගැනීමෙනි. මෙය භාවනාව සහ සීල, සමාධි, ප්‍රඥා යන සියල්ලෙන් සිද්ධ වෙන්නකි. නිබ්බාන යන ඉලක්කය කරා යෑම සාර්ථකව කරත හැකි යැයි සාමාන්‍යයෙන් සැලකුනේ උපසම්පදාව ලත් ආරණ්‍යගත භික්ෂුවකට කියාය. නිබ්බාන සොයා නොයන අරමුණින් යුතුව ඒ ක්‍රියාදාමයන් ගිහියන්ට ද තම ජීවිතයේ සතුට සඳහා පාවිච්චියට ගත හැකිය. ථේරවාද බුද්ධාගමේ සඳහන් වනගත සම්ප්‍රදාය පුළුල් වශයෙන් විස්තර කරන විට එය නාගරික විද්‍යාර්ථී භික්ෂූන් සහ වනගත භාවනාවේ යෙදෙන භික්ෂුව අතර වෙනසක් සේ දැකිය හැකිය. එහෙත් මේ දෙකොටසම තම සමාජයේ ආගමික ගුරුවරුන් ලෙසින් කටයුතු කරති. ආගමික උත්සව වල දී මූලිකත්වය ගනිති.

විද්‍යාර්ථීන් භික්ෂූන් ථේරවාදයේ ඇති පාලි සාහිත්‍ය හදාරන උත්සාහයේ යෙදී සිටිති. ඔවුන් ටික කාලයක් භාවනාවට යොදවනු ද ඇත. එහෙත් වඩා ගෞරවයක් හා පිළිගැනීමකට ලක් වෙන්නේ පාලි ත්‍රිපිටකය සහ අට්ඨකතා හදාරා ඒ ධර්ම ජනතාවට කියා දීමෙනි. අභිධම්මය උගත් අයෙක් වීමෙනි.

භාවනා කරන භික්ෂූන්, බොහෝවිට වනගත භික්ෂූන් යැයි සැලකෙන අය, එසේ හැඳින්වෙන්නේ ඔවුන් කැලෑ අසබඩ පෙදෙස් වල තම භාවනා පිළිවෙත් පවත්වා ගෙන යෑම නිසයි. සමහර වනගත භික්ෂූන් පාලි ත්‍රිපිටකය හැදැරීම කාලයක් වැය කරතත් වැඩියෙන් භාවනා කටයුතු වල නිරත වෙන්නෝ ය. ඒ භික්ෂූන් තම භාවනා අත්දැකීම් වලින් තමන්ගේ ම ගුරුවරුන් වෙන අයයි. ත්‍රිපිටකය ගැන වැඩියෙන් නොදත්ත ද, මූලික බෞද්ධ ධර්මය ගැන දන්නා අය වෙති. ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා වනගත සම්ප්‍රදාය ඉලක්ක කරගන්නේ පාලි මූලාශ්‍ර සහ ජන සම්ප්‍රදායේ එන අද්භූත බලයන් ලබා ගැනීමටයි. මේ බලයන් නිබ්බාන කරා යන්නට ද, අන් අයෙකුගේ මනසේ ඇති අදහස් දැනගන්නට ද, භෞතික වස්තූන් දමනය කරන්නට ද, දෙවියන් සහ අපායගත වූවන් සමඟ සංවාදයේ යෙදෙන්නට ද, පෙර ආත්ම ගැන මතකයක් ඇති කරගන්නට ද ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා උපකාරී වෙයි. මෙම බලය හැඳින්වෙන්නේ අභින්නා (abhiñña) යනුවෙනි. සමහර අවස්ථා වල දී, යහපත් වනගත භික්ෂූවකගේ භූමදාන කරන ලද ඇටකටු යනාදිය පළිඟු මෙන් වූ ධාතු (sãrira-dhãtu) බවට පත් වේ යැයි වනගත සම්ප්‍රදායේ දී සැලකේ.

භික්ෂු සම්පදාව

පිළිසිඳගත් දා සිට කරන වසර ගණනයෙන් අඩුම ගානේ වයස විස්සක් වත් සපුරා තිබීම භික්ෂු සම්පදාවට අවශ්‍ය යැයි සැලකේ. එහෙත් ඒ වයසට වඩා අඩු වයසේ පිරිමි ළමුන් සාමනේර වශයෙන් සම්පදාවට එකතු කරගත හැකිය. බුරුමයේ මේ උත්සවය හැඳින්වෙන්නේ ෂින්බ්‍යු (Shinbyu) නමින්. සාමනේරවහන්සේලාගේ හිස් බූ ගා, කසා වත් පළඳා, පන්සිල් පද දහයක් සමාදන් වීම මෙහිදී සිද්ධ වෙන්නකි. ත්‍රිපිටකයේ හෝ වෙනත් බෞද්ධ ලියැකියවිලි වල භික්ෂු සම්පදාවට ඇතුල්වෙන අඩුම වයස ගැන විශේෂ සඳහනක් නැති වුව ද, සාම්ප්‍රදායික වශයෙන් වයස හතෙන් පමණ පිරිමි දරුවන් සම්පදාවට ඇතුල් කර ගැනේ. මෙම සම්ප්‍රදාය පැවැත එන්නේ බුදුන්ගේ පුත්‍රයා වූ රාහුලයන්ට වයස හතේ දී සාමනේර වන්නට ඉඩ ලැබි නිසාය. භික්ෂූන් විසින් ශික්ෂණ රීති 227 ක් ද භික්ෂූණී විසින් ශික්ෂණ රීති 311 ක් ද පිළිපැදිය යුතුය.

බහුතර ථේරවාද රටවල, සීමිත කාලයක් තුල සම්පදාවේ සිටීම සාමාන්‍ය සිරිතකි. තායිලන්තයේ සහ බුරුමයේ වස්සාන කාලය නම් හැඳින්වෙන මාස තුන තුල දී තරුණ පිරිමි සම්පදාවේ යෙදෙති. එහෙත් ඊට වඩා කෙටි කාල හා දිගු කාල සීමාවන් වල සම්පදාවේ සිටීම ද දුලබ නොවේ. සාම්ප්‍රදායික වශයෙන් තාවකාලික සම්පදාව ඊටත් වඩා නම්‍යශීලී බවකින් ලාඕස් හි පැවතෙන්නකි. තරුණ පිරිමි ලෙසින් පළමු සම්පදාවෙන් පසුව ලාඕස් හි පිරිමින්ට තාවකාලික සම්පදාව අනතුරුව ඕනෑම අවස්ථාවක දී ඇතුල්වන්නට හැකි වූවකි. විවාහක පිරිමි තම භාර්යාවන්ගේ අවසරය ලබාගත යුතුයි. දකුණු දිග ආසියාව පුරා භික්ෂු සම්පදාවෙන් ඉවත්වීම ගැන එතරම් අපකීර්තියක් නැත. අධ්‍යාපනයෙන් පසු හෝ පවුලේ යුතුකම් ඉටු කරන්නට හෝ රෝග තත්වයන් නිසා සංඝයා සම්පදාවෙන් නිතරම ඉවත් වෙති.

කෙටි කාලයකට වුව ද භික්ෂුවක් ලෙසින් සම්පදාව ලැබීම බොහෝ සද්ගුණයෙන් පිරි වූ තත්වයක් ලෙස සැලකේ. දකුණු දිග ආසියානු බොහෝ රටවල එය සැලකෙන්නේ තම දෙමව්පියන් තමන් හදා වඩා ඇතිදැඩි කිරීම පිණිස ගෙවන ණයක් හැටියට ය. සම්පදාවකට ඇතුල්වෙන අයෙක් නිසා ඔහුගේ දෙමව්පියන්ට ද පින් අනුමෝදන් වේ. භික්ෂූන් වූ තායි පිරිමි විවාහක සහකරුවන් සඳහා වඩා සුදුසු වූවෝ යැයි මතයක් තායි කාන්තාවන් අතර සැලකේ. ඔවුන් එසේ භික්ෂුවක් වී සිට විවාහයට පිවිසෙන පිරිමියෙක් මුහුකුරා ගිය විවාහයට සූදානම් වූ 'හොඳට පැසුණු' යන හැඟීමෙන් සලකති. විශේෂයෙන් ම තායිලන්තයේ ගම්බද පෙදෙස්වල තාවකාලිකව භික්ෂු සම්පදාවට පිවිසීම සාමාන්‍යයක් වූ නිසා, දිගටම පැවිදි ජීවිතයේ ඉන්නට සිද්ධ නොවී, පිරිමි දරුවන්ට හා තරුණයන්ට පංසල් පාසැල් වලින් අධ්‍යාපනයක් ලබන්නටත් අවස්ථාව ලැබිණ.

ශ්‍රී ලංකාවේ තාවකාලික සම්ප්‍රදාව පැවතෙන්නේ නැත. පැවිදි ජීවිතයෙන් ඉවත් වීම අපකීර්තියක් ලෙසින් සැලකේ. තවමත් පැවතෙන කුල භේදය නිසා තාවකාලික සම්පදාව සහ පැවිදි ජීවිතයෙන් ඉවත්වීම සමාජ තහංචියකි. ශ්‍රී ලංකාවේ සංඝ නිකායන් කුල අනුව සංවිධානය වී ඇතත්, සම්පදාවට ඇතුල්වෙන පිරිමින්ට තාවකාලිකව සාමාන්‍ය කුල පද්ධතියෙන් බැහැරව සිටිය හැකිය. එනම් ඔවුන් භික්ෂුවක් ලෙසින් ඉන්නා කාලය තුල දී කරන කටයුතු හා සමාජයෙන් භික්ෂුවකට ලැබෙන සැලකිලි, ඔහු උපන් කුලය අනුව නොව භික්ෂුවක් නිසා ලැබෙන තත්වයට අනුචිත වෙනස් සැලකිලි වෙයි.

සුප්‍රසිද්ධ ථේරවාද හිමිවරු මෙසේය: අජාන් මුන් භූරිදත්ත (Ajahn Mun Bhuridatta), අජාන් චාහ් (Ajahn Chah), අජාන් ප්ලියෙන් පන්යාපාතිපෝ (Ajahn Plien Panyapatipo), අජාන් සුමේධෝ (Ajahn Sumedho), අජාන් බ්‍රාහ්ම් (Ajahn Brahm), භික්කු බෝධි (Bhikkhu Bodhi), බුද්ධදාස, මහාසි සයදව් (Mahasi Sayadaw), න්‍යානපොනික ථෙර (Nyanaponika Thera), ප්‍රියාහ් මහා ඝෝෂානන්ද (Preah Maha Ghosananda), සයදව් යූ පන්ඩිත (Sayadaw U Pandita), අජාන් අමරෝ (Ajahn Amaro), තනිස්සරෝ භික්කු (Thanissaro Bhikkhu) සහ වල්පොල රාහුල.

සඟ පිළිවෙත්

ථේරවාද සම්ප්‍රදාය තුල විවිධ අනු පාසැල් හා ආශ්‍රම විසින් පිළිපදින පිළිවෙත් විවිධ වෙති. එහෙත් බොහෝ සත්‍ය ලබ්ධික වනගත සම්ප්‍රදායේ භික්ෂූන් අතර දකින්න ලැබෙන්නේ බුදුන් සහ ඔහුගේ මුල් පරම්පරාවේ අනුගාමිකයන් විසින් පිළිපදින ලද පිළිවෙත් අනුගමනයයි. එනම් කෑලෑ, කඳු සහ ලෙන් වැනි ස්වභාව ධර්මය ආශ්‍රිතව ජීවත්වීමය. වනගත සම්ප්‍රදායේ පැරණි බෞද්ධ පිළිවෙත් තවමත් එලෙසින්ම සියළු අංගයන්ට දක්වන සැලකිල්ලෙන් සහ හුදෙකලා කැලෑවල භාවනාව දියුණු කිරීමෙන් යුතුව සිද්ධ වෙයි.

වස්සාන කාලයේ සාමාන්‍යයෙන් මාස තුනක කාලයක් දිනපතා චර්යාවේ යෙදෙන භික්ෂුවක් හිරු පායන්නට පෙර අවදි වෙයි. දිනය ආරම්භ කරන්නේ ගාථා කීමෙන් සහ භාවනාවෙනි. අරුණෝදයේ උදාවත් සමඟ පා ආවරණ නැති භික්ෂූන් පාත්‍රයක් රැගෙන අවට ගම්මාන වලට දන් ලබාගනු පිණිස පිණ්ඩපාත ගමනේ යෙදෙති. දහවල් දොළහට පෙර එක් ආහාර වේලක් පමණක් වළඳනු ලැබේ. තම පාත්‍රයට එකතු කරගත් අහර අතින් වැළඳීම සිදුවේ. වඩා කාලය ගෙවන්නේ ධර්මය ඉගෙන ගන්නටත් භාවනා කිරීම පිණිසත්ය. සමහර අවස්ථාවල දී ආශ්‍රමාධිපති හෝ ජ්යෙෂ්ඨ භික්ෂුවක් විසින් පැමිණ සිටින අමුත්තන්ට ධර්ම දේශනාවක් පවත්වයි. මේ ආරාම වල නවතින ගිහියන් සාම්ප්‍රදායික බෞද්ධ ශික්ෂාපද අට සමාදන් විය යුතුය.

වස්සාන කාලය අවසානයේ දී බොහෝ භික්ෂූන් ආරණ්‍ය වලින් බොහෝ හුදකලා වූ පෙදෙස් (බොහෝවිට කැලෑ වලට) යති. එහි දී ඔවුන් ස්වයං දියුණුව වර්ධනය කරන වැඩ පිළිවෙත් අනුගමනයේ යෙදෙති. ඔවුන් මෙසේ දුර බැහැර ගමන් කරද්දී, පාවහන් නොමැතිව ඔවුන් හිතෙන පැත්තකට ඇවිදිති. අවශ්‍යතා අල්පයක් පමණක් නිතරම ඔවුන් රැගෙන යති. ඒවා නම් අහාර වළඳන පාත්‍රය, සිවුරු තුනක්, අඳන කඩයක්, කුඩයක්, මදුරු දැලක්, වතුර කේතලයක්, වතුර පෙරන්නක්, දැළි පිහියක්, සෙරෙප්පු යුගලක්, කුඩා ඉටිපන්දම් කිහිපයක් සහ ඉටිපන්දම් ලාම්පුවක්.

ශ්‍රී ලංකාවේ ථේරවාද සම්ප්‍රදාය අට පිරිකර හා දොළොස් පිරිකර ලෙසින් භික්ෂූන්ට දෙන දානයන් හඳුන්වති. මක්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ කියැවෙන දාන වර්ග 14 ක් ඔවුන් පෙන්වා දෙති. ඒවා අතරින් වඩාත් ආනිසංස ලැබෙන දානය සේ සැලකෙන්නේ බුදුන් ප්‍රමුණ සංඝයාට පිරිනමන දානය යැයි කියයි. අට පිරිකර ලෙසින් සැලකෙනුයේ තුන් සිවුරැ වෙයි. ඊට දෙපට සිවුරු, තනිපට සිවුර හා අඳන කඩය ඇතුලත්ය. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය ද විස්තරයක් ඇත. පිණ්ඩපාතයේ යන ප්‍රාතය ද අට පිරිකරට අයත් වන අනිවාර්ය අංගයකි. දත්තකට්ඨ නම් දත් මදින දැහැට්ට නොහොත් දැහැටි කුරු ගැන ද සඳහන් වුවත් වර්තමානයේ අට පිරිකරට එකතු කරන්නේ දැළි පිහියකි. වර්තමානයේ අට පිරිකරට එකතු කරන දැළි පිහිය පාවිච්චියට ගත නොහැකි සංකේත තලයක් පමණි. එකාසූචි නොහොත් එක ඉඳිකටුවක් ද ඇතුලත් විය යුතු අතර අද එය සමඟ නූල් පන්දුවක් ද ඇතුලත් කරනු ලබයි. කාය බන්ධනං නොහොත් අඳන කඩය හැඳි විට එය ලිහිල් වී ඇද නොහැලෙන සේ ඉනවටා බැඳ තබන රෙදි පටියක් ද ඇතුලත්ය. එය තවමත් සිවුරු පටියකින් ම නිමැවෙන්නකි. පරිස්සාවත යනුවෙන් හැඳින්වෙන්නේ පෙරහන් කඩයයි. පානයට පෙර වතුර පෙරා ගැනීමට එය භාවිතා කරගනියි. දීඝ නිකායට එකතු වන අටුවාවක සඳහන් පරිදි නව පිරිකර සඳහා යහනට දමන ඇතිරිල්ලක් ද ඇතුලත්ය. භාවනානුයෝගී භික්ෂූන් අතර දකින්නට ලැබෙන්නකි. දස පිරිකරය වන්නේ භික්ෂුවට හිඳ ගන්නා පිණිස එළන සම්කඩයයි. එය වර්තමානයේ දී පත්කඩය සේ සැලකේ. වන්දනාමානයේ සහ භාවනාවේ දී බිම එළා ගැනීම සඳහා භාවිතා කරන්නකි. එකළොස් වන පිරිකරය සැරටියක් හෝ තෙල් බෝතලයකි. දොළොස් පිරිකර වන්නේ කුඩය හා පාවහන් යුගලයි.

ඇවිදින හෝ වාඩි වී කරන භාවනා සඳහා භික්ෂූන් විසින් කාලයක් තීරණය නොකරති. ඉඩක් ලැබුණු වහාම ඒවායේ නියැළීම සාමාන්‍ය සිරිතයි. එසේම කොපමණ කාලයක් පුරා භාවනාවේ යෙදෙනවා ද යන්නත් කළින් තීරණය නොකරන්නකි. සමහර භික්ෂූන් සවස් කාලයේ සිට උදේ පහන් වෙනතුරු ඇවිදින අතර තවත් අවස්ථා වල දී ඔවුන් පැය දෙකක් හා හතක් අතර කාලයක් ඇවිදිති. සමහර භික්ෂූන් ආහාර නොමැතිව කිහිප දිනක් ගෙවනු ඇත. සමහර අවස්ථා වල දී අවදානම් ස්ථාන වල හෝ බියකුරු සත්තු ගැවසෙන ස්ථාන වල ජීවත්වෙමින් භාවනාවේ යෙදෙනු ඇත.

ඉහළ මට්ටමක් කරා යන්නට හැකි වූ භික්ෂූන් විසින් තමන් යටතේ ඉන්නා කනිෂ්ඨ භික්ෂූන්ට මාර්ගෝපදේශනය ලබාදෙන්නට සමත් වෙති. ගිහියන්ට ද අධ්‍යාත්මික වර්ධනයට උදව් වෙති.

ගිහි බැතිමතුන්

පාලි වචනයකින් පිරිමි බැතිමතා හැඳින්වෙන්නේ උපාසක නමිනි. ගැහැණු බැතිමතා උපාසිකාව යැයි හැඳින්වේ. ගිහියන්ගේ එක් යුතුකමක් නම් බුදුන් කියා දී ඇති පරිදි භික්ෂූන් සහ භික්ෂුනීන්ගේ අවශ්‍යතා සලසා දීමය. ආහාර, වස්ත්‍ර, ආරාම හා බෙහෙත් හේත් නොමැතිව භික්ෂුනි/භික්ෂුනීන්ට දුක් විඳින්නට ඉඩ නොදීම ගිහියන්ගේ කාර්ය භාරයයි. පැවිද්දන්නට වෘත්තියක නියැළෙන්නට අවසර නොමැති නිසා ඔවුන් ජීවිතය රැකගන්නේ ගිහියන් වෙතිනි. මේ දානයට සරිලන සේ ආදර්ශමත් ජීවිත ගෙවනු ඇතැයි පැවිද්දන් වෙතින් අපේක්ෂා වෙයි.

බුරුමයේ සහ තායිලන්තයේ ආශ්‍රමයන් තවමත් අධ්‍යාපනයට වෙන් වූ ස්ථාන සේ සැලකේ. අද තායිලන්තයේ ප්‍රාථමික පාසැල් බාගයක් පමණ පිහිටා ඇත්තේ ආශ්‍රම තුලය. ආගමික වත් පිළිවෙත් හා උත්සව ආශ්‍රමයක පැවැත්වෙන්නේ සමාජ කටයුතු හා අනුගාමීවය. අර්බූදකාරී අවස්ථාවල දී උපදෙස් ලබාගනු පිණිස තායිලන්ත වැසියන් තම ගැටළු රැගෙන එන්නේ භික්ෂුව වෙතය.

සාම්ප්‍රදායික වශයෙන් මාසයකට හතර වතාවක් ඉහළ පදවියක් දරන භික්ෂුවක් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලබයි. සතර පොහොය සේ සැලකෙන මේ දිනයන් නම් පුර අටවක, අව අටවක, පුර පසලොස්වක හා අව පසලොස්වක හෙවත් අමාවක වෙති. ගිහියන්ට මේ අවස්ථාවන් හි දී භික්ෂූන් වෙතින් භාවනා ඉගෙන ගැනීමට ද අවස්ථාව පෑදේ.

ගිහියෙක්ට ධර්මාවබෝධය ලබත හැකිය. භික්කු බෝධි දක්වන අන්දමට, "ගිහි බැතිමතුන් නිබ්බාන නම් පරම ඉලක්කය සපුරා ගත් අවස්ථා කිහිපයක් සුත්‍ර හා අට්ඨකතා වල සඳහන් වෙයි. එහෙත් එවැනි බැතිමතුන් අර්හත් බව මරණාසන්නයේ දී ලැබීම හෝ ධර්මාවබෝධයෙන් පසු පැවිදි බවට පත්වීම සිද්ධ වෙයි. අර්හත් ලෙසින් ගිහි ජීවිතයක් නිවසක සිට ගත කරන්නේ නැත. සියළු තණ්හා දුරලන ලද අයෙක් නිවසක ජීවත්වීම පරස්පර විරෝධී වූවකි."

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software