topone

barathiya-bawdha-padiwaru


සසර දුක දැක විමුක්තිය සලසා ගනු වස් බ්‍රහ්මචර්යවාසය නමි වු උතුමි පිළිවෙත අනුගමනය කරනු රිසි ව පැවදි වු අයට බුදුරජාණන් වහන්සේ දෙන ප්‍රථම අවවාදය මෙය යි:
    
“සීල සමිපන්න ව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතු ව, යහපත් පැවතුමි ඇති ව, කුඩා වරද පවා වරද සේ දකිමින් වසන්න. විවේක ස්ථාන ඇසුරු කරමින් භාවනා වඩන්න.”
            (ආකංඛෙය්‍ය සූත්‍රය)

මේ අදහස විවිධ රූපවලින් පෙළ පොත්වල සදහන් වෙයි. සල්ලේඛ සුත්‍රයෙහි දැක්වෙන්නේ මෙ ලෙස ය: 


“ඒතානි චුන්ද රුක්ඛමූලානි, ඒතානි සුඤ්ඤාගාරානි. ඣායථ චුන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ථ. අයං වෝ අම්හාකං අනුසාසනි.” 


(චුන්ද, මේ ගස්මුල් ය, මේ විවේකාගාර ය. භාවනා කරන්න. පමා නොවන්න. පසු ව විපිළිසර නොවන්න. මෙය මගෙන් ලැබෙන අවවාද යි.)


පැවිදි ජිවිතයට පිවිසෙන උතුමා මහණකමේ මුලික අභිමතාර්ථය වශයෙන් බුදුරදුන්ගේ මේ අවවාදය පිළිපැදිය යුතු ය. භික්ෂු ජිවිතය සාර්ථවත් කොට ගනු ලබන්නේ මේ පිළිවෙත පිළිපැදීම මගිනි.


භික්ෂුන් වහන්සේ නමකට බුදුන්ජාණන් වහන්සේගෙන් පැබෙන දෙ වන අවවාදය මෙය යි:


“දේසෙථ භික්ඛවේ ධමිමං ආදි කල්‍යාණං, මඡ්ඣේ කල්‍යාණං පරියෝසන කල්‍යාණං”


බහුජනතාවගේ හිත සුව පිණිස මුල - මැද - අග යන තුන් තන්හි මනා ව පිහිටා ධර්ම දේශනා කරන්න යනු එහි අදහස ය. භික්ෂු ශාසනයේ ආරමිභක අවස්ථාවෙහි දී බුදුරජාණන් වහන්සේ මේ සේවාව මහරහතන් වහන්සේලා යවෙතින් අපෙක්ෂා කළහ. පෘථග්ජන භික්ෂුන් වහන්සේට වුව ද මේ කාර්යෙහි නිරත වන්නට  ඓතිහාසික අවශ්‍යතා නිසා අවසර ලබා දී ඇත.


        “ගිහීනමුපකරොන්තානං - නිචිචමාමිස දානතෝ
           කරෝථ ධම්මදානේන  - තේසං පචිචුපකාරකං” 


    
යනුවෙන්, “නිරතුරු ව අමිසයෙන් උපකාරක ගිහියන්ට ධර්මදානයෙන් ප්‍රත්‍යුපකාර කරන්න”යි අනුශාසනා කිරිමෙන් එය ප්‍රකට වෙයි. මේ නිසා ධර්ම දේශානා මගින් ධර්ම ප්‍රචාරක කටයුතුවල නිරත වීම ද භික්ෂු ජිවිතයේ වැදගත් සේවාවක් බවට පත් විය.


ධර්ම විශ්ලේෂණය
    
බුදුරදුන් දවස ම ධර්මය පිළිබදව ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලබාදීමේ අවශ්‍යතාව මතු වු බව දක්නට ලැබෙ යි. බුදුන් වදාළ ධර්මය පිළිබද වැරදි වැටහිම් භික්ෂුන් අතර ම පැතිර යාමට පටන් ගැනිණි. සාති නැමැති භක්ෂුව‘විඤ්ඤාණය සංසරණය වෙති’යි පැවසිම එබදු එක් අවශ්ථාවකි. අරිට්ඨ භික්ෂුවගේ ‘අසේවානීය’යි බුදුන් වදාළ දේ ‘සේවනයෙහි වරදක් නැත’යි පැවසීම තවත් අවස්ථාවකි. යමක භික්ෂුවගේ උච්ජේද වාදය තවත් එකකි.

මොවුන්ගේ මේ විපරීත දෘෂ්ටි බුදු බණ විකෘත කිරීමකි. මෙබදු තත්ත්වයන් වළකා ලිමට නමි බුද්ධධර්මය පිළිබද විධිමත් අවබෝධයක් සැම පෘතග්ජන භික්ෂුන් වහන්සේ  නමක් ම ලබා තිබීම අවශ්‍ය ය.එසේ ම බුදුන් දවස ම සිදු වු නිගණ්ඨනාතපුත්ත තුමාගේ මරණයට අනතුරු ව ජෛන ශාසනයේ ඇති වු තත්ත්වය ද මීට නිදසුනක් සේ දැක්විය හැකි ය.ජෛන ශ්‍රවකයෝ “ඔබ දහම වැරදි සේ තෝරති. මම එය නිවැරැදි ව දනිමි ” වැනි ඇණුම් බැණුම් පද කියා ගනිමින් භේදහින්න වී ගියහ. මතු දවස බුද්ධ පරිනිර්වාණයෙන් පසු එවැන්නක් උද්ගත වීම වලක්වා ගැනීම සදහා මුලික ධර්ම කරුණු පිළිබද පොදු එකගතාවක් ශාස්ත්‍රීය ආකාරයෙන් සකසා ගෙන අධ්‍යාපනය මගින් පවත්වා ගෙන යාම අත්‍යාවශ්‍ය විය. 
    
මේ අවශ්‍යතා මැනවින් වටහා ගෙන ධර්ම ශාස්ත්‍රීය වශයෙන් සේවයක් කිරිමට මුල් ම පියවර තැබු උතුමන් කිහිප දෙනෙකුන් පිළිබද ව අපේ අවධානය යොමු විය යුතු ය. මෙහි ලා ධර්ම භණ්ඩාගාරික වශයෙන් ප්‍රසිද්ධ වු ආනන්ද තෙරණුවෝ ප්‍රමුඛ වෙති. උන්වහන්සේ උපස්ථායක තනතුරු භාර ගනිද්දී තමන් නොමැති ස්ථානවලදී දේශනා කරන ධර්මය නැවත තමන්ට වදාළ යුතු යයි බුදුරජානන් වහන්සේ එකග කර ගත්හ. මේ වරප්‍රසාදය ලබා ගැනීමේ වටිනාකම මැනවින් පැහැදිලි වන්නේ ප්‍රථම ධර්ම සංගීතියේ දී සමස්ථ ධර්මය ම සංඝ සභාවට ඉදිරිපත් කිරිමට තරම් කෞශ්‍යයක් උන්වහන්සේ ලබා සිටීම ගැන කල්පනා කරන කල්හි ය.


    
ධර්මය පිළිබදව සලකන කල ආනන්ද හිමියන් තරමට ම අගය කළ යුතු අනෙක් මහා ශ්‍රාවකයන් වහන්සේ නම් ධම්ම සේනාපති ලෙස පතළ සැරියුත් මහ රහතන් වහන්සේ ය. නිගණ්ඨනාතපුත්ත තුමාගේ අභාවයත් සමග උද්ගත වු සැරියුත් හිමියෝ ධර්මයෙහි මුලික මාතෘකා ක්‍රමාණුකූල ව සකස් කොට ඉදිරිපත් කළහ.දීඝ නිකායෙහි අවසන දක්නට ලැබෙන සංගීති සූත්‍රය හා දසුත්තර  සූත්‍රය යන සුත්‍ර දෙක එම ප්‍රයත්නයෙහි ප්‍රතිඵල වෙයි. ධර්මය පිළිබදව මෙබදු අධ්‍යයන නිසා අභිධර්මයේ ආරම්භක ස්වරූපය වු ‘මානිකා’ පහළ වු බව සැලකේ. ‘අභිධම්ම කථා’යන නමින් ඉපැරැණි වාර්තාවල සටහන්කර ඇත්තේ ‘මාතිකා’පිළිබදව ගැඹුරින් කළ සාකචිඡා පිළිබද විය යුතු ය.

ධම්මධර, විනයධර,මාතිකාධර වශයෙන් භික්ෂුන් හැදින්වීමේ දී ‘මාතිකා’ වුයේ ද මෙබදු ශාස්ත්‍රීය අධ්‍යාපනයේ ආරමිභක ශික්ෂණය විය හැකි ය. මෙය වඩ වාඩාත් ප්‍රබල වීමට තුඩුදුන් සිද්ධියක් මහාපරිනිබිබාණ සූත්‍රයෙන් ප්‍රකට වෙයි. එය නම් පිරිනිවන් පෑමට සමීප සමයෙහි බුදුරජානන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය ශාස්තෲන් වහන්සේ වන බව උන්වහන්සේ විසින් ම ප්‍රකාශ කිරීම යි. එයින් ධර්මයෙහි වටිනාකම ඉතා ඉහළින් තක්සේරු වන අතර ම ධර්මය ඉතා නිරවුල් ලෙස පැහැදිලි කර ගත යුතු ව ඇති බවත්, එය මැනවින් ආරක්ෂා කර ගත යුතු බවත් ප්‍රකට වෙ යි.

මහාපරිනිර්වාණ සූත්‍රයේ දී ම බුදුරදුන් නැති සමයක දී යම් යම් අය බුදුරදුන්ගෙන් අසා දත් බව පවසමින් හෝ මහා සංඝයාගෙන් අසා දැන ගත් බව පවසමින් හෝ බොහෝ වයෝවෘද්ධ ‍තෙරවරුන්ගෙන් අසා දැන ගත් බව පවසමින් හෝ යම් දහමක් ඉදිරිපත් කළහොත් පිළිපැදිය යුතු පිළිවෙත දක්වා තිබේ.එම පිළිවෙත නම් ධර්මය හා විනය සමග සංසන්දනය කොට බැලීම ය. (සුත්තේ ඕතාරේතබ්බානි, විනයේ සන්දස්සේතබ්බානි) එසේ කිරිමට නම් ධර්මය හා විනය පිළිබදව ඉතා හොද පරිචයක් භික්ෂු සංඝයාට තිබිය යුතු ය.

මෙයින් ප්‍රකට වන්නේ ධර්ම ශාස්ත්‍රීය වශයෙන් විශාල කාර්යභාර්යක් භික්ෂුන් වහන්සේට පැවරෙන බව ය. විශේෂයෙන් ම ගිහියන්ට ධර්මය ඉගැන්වීම සදහා දුර්වාදී මතවලින් බේරාගෙන ධර්මය විධිමත් ව සංරක්ෂණය කිරීම පිණිස උන්වහන්සේ ක්‍රියා කළ යුතු බව පෙනේ.


    
බුදුරජානන් ජිවමාන සමයෙහි වැඩ විසු භික්ෂු සංඝයා ඉටුකළ කාර්යභාර්ය පිළිබදව බුදුරදුන් තුළ තෘප්තියක් පැවති බව දක්නට ලැබේ. දිනක් බුදුරදුන් හා මාරයා අතර ඇති වු සංවාදයකින් මේ කරුණ ප්‍රකට වෙයි. බුදුරජානන් වහන්සේ භික්ෂු - භික්ෂුණී, උපාසක - උපාසිකා යන සිය ශ්‍රාවක ශ්‍රාවිකාවන් ව්‍යක්ත, විනීත, විශාරද, බහුශැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න, අනුධර්මචාරී පිරිසක් බවට පත් ව, තම ගුරුවරුන් වෙතින් මනාව ඉගෙන, කියාපෑම, දේශනා කිරිම, හෙළි කර සිටිම, ඔප්පු කර සිටීම, විවරණය කිරිම, විභජනය කිරිම, පැහැදිලි කරදිම කරමින් පර ප්‍රවාදයකට ධර්මානුකූල ව නිග්‍රහ කරමින් ධර්ම දේශනා කරන බව පිළිගනිති.*


    
මෙහි ලා භාවිතා කොට ඇති වචන රාශියක් ම අධ්‍යාපනික ශාස්ත්‍රීය කාර්යයන් සමුදායක් ගම්‍ය කරවයි.


    *“වියත්තා, විනිත‍ා, විසාරදා, බහුස්සුතා,ධම්මධරා,ධම්මානුධම්මපටිපන්නා, සාමිචි පටිපන්නා, අනුධම්මචාරිනෝ සකං ආචාරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති,දේසෙස්සන්ති,පඤ්ඤපෙස්සන්ති, පටිඨපෙස්සන්ති, විවරිස්සන්ති, උත්තනී කරිස්සන්ති, උප්පන්නුප්පන්නං පරප්පවාදං සහධම්මේන සුනිග්ගහිතං. නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්ම්ං දේසෙස්සන්ති”


    
ධර්මය සංරක්ෂණය කිරීම හා ඒ පිළිබදව නිවැරදි අර්ථ කථා සමිප්‍රදායයක් පවත්වා ගෙන යාම සමීප ශ්‍රාවකයන් වහන්සේලාගේන් ම ඇරඹිණි. බෞද්ධ චින්තනය විධිමත් ව විවරණය කිරිම සදහා භාරතීය භික්ෂුන් වහන්සේ ගත් ප්‍රයත්නය


i. ධර්ම සංගායනා මගින්, හා 
ii.ධර්ම ශ්‍රාස්ත්‍රීය ග්‍රන්ථ සම්පාදනය මගින් ඉතා පැහැදිලි ව ප්‍රකට වෙයි.

ධර්ම සංගායනා 

    
භාරතයේ දී ධර්ම සංගායනා හතරක් පැවැත්විණි.ඒවායින් මුල් සංගායනා තුන ම ‍ෙථරවාද විභඡ්ඡවාද භික්ෂුන් වහන්සේ විසින් සිදු කරන ලදී. ඒවායේ භාෂා මධ්‍යය පාලි භාෂාව විය. සිවු වැන්න ශ්‍රාවකයාන ‍ෙබෟද් සම්ප්‍රදායට අයත් සර්වාස්තිවාදීන් විසින් පවත් වන ලදී. එහි භාෂා මධ්‍යය සංස්කෘත භාෂාව ය. මේ සංගායනා පිළිබදව විවිධ වාර්ථා හමු වෙයි. මේ සංගීති හතරට අතිරේක ව දෙ වැනි සංගීතියෙන් පසු මහාසංඝික නිකායිකයන් විසින් මහාසංගීතියක් කළ බව ද විශ්වාස කෙරේ.

බෞද්ධයන්ගේ ධර්ම සංගායනා මගින් ඉටුකර ගැනීමට වෑයම් කළ කාර්යය වුයේ ධර්මය පිළිබද ව තමන් විසින් නිවැරදි යයි ගත් ස්ථාවරය තහවුරු කිරිමට ප්‍රයත්න දරන අතර, මූලික බෞද්ධ සාහිත්‍යය සංරක්ෂණය කිරීම යි. පෙළ දහම මෙ තරම් මැනවින් රැක ගත හැකි වුයේ භාරතීය භික්ෂුන් වහන්සේ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු ව මෙබදු ධර්ම සංගීති පවත්වා කළ සේවාවෙහි ප්‍රතිඵලයක් වශයෙනි. 


මුල් යුගයේ භික්ෂුන් වහන්සේලාට පතපොත වශයෙන් ලිඛිත ද්‍රව්‍ය භාවිතයට පහසුකමි නො තිබිණි. ආදි ආර්ය ජනතාවගේ සිතුමි පැතුමි ඇතුළත් වේද සාහිත්‍යය පවත්වා ගෙන එන ලද්දේ වාචනාමාර්ගයෙනි (කට පාඩමින් පරම්පරාවෙන් පරම්පාරාවට පවත්වා ගෙන ඒම). එහෙයින් ධර්ම - විනය ස්මරණයේ තබා ගෙන සඡ්ඣායනය කරමින් ආරක්ෂා කර ගැනිමට සිදු විණි. ‘භාණක’නමින් පසු ව ප්‍රසිද්ධියට පත් සඡ්ඣායක භික්ෂුන් අතර පාලි ත්‍රිපිටකයේ විවිධ කොටස් වාචෝද්ගත කර ගැනීම පිණිස බෙදා ගෙන තිබිණි. මේ ක්‍රමය ඉතා පරිස්සමින් භාවිත කරන ලදී. යම් ලෙසකින් වරදවා ගත් ධර්මයක් භික්ෂුන් විසින් පාඩමි කර ගැනිම හා ඵ ලෙස ඉගැන්වීම ධර්ම විනාශයට හේතුවන හෙයිනි.


    
‍ෙථරවාද භික්ෂු පරපුර පිළිබද ව කථා කරන කල ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථයක් හා සම්බන්ධ ප්‍රථම විශාරද භික්ෂුව සේ මිළින්ද ප්‍රශ්නය කළ නාගසේන හිමියෝ කැපී පෙනෙති. උන්වහන්සේ හා ග්‍රීක රජ කෙනෙකු වූ මිළින්ද (මිනැන්ඩර්) අතර වු ධර්ම සංවාදය ග්‍රන්ථ ස්රූපයෙන් ඉතිරි වී තිබේ. ධාරණ ශක්තිය හා පාණ්ඩිත්‍යය අතර සම්බන්ධය ඉතා වැදගත් වු ඒ අවධියේ අශෝකාරාමයේ දී ධම්මරක්ඛිත තෙරණුවන් වෙතින් ධර්මය උගත් නාගසේන හිමියෝ එක් වරක් ඇසු පමණින් ම සමස්ත බෞද්ධ වචනය ම කටපාඩමින් කීරිමට සමත් වූහ. උන්වහන්සේගේ ජිවිත කථාව මිළින්ද ප්‍රශ්නයේ මුලට සමිබන්ධ කොට තිබේ. මේ ග්‍රන්ථයෙහි දී බුදු සමය පිළිබද පැන නැගිය හැකි විවිධ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇති අයුරු දැකගත හැකි ය. 


    
පෙළ පොත්වලට පසු ව රචනා වු තවත් වැදගත් ග්‍රන්ථ දෙකක් සේ පේටකෝපදේසය හා නෙත්තිප්පකරණය සැලකිය හැකි ය. බුද්ධධර්මය ථෙරවාදය විභඡ්ජවාද ක්‍රමයට අර්ථ විවරණය කරන විධි ක්‍රම නිරවුල් ව දැක්වීමට මේ ග්‍රන්ථද්වය රචනා කොට තිබේ. මේ පොත් දෙකේ ම කර්තෘත්වය සමීප ශ්‍රාවකයාණ කෙනකුන් වු මහාකාත්‍ය‍්‍යායන හිමිපාණන් වෙත පවරා ඇත. එහෙත් උන්වහන්සේ විසින්ම මේ පොත් රචනය කළ බව පිළිගත නොහැකි ය.

පාලී අටිඨකථා සම්ප්‍රධායේ විකාශනය සලකා බලන විට සංක්ෂිප්ත සේ දෙසු ධර්මයක් විස්තරාත්මක ව විවරණය කරදීමේ සමතකු සේ බුදුන් දවස නමි දැරූ මහාකාත්‍ය‍ායන තෙරුන්ගේ නම ආදිපුරුෂයකු සේ සිහිපත් විම අස්වාභාවික නොවේ. එ හෙයින් ක්‍රමයෙන් ස්මතු වී හැදී වැඩී ආ මේ ශිල්ප ක්‍රමය උන්වහන්සේට පවරා ඇත්තේ යුතුකමක් ඉටු කිරීමක් වශයෙන් ද විය හැකි ය. ඉහත සදහන් කළ ග්‍රන්ථ දෙකින් පේටකෝපදේසය පළමු ව රචනා වී ඇත. එය ප්‍රමාණවත් නොවු නිසා එහි අඩු පාඩු මග හරවමින් වඩා අංග සම්පුර්ණ කෘතියක් සේ නෙත්තිප්පකරණය සම්පාදනය විය.


අටිඨකථා 


    
පාලි ත්‍රිපිටක සාහිත්‍යයට අටිඨකථා සම්පාදනය කිරිමේ කාර්යයෙහි වැදගත් ස්ථානයක‍් ගත්තේ ද භාරතීය භික්ෂුන් වහන්සේලා ම ය. උන්වහන්සේලා මේ කාර්යය ඉටු කළේ ශ්‍රි ලංකාවේ දී ය. ලක්දිව පැවති හෙළටුවා පදනමි කෙ‍ාට ගෙන මේ කාර්යය ඉටු කිරිමට පැමිණි භාරතීය වියත් භික්ෂුන් වහන්ෙස් අතර බුද්ධදත්ත, බුද්ධඝෝෂ හා ධම්මපාල යන හිමිවරුන් වැදගත් වෙති. බුද්ධදත්ත හිමිපාණන් කලින් මෙහි පැමිණි අතර බුද්ධඝෝෂ හිමියෝ තදනන්තර ව ලක්දිවට වැඩම කළහ.

උන්වහන්සේලා දෙන ම හැදින ගත් පසු බුද්ධඝෝෂ හිමියන්ගේ අටුවාවල සාරාංශයක් ලියන්නට බුද්ධදත්ත හිමියන් අවසර ලබා ගත් බව ද විනිය විනිචිඡය හා අභිධම්මාවතාරය ඒ අනුව ලියන ලද පොත් බව ද බුද්ධදත්ත හිමියන් විසින් ම සදහන් කොට තිබේ.මේ ග්‍රන්ථද්වය ඉතා පැහැදිලි ව ප්‍රසන්න ශෛලියකින් රචිත බවත්, ඒවාට පදනමි වු මුල ග්‍රන්ථවලට ද වඩා විශිෂ්ට බවත් බොහෝ දෙන පිළිගනිති.


    
පාලි පෙළ පොත්වලින් වැඩි සංඛ්‍යාවකට අර්ථකථා ලියන ලද්දේ බුද්ධඝෝෂ හිමිපාණන් විසිනි. උන්වහන්සේ විසින් ලියන ලද අටුවා පොත් පිළිබදව වියතුන් අතර මත භේද පවති යි. පහත සදහන් කෘතින් උන්වහන්සේගේ කෘතීන් ලෙස බොහෝ පඩිවරු පිළිගනිති. පාලි විසුද්ධිමග්ග අනුරාධපුර මහා විහාරවාසී සංඝපාල මහ තෙරණුවන්ගේ ආරාධනයෙන් ලියා ඇත. මේ කෘතිය මුළු ත්‍රිපිටකය ම අළලා ලියවුණකි. අටුවා සම්පාදනය සදහා මහා විහාරවාසී තෙරවරුන්ගේ අවසර ඉල්ලු කල බුද්ධඝෝෂ හිමියන්ගේ දක්ෂතා පරික්ෂා කිරිමට පහත සදහන් ගාථාව දෙනු ලැබිණි.


    
            සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ - චිත්තං පඤ්ඤඤ්ච භාවයං
            ආතාපී නිපාකෝ භික්ඛු - සෝ ඉමං විජටයේ ජටං


    
මෙහි ඇතුළත් සීල , සමාධි , පඤ්ඤා යන ත්‍රිශික්ෂාව විවරණය කරමින් විසුද්ධිමග්ගය ලියා ඇත. ථෙරවාද බෞද්ධයන්ගේ ධර්ම විවරණය පිළිබදව අත්පොත වශයෙන් විසුද්ධිමග්ගය පිළිගැනේ. මහා විහාරික අර්ථකථා සම්ප්‍රදාය අනුගමනය කරමින් මේ ග්‍රන්ථය සැකසී ඇත. නිද්දේස නම් ලත් පරිචිජේද විසිතුනක් මීට ඇතුළත් ය. බුදුගොස් හිමියන් අතින් ලියැවුණු විසුද්ධිමග්ගය පරික්ෂා කළ මහා විහාරවාසී තෙරුවන් මහා විහාරයේ තුබු හෙළටුවා පාලියට නැගීමට බුද්ධඝෝෂ හිමියන්ට පැවරූ බව මහා වංශය වාර්තා කරයි.


සම්පුර්ණ විනය පිටකය ම ආවරණය කරමින් ලියන ලද අර්ථ කථාව සමන්තපාසාදිකාව යි. බුද්ධසිරි තෙරුණුවන්ගේ ආරාධනය පරිදි මහා විහාරයේ පිහිටි පධානගරයෙහි මහානිලම ස්වාමීන්කරවු ප්‍රාසාදයෙහි වැඩ වසමින් මෙය ලියා ඇත. මුළු ලක්දිව නිරවුල් කොට පාළනය කළ ශ්‍රී නිවාස රජුගේ රාජ්‍යෝදයෙන් 20 වන වර්ෂයේ දී ආරමිභ කොට විසි එක්වන වර්ෂයේ දී පොත ලියා නිම කරන ලද බව ග්‍රන්ථයෙහි ම සදහන් වෙයි. උන්වහන්සේ භික්ෂුන් වහන්සේගේ විනය පිළිබද අත්පොතක් සේ සැ‍ලකෙන පාතිමෝක්ඛයට කංඛාවිතරණ නමින් අටුවාවක් ලියුහ.


දීඝනිකායේ සූත්‍රයන්ට අර්ථ දක්වමින් ලියව ලද අටුවා ව සුමංගල විලාසිනිය යි. සුමංගල පිරිවෙන් වැසි දාඨානාග තෙරණුවන්ගේ ආරාධනය පරිදි මෙය රචනා කොට ඇත. මෙයට “සුමංගල විලාසිනී” යන සංඥ නාමය තබන ලද්දේ සුමංගල පිරිවෙන මුල්කොට ගෙන ය.


සුත්‍ර එක්සිය පනස් දෙකකින් සැදුම්ලත් මඡ්ඣිම නිකායට කළ අර්ථ ව්‍යාඛ්‍යානය ‘පපඤ්චසුදනි’ යයි. බුද්ධමිත්ත තෙරණුවන්ගේ ආරාධනය පරිදි මේ අටුවා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
    
සංයුක්ත නිකායට කළ අටුවා ග්‍රන්ථය ‘සාරතථප්පකාසින’ නමින් හැදින්වෙයි. බුදුගෙ‍ාස් හිමියන් සමග දඹදිව කාඤ්චපුරයෙහි විසු ජෝතිපාල මහ තෙරණුවන්ගේ ආරාධනය අනුව මේ කෘතිය සම්පාදනය කොට තිබේ. 


අංගුත්තර නිකායට කළ අටුවාව ‘මනේරථපූරණි’ නම් වෙයි. ඉහත සදහන් කළ ජෝතිපාල මහ තෙරුන්ගේ හා ත්‍රිපිටක පාරගත ජිවක උපාසකතුමාගේ ඇරැයුමෙන් මේ අට්ඨකථාව ලියා ඇත. නිකාය හතරේ අටුවා ලිවීම නමැති මනෝරථය අංගුත්තර නිකායට්ඨකථාව ලිවීමෙන් සමෘද්ධ වු බැවින් මේ කෘතියට ‘මනෝරථපූරණි’ යන නාමය යෙදු බව බුදුගොස් හිමියෝ ම පවසති.


    සබ්බාගම සංවණ්ණනා මනෝරථෝ පූරි‍තෝ මේ යස්මා
    ඒකාය මනෝරථ පූර්ණීති නාමං තතෝ අස්ස 


    
මේ ප්‍රකාශය අනුව බුද්ධඝෝෂ හිමියන් විසින් අවසාන වශයෙන් ලියු අටුවා ග්‍රන්ථය මනෝරථපූරණිය යැයි බොහෝ දෙනා නිගමනය කරති.


බුද්දක නිකායට අයත් පහත සදහන් ග්‍රන්ථයන්හි අටුවා ද බුදුගොස් හිමිපාණන් විසින් ලියන ලදැයි සමහරුන් පවසන අතර අයෙක් එය නො පිළිගනිති.


    ඛුද්දක පාඨ    - පරමත්ථජෝතිකා
    ධම්මපද    - ධම්මපදට්ඨ කථා
    සුත්තනිපාත    - පරමත්ථ ජෝතිකා    
    ජාතක        - ජාතකට්ඨකථා


අභිධර්ම පිටකයට ලියන ලද අටුවා පහත සදහන් නම්වලින් හදුන්වා ඇත.


    ධම්මසංගනී        - අත්ථසාලිනී
    විභංග            - සම්මෝහ විනෝදනී    


කථාවත්ථු


    පුග්ගලපඤ්ඤත්ති
    ධාතුකථා        - පඤ්චප්පකරණට්ඨකථ
    යමක
    පට්ඨාන     

   

පෙළ දහම විෂයෙහි සම්පාදිත අටුවා ග්‍රන්ථවලින් අඩකටත් වඩා සපයා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන් විසින් බව ඉතා පැහැදිලි ය. උන්වහන්සේ ‍බෞද්ධ අර්ථකථාචාරීන් අතුරෙන් ශ්‍රේෂ්ඨතමයා යයි අවිවාදයෙන් පිළිගැනේ. මේ හේතුව නිසා ම උන්වහන්සේගේ චරිතාපදානය වටා ගෙතුණු ජනප්‍රවාද ද මහත් රාශියකි. ‘බුද්ධඝෝසුප්පත්ති’ නමැති පොතේ ද බුදුගොස් සිරිත ප්ළිබද දීරිඝ විස්තරයක් දක්නට ලැබේ. එහෙත් ඓතිහාසික ග්‍රන්ථයක් වශයෙන් සලකන කල බුද්ධඝෝසුප්පත්තිය එතරම් සමිභාව්‍ය කෘතියක් සේ උගතුන් නො පිළිගනිති.

බුද්ධඝෝෂ හිමිපාණන්ගේ කාර්යය වුයේ බුදුවදන පිළිබද අමුතුවෙන් ම ග්‍රන්ථ සමුහයක් නිෂ්පාදනය කිරීම නොවේ. උන්වහන්සේ ලක්දිවට වැඩම කරන විට අනුරාධපුර මහා විහාරයේ සිංහල භාෂාවෙන් අර්ථ ව්‍යාඛ්‍යානය කළ හෙළටුවා වුයේ ය. ඒ හෙළටුවාවන්හි අන්තර්ගත කරුණු විධිමත් ව හා සරල ව සුගම ව පාලි භාෂාවට නැගීම බුද්ධඝෝෂ හිමියන්ගේ කාර්යය වුයේ ය. මේ සදහා උන්වහන්සේ අනුගමනය කළ න්‍යායය මෙ ලෙස දක්වා තිබේ.


    
“මහා අට්ඨකථාව ශරිරය කොට ගෙන මහා පචිචරිය, කුරුන්දි ආදි විශ්‍රැත අර්ථ කථාවන්හි යම් විනිශ්චයක් වේ ද, එහි යුක්තාර්ථය සහ ඇතුළත් වන්නා වු ස්ථවිර වාදය ද අත් නො හරිමින් සංවර්දණය හොදින් ආරමිභ කරන්නෙමි ...... තව ද එම අර්ථකථාවලින් භාෂාන්තරය පමණක් අත්හැර, විස්තර තැන් පිඩුකොට, සියලුම විනිශ්චයයන් ඇතුළත් කොට, කිසි ම තන්ති කුමයක් නො ඉක්මවා සංවර්ණනය කරන්නෙමි.”

අටුවා ලිවීමෙහි දී බුද්ධඝෝෂ තෙරණුවෝ සියලු ම හෙළටුවා ද පෙළ ද මනා ව පරිශිලනය කළ බව ඉතා පැහැදිලි ව පෙනේ. හෙළටුවාවක් පාලි භාෂවට නගන හැම වි‍ෙටක ම උන්වහන්සේ එයට සමිබන්ධ පෙළ ද විමසා බැලුහ. ඒ හිමියන්ගේ සැම අටුවාවක ම එන “සබ්බඅට්ඨකථාසු වුත්තං” යන පාඨය අනුව උන්වහන්සේ සියලු ම හෙළටුවා ඇසුරු කළ බව පැහැදිලි ව සදහන් කරති. අටුවා ලිවිමේ දී බුද්ධඝෝෂ හිමියන් අනුගමනය කළ තවත් සිරිතක් ද අපට දක්නට ලැබෙ යි. එනම් හෙළටුවාවල විස්තර නො වන කිසියම් කරුණක් පිළිබද සිය අදහස් දැක්වීමට අවශ්‍ය වු අවස්ථාවන්හි දී, “අයං පන මේ අත්තනෝ මති - මෙය වනාහි මගේ අදහස ය” යි ඉතා නිවැරැදි ව සදහන් කිරීම ය. එදා දවස හා සලකන කළ මේ ප්‍රකාශය ඉතා වැදගත් ය.


    
අටුවා ග්‍රන්ථ රචනා කළ භික්ෂුන් අතර බුද්ධදත්ත හිමියන්ට ද විශේෂ ස්ථානයක් හිමි වෙයි. උන්වහන්සේ බුද්ධගෝෂ හිමියන්ගේ සමකාලීනයෙකි.  මදුරත්ථවිලාසිනී නම් වූ බුද්ධවංස අට්ඨකතාව බුද්ධත්ව හිමියෝ රචනා කළහ‍. විනය පිටකය හකුළුවා විනය විනිච්චය ද අභිධර්ම පිටකය හකුළුවා අභිධම්මාවතාරය ද උන්වහන්සේ විසින් සම්පාදනය කරන ලදි‍. මේ ග්‍රන්ථද්වයම තද්පිටකද්වය ඉගෙනගනු කැමැත්තවුන්ට මාර්ගෝපදේශකත්වයෙහි පවතියි. එපමනක් නොව ඒ කෘති දෙක විනය පිටකය හා අභිධර්ම පිටකය නමැති විශාළ  ධර්ම ‍ක්ෂේත්‍රයන් වාචෝද්ගත කිරීමේ දුෂ්කරතාව ද මග හැරලයි. මේ ග්‍රන්ථ දෙක විනයධරයන්ට හා අභිධර්මිකයන්ට අත්පොත් සේ අද ද භාවිත කළ හැකිය. 


       
අභිධම්මාවතාරය ගද්‍ය - පද්‍ය දෙකින් ම සැදුම්ලත් කෘතියකි. එහි ගාථා 1415 ක් තිබේ. පරිච්ඡේද විසිහතරකි. බුද්ධ වංස අටුවාව ස්වකීය ශිෂ්‍යවර බුද්ධසීහ තෙරුන්ගේ ආරාධනයෙන් කාවේරි පටුනෙහි කණ්හදාස නමැත්තා කරවූ මහාවිහාරයෙහි පෙරදිග ප්‍රාසාදයෙහි වාසය කරමින් කළ බව සදහන් වෙයි.


            
බුද්ධත්ව හිමියන් උත්තර විනිච්ඡය ලියා ඇත්තේ සංඝපාල තෙරණුවන්ගේ ආරාධනයෙනි. බුද්ධදත්ත හිමියන් ප්‍රතිභාපූර්ණ ශූර කවියෙකු සේ විචාරකයෝ සළකති.අභිධම්මාවතාරයෙහිත්, විනය විනිච්ඡයෙහිත් අන්තර්ගත පරීක්ෂා කරන කල ඒ මතය සපුරා සත්‍ය බව ප්‍රකට වෙයි.


            
ධම්මපාල තෙරණුවෝ ඉන්දියාවේ මදුරාසියට ස්වල්පයක් දකුණින් පිහිටි බදරතිත්ථ විහාරයෙහි විසූහ. උන්වහන්සේ බුද්ධඝෝෂ හිමියන්ට පසුව විසූ බවපැහැදිළි ය.බුදුගොස් හිමියන්ගේ අටුවා මෙතුමාගේ පොත්වල සදහන් වන බැවිනි. උදාන, ඉතිවුත්තක, විමානවත්ථු, පෙතවත්ථු, ථෙරගාථා, ථෙරීගාථා සහ චරියා පිටක යන පෙළපොත් වලට ලියා ඇති අටුවා ධම්මපාල හිමියන්ගේ යයි දක්වා තිබේ.

මේ සියල්ල පරමත්ථදීපනී යන නමින් හැදින් වේ. ධම්මපාල හිමියන් විසින් ද සිය අටුවා වලට කරුණු ලබා ගන්නා ලද්දේ පැරණි හෙළටුවාවලිණි. එ දවස දකුණු ඉන්දියාවේ තිබූ ද්‍රවිඩ අට්ඨකථාවල සහාය ද ලබා ගන්නට ඇත. ත්‍රිපිටකයට පසුව ලියැවුණු නෙත්තිප්පකරණයට මුන්වහන්සේ අටුවාවක් ලියූබව සැළකෙයි. ධම්මපාල හිමියන් බුද්ධධර්මයෙහි පමණක් නොව සමයාන්තරයෙහි ද නිපුණයකු බව උන්වහන්සේගේ අටුවා වලින් ප්‍රකට වෙයි.

බෞද්ධ සංස්කෘත සාහිත්‍යය 


ථෙරවාද භික්ෂූහු සිය මතය සනාථ කිරීමට අට්ඨකථාවලින් හා ටීකාවලින් උත්සාහ ගත්හ. ඒ සදහා මාධ්‍ය වශයෙන් පාලි භාෂාව භාවිත කළහ. එ පරිද්දෙන් ම සෙසු නිකායික භික්ෂූහු ද තම තමාගේ ස්ථාවරය පරිදි ධර්ම ව්‍යඛ්‍යාන සම්පාදනය කරමින් ධර්ම ශාස්ත්‍රීය සේවාවෙහි නියැලුණහ. විශේෂයෙන් ම සර්වාස්තිවාද- සෞත්‍රාන්තික යන ශ්‍රායකයාන නිකායද්වයෙහි පඩිවරු ද උනුන් හා වාද විවාද කරමින් ධර්ම ශාස්ත්‍ර පෝෂණයෙහි නිරත වූහ. 


        
 කණිෂ්ක රාජ සමයෙහි වැඩ විසී යැයි සැළකෙන අෂ්වඝෝෂ හිමියෝ මහා කවියෙකි: සර්වාස්තිවාද නිකායෙහි පැවිදි බව ලැබූහ. අශ්වඝෝෂ හිමියන් කළග්‍රන්ථ අතුරෙන් බුද්ධ චරිතය හා සෞන්දරනන්ද යන සංස්කෘත මහා කාව්‍යද්වය අග්‍රගණ්‍ය සේ පිළිගැනේ. ඒ කෘති කියවූ සෑම උගතකු විසින් ම ඒවා ශේෂ්ඨ නිර්මාණ වෙති’යි එකහෙළා පිළිගනු ලබයි.


                   
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය ගැබ් කොට බුද්ධ චරිතය සම්පාදනය කොට ඇත. එය සර්ග විසි අටකින් සමන්විත බව චීන - ටිබෙට් පරිවර්ථන වලින් ප්‍රනට වෙයි. එහෙත් නේපාලයෙන් ලැබුණු සංස්කෘත මූල ග්‍රන්ථයෙහි දක්නට ලැබෙන්නේ සම්පූර්ණ සර්ග දහතුනකුත් දාහතරවැනි සර්ගයෙන් කොටසකුත් පමණි. මාර යුද්ධය දක්වා බුද්ධ චරිතය එහි ඇතුළත් ය. සෞන්දරනන්ද කාව්‍ය බුදුරදුන්ගේ සොහොයුරුනන්ද කුමරුගේ පැවිදි වීම් ආදිය ඇතුළත් කොට සුමදුර සුලලිත භාෂාවෙන් රචිතය. සරිග දහ අටකි. මේ ග්‍රන්ථය සම්පූර්ණයෙන් මුද්‍රණය වී ඇත. 


           
සංස්කෘත භාෂාවෙන් රචිත මුල් ම දෘෂ්‍ය කාව්‍ය අශ්වඝෝෂ හිමියන්ගේ ශාරිපුත්‍රප්‍රකරණය සේ  වියත්තු සළකති. සැරියුත් මහ තෙරුන් බුද්ධ ශ්‍රාවකයෙකු වූ අයුරු නිරූපණය කිරීම මෙහි වස්තු භීජය වී ඇත.

මාධ්‍යමික දර්ශනය


මාධ්‍යමික දර්ශන සම්ප්‍රධායේ ආදිකතෘවරයාණෝ ආචාර්ය නාගාර්ජුනපාදයාණෝ ය. මෙතුමාගේ දඹදිව දක්ෂිණාපථයෙහි විදර්භ දේශය යි. බ්‍රාහ්මණ පවුලක උපත ලත් මෙතුමා බාල කල සිවු වේදය හදාරා, යෝග වඩමින් ශ්‍රී පර්වතයෙහි වාසය කොට ඇත. ගිහි කල ශ්‍රීමාන් නමින් පතළ මෙතුමා පසුකල නාලන්දාවේ දී රාහුලභද්‍ර ලෙරුන් වෙත පැවිද්ද ලබා තෙමසකින් තෙවළා බුදු වදන ඉගෙන නිම කල බව සදහන් වෙතත් නාලන්දාව මෙකල ප්‍රකට ස්ථානයක් නොවී ය. චීන ෙද්ශාටක ෆාහියන් භික්ෂුව (ක්‍රි.ව. 400) පැමිණෙන අවස්ථාවේද නාලන්දාව සාමාන්‍ය විහාරයක් පමණි.

තෙ මසක් තුල තෙවළා බුදු වදන හදාරා නිම කල නාගාර්ජුන තෙර ඒයින් සෑහීමකට පත් ෙනා වූ යේය. උන් වහන්සේ හිමාල පර්වතයේ වාසය කල මහළු භික්ෂුවකගෙන් මහායාන සූත්‍ර ධර්ම ප්‍රගුණ කලහ.චීන ෙද්ශාටක හියුංසියෑං තෙර ලොව බැබලවූ සූර්යයන් සතර දෙනාගෙන් ඒක් අයෙකු සේ ආචාර්ය නාගාර්ජුන සදහන් කොට ඇත.


             
 “මේ කාලයෙහි පූර්ව දිශාවෙහි අශ්ව ඝෝෂාචාර්ය තෙමෙ ද, බටහිර දෙස නාගාර්ජුන මහාචාර්ය තෙමෙ ද, උතුරෙහි කුමාරලබ්ධ තෙමෙ ද විසූහ. මේ මහාචාර්ය වරෙයෝ සිවු දෙන ලෝකය බැබල වු සූර්යයන් සතර දෙනා යැයි කියති.”
             
 බෞද්ධ දර්ශන ලෝකයේ සිළුමිණ බවට පත් වූ මේ දාර්ශනිකයා මාධ්‍යමික දර්ශන සම්ප්‍රධාය බිහි කළෝය. භාරතයෙන් බුදු දහම අතුරුදන් වනතුරුම මාධ්‍යමික දර්ශනය ප්‍රභල දර්ශන ශාඛාවක් වශයෙන් ඉන්ද්යාවේ පැවතිණි. ‘අනුබද්ධ’ යන විශේෂණයෙන් වෙසෙසුනු මෙතුමන් විසින්  මහායාන ධර්ම සූත්‍ර ග්‍රන්ථයන්ගේ ධර්මය තර්ක න්‍යායානුගත ව සිද්ධාන්ත ස්වරූපයෙන් මාධ්‍යමික කාරිකාව මගික් ඉදිරිපත් කරනු ලැබිණි. අපෝහක න්‍යායය හෙවත් ශුන්‍යතාව අවධාරරණය කරමින් රචිත මේ කෘතිය ‘පරීක්ෂා’ නමින් හදුන්වන පරිච්ඡේද විසි හතකින් සමන්විත වේ.


            
නාගාර්ජුනපාදයන් විසින් රචිත ග්‍රන්ථ සංඛ්‍යාව විස්සක් වශයෙන් ද සමහරු දහ අටක් වශයෙන් ද හදුන්වති. මූල මාධ්‍යමික කාරිකාව, විග්‍රහ ව්‍යාවර්තනී, සුහෘර්ලේඛා, රත්නාවලී, යුක්ති ෂෂ්ටිකා, ප්‍රමාන විධිවංසන, උපාය කෞශල්‍යය, චතු:ස්තව, භව සංක්‍රාන්ති සූත්‍ර වෘත්ති ආදිය ඒහි ලා ප්‍රමුඛ ෙවයි.


         
මේ ග්‍රන්ථ අතුරින් ෙශ්ෂ්ටතම ග්‍රන්ථය ෙස් සළකනු ලබන්නේ මූල මාධ්‍යමික කාරිකාවයි. මේ කෘතියම මාධ්‍යමික කාරිකා, මාධ්‍යමක ශාස්ත්‍ර යන නම් වලින් ද හැදින්වෙ යි. මේ කෘතියට ටීකා ග්‍රන්ථ අටක් ලියවී ඇත. දැනට සකු බසින් ඇත්තේ ආචාර්ය චන්ද්‍රකීර්ති පාදයන් විසින් ලියන ලද ‘ප්‍රසන්න පදා’ නමැති ඉතා පැරණි ටීකාව යි.


            
නාගාර්ජුනපාදයන්ගේ කෘතීන් මගින් බෞද්ධ දර්ශනෙය් මධ්‍යම ප්‍රතිපදාව ප්‍රතීත්‍යසමුප්පාදය බවත්, ප්‍රතීත්‍යසමුප්පාදය අනුව විශ්වෙය් යථා ස්වභාවය පිළිබදව භාවිතා කළ හැකි වචනය ශුන්‍යතාව බවත් උන් වහන්සේ ප්‍රකාශ කළහ. මාධ්‍යමික දර්ශනය පිළිබද ව ලියු මහායාන භික්ෂුන් වහන්සේලා අතර ආර්යදේව, චන්ද්‍රකීර්ති, බුද්ධපාලිත, භාවවිවේක, කුමාරජීව, ශාන්තරක්ෂිත, කමලශීල, ශාන්තිදේව යන පඩිවරු ද, විශේෂ වෙති.


          
 නාගාර්ජුනපාදයන්ගෙන් පසු මේ සම්ප්‍රධායේ ශේ්‍රෂ්ඨ ආචාර්ය වරයා වූයේ ආර්ය දේව පාදෙ‍යෙය. මෙතුමා ශ්‍රී ලංකාවේ උපන් බව මහාචාර්ය සෙනරත් පරණවිතාය විසින් හෙලිදරවු කරන ලදි. චතුශ්ශතකය හා චිත්ත විශුද්ධි ප්‍රකරණය ලියන ලද්දේ මෙතුමා විසිනි. ආචාර්යෙද්වගේ කෘතීන් අතර විශිෂ්ට ග්‍රන්ථය චතුශ්ශතකය යි. මේ ග්‍රන්ථය පර්ච්ඡේදය දහසයකින් ද ඒක් පරිච්ඡේදයක් කාරිකා හෙවත් පද්‍ය පස් විස්සකින් ද සමන්විත ය. කාරිකා සියල්ල 400ක් බැවින් ග්‍රන්ථයේ නම චතුශ්ශතකය නම් විය .මේවායින් අට වන පරිච්ඡේදයේපටන් දාසය වන පරිච්ඡ්දය තෙක් වූ කොටස මුද්‍රණය කොට තිබේ. ඉතිරිකොටස් තවමත් සොයා ගෙන නැත.
         
 බ්‍රාහ්මණයන්ගේ කර්ම කාණ්ඩය හා බැදුණු මතවාද ඛණ්ඩනය කරමින් චිත්ත විශුද්ධි ප්‍රකරණය රචනාකොට ඇත. 
         
බුද්ධපාගිත හා භාවවිවේක යන දෙපල මූල මාධ්‍යමික කාරිකාව සදහා ටීකා ග්‍රන්ථ දෙකක් ලියූහ. ඒ ග්‍රන්ථ දෙක ඇසුරින් මාධ්‍යමික දර්ශනෙය් ශාඛා දෙකක් බිහි විය. ක්‍රි.ව. 5 වන සියවෙස් පමණ ජීවත් වූ බුද්ධපාලිත හිමියෝ ශුන්‍යතා සිද්ධාන්තය පදනම් කොට ගෙන ප්‍රාසංගික සම්ප්‍රධාය පිහිට වූහ. සිය සිද්ධාන්ත පිළිබද වාදයට පැමිණි අයගෙන් ප්‍රශ්ණ විචාරීමත්, ඒ ප්‍රශ්ණ විසදන ලද විට ඔවුන්ට ප්‍රශංසා කිරීමත්, ප්‍රශ්ණ නො විසදූ අයට නිග්‍රහ කිරීමත් බුද්ධපාලිතයන්ෙග් ප්‍රාසංගික ක්‍රමය විය.

පරමත විචාරයට ලක්ෙකාට ඛණ්ඩනය කිරීම ඒහි පිළිවෙත ය. ඒ අනුව ඔවුන්ගේ ස්වාධීන මතයක් නොමැති ය. මීට පටහැනි වූ භාවවිවේක ආචාර්යවරයා ස්වාතන්ත්‍රික නමින් නව සම්ප්‍රධායක් බිහි කෙළ් ය. ස්වාධීනව හේතු සාධක දක්වා නිගමන වලට ඒළඹීම ස්වාතන්ත්‍රික සම්ප්‍රධායේ පිළිවෙත විය. 


         
ආචාර්ය නාගාර්ජුනපාදයන්ගෙන් පසු මාධ්‍යමික දර්ශනය ව්‍යක්ත කිරීම සදහා ග්‍රන්ථ රචනා කළේ ආචාර්ය චන්ද්‍රකීර්ති හිමියෝය. දකුණු ඉන්දියාවේ උපත ලත් චන්ද්‍රකීර්තිපාදෙයෝ ව්‍යක්ත පඩිවරයෙන් වූහ. මෙතුමාගේ ජීවන සමය ක්‍රි.ව. සවැනි සියවසට අයත් වෙයි. පැවිදි ජීවිකයට පිවිසීමෙන් පසු බුද්ධපාලිත - භාවවිවේක ආචාර්යවරුන් දෙදෙනාගේ ශීෂ්‍ය කමලබුද්ධි ආචාර්යවරයා වෙතින් මාධ්‍යමික දර්ශනය හදාළේ ය.


         
මහායාන බුදුසමය පිළිබද ඉතා ව්‍යක්ත දැනුමක් පත් චන්දුකීර්ති පාදෙයෝනාලන්දා මහා විහාරෙය් අධ්‍යක්ෂ ධූරය හෙබවූ හ. ආචාර්ය චන්ද්‍රකීර්ති පාදයන්ගේ කෘතීන්ගෙන් දැනට දක්නට ඇත්තේ කිහිපයක් පමණි. මාධ්‍යමිකාවතාර, ප්‍රසන්නපාදා නමැති මාධ්‍යමික කාරිකා ටීකා, චතු:ශතක ටීකා, ශුන්‍යතා සප්තති ටීකා, යුක්ති ශශ්ටිකා, මාධ්‍යමික කාරිකා ප්‍රසන්න පදා ටීකාව හතුමාගේ ශේෂ්ඨ කෘතිය සේ සැළකෝ. 


       
ආචාර්ය චන්ද්‍රකීර්තිපාදයන්ගෙන් පසු මාධ්‍යමික දර්ශනය ව්‍යක්ත කළ ශේෂ්ඨ ආචාර්යවරයාණෝ ශාන්තිදේවපාදයාණෝය. ශාන්තිදේ ගුජරාටෙය් රජය කරවූ කල්‍යාණවර්මන් රජුගේ පුතකු බව තාරනාථ සිය වාර්ථාවෙහි සදහන් කරයි. ඒතුමා නාලන්දා මහා විහාරයට පැමිණ ජයෙද්ව ධම්මපාල හිමියන් වෙත පැවිදි වූයේ ය. ඒතුමාගේ ශාස්ත්‍රීය කෘතීන් ලෙස ශික්ෂා සමුච්ඡය, සූත්‍ර සමුච්ඡය හා බෝධිචර්යාවතාර යන ග්‍රන්ථ තුන සැලකෙයි. මහායාන ධර්මය සහ ආචාර විද්‍යාව උගන්වන මේ ග්‍රන්ථ ඉතා ජනප්‍රිය ය. 
         
ශික්ෂා සමුච්ඡය කාරිකා විසි හයකින් සමන්විත කුඩා ග්‍රන්ථයකි. බෝධි සත්ත්ව ලක්ෂණ, ස්වරූප, ආචාරවිධි හා විනය ක්‍රමය විස්තර කිරීම සදහා ශික්ෂා සමුච්ඡය රචනා කොට ඇත.
           
ආචාර්ය ශාන්තිදේව පාදයන්ගේ ජනප්‍රිය ග්‍රන්ථය බෝධිචර්යාවතාරය යි. පරිච්ඡේද නවයකින් යුත් මේ ග්‍රන්ථය මහායාන බුදුසමයෙහි ඉදිරිපත් කරන බෝධි චිත්තය පිළිබදවිස්තරාත්මක විග්‍රහයකි. මෙහි නව වැනි පරිච්ඡේදය මාධ්‍යමික දර්ශනය හකුළුවා නැටි කොට මනරම්ව ඉදිරිපත් කරයි. 
             
බුදුසමය පැතිර ගිය හැම රටකම බෝධිචර්යාවතාරය ඉමහත් ගෞරවයෙන් භාවිතා කොට තිබේ. ලක්දිව පඩිවරුන් ද බෝධිචර්යාවතාරය හදාළ බවට සාධක තිබේ.


      ‘තත්ත්වසංග්‍රහ’ කතුවර ශාන්තරක්ෂිත හිමියෝ ශාන්තිදේවගෙන් පසු මාධ්‍යමික දර්ශන සම්ප්‍රධායේ ශේෂ්ඨ ආචාර්යවරයාණෝවූහ. මෙතුමා රජ පවුලකට අයත් කුමරෙකි. පසුව නාලන්දා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ; ඒහි විචක්ෂණ පඩිවරයකු බවට ද පත් වූහ. භාවවිවේක පාදයන්ගේ ස්වාතන්ත්‍රික මාධ්‍යමික සම්ප්‍රධාය පිළිගත් ශාන්තරක්ෂිත  පාදයන් පිළිබදව තොරතුරු අසා දැනගත් තිබ්බතීය රජතුමා ඥානේන්ද්‍ර නමැති පඩිවරයා දූත මෙහෙවරෙහි යොදවා තිබ්බතයට ගෙන්වා ගත් බව සදහන් වෙයි. පුරා දහතුන් වසරක් තිබ්බතයෙහි ධර්ම ප්‍රචාරයෙහි නිරත වූ ශාන්තරක්ෂිතපාදෙයෝ ක්‍රි.ව. 762 දී අපවත් වූහ. මෙතුමා ලියූ ‘තත්ත්වසංග්‍රහ’ නමැති කෘතිය ශ්ලෝක 5000කින් සමන්විත ය. සමකාලීන භාරතීය දර්ශන ශේත්‍රයෙහි පැවති විවිධ දාර්ශනික මතවාද ද සමයාන්තර මතවාද ද ෙම් කෘතිය මගින් ශාන්තරක්ෂිත ආචාර්යපාදෙයෝ  දැඩි විචාරයට ලක් කළහ. පරමත ඛණ්ජනය ද ස්වමත මණ්ඩනය ද ඉතා වාචක්ෂණව සිදුකොට තිබේ. 
         
ශාන්තරක්ෂිත පාදයන්ගේ තත්ත්වසංග්‍රහවට පඤ්ජිකිව ලියන ලද්දේ කමලශීල ආචාරවරයා විසිනි. මේ ව්‍යාඛ්‍යාන ග්‍රන්ථය බෞද්ධ දර්ශනය හදාරන්නන් අතර ප්‍රශස්ත කෘතියක් සේ සැලකෙයි. කමලශීලපාදයන්ගෙන් පසු මාධ්‍යමික දර්ශනය පවත්වාගෙන ගිය විශිෂ්ඨ ආචාර්යවරුන් පිළිබද වාර්ථා විරල ය.


විඥානවාදී දර්ශනය


මහායාන බුදුසමයෝ විඥානවාදී ශාඛාව වූ යෝගාචාර දර්ශන සම්ප්‍රධාය සදහා වසුබන්ධු හිමියන් සහ ඔහුගේ ම සොහොයුරු අසංග හිමියන් අතින් ඉටු වූ සේවය අති විශාළය. අසංග හිමියන්ගේකෘතීන් අතර මහායාන සම්පරිග්‍රහ, මහායාන සූත්‍රාලංකාර හා යෝගාචාර භූමි ශාස්ත්‍ර යන කෘති තුන ඉතා වැදගත් ඒවා වෙයි. 
        
වසුබන්ධු පාදයන් විසින් රචිත ‘අභිධර්ම කෝශය’ බෞද්ධ වියතුන් අතර ඉතා ප්‍රසිද්ධ ග්‍රන්ථයකි.මුල දී සර්වාස්තිවාද නිකායේ පැවිදි ව සිටි වසුබන්ධු ඒ අභිධර්ම සම්ප්‍රදායාගත අභිධර්ම විභාෂා ඇසුරින් අභිධර්ම කෝශය රචනා කොට ඇත. පසු ව යොගාචාර සම්ප්‍රධාය ව්‍යාප්ත කිරීමේ මූලිකයා වූයේ ඒතුමා යි. මුල දී මහායාන ග්‍රන්ථ හෙළා දුටු වසුබන්ධු සිය සහෝදර අසංගෙග් මැදිහත් වීමෙන් මහායානයට නැඹුරු වූ බව වාර්ථා දැක්වෙ යි. විඥානය පිළිබද යෝගාචාර මතය ඉදිරිපත් කරනු ලබන විඥප්තිමාත්‍රතා සිද්ධි ශාස්ත්‍ර ග්‍රන්ථය මෙතුමාගේ ය. මෙය සම්භාව්‍ය බෞද්ධ සර්ශන ග්‍රන්ථයක් සේ අද ද සැලකිලි ලබයි.

බෞද්ධ න්‍යාය ශාස්ත්‍රය 


භාරතීය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ප්‍රමාන ශාස්ත්‍රයට හෙවත් බෞද්ධ තර්ක ශාස්ත්‍රයට ඉටු වූ මෙහෙය ද සුළුපටු නොවේ. වසුබන්ධු තෙරණුවන්ගේ ශිෂ්‍යවරයෙකු වූ දින්නාගපාදෙයෝ ඒහි ලා විශිෂ්ටතර වෙති. භාරත‍යේ කාඤ්චිපුරයෙහි සිංහවක්ත්‍ර පෙදෙසෙහි බමුණු කුලයක උපත ලත් මටතුමා ශ්‍රාවකයාන බෞද්ධ නිකායක් වූ වාත්සීපුත්‍ර නිකායෙහි පැවිදි ව ත්‍රිපිටකය හදාළෞ ය. පසුව වාත්සීපුත්‍ර නිකායෙන් ඈත් ව වසුබන්දු තෙරුන් වෙත පැමිණ විඥානවාදයෙහි විශිෂ්ට දැනුමක් ලබා ගත්තේය.

හීනයාන- මහායාන- ධාරණී යන කොටස් සම්බන්ධ කොට අභිධර්ම කෝෂ ව්‍යාඛ්‍යාව රචනා කළෝය. දින්නාගපාදයේ බෞද්ධ සූත්‍ර වලින් නිදසුන් ගෙනහැර පාමින් න්‍යාය සූත්‍ර විවරණය කරමින් සමුච්චය ලියූහ. න්‍යාය සූත්‍රවල ප්‍රමාණ, ප්‍රෙම්ය ආදී වශයෙන් කොටස් දහසයක් ඇතුළත් වෙයි. ඒවායින් ‘ප්‍රමාණ ’ යන්න පමණක් ගෙන ඉතිරි කොටස් ද ඒහි ඇතුළත් කරමින් මෙය රචනා කළ නිසා හම ග්‍රන්ථය ප්‍රමාණ සමුච්චය නමින් හැදින්විණි.


         
මින් අනතුරුව බොහෝ බෞද්ධ න්‍යායාචාර්යවරු සමකාලීන භාරතීය දර්ශන ක්ෂේත්‍රයෙහි පැවති තර්ක ප්‍රමාණ පිළිබද විචාරයක යෙදෙමින් බෞද්ධ ප්‍රමාණ ශාස්ත්‍රය ඉස්මතු කොට දැක්වූහ. බෞද්ධ දර්ශනයට පටහැනිව ඉදිරිපත් කළ තර්ක  බෞද්ධ තාර්කිකයන් විසින් නිරාස කල අතර බුද්ධ මතය ස්ථාපිත කළහ. බෞද්ධ තර්ක ශාස්ත්‍රය පරීක්ෂා කරන කල භාරතීය තර්ක ශාස්ත්‍රයේඋද්දීපනය සදහා ඉමහත් මෙහෙවරක් බෞද්ධ න්‍යායාචාරවරුන්ගෙන් ඉටු වූ බව පැහැදිලිව පෙනෙ යි.
           
බුදුරදුන්ගේ සමීප ශ්‍රාවකයන් වහන්සේලාගෙන් ඇරැඹි භාරතීය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ශාස්ත්‍රීය සේවාව බුදුසමය භාරතයෙන් අතුරුදහන් වන තුරු ම අඛණ්ඩ ව අවිච්ඡින්න ව පැවැතිණි.

buddhistculture




Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software