topone

therawada-bududhama

ථේරවාද 


වචනානුසාරයෙන් ගත් කළ, "තෙරණුවන්ගේ ඉගැන්වීම්" හෝ "පැරැන්නන්ගේ ඉගැන්වීම්", හෙවත් ආදීතම බෞද්ධ සම්ප්‍රදාය වෙයි. එහි ආරම්භය ඉන්දියාවේ ය. එය සාපේක්ෂකව තිතිරකුවාදීය. සාමාන්‍යයෙන් වඩා සමීප වෙන්නේ පැරණිතම බුදුදහමට ය. ශත වර්ෂ ගණනාවක් යනතුරු එය ශ්‍රී ලංකාවේ අතිප්‍රමුඛ වූ ආගම විය (ජනගහණයෙන් 70% ක් පමණ අදහන්නකි).) ගිණිකොන දිග ආසියාවේ කාම්බෝජය, ලාඕස්, බුරුමය, තායිලන්තය වැනි රටවල ද බහුල වශයෙන් අදහන ආගමකි. එය නිරිත දිග ආසියානු රටවල සමහර පැති වල, එනම් චීනයේ ශාන් සහ තාලි යන ජන වාර්ගික කොටස් අදහන ආගමකි. වියට්නාමයේ කේමර් අය ද, බංගලාදේශයේ බරුවා, චක්මා සහ මග් යනාදීන් ද, මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ අය ද අදහන අතර මෑතක දී සිංගප්පූරුවේ සහ බටහිර රටවල ද ජනප්‍රියත්වයක් ඇතිවෙමින් පවතින්නකි. අද ලෝකයේ ථේරවාද බෞද්ධාගමිකයන් මිලියන සියයකට වඩා ලොව පුරා ඇතැයි සැලකේ. පසුගිය දශකයන්හි දී ථේරවාද දහම බටහිර රටවල මෙන්ම එය බිහි වූ ඉන්දියාවේ ද නැවත පුනර්ජීවයක් ලබා ඇතැයි කියැවේ.

සම්ප්‍රදායේ ආරම්භය

ථේරවාද සම්ප්‍රදාය විභජ්ජවග්ග නොහොත් විභජ්ජවාද නොහොත් 'විශ්ලේෂණයේ ධර්මය' ලෙසින් ද පැවත එන්නයි.ස්ථවිරවාද නොහොත් 'ථෙරනුවන්ගේ ඉගැන්වීම්' තව දුරටත් පවත්වා ගෙන යන දහමකි. ඉන්දියාවේ ධර්මාශෝක රජු සමයේ, එනම් ක්‍රි. පූ. 250 පමණ දී තුන්වැනි ධර්ම සංගායනාව කාලයේ දී පටන් ගත් සම්ප්‍රදායක් ලෙසින් සැලකේ. විභජ්ජවාදීන් තමන් දුටුවේ ස්ථවිරවාදීන්ගේ සත්‍යලබ්ධික අදහස් පවත්වා ගෙන යන අය ලෙසයි. තුන්වැනි ධර්ම සංගායනාවේ දී ඔවුන්ව ස්ථිවිර ලෙසත්, ථෙර ලෙසත්, 'ගුරු පරම්පරාවේ වැඩිහිටියන්' ලෙසත් හඳුන්වන ලදි. විභජ්ජවාදීන්ගේ අදහස් පැරණි ස්ථවිර අදහස් හා සමාන කම් තිබුණත් ඒවා සම්පූර්ණයෙන් ම සමාන නොවුණි. තුන්වැනි ධර්ම සංගායනාවෙන් පසු ඔවුන් පදිංචි වී ස්ථාන එකිනෙකා වෙතින් ඈත් වූ නිසා විභජ්ජවාදීන් කණ්ඩායම් හතරකට පරිනාමය වූහ: මහීසාසක (Mahīśāsaka), කාශ්‍යපිය (Kāśyapīya), ධර්මගුප්තක සහ තාම්‍රරපර්නිය (Tāmraparnīya). ථේරවාද පැවත එන්නේ තාම්‍රරපර්නිය නොහොත් "ලංකාවේ පෙළපතෙනි." සමහර පැරණි බෞද්ධ සම්ප්‍රදායන්ට අනුව ථේරවාද එන්නේ කෙළින් ම විභජ්ජාවාදීන් වෙතිනි.

තාම්‍රරපන්නිය යන නාමය ලංකාවේ පෙළපතට ලැබෙන්නේ ඉන්දියාවේ දී ය. එහෙත් විභජ්ජවාදීන්ගේ ආගමික මූලාශ්‍ර වල එහි දී ධර්මයේ වෙනස්කම් සිද්ධ වූවා යැයි සඳහනක් නැත. නමින් පෙන්වන්නේ භූගෝලීය සාධකයක් පමණි. තම්බපණ්නී තාම්‍රරපන්නි යනු ලංකාවට වැටී තිබුණ නම් වෙති. තම මූලාරම්භය ගැන කියන ථේරවාදීන් කියනුයේ තමනට එම ඉගැන්වීම් ලැබුනේ තුන්වැනි ධර්ම සංගායනාවෙන් බවයි. එහි දී කියැවෙන්නේ ඒවා විභජ්ජවාදය ලෙස හැඳින්වුනු බවයි.  7 වැනි සියවසේ දී ක්ෂුවාන්සැන්ග් (Xuanzang) සහ යි යින්ග් නොහොත් අයි චින්ග් නම් චීන වන්දනාකරුවන් ද ශ්‍රී ලංකාවේ මේ බෞද්ධ සම්ප්‍රදාය ගැන සඳහන් කරන්නේ ස්ථවිර (Sthavira) යනුවෙනි. පැරණි ඉන්දියාවේ සංස්කෘත භාෂාව පරිහරණය කළ එම සම්ප්‍රදායන් ඔවුන් ස්ථවිර (Sthaviras)යැයි කියන ලදහ. එහෙත් පාලි සිය භාෂාව ලෙස පරිහරණය කරන ලද්දවුන් ඔවුනට 'ථෙර' (Theras) යැයි කියන ලදි. සංස්කෘත බසින් එන 'ස්ථවිර' (Sthaviras) සහ පාලි බසින් එන 'ථෙර' (Theras) දෙකම වචනානුසාරයෙන් දැක්වෙන්නේ 'වැඩිහිටියන්' (The Elders) ලෙසටයි. මේ සම්ප්‍රදාය ථෙරවාද යන තමන් හඳුන්වා ගැනීම සඳහා අඩුම වශයෙන් හතරවැනි සියවස සිට පමණ දී ලිඛිත භාවිතයට ගෙන ඇත. එය මුලින් ම ලිඛිතව සඳහන් වන්නේ දීපවංශයේ (Dipavamsa) ය.

ඉන්දියාවේ පසු කාලීන ථේරවාද බුදුදහම ගැන දැනගන්නට වැඩි තොරතුරක් නැත. මූලාරම්භ වූ රටේ එය නැති වී ගිය දින ගැන කිසිම සඳහනක් සොයා ගන්නට ද නැත.

ලංකාවට ථේරවාද සම්ප්‍රදාය පැමිණි කාලයේ ම එය බුරුමය වෙත ද ගිය බවත් යම් සහක්‍රියාවක් ක්‍රමයෙන් වර්ධනය වී ගිය හැටිත් දැකගන්නට ලැබේ. උදාහරණයක් වශයෙන්, 10 වැනි සියවස අවසන දී, ලංකාව තුල යුද්ධ වලින් බුද්ධාගම නැති වී ගිය කල, බුරුමයෙන් ආ තෙරණුවන් කණ්ඩායමක් විසින් එය යළි ස්ථාපිත කරන ලදැයි කියැවේ. බුරුමය හා ශ්‍රී ලංකාව එකිනෙකා අතර වූ බුද්ධාගම ප්‍රමාණවත් ලෙසකින් නැවත ස්ථාපිත කරගන්නා ලදි. 11 වැනි සියවසේ දී ඉන්දියාවේ බුද්ධාගම නැති වී ගිය කල මේ රටවල් දෙකේ බුද්ධාගමට වාසස්ථානයක් තහවුරු වී තිබුණි. අනතුරුව ක්‍රමයෙන් තායිලන්තය, ලාඕස් සහ කාම්බෝජය යන රටවල් වලට ද ථේරවාද බුද්ධාගම පැතිර යන ලදි. 

ශ්‍රී ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රාජකීය පෙළපත් විසින් බුද්ධාගම සමඟ අත්වැල් බැඳ ගෙන තිබුණි. ඒ රටවල සත්‍යලබ්ධිකත්වය බලයෙන් ක්‍රියාත්මක කරන ලද නිසා ථේරවාද සාම්ප්‍රදායික ලෙසින් පවත්වාගන්නට හේතු වූවා යැයි ද සැලකේ. මෙය ඉන්දියාවේ බුද්ධාගමේ ඉතිහාසය පුරා ඒ රට අනිකුත් රටවල් හා පවත්වන සබඳතාවයන් සමඟින් වෙනස් ලෙසකින් පෙනෙන්නට තිබෙන්නකි.

යටත්විජිතවාදීන් විසින් කරන ලද වෙනස්කම් නිසා ද බෞද්ධ පුනර්ජීවයක් ඊට එරෙහි ව පැන නැඟී ඇත. බටහිර යටත්විජිතවාදීන් සහ ක්‍රිස්තියානි මිෂනාරීවරුන් උවමනාවෙන් ම යම් ආකාරයක වූ ක්‍රිස්තියානි පල්ලි හැදියාවක් ලංකාවේ සහ ගිණිකොන දිග ආසියාවේ රටවල බෞද්ධ ස්වාමීන්වහන්සේලාට නියම කරන ලදි. එනම් පන්සලට සීමා වූ ධර්ම බෙදා දෙන කටයුතු සහ ඒකීය පුද්ගලයාට නිවන් මඟ කියාදෙන කටයුතු වලට ස්වාමීන්වහන්සේලා සීමා කර තැබීමයි.  බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට පෙර, බුරුමයේ සහ ශ්‍රී ලංකාවේ යන රටවල් දෙකේ ම මහණුන් ගිහි ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීමෙන් යුතු වූහ. ඔවුනට විශාල සාහිත්‍ය නිර්මාණ පිරිනමන්නට සමත් වූහ. බ්‍රිතාන්‍යයන් විසින් පාලනය අල්ලා ගැනීමෙන් පසුව බෞද්ධ පංසල් තීව්‍රර පරිපාලනයකට මුහුණ දුනි. ඔවුන්ගේ මුදල් වියදම් කරන්නට අනුමැතිය ලැබුනේ ආගමික කටයුතු සඳහා පමණි. අධ්‍යාපන පද්ධතියේ පාලනය ක්‍රිස්තියානි ආගමික නායකයන්ට ලැබිණ. ඔවුන්ගේ වේතන රජයෙන් නඩත්තු කළ මිෂනාරී වැඩ වලට යෙදවුණි. විදේශීය පාලනය යටතේ, විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය පාලන යටතේ දී සංඝ සමාජය තුල ජෛවයෙන් අඩපණ තත්වයක් බිහිවිය. වල්පොල රාහුල තෙරණුවන්ට අනුව, එතෙක් අධ්‍යාපනය, සමාජ කටයුතු හා සුබසාධනය සඳහා බෞද්ධ ආගමික නායකයන්ට තිබි සමාජ තත්වය ඉවත් කර එය ක්‍රිස්තියානි මිෂනාරින් වෙත පවරන ලදි. එයින් ඇති වූයේ සමාජයේ ආයතන වල ඉහළ තනතුරු දැරූ අය වෙත බලපෑම් කරන්නට මෙතෙක් බෞද්ධ ආගමික නායකයන්ට තිබි අවස්ථාව ස්ථිර කාලීනව ඉවත් වීමයි.  පශ්චාත් යටත්විජිත සමයේ බොහෝ බෞද්ධ තෙරණුවන් මේ සුසමාදර්ශය වෙනස් කරන්නට කැප වූහ. සමාජයේ බුද්ධාගමට හිමි ව තිබි තැන යළි ස්ථාපිත කරන්නට ශ්‍රී ලංකාවේ හා බුරුමයේ උත්සාහයන් වර්ධනය විය.

ශ්‍රී ලංකාවේ ථේරවාදීන් තම සම්ප්‍රදායට නව ජීවයක් ලබාගනු පිණිස බටහිර සංස්කෘතිය වෙත නෙත් යොමු කළහ. ක්‍රිස්තියානි මිෂනාරිවරු විසින් ස්වදේශී වූ සංස්කෘතියකට තර්ජනය කරන ලදි.  ඊට ප්‍රතිචාරයක් වශයෙන්, ථේරවාදීන් විසින් ථේරවාදය පතුරුවා හරින්නට කටයුතු කළහ. ඔවුන්ට සහාය දෙන්නට ආවේ පරමවිඥානාර්ථවාදීන්ය. ඔවුන් පැරණි ඥානය ගැන සොයා බැලූ අයයි. එය වෙනත් මූලාශ්‍ර වලින් මෙන් ම පාලි සුත්ත පිටකයේ සහ බුද්ධාගම තුලින් සොයා ගත හැකි යැයි සිතූ අයයි. ඇමෙරිකන් කර්නල්වරයෙකු වූ ද, පරමවිඥානාර්ථවාදීන්ගේ සංගමයේ සම නිර්මාතෘවරයෙක් සහ පළමු සභාපති තනතුර ද දැරූ සර් හෙන්රි ඕල්කොට් සහ හෙලේනා බ්ලැවැට්ස්කි දෙදෙනා 1880 මැයි 25 වැනි දා බුද්ධාගම ආගම කරගත් ප්‍රථම ඇමෙරිකානු යුරෝපීය බෞද්ධයන් සේ මහජනතාවට දැනුම් දීමක් කළහ. ඔවුන් දෙදෙනා ගාල්ලේ වැලිවත්තේ වූ විජයානන්ද විහාරයේ දී පන්සිල් පද පහ රැගෙන ඇත්තේ 1880 මැයි 19 වැනිදා ය. පරමවිඥානාර්ථවාදීන්ගේ මූලිකත්වයෙන් ලංකාවේ බෞද්ධ පාසැල් ගණනාවක් ඉදි කරන ලදි. කොළඹ ආනන්ද විද්‍යාලය, නුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ලේ මහින්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඒවා ලෙස සැලකේ. 1885 දී බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න උපදෙස්කරුවෙක් ලෙසින් ද ඕල්කොට් කටයුතු කරන ලදි. එය පසු කාලයේ දී ලෝක බෞද්ධ සංවිධාන විසින් බෞද්ධ සම්ප්‍රදායික ධජයක් ලෙසින් පිළිගන්නා ලදි. ඔවුන් හා එක් වූ මුල් ථේරවාදියෙක් ලෙස සැලකෙන්නේ අනගාරික ධර්මපාලය. විපස්සනා භාවනා ක්‍රම යළි ස්ථාපනය කරන්නට අනගාරික ධර්මපාල උත්සාහයක් ගත්තේය. ඒ සඳහා පාලි ත්‍රිපිටකයෙන් හා විසුද්ධි මග්ගයෙන් ක්‍රමවේදයක් සොයා ගියේය. මැද පංතියේ අය සොයා ගිය ධර්මපාල ඔවුන් වෙනුවෙන් ආගමික චාරිත්‍ර වාරිත්‍ර සඳහා අවස්ථාවක් සහ ආගමික අනන්‍යතාවයක් ලබා ගන්නට වෙහෙස විය. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරෝධය දක්වනු සඳහා ද පාවිච්චියට ගැනිණ. පරමවිඥානාර්ථවාදීන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට රටේ ආගමික හැදියාව වෙනසකට භාජනය වී මෙතෙක් පැවිද්දන් පමණක් නියැළුනු භවානා ක්‍රමවේදයන් ගිහියන් ද භාවිතා කරන්නට අවසර ලද්දහ.

පාලි ත්‍රිපිටකයේ පරිවර්තනය හා ප්‍රකාශනයත් සමඟ ඉතිහාසයේ ප්‍රථම වරට පාලි ත්‍රිපිටකය ගිහි සමාජය අතට පත්විය. එය බටහිරට පමණක් නොව නැගෙනහිර සමාජයට ද ලැබුණු ප්‍රථම වතාව එයයි. පරමවිඥානාර්ථවාදී සංගමයෙන් ථේරවාද බුද්ධාගමේ ජනප්‍රියත්වයට ආධාර ලැබිණ. එය 20 වැනි සියවසේ ආරම්භය දක්වා පැවතිණ. 1970 ගණන් වල දී නැවත පිබිදීමක් ඇති විණ. එයින් බටහිර වැසියන් තවත් පිරිසක් සත්‍යය සොයා පාලි සූත්‍ර පිටකය මුද්‍රණයටත්, පසුකාලීනව එය අන්තර්ජාලයට එකතු කරන්නටත් දායක වූහ.

පාලි භාෂාවෙන් කියැවෙන වචනයකින් හැදෙන විභජ්ජවාදය නම් වූ සංකල්පය ථේරවාද දර්ශනයෙන් ප්‍රරෝහනය කරන්නකි. වචනානුසාරයෙන් එහි අර්ථය වන්නේ විභජනය නොහොත් විශ්ලේෂණය ඉගැන්වීම (Teaching of Analysis) යනුවෙනි. මේ ධර්මයට අනුව අන්තර්දෘශ්ටියක් ඇතිවිය යුත්තේ එය සොයා යන්නාගේ අත්දැකීම්, විවේචනාත්මක ගවේෂණය සහ විචාරය පෙරදැරිව ය. එය අන්ධ භක්තියෙන් උත්පාදනය වන්නක් නොවේ. කෙසේ නමුදු, ථේරවාද සම්ප්‍රදායේ ලියකියැවිලි වල පිළිපැදිය යුතු ක්‍රමවේදයකට වැදගත් තැනක් ලැබෙයි. ඒ ක්‍රමවේදය නම් ප්‍රඥාවන්තයන්ගේ උපදෙස් වල දී සහ ඒවා ගැන තමන්ගේ අත්දැකීම් වල අගැයුම් වලින් යන දෙකෙන් ම විභාග කොට පමණක් යම් පිළිවෙතක නියැළෙනවා ද නැද්ද යන්න තෝරාගත යුතු විනිශ්චය තමන් සතු බවයි.

ථේරවාද ධර්මයේ කියැවෙන පරිදි සියළු මිනිසුන්ගේ දුකට හේතුව තණ්හාවයි. ක්‍රෝධය, ව්‍යාපාදය, පිළිකුල, කෑදරකම, ඊර්ෂ්‍යාව, උඩඟුකම, ද්වේෂය, බිය, කාමාස්වාදය, ප්‍රගස්තය, ලාලසාව, නොරිස්සුම්කම, වික්ෂේපය, පළිගැනීම, විෂාදය, සාංකාව, සිරුරට ඇල්ම යනාදීන් මේ තණ්හාව උපදවන ක්ලේෂයන් සේ සැලකෙයි. රළු, මධ්‍යම හෝ සියුම් යන මට්ටම් වලින් ක්ලේෂයන් ඇති විය හැකියි. මෙය නිතර ඇතිවන ප්‍රපංචයකි. තාවකාලිකව පවතින්නකි. අනතුරුව අතුරුදහන් වන්නකි. ක්ලේෂයන් යනු තමනට පමණක් නොව අනුන්ට ද අහිතකර බව ථේරවාදීන් විශ්වාස කරති. මිනිසෙක් විසින් කරන තිරිසන් වැඩ යැයි සැලකෙන සියල්ල සිද්ධ වෙන්නේ ක්ලේශයන් පෙරමුණු කරගත් නිසා යැයි සැලකේ.

අවිජ්ජා නොහොත් අවිද්‍යාව නිසා මේ ක්ලේශයන් තුලින් හැදියාවන් උපදිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ධර්මාවබෝධයක් නැති මනස් තුල මේ තත්වය උපදී. ක්ලේෂයන්ගේ ග්‍රහණයට හසු වී ඉන්නේ ධර්මාවබෝධයෙන් තොර අයයි. ධර්මාවබෝධය නොමැති පිරිස් විසින් සත්‍යය ගැන වැටහීමක් නැති නිසා ක්ලේශයන් අල්ලා ගෙන සිටිති. එහෙත් යථාර්ථය නම් මේ මානසික ක්ලේෂයන් වනාහී මනසේ හටගත්, මනසේ බලපෑම් වලට යටත් වී සිටිමින්, ධර්මාවබෝධයෙන් තොර වූ හෙයින් දුක හා ආතතිය පිළිගෙන ඇති අයහපත් මානසික තත්වයක් පමණි. එසේම ථේරවාදීන් විශ්වාස කරන්නේ ධර්මාවබෝධයෙන් තොර වූවන් තම සිරුර තමාගේය යැයි අල්ලා ගෙන ඊට ගැති වී සිටිනා බවයි. නමුත් යථාර්ථය දකින කල සිරුර නම් මහාභූත නොහොත් මූලික පදාර්ථ හතරකින් (පොළව, වතුර, ගින්න සහ වායුව) නිමැවුනු අනිත්‍ය ප්‍රංපචයකි. මරණයෙන් පසුව සිරුර වියෝජනය වී විසිරී යයි. මනසට සත්‍ය ස්වභාවය සහ යථාර්ථය දැකිය නොහැකි සේ වළක්වා ඇත්තේ මානසික ක්ලේශයන් වල බලපෑම් වලිනි. පුහුණුවක් නොලබන මනස මේ ක්ලේෂයන් තව තවත් වර්ධනය කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියා දෙන්නේ ක්ලේෂයන් දුර්වල කර සහමුලින් නැති කරන මාර්ගයයි.

ධර්මාවබෝධයකින් තොර වූවන් සිය සංවේදන දොරටු හයෙන් (ඇස්, කන්, නාස, දිව, ස්පර්ශය, මනස) ලෝකය අත්දකිනවා යැයි ථේරවාදීන් විශ්වාස කරති. ක්ලේෂයන් වෙතින් අඳුරු වූ මනසින් ඒවා තමන් කැමති පරිදි උපුටා ගෙන, අවබෝධ කරගෙන, නිගමනයන්ට එළඹෙති. මෙවැනි තත්වයක දී අවබෝධයන් හා නිගමනයන් ඇති කරගන්නේ සත්‍යය තත්වය යැයි තමන් විසින් ගොඩනඟා ගන්නා වූ මෝහය තුලින්.ඥාන නම් තත්වයේ දී, භෞතික වූ සංවේදන දොරටු බොඳ වී යයි. මානසික ක්ලේෂයන් යටපත් කෙරෙයි. යහපත් මානසික ගති ලක්ෂණයන්ට ශක්තියක් ලැබෙයි. එවිට මනස යථාර්ථයේ සත්‍ය ස්වභාවය ගවේෂණය පිණිස යොදවා ගතහැකියි.

ක්ලේෂයන් ඇතිවන අවස්ථා තුනකි. විරෝධයක් නොදක්වන අවස්ථාවේ දී ක්ලේෂයන් අකර්මන්‍ය ව අනුසාය (anusaya) ලෙසකින් මානසිකත්වයේ පතුලක රැඳී සිටියි. එහෙත් සංවේදන උත්තේජයකින් පරියුත්තාන (pariyutthana) බවක් ඇතිවිය හැකියි. එවිට සවිඥානය කරා පැමිණෙන අයපහත් සිතුවිලි, ආවේග හා චේතන වලින් මේ ක්ලේෂයන් දැකිය හැකියි. ඒවාට තවත් ශක්තිය එකතු වූ විට, එවිට ක්ලේෂයන් අනතුරුදායක වූ විතික්කම (vitikkama) තත්වයට උත්සන්න වෙයි. එහි දී ශාරීරික හෝ වාචික ක්‍රියාවන් හට ගනියි.

දුකින් හා ආතතියෙන් ගැලවීමට මේ ක්ලේෂයන් සදහටම මුලිනුපුටා දැමිය යුතු යැයි ථේරවාදීන් විශ්වාස කරති. සතිපට්ඨාන නොහොත් සිහිකල්පනාව වැඩීමෙන් ක්ලේෂයන් මනස යටත් කරගන්නටත් ශාරීරික ක්‍රියාවන් පාලනය කරන්නටත් ගන්නා උත්සාහය වැළැක්විය හැකියි. ඉන්පසු ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය කුමක් දැයි අන්තර් ගවේෂණයකින්, විශ්ලේෂණයකින් හා අත්දැකීමෙන් හා අවබෝධයෙන් ලබාගන්නේ ඥානය භාවිතයෙනි. මේ ක්‍රියාවලිය සෑම සියළු ක්ලේෂයක්ම හඳුනාගන්නට නැවත නැවතත් භාවිතා කළ යුත්තකි. මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්නාට එවිට ඒ ක්ලේෂයන්ගේ සත්‍ය ස්වභාවය අවබෝධයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයටත් එතැනින් නිර්වානය අවබෝධයටත් මාර්ගය පෑදේ. සංස්කෘතික පදය වන නිර්වාන හෝ පාලි පදය වන නිබ්බාන යන්න ථේරවාදීන්ගේ පරම අරමුණයි. නිබ්බාන නම් පරම සුඛයයි. එයින් නැවත ඉපදීමත්, ලෙඩදුකට ගොදුරු වීමත්, වයෝවෘද්ධ බවත් හා මරණයත් යනාදියෙන් ගැලවීමට හැකිය.

ථේරවාද බුද්ධාගම අදහන අය විශ්වාස කරන්නේ සෑම ඒකීය පුද්ගලයෙකුම තම ස්වයං-පිබිදීමටත් විමුක්තිය සොයා ගැනීමටත් පුද්ගලික වගකීමකින් යුතු වූවෙක් බවයි. තම ක්‍රියාවන් සඳහා වගකීම තමන් ගත යුතුය යන්න පාලි භාෂාවේ 'කර්ම' සහ සංස්කෘතික භාෂාවේ 'කම්ම' යනාදියෙන් කියැවෙන්නේ එය ගැනයි. බුදුන් වදාළ යථාර්ථයේ සත්‍යය ස්වභාවය ගැන විශ්වාස කිරීමෙන් හෝ ඉගෙනීමෙන් පමණක් ඵලක් නැත. පිබිදීම ලබන්නට හැකිවන්නේ පුද්ගලයා තමන් විසින් එය ඍජු අත්දැකීමකින් තමන් සඳහා අවබෝධ කරගන්නේ නම් පමණයි. තමන් වෙනුවෙන් සත්‍යය සොයා ගැනීම සඳහා බුදුන් කියාදුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතුය. ථේරවාද විශ්වාසයේ දී, බුදුවරුන්ට හෝ දෙවියන්ට හෝ වෙනත් පූජනීයත්වයෙන් යුතු අයට මිනිසාට පිබිදීමක් ලබා දීමට නොහැකියි. ඔවුන්ට මිනිසාව නැවත නැවත සිද්ධ වෙන සංසාර චක්‍රයෙන්, එනම් ඉපදීම, ලෙඩ රෝග වැළඳීම, වයෝවෘද්ධ වීම සහ මරණය යනාදියෙන් ගලවා ගැනීමට නොහැකියි. ථේරවාදීන්ට බුදුන් යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය කියාදුන් ගුරුවරයා පමණකි. දෙවියන් සහ අනෙකුත් පූජනීය සේ සලකන අය ක්‍රෝධයට, ඊර්ෂ්‍යාවට, ද්වේෂයට, පළිගැනීමට, තණ්හාවට, ගිජුබවට, මෝහයන්ට හා මරණයට මුහුණ දෙන්නා වූ අයයි.

බුදුන්ගේ පළමු අනුගාමික පරම්පරාවන් කිහිපයක් ලෙස දැඩි උවමනාවෙන් සහ කැපවීමෙන් පුහුණුවෙන අයෙකුට එම ජීවිතයේ දී ම නිබ්බාන අත් කරගන්නට හැකි වේ යැයි විශ්වාසයයි. අනෙකුත් අයට, හැම ජීවිතයක දී ම වැඩි වැඩියෙන් අවබෝධයට ඉඩ ලැබී යථාර්ථය දකින උත්සාහයට ජීවිත කාලයන් කිහිපයක් යනු ඇතැයි සැලකේ. නිබ්බාන යන තත්වයට පැමිණියා වූවෙක් නම් වෙන්නේ අර්හත් ලෙසිනි. පුද්ගලයෙක්ව විමුක්තිය කරා ගෙන යන්නට මාර්ගෝපදේශනයක් දෙන්නට පරම ඥානයෙන් යුතු වූ බුදුන් වාසය කරනා කල අනුගාමිකයෙක් ලෙසින් වඩාත් ඉක්මණින් නිබ්බාන අවබෝධයට හැකි වේ යැයි විශ්වාස කෙරේ.

ථේරවාද දහමේ දී, නිබ්බාන පසක් කරගන්නා අර්හත් වහන්සේලා බුදුන් හා සමාන ලෙසකින් විමුක්තිය ලැබූ අය ලෙසින් සැලකිල්ලට පාත්‍ර වෙති. මන්ද, නිබ්බාන යනුවෙන් ඇත්තේ එක වර්ගයකි. බුදුන් අර්හත් වහන්සේලාට වඩා ඉහළින් ඉන්නේ ඔහු මාර්ගය තමන් විසින් අවබෝධ කරගෙන එය අනුන්ට ඉගැන්වූ නිසා පමණි. එය ඖපචාරික ලෙසින් කියුවොත් ධර්මයේ චක්‍රය කැරකැවූයේ බුදුන් විසිනි. අර්හත් වහන්සේලා යනු බුදුන් කියු දහම අවබෝධයෙන් නිබ්බාන පසක් කරගත් අයයි. ථේරවාදීන්ට අනුව බුදුන් යනු ඉතා සුපිරි දක්ෂතාවයෙන් යුතු වූ උතුම් පුද්ගලයෙක් ලෙසින් ගෞරවයට පාත්‍ර වෙන්නෙකි. ථේරවාදීන් මෛත්‍රිය වැනි පාලි සුත්ත පිටකයේ සඳහන් වෙන අනාගතයේ දී බිහිවෙන පසේ බුදුවරුන් විශ්වාස කරන්නේ නැත. බුදුන්ට පෙර අතීතයක වුවා යැයි කියන තවත් බුදුවරුන් ද විශ්වාස කරන්නේ නැත.

සාම්ප්‍රදායිකව ථේරවාදීන්ට බුදුන් කියා දුන් පංච ශීලය වැනි සරල ශික්ෂාපද අනුගමනයෙන් සරල ප්‍රතිලාභ ලබාගත හැකිය. එසේ නැත්නම් සත්‍යය පිළිබඳ ඍජු අත්දැකීම් ගවේෂණය තුලින් බුදුන් කියාදුන් ඥාන ගවේෂණයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනයෙන් තමන්ගේ විමුක්තිය සොයා යා හැකිය.

ථේරවාදයේ මූල ධර්මයන්

ථේරවාද දර්ශනය ගැන මූලික වශයෙන් කිව යුතු දෙයක් නම් එය ජීවිතය ගැන නොනැනවතී කෙරෙන විශ්ලේශණ ක්‍රියාවලියක් බවයි. එය ආචාර ධර්ම මාලාවක් සහ ප්‍රතිපත්ති මාලාවක් ගැන පමණක් වූවක් නොවේ.

ථේරවාදයේ පරම සිද්ධාන්තය ලෙස ගැනෙන්නේ 'චත්තාරි අරියසච්චානි' නොහොත් චතුරාර්ය සත්‍යය යන්නයි. ඉතාමත් සරල ආකාරයෙකින් විස්තර කරන්නේ නම්, ගැටළුව, හේතුව, විසඳුම සහ විසඳුම කරා යන මාර්ගය ලෙසින් හැඳින්විය හැකියි.

චතුරාර්ය සත්‍යය

1. දුක්ඛ ආරියසච්ච (දුක) - මෙය පුළුල් වශයෙන් ප්‍රවර්ග තුනකට බෙදිය හැකිය. නෛසර්ගික වශයෙන් පවතින දුක, ලෝකයේ සියළු ක්‍රියාවන් හි දී අයෙක් අත්විඳින දුක, එදිනෙදා ජීවිතයේ අයෙක් අත් විඳින දුක: එනම් උපත, වයෝවෘද්ධ වීම, රෝගාතුරු වීම, දුකින් තැවීම යනාදියෙන් වූව අඩංගු වෙයි. කෙටියෙන් කිවහොත්, ප්‍රිය කරන බැඳීම් වලින් වෙන් වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද, අප්‍රිය කරන බැඳීම් වලට එක්වන්නට සිද්ධ වීමෙන් ඇති වන්නා හැඟීම් සියල්ල ද ඊට ඇතුලත් වේ. දෙවැනි දුක ප්‍රවර්ගය නම්, වෙනසට භාජනය වීම නිසා ඇතිවන දුකයි. එයින් අදහස් වෙන්නේ 'යහපත්' යැයි අදහස් කරන ලද තත්වයකට ඇති බැඳී සිටීමේ දී තත්වය වෙනස් වීම නිසා එයින් දුකක් ඉපදීමයි. තෙවැනි ප්‍රවර්ගය නම්, 'සංඛාරා දුක' යනුවෙන් හැඳින්වේ. එය අවබෝධයට වඩාත් දුෂ්කර වූවයි. නිශ්චිත වූ පංචකන්ධයන් නැතැයි ද නිතරම වෙනස්වන සුළු අනන්‍යතාවයක් ඇතැයි ද අවබෝධයට හැකියාවක් බොහෝ අයට දුෂ්කර වූ නිසා ද දුක ඇතිවේ.

2. දුක්ඛසමුදාය ආරියසච්ච (දුකට හේතුව) - තණ්හාව, නම් බැඳීමට හා පරාධීන බවට ගෙන යන්නකි. එය දුකට හේතුවයි. මෙය හැඳින්වෙන්නේ 'තණ්හාව' යන නාමයෙනි. එහි කොටස් තුනක් පැහැදිලි ලෙසින් විස්තර කෙරෙයි. 'කාම තණ්හා' යනු සංවේදන හරහා අත්විඳින සුවයයි. ඒවාට දර්ශන, හඬ, ස්පර්ශ, රස, ආඝ්‍රාණ සහ මානසික සංකල්ප අයත් ය. 'භව තණ්හා' යනු පැවතෙන ක්‍රියාවලියකට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම සඳහා ඇති ආශාව ඇතුල් වෙන වෙනත් විවිධ ආකාරයෙන් දකින්නට ලැබෙන්නකි. 'විභව තණ්හා' නම් පැවැත්වෙන ක්‍රියාවලියෙන් ඉවත් වන්නට ඇති දැඩි ආශාවයි. එය පැවැත්ම-නැතිබව සඳහා ඇති දැඩි ආශාව ද ස්ව-නිරුද්ධිය සඳහා වූ දැඩි ආශාවෙන් ද යුතු වෙයි.

3. දුක්ඛනිරෝධ ආරියසච්ච (දුක නැති කිරීම) - අයෙකුට මුළු ලෝකයම තම දුක නැති කිරීම සඳහා, එසේ සැමදා දුක නැතිව පවතිනු සඳහා, තමනට ගැලපෙන පරිදි හදාගන්නට නොහැකියි. මෙය වෙනස යන මූලික සිද්ධාන්තය කඩ කරන්නකි. ඒ නිසා අයෙක් කළ යුතු වන්නේ තමන්ගේ මනස බැඳීම් වලට හසු නොවෙන සේ සකසා ගැනීමයි. එවිට වෙනස කුමන ස්වභාවයකින් වූවත්, එයට තමන්ගේ මනසට සහනය සැලසෙන අයුරින් සකසා ගත හැකියි. තෙවැනි ආර්ය සත්‍යය කෙටියෙන් සඳහන් කරන්නේ නම්, හේතුව නම් වූ තණ්හාව තුරන් කරන කල දුක තුරන් කරත හැකිය. මෙය ත්‍රිපිටක මූලාශ්‍රයන්හි බුදුන්ගේ වදන් වලින් කියැවෙන්නේ "හේතුවකින් හට ගන්නේ කුමක් ද, හේතුව නැති කරන්නට ද පුළුවන," යනුවෙනි.

4. දුක්ඛනිරෝධගාමිනීපටිපදා ආරියසච්ච (දුක නැති කිරීමේ මාර්ගය) - මෙය ආර්ය අෂ්ටාංලික මාර්ගයයි. එය විමුක්තිය නොහොත් නිබ්බානය කරා ගෙනයන්නයි. මෙය දළ වශයෙන් සටහන් කරද්දී, නිවැරදි දැක්ම (සම්මා දිට්ඨි), නිවැරදි අරමුණ (සම්මා සංකප්ප), නිවැරදි කතාබහ (සම්මා වාචා), නිවැරදි ක්‍රියා (සම්මා කම්මන්ත), නිවැරදි ජීවනමාර්ගය (සම්මා ආජීව), නිවැරදි උත්සාහය (සම්මා වායාම), නිවැරදි සිහිය (සම්මා සති) සහ නිවැරදි සිත එකඟ කර ගැනීම (සම්මා සමාධි) යන පිළිපැදිය යුතු මාර්ග අටෙන් යුතුය.

වැදගත් ලක්ෂණ තුනක්

සංස්කාරයන් පැහැදිලි කරන ථේරවාද චින්තනයේ වැදගත් ලක්ෂණ තුනක් මෙසේය.

1. අනිච්චා (නැසෙන සුළු වීම): වෙනස පවතී. සියළු සංස්කාරයන් වෙනසට භාජනය වෙන සුළුය. ශාරීරික ලක්ෂණ, අගය, හිතාගෙන සිටින දෑ, සිද්ධාන්ත, දැනුම යනාදී සියල්ලක්ම වෙනසට ලක්වේ. කිසිවක් සදාකාලිකව පවතින්නක් නොවේ. යමක් සදාකාලිකව පවතින්නට නම් කිසිම වෙනසකට භාජනය නොවන හේතුවක් තිබිය යුතුයි. එහෙත් සියළු හේතු නැවත නැවත ඇතිවන සේ බැඳී ඇත්තෙන් වෙනසට භාජනය නොවන කිසිවක් තිබිය නොහැක.

2. දුක්ඛා (දුක) - තණ්හාව නිසා දුක ඇතිවේ. තණ්හාව යනු සංක්‍රාමී වූවකි, වෙනසට භාජනය වන්නකි. වැනසී යන්නකි. යම් වස්තුවක අඩංගු වෙන නැසෙන සුළු ස්වභාවය නිසා බලාපොරොත්තු කඩවීම හා දුක ඇතිවීමට එය හේතු පාදක වෙයි. 'හොඳ', 'සුව පහසු', 'තෘප්තිමත්' යනාදී වශයෙන් ලොව හැම දෙයකට ම ලේබල් අලවන හැදියාවක් ඇත. 'කැමති' හෝ 'අකමැති' යැයි කියා ලේබල් අලවන්නේ අපි. ඒ නිසා දුක නිර්මාණය කරන්නේ ද මුලින් ම අප විසින් මයි. මෙසේ ලේබල් අලවන හැදියාව අත්හරින්නට අයෙකුට හැකිනම්, 'කැමති' යැයි ලේබල් අලවන දේවල් පසුපස හඹා යෑමෙන් නිදහස් විය හැකිනම්, එවැන්නට පරම විමුක්තිය ලබාගත හැකිය. ගැටළුව නම් හේතුවයි, විසඳුම නම් මාර්ගයයි. ඒ දෙකම ඇත්තේ තමන් තුලම මිස පිටස්තර තැනක නොවේ.

3. අනත්තා (ආත්මයක් නැති) - අනත්තා යන සංකල්පයෙන් කියැවෙන්නේ "වෙනස් නොවන්නා වූ ස්ථිර වූවක් නැතැයි" යන්නයි. පුද්ගලයෙකු තුල සදාකාලික වූ, ආවශ්‍යක වූ ප්‍රපංචයක් නැත. පංචස්කන්ධයන් වලින් හැදෙනා ප්‍රාණියාගේ භෞතික රූපය, වේදනා දැනීම, සංඥාවන් දැනීම, සංකාර නොහොත් මානසික රූපක ඇතිවීම, විඥාන නොහොත් එළඹ සිටි සිහියක් තිබීම යනාදිය සියල්ල ගත්කල එහි කිසිවක් 'මම' යැයි හඳුන්වන්නට නොහැකියි. පිළිසිඳ ගත් මොහොතේ පටන් සියළු ප්‍රාණීන් නිතරම වෙනස්වෙන නොනැවතෙන ප්‍රවාහයකට හසු වී සිටිති. මේ ප්‍රපංචය දැකීමට හැකි අයුරින් තම මනස දියුණු කරගන්නට උත්සාහ ගැනීම ථේරවාදය අනුගමනය කරන්නා වෙතින් බලාපොරොත්තු වෙන්නකි.

භෞතික ලෝකයේ වස්තූන් වලට ඇති ඇල්ම සහ බැඳීම් මේ ලක්ෂණ තුන ඍජුව හඳුනා ගැනීමෙන් ඇතිවන්නේ පරම නිදහස් වූ නිබ්බාන නම් වූ නිදහස යන වචානුසාරයෙන් වූ ස්වභාවයට පත්වන්නට හැකියාවයි.

වැදගත් ශික්ෂාවන් තුනක්

නිබ්බාන කරා යන මාර්ගය, නැතහොත් ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න සමහර අවස්ථාවල දී හැඳින්වෙන්නේ මේ ත්‍රිවිධ ශික්ෂාවන් වලින් යුතු ධම්මානුධම්ම පටිපදාව හැටියට. ඒවා වර්ග තුනකි: සීල නොහොත් ශික්ෂණය, සමාධි නොහොත් මානසික පුහුණුව සහ ප්‍රඥා නොහොත් ඥානය දියුණු කර ගැනීම.

භාවනා

භාවනා යනුවෙන් අදහස් වෙන්නේ ධනාත්මක ලෙසින් මනස ශක්තිමත් කර ගැනීමයි. සමත හා විපස්සනා යන පුළුල් වශයෙන් දෙවර්ගයකින් වූ භාවනාව නම් ඥානය පාදා ගැනීමේ වැදගත් ක්‍රමවේදයකි. සමත යන්න වචනානුසාරයෙන් ගත් කළ අදහස් වෙන්නේ "කුසලතාවය ඇති කිරීම" යන්නයි. ඊට ඇති අනෙකුත් අදහස් නම් "ශාන්ත, සංසුන්". ""දෘශ්‍යමාන" සහ "ඉෂ්ට කර ගැනීම" යනාදියයි. විපස්සනා යන්නේ අදහස "විදර්ශනාව", "අන්තර්ඥානය" යනාදියයි. මේ සංදර්භයෙන් ගත් කළ සමත භාවනාව යනු පුද්ගලයාට මනසේ ඒකාග්‍රතාවය තහවුරු කරන්නා කුසලතාවය වඩවන්නකි. මනස එසේ නිසි පමණින් ඒකාග්‍රතාවයකින් යුතු වූ පසු විපස්සනා භාවනාව විසින් ඉදිරිපත් කරන්නේ අඥානයේ තිරය උස්සා චතුරාර්ය සත්‍යය දැකීමට හැකියාවයි.

පාලි ත්‍රිපිටක විසින් බුදුන් තම අනුගාමිකයන්ට ඥානාවබෝධය කරා යෑමට චිත්ත සමාධි නම් පිළිපැදිය යුතු පිළිවෙත් කියා දී ඇත. ප්‍රංපචයන් තුලින් ගවේෂණයෙන් හා ඍජු අත්දැකීම් වලින් විමුක්තිය කරා යන්නට බුදුන් ද භාවිතයට ගත්තේ ඥානයයි.  සම්මා සමාධි නොහොත් නිවැරදි සිහිය එළඹවා ගැනීම යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් පියවරක් වෙයි. සමාධි යන්න වර්ධනය කරගැනීමට ආනාපානසති භාවනාව නොහොත් ආශ්වාසය හා ප්‍රාශ්වාසය හා බැඳි භාවනා ව්‍යායාමයකින්, 'කසින' නම් වූ යම් දෘශ්ටිමය වස්තූන් ඇසුරින් සහ නැවත ප්‍රතිචාරයෙන් යුතු වගන්ති වලින් ද පුළුවන. සමථ භාවනාව සඳහා උපයෝගී කරගන්නා වස්තු 40 ක් සම්ප්‍රදායික ලැයිස්තුවේ සඳහන්ය. සෑම වස්තුවකට ම විශේෂිත වූ ඉලක්කයක් ඇත. උදාහරණයක් වශයෙන් 'කායානුපස්සනා' හෝ 'කායාගතසති' යන ශරීරයේ විවිධ අංගයන් ගැන සැලකිල්ලෙන් යුතුව කරන භාවනාව හේතුවෙන් තමන්ගේ සිරුරටත් අනුන්ගේ සිරුරැ වලටත් ඇති බැඳීම් අඩුකරගත හැකියි. එයින් සංවේදනයෙන් ඇතිවන ආශාවන් අඩුකරගත හැකිය. මෙත්තා නොහොත් මෛත්‍රිය භාවනාවෙන් තමන්ටත් අනිත් ජීවින්ටත් හොඳ යහපත් හා සතුටු හැඟීම් පැතිරවීමේ හැකියාවෙන් යුතුය. මෛත්‍රිය භාවනාව ව්‍යාපාදය, ක්‍රෝධය සහ බිය නැති කරගැනීම සඳහා පාවිච්චියට ගන්නකි.

මාර්ග ඵල

ථේරවාදී පිළිවෙත් අනුගමනයෙන් විමුක්තිය ලබනා මාර්ග ඵල හතරක් කරා යන්නට අවස්ථාව පෑදේ:

  1. සෝතාපන්න මාර්ග ඵලය - පළමු බන්ධන තුන (එනම් "මම" යැයි අල්ලා ගෙන ඉන්නා මායාව, විචිකිච්ඡාව, වත් පිළිවෙත් වලට ඇති ඇබ්බැහිය) විනාශ කර දමන්නට සමත් වෙන්නා වූ අය දොම්නස් තත්වයන්ට වැටීමෙන් (ඔවුන් සත්ව, ප්‍රේත, හොල්මන් හෝ අපාය ජීවින් ලෙසින් ඉපදීමෙන්) නිදහස් වෙති. ඔවුන් නිවන් අවබෝධයට පෙර නැවතත් හත්වතාවක් උපදති.
  1. සකෘදාගාමි මාර්ග ඵලය - පළමු බන්ධන තුන (එනම් "මම" යැයි අල්ලා ගෙන ඉන්නා මායාව, විචිකිච්ඡාව, වත් පිළිවෙත් වලට ඇති ඇබ්බැහිය) මෙන්ම රාගය හා ද්වේශය ද අඩු කරගන්නට හැකියාව ලැබීමයි. ඔවුන් නිවන් අවබෝධයට පෙර නැවතත් එක් වතාවක් උපදිති.
  1. අනාගාමී මාර්ග ඵලය - ප්‍රාථමික බන්ධන පහ වූ සංවේදනයන් තුලින් උපදින තණ්හාවන් විනාශ කර දමන්නට සමත් වෙන අයයි. ඔවුන් නැවතත් මිනිස් ලෝකයේ උපදින්නේ නැති අයයි. ඔවුන් දිව්‍යලෝකයේ ඉපිද නිබ්බාන අවබෝධයට ඉඩ ලබනා අයයි. නැවත ඉපදීමක් සිද්ධ නොවන මේ මාර්ග ඵලය ගිහියන්ගේ ඉලක්කය වීමට සුදුසු යැයි ආදී පොතපතේ සඳහන් වෙයි.

අර්හත් - බෝධි නොහොත් විමුක්තිය කරා ළඟා වූවන්, අජරාමර වූ, ක්ලේශයන් ගෙන් තොර වූ, අවිද්‍යාව හා බැඳීම් වලින් තොර වූ තත්වයක් මෙයින් කියැවේ. පැවිද්දන් විසින් ඉලක්ක කරගත යුතු තත්වයක් ලෙසින් ආදී පොතපතේ අර්හත් තත්වය සඳහන් වේ

ධර්ම සටහන්

පාලි ත්‍රිපිටකය ථේරවාද සම්ප්‍රදායේ වඩාත්ම ගෞරවනීය ස්ථානය උසුලන ගෞතම බුදුන් ගේ ඉගැන්වීම් සටහන්ගත වූ ධර්ම සටහන් අතරින් ප්‍රමුඛ ස්ථානය ගන්නයි. ආගම ගැන සුත්ත හා විනය යන පිටකයන් දෙක තුල එකිනෙකෙහි සඳහන් තොරතුරු වල අතිච්ඡාදනයක් දැකිය හැකියි. චීන භාෂාවෙන් සහ යම් තරමකට සංස්කෘත භාෂාවෙන් ද, පාකෘති, ටිබෙටන් යන භාෂා වලින් ද එහි නොයෙකුත් කොටස් ඉන්දියාවේ ඇති ථේරවාද නොවන සම්ප්‍රදායන් තුලින් දැකිය හැකිය. මේ පදනම අනුව, ත්‍රිපිටකයේ මේ කොටස් දෙකම ඉතාම පැරණි හා වඩාත්ම ප්‍රාධිකාරී ග්‍රන්ථ ලෙස බෞද්ධ විද්‍යාර්ථීන් සලකති. ථේරවාදී අය තවමත් භාවිතා කරන පාලි ත්‍රිපිටකය, ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ යැයි සැලකේ. ඒ කාලයේ ආගමික ඇදහිලි පරිහරණය වූ වාචික සම්ප්‍රදාය අනුව ශතක ගණනාවක් පුරා ගෙන ගිය මේ ත්‍රිපිටකය ක්‍රි. පූ. අවසන් සියවසේ දී ග්‍රන්ථාරූඪ වෙයි. එය අද ථේරවාදීන් සලකන අන්දමට ශ්‍රී ලංකාවේ හතරවැනි ධර්ම සංගයානාවේ දී සිද්ධ වූවකි. තම ත්‍රිපිටකය සම්පූර්ණයෙන් සටහන් ගත කිරීමට මුලින්ම පියවරක් ගත්තේ බෞද්ධ සම්ප්‍රදායයන් අතරෙන් ථේරවාදීන්ය.

ත්‍රිපිටකයේ එකතු වී ඇති බහුතරයක් විශේෂයෙන් ම "ථේරවාදී" වූ විස්තර නොවේ. ඒවා මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වල යෙදුනු නොයෙකුත් අය අතින් එකතු වූ සංචිතයකි. පීටර් හාර්වි නම් වූවාට අනුව එහි පසුකාලීන සත්‍යලබ්ධික ථේරවාද අදහස් සමඟ නොගැලපෙන අදහස් ද ඇතුලත්ය. ඔහු පහදන අන්දමට:

ථේරවාදීන්, එකල, ත්‍රිපිටකයට කාලයක් තිස්සේ කොටස් එකතු කරන්නට ඇත. එහෙත් ඔවුන් ඊට කළින් යුගයේ දී ලැබුන කොටස වෙනස් කර නැති බව පෙනේ. (The Theravadins, then, may have added texts to the Canon for some time, but they do not appear to have tampered with what they already had from an earlier period.)

පාලි ත්‍රිපිටකයේ කොටස් තුනකි: විනය පිටකය, සුත්ත පිටකය සහ අභිධම්ම පිටකය. මේවායෙන්, අභිධම්ම පිටකය අන්තිමට එකතු වූව ලෙස සැලකේ. පළමු ධර්ම සංගායනාවේ දී බහුතර විද්‍යාර්ථීන්ගේ මතයට අනුව තිබුනා යැයි සැලකෙන්නේ මුල් පිටක දෙක පමණි. පාලි අභිධම්ම පිටකය ථේරවාදී සම්ප්‍රදායෙන් බැහැර වූවන් පිළිගන්නා ලද්දක් නොවේ.

4 වැනි හෝ 5 වැනි සියවසේ දී ත්‍රිපිටකය සඳහා පාලි අට්ඨකතා නොහොත් අටුවා කතාවන් පළමුවෙන් ලියූ අය සේ සැලකෙන්නේ බුද්ධඝෝෂ ථෙරනුවන්ය. ඒවා ලියැවෙන්නේ පැරණි සිංහලෙන් ලියැවුන් පැරණි ලේඛන ආශ්‍රයෙනි. ඔහුට පසුව වෙනත් බෞද්ධ ස්වාමීන්වහන්සේලා විසින් විවිධ අටුවාවවන් ලියා තැබුහ. මේ සියල්ලම ථේරවාද උරුමය සේ සැලකේ. කෙසේ වුවත් මේ සටහන් වලට ත්‍රිපිටකයට ලැබෙන වැදගත් ස්ථානය ලැබෙන්නේ නැත. තායි සංග්‍රහය වෙළුම් 45 කින් යුතුය. බුරුම සංග්‍රහය වෙළුම් 40 කින් ද, සිංහල සංග්‍රහය වෙළුම් 58 කින් ද යුතුය.

ථේරවාද බෞද්ධයන්ට අනුව චීන සහ ටිබෙටන් ධර්ම සටහන් අයස්ථාභූත වෙති. තවත් විදියකින් කියන්නේ නම් ඒවායේ ඇත්තේ බුදුන් දෙසූ නිර්මල දහම නොවේ

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software