topone

asu-maha-sawakayan-wahansel

බුදු රජාණන්වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් අතර වෙති.උන්වහන්සේලාගේ නම්:
01.අඤ්ඤාකොණ්ඩන්ඤ්ඤ තෙරණුවෝ.
02.වප්ප තෙරණුවෝ
03.භද්දිය තෙරණුවෝ
04.මහානාම තෙරණුවෝ
05.අස්සජි තෙරණුවෝ
06.නාලක තෙරණුවෝ
07.යස තෙරණුවෝ
08.විමල තෙරණුවෝ
09.සුභාහු තෙරණුවෝ
10.පුණ්ණජී තෙරණුවෝ
11.ගවම්පතී තෙරණුවෝ
12.උරුවේල කාෂ්‍යප තෙරණුවෝ 
13.නදී කාෂ්‍යප තෙරණුවෝ
14.ගයා කාෂ්‍යප තෙරණුවෝ
15.සාරිපුත්ත තෙරනුවෝ
16.මුගලන් තෙරණුවෝ
17.මහා කාෂ්‍යප තෙරණුවෝ
18.මහා කච්චාන තෙරනුවෝ
19.මහා කොට්ඨිත තෙරණුවෝ
20.මහා කප්පින තෙරණුවෝ
21.මහා චුන්ද තෙරණුවෝ
22.අනුරුද්ධ තෙරණුවෝ
23.කන්ඛා රේවත තෙරණුවෝ
24.ආනන්ද තෙරණුවෝ
25.නන්දක තෙරණුවෝ
26.භගු තෙරණුවෝ
27.නන්ද තෙරණුවෝ
28.කිම්බිල තෙරණුවෝ
29.භද්දිය තෙරණ්වෝ
30.රාහුල තෙරණ්වෝ
31.සීවලී තෙරණුවෝ
32.උපාලි තෙරණුවෝ
33.දබ්බ තෙරණුවෝ
34.උපසේන තෙරණුවෝ
35.ඛදිරවනිය රේවත තෙරණුවෝ
36.පුණ්ණ මන්තානි පුත්ත තෙරණුවෝ
37.පුණ්ණ {සුනාපරන්ත}තෙරණුවෝ
38.සෝණ[කුටිකන්න]තෙරනුවෝ
39.සෝණ [කෝලිවීස] තෙරණුවෝ
40.රාධ තෙරණුවෝ
41.සුභූති තෙරණුවෝ
42.අන්ගුලිමාල තෙරණුවෝ
43.වක්කලී තෙරනුවෝ
44.කාළුදායි තෙරණුවෝ
45.මහා උදායි තෙරණුවෝ
46.පිලින්දි වච්ච තෙරණුවෝ
47.සෝභිත තෙරණුවෝ
48.කුමාරකාෂ්‍යප තෙරණුවෝ
49.රට්ඨපාල තෙරණුවෝ
50.වන්ගීස තෙරණුවෝ
51.සභිය තෙරණුවෝ
52.සේල තෙරණුවෝ
53.උපවාන තෙරණුවෝ
54.මේඝිය තෙරනුවෝ
55.සාගත තෙරණුවෝ
56.නාගිත තෙරණුවෝ
57.ලකුන්ඨක භද්දිය තෙරණුවෝ
58.පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවෝ
59.මහා පන්ථක තෙරණුවෝ
60.චුල්ල පන්ථක තෙරනුවෝ
61.බක්කුල තෙරණුවෝ
62.කොන්ඩධාන තෙරණුවෝ
63.දාරුචීරිය තෙරණුවෝ
64.යසෝජ තෙරණුවෝ
65.අජිත තෙරණුවෝ
66.තිස්ස මෙත්තෙය‍ය තෙරණුවෝ
67.පුණ්ණක තෙරණුවෝ
68.මෙත්තගූ තෙරණුවෝ
69.ධෝතක තෙරණුවෝ
70.උපසීව තෙරණුවෝ
71.නන්ද තෙරණුවෝ
72.හේමක තෙරණුවෝ
73.තෝදෙය‍ය තෙරණුවෝ
74.කප්ප තෙරණුවො
75.ජතු-කණ්ණි තෙරණුවෝ
76.භද්‍රාවුද තෙරණුවෝ
77.උදය තෙරණුවෝ
78.පෝසාල තෙරණුවෝ
79.මෝඝරාජ තෙරණුවෝ
80.පින්ගිය තෙරණුවෝ

බුද්ධ චරිතය පිළිබඳ හදාරන විට පළමුවෙන්ම අපට හමුවන්නේ බෝධිසත්වයන් වහන්සේ විසින් කරන ලද ප්‍රාර්ථනාවයි. "සද්ධම්මාලංකාර" කතුවරයා විසින් දක්‌වන පරිදි, මේ මහා භද්‍ර කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකින් යට සාරමණ්‌ඩ නම් කල්පයක්‌ විය. එම කල්පයේ තණ්‌හංකර, මේධංකර, සරණකංර, දීපංකර යනුවෙන් බුදුවරු හතර දෙනෙක්‌ ලොව පහළ වූහ. එයින් සතරවන අතුරු කල්පයෙහි පහළ වූ "දීපංකර" නම් බුදුරජාණන් වහන්සේ "රඹගම්" නුවරට වඩින විට එනුවර වැස්‌සෝ මහා මාර්ගය පිළිසකර කළාහුය. එකල අප මහ බෝසතාණෝ මහා බලසම්පන්න "සුමේධ" නම් තාපසව තමන්ද බුදුන් වඩින මාර්ගයෙහි කොටසක්‌ පිළිසකර කිරීමට භාර ගත්හ.

එහෙත් බුදුන් වඩින විටත් තමන්ට නියමිත වූ කොටසෙහි වැඩ නිම කිරීමට නොහැකි වූ හෙයින් දීපංකර බුදු හිමියන් ඇතුළු පරිවාර රහතන් වහන්සේලා කළල් මඩ නොතැවරී, තම සිරුර මතින් වඩින සේක්‌වයි බිම දිගාවී සිටියේය. එසේ සිටිමින් සුමේධ තාපස තෙමේ ප්‍රාර්ථනාවක්‌ කළේය. එනම් "මම ද මේ බුදුන් සේම ලොව්තුරා බුදු බව ලබා, සූවිසි අසංඛ්‍යයක්‌ සත්ත්වයන් නිවන් දැක්‌විය හැකි වෙම්වා" යනුවෙනි. මේ අයුරින් බුදුවරයන් වහන්සේලා විසිහතර නමක්‌ හමුවේ විවිධ පිංකම් කරමින් බුදු බව ප්‍රාර්ථනා කළ සේක. අවසන වෙසතුරු අත්බවේ අඹු දරුවන් ඇතුළු සියලු දෙයම දන් දී ප්‍රාර්ථනා කළේ බුදු බවමය.


බෞද්ධයන්ගේ ප්‍රධානතම ප්‍රාර්ථනාව වන්නේ තුන්තරා බෝධියෙන් එක්‌ බෝධියකට පත්වීමයි. එනම් බුදු, පසේ බුදු, මහ රහත් කියන බෝධිවලින් එක්‌ අවස්‌ථාවකට පත්වීමයි. එබැවින් කුමන පිංකමක්‌ කළද අවසන ප්‍රාර්ථනා කිරීමේ පුරුද්ද අනුගමනය කළේය. පිංකම් කළේද එවැනි ප්‍රාර්ථනාවන් ඇතුවමය. බෝසතුන් වහන්සේ පමණක්‌ නොව රහතන් වහන්සේලා ද යම් යම් විශේෂ වරප්‍රසාද ලැබුවේ තමන් වහන්සේලාගේ සංසාරික ප්‍රාර්ථනාවන් අනුව බව රහතන් වහන්සේලාගේ චරිත විමසා බැලීමේදී දැනගත හැකියි.

"සීවලී" රහතන් වහන්සේ කල්ප ලක්‌ෂයකට පෙර "පදුමුත්තර" බුදුන් වහන්සේ එක්‌තරා රහතන් වහන්සේ නමකට "ප්‍රත්‍යලාභී භික්‌ෂුන් වහන්සේලා අතර අග තනතුර" ප්‍රදානය කළ අයුරු දැක තමන් ද දින හතක්‌ තිස්‌සේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහ දන් දී අනාගතයේ යම් දිනක ප්‍රත්‍යලාභී භික්‌ෂුන් අතර අග තනතුර ලබම්වා" යි කරන ලද ප්‍රාර්ථනාවට අනුව අප බුදුන් දවස එම අග තනතුරට පත්වූහ. පියුමතුරා බුදුන් දවස කරන ලද ප්‍රාර්ථනාවට අනුව "අනුරුද්ධ" රහතන් වහන්සේ අප ගෞතම බුදුන් සමයෙහි "දිවැස්‌ ඇති" භික්‌ෂුන් වහන්සේලා අතර අග තනතුර ලැබූහ. එසේම "පදුමුත්තර" බුදුන් සමයෙහි එක්‌තරා භික්‌ෂුන් වහන්සේ නමකට "මිහිරි හඬ ඇති" භික්‌ෂුන් අතර අග තනතුර ප්‍රදානය කරන අයුරු දුටු ලකුන්ටක භද්දිය රහතන් වහන්සේ එදින කළ ප්‍රාර්ථනාවට අනුව නොයෙකුත් පිංකම් කර එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අප ගෞතම බුද්ධ ශාසනයෙහි එම පැතුම ඉටුකර ගත්හ.

ගෞතම බුද්ධ ශාසනයෙහි වැඩසිටි අසු මහා ශ්‍රාවකයන් වහන්සේලාම එලෙස සංසාරයේ දී කරන ලද ප්‍රාර්ථනාවන් අනුව ඒ ඒ තනතුරු ලබාගත්හ. ප්‍රාර්ථනා කළ පමණින්ම එවැනි තනතුරු නොලැබෙන බව වටහාගත් උන්වහන්සේලා ඒ සඳහා කළ යුතු පිංකම් නොමඳවම සිදු කළහ. උදාහරණයක්‌ වශයෙන් මෙයින් කල්ප ලක්‌ෂයකට පෙර "පියුමතුරා" බුදුන් සමයෙහි හංසවතී නුවර මානවකයකු වශයෙන් ඉපිද සිටි "කුමාරකස්‌සප" රහතන් වහන්සේ එම බුදු හිමියන් එක්‌තරා රහතන් වහන්සේ නමකට "විචිත්‍ර ධර්ම කථිකයන්" අතර අග තනතුර ප්‍රදානය කරන අයුරු දුටුවේය. ඒ අනුව එම මානවකයාද එවැනි තනතුරක්‌ ලබා ගනිමි යි ප්‍රාර්ථනා කර සත් දිනක්‌ බුදුපාමොක්‌ මහ සඟනට දන් පිරිනැමුවේය.


ඉන්පසුව උපන් ආත්මවලදී ද නොයෙක්‌ ආකාරයේ මහා පිංකම් රැසක්‌ම සිදු කළේය. ඒ අනුව අප ගෞතම බුද්ධ ශාසනයෙහි "කුමාර කස්‌සප" රහතන් වහන්සේ එදා පැතූ පරිදි එම තනතුර ලැබූහ. මෙකල බොහෝ දෙනා කරන පරිදි බලපෑම් කර මුදල්-හදල් දී, අල්ලස්‌ ලබාදී තනතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවක්‌ නොතිබුණි.

මෙවැනි කථා ප්‍රවෘත්ති බෞද්ධ සාහිත්‍යයේ අප්‍රමාණව සඳහන්ව ඇත. මේවා පිළිබඳ ඇසූ පෙර උවසු උවැසියෝ පිංදහම් කොට විවිධ ප්‍රාර්ථනාවන් කිරීමට පෙළඹුණහ. මේ බව ඉපැරැණි විහාර ආරාමවල, සෙල්ලිපි, ගිරි ලිපි, ටැම්ලිපි, අත්තානි කණු, සන්නස්‌ පත්‍ර ආදියෙහි සඳහන් කර ඇත. මෛත්‍රී බුදුන් දැකිය හැකි මිනිසුන් මෙන්ම නොදැකිය හැකි මිනිසුන්ද සිටිති.

පෙර බොහෝ උවසු උවැසියෝ පිංකම් කළෝ මෛත්‍රී බුදුන් දැකීම අරමුණු කරගෙනම වෙති. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් එප්පාවල ප්‍රදේශයේ පිහිටි සෙල්ලිපියක මෙලෙස සඳහන්ව ඇත. "මෙකුසල් බඹ දෙසෙන් සඟුන් වෑපාරයන් පවත්වනු කොටි ඉසා මෙනොඉල්වා වැරද වුව තිරත්නයෙ කැළැල් කළාහු වෙත්. මහ මෙතේ බුදු රැජයෙහි නූපදනාහයි" මෙම කුසල් බ්‍රහ්ම දේශයන් නොහොත් ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයන් සංඝයා සහ වෙළෙන්දන් විසින් පැවැත්වීමද මෙය ඉල්ලීමක්‌ නැතිව වැරැද්දුවහොත් රත්නත්‍රයෙහි කැළැල් කළාහු වෙත්. මහා මෛත්‍රෙය බුද්ධ රාජ්‍යයෙහි නූපදනාහු වෙත්" ආදී වශයෙන් සඳහන්ව තිබීමෙන් ඒ බැව් පසක්‌ වෙයි.



ත්‍රිපිටකයෙහි සඳහන් වන විමානවත්ථු වැනි කථා ප්‍රවෘත්ති ඇසූ බොහෝ ශ්‍රද්ධාවන්තයෝ පිංකම් කොට දිව්‍යාත්ම භාවයන් ලැබීමට ප්‍රාර්ථනා කළහ. මතු මෛත්‍රී බුදුන් හමුවෙහි චතුරාර්ය සත්‍ය දහම් අසා චාතුම්මහා රාජිකය, යාමය, තුසිතය, නිර්මාණරතිය, පරනිර්මිත, වසවර්ති ආදි සදිව්‍ය ලෝකවල දිව්‍ය සැප ප්‍රාර්ථනා කිරීම එකල මෙන්ම මෙකලද බහුලව දැකිය හැක. මහනුවර යුගයේ ගණින්නාන්සේලා පුරුදු පුහුණු කරන ලද පිංවාක්‍යය මගින් දීර්ඝව දක්‌වා ඇත්තේ සංසාරයේ සැප සම්පත්ය. එම පිං වාක්‍යය මිහිරි සරෙන් කියවා අවසන් වනවිට සැදැහැතියෝ සාධුකාර දෙමින් සසර සැප සම්පත් ප්‍රාර්ථනා කරති. ඉංග්‍රිසි යුගයෙහි අභීතව කඩුවට ගෙලපෑ කැප්පෙටිපොළ විරුවාණන් මරණයට පෙර අපූරු ප්‍රාර්ථනාවක්‌ කළේය. එනම්,



ඉතෝ චුතෝහං වර ජම්බුදීපේ
හිමාලේ හේම මයංම්හි කූටේ
කප්පායුකෝ දේව පතීත හුත්වා
මෙත්තෙය්‍ය නාතස්‌ස සුනාමි ධම්මං...

මෙයින් චුතව ගොස්‌, ජම්බුද්වීපයෙහි හිමාල වනයෙහි වෘක්‌ෂ දේවතාවෙක්‌ව ඉපිද කල්පයක්‌ ආයු ලැබ, මෛත්‍රී බුදුන් සමයෙහි උන්වහන්සේගෙන් දහම් ඇසීමට ලැබේවා... යනු එතුමාගේ ප්‍රාර්ථනාව විය. සාමාන්‍ය ජනයා තුළද විශේෂ ප්‍රාර්ථනාවන් තිබුණ බව ජන කවි සාහිත්‍ය පිළිබඳ විමසීමේදී පැහැදිලි වෙයි.

ඇත් අස්‌ පාබල සෙනඟ ලැබේවා
කෙත් වත් බොල් රොඩු නැතිව පැසේවා
ගත් තත් සේ අඩු නොවී තිබේවා
දුප්පත්කම් කිසි කලෙක නොවේවා

සත්තේ බස මිස බොරු නොකියන්ටයි
මත්තේ වැඩ හිඳ අවැඩ නොවන්ටයි
සත්තේ තරමින් පිංකර ගන්ටයි
මෙතේ මුණිඳුන් වැඳ පිං ගන්ටයි

දැසි දස්‌ ගම් බිම් පටුනු ලබන්ටයි
දොස්‌ කර දුදනන් ලන් නොම වන්ටයි
රැස්‌කර මිණි මුතු යදිහට දෙන්ටයි
වෙස්‌සන්තර රජු මෙන් උපදින්ටයි


මෙවැනි කවිවලින් පැහැදිලි වන්නේ එදා සමාජයේ ජනතාව බුදු දහම ඇසුරින් ලබා තිබූ ශික්‌ෂණය ඔවුන්ගේ හදවත් තුළ පැළපැදියම්ව පැවැති කරුණාව, මෛත්‍රිය, ඉවසීම, දීමෙහි කැමැත්ත වැනි වැදගත් ආකල්ප පිළිබඳවයි. යමෙකුට සෙතක්‌ ශාන්තියක්‌ ප්‍රාර්ථනා කිරීම බුදු දහම තුළ මෙත් වැඩීම යනුවෙන් සඳහන් කරයි. මෙත් වැඩීමේදී විශේෂිත සත්ත්ව කොට්‌ඨාස තෝරාගෙන මෙත් වැඩීමේ සිරිතක්‌ නැත.

සබ්බේ සත්තා භවන්තු සුඛීතත්තා... යනුවෙන් සියලු සත්ත්ව කොට්‌ඨාශයටම මෙත් වැඩිය යුතු බව "කරණීය මෙත්ත සූත්‍රයේ" දක්‌වා ඇත. ඒ අනුව ඇසට නොපෙනෙන, පෙනෙන ඉතා කුඩා ඉතා මහත්, ඉතා උස්‌, ඉතා මිටි, දුර සිටින, ළඟ සිටින ආදී වශයෙන් සියලු සතුන්ට මෙත ප්‍රාර්ථනා කළ යුතුය. යමෙක්‌ කෙරෙහි අහිතක්‌, අනාදරයක්‌ ප්‍රාර්ථනා කළා නම් බොහෝ විට එයද ධර්මානුකූලවම කරන ලදී.


ක්‍රි.ව. 10 වැනි ශත වර්ෂයකට අයත් මොරගොඩ ටැම් ලිපියෙහි සඳහන් වන්නේ අතරගලු කොත්තා සහ මුල වඩා සකරා යන ඇමැති දෙපළ විසින් වැදෑරා පිරිවෙනට පුදන ලද පඳුන්නරු වැවේ ජලයෙන් වගාකරන ඉඩම් සහ ඒ වෙනුවෙන් ප්‍රකාශයට පත්කළ අණ පණත් පිළිබඳවය. එම අණ පණත් උල්ලංඝණය කරන අය බලු කපුටුව උපදින බව වැඩිදුරටත් එහි සඳහන් වෙයි.

"මෙ ආන්නැ උලඝණ කළ කෙනෙක්‌ ඇත්නම් කවුඩු බලු වෙත්වා..." යනුවෙන් එම ලිපියේ ප්‍රාර්ථනා කර ඇත. ක්‍රි.ව. 10 වැනි ශතවර්ෂයේ "සලවඩුනාවන්" විසින් කරවන ලදැයි සැලකෙන අනුරාධපුර ගල් ඔරුවේ සන්නසෙහි ද එවැනිම ප්‍රාර්ථනාවක්‌ ගැන සඳහන් වෙයි. මහාපාලි දන්සැලෙන් තමන් ලබාගත් ආහාර කොටස්‌ ඡේතවනාරාමයෙහි නව කර්මාන්ත සඳහා දුන් බවත්, මෙයට යම්කිසි ආකුලයක්‌ කළ කෙනෙක්‌ ඇත්නම් ඔව්හු සියලු රට වැසියන් කළ සියලු අකුසල් ගත්තාහු වෙති. එසේම මාතොට එළුවන් මැරූ තැනැත්තා කළ අකුසල් ගත්තහු වෙති. ආකුල කළ කෙනෙක්‌ රට වැස්‌සන් කළ අකුසල් ගත්තාහ. මහවුතියෙ එළු මරුවා කළ අකුසල් ගත්තාහ... යනුවෙන් ඒ බව සඳහන් වෙයි.

බතලගොඩ සෙල් ලිපියෙහි එන පරිදි මෙම කුසලානට උද්ධරණයක්‌ කළ එකෙක්‌ ඇත්නම් කාවුණුවැ ලු බත් කෑ සේය. අට මා නරකයෙහි පැසෙන්නේය. අලුත්වැව පුවරු ලිපියෙහි සඳහන් වන්නේ මෙයට අනියා කළ කෙනෙකු කවුඩු බලු වෙත්වා... යනුවෙනි. සඟ සතු දේපළ අයුතු ලෙස පරිභෝග කළවුන් සඳහා එහි විපාක වශයෙන් මෙලොව පරලොව දෙකෙහිදීම ආහාර නොලැබේවා යනුවෙන්ද ගැරඬිගල ලිපියට අනුව "මෙලෙට්‌ බහාලු කුඹුර අවුල් කළ කෙනෙක්‌ බුදෙනා බත් නොලැබෙත්" යෑයි සඳහන් කර ඇත. එනම් "කෑමට බත් නොලැබේවා" යනුවෙනි.

මෙම කරුණු අනුව පැහැදිලි වන්නේ පුරාණ සිංහල බෞද්ධයා විවිධ ප්‍රාර්ථනාවන් කර ඇති අතර එයින් වැඩි කොටසක්‌ ආගම ධර්මය පදනම් කරගෙන ආගමික පසුබිමක්‌ තුළ සිදුකරන ලද ඒවා බව පෙනෙයි.

buddhistculture

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software