topone

bududhama-ha-vivaha-jiwitha


මානව ශිෂ්ටාචාරය පිළිබඳ අධ්‍යයනයන්හි අතිශය වැදගත් තේමාවක් වන විවාහය නම් සංස්ථාව හා පවුල නම් සමාගමය මිනිසා පිළිබඳ වෘත්තාන්තයෙහි එක් වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරයි. ජීව විද්‍යාත්මක චර්යාවක් වූ ලිංගික ආස්වාදය මගින් කායික හා මානසික ප්‍රමෝදයක් ලබා ගැනීම විධිමත් සංස්කෘතික සංස්ථාවක් මගින් ගෘහ ජීවිතය බවට පත්කර ගැනීම තවත් බොහෝ සමාජ සබඳතා රැසක ආරම්භය වූ අතර එම සබඳතා ජාලය සංස්කෘතියෙහි සංකීර්ණතාව වර්ධනය කළ බව පිළිගැනෙයි.

බුදු සමයෙහි මේ පිළිබඳ මානව විද්‍යාත්මක ප්‍රවාදය දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රයෙහි දැක්වෙයි. ශරීරයන්හි රමණීයත්වය ලිංගික ආකර්ශනයට පදනම් වූ අයුරුත්, කාම චේතනාව හේතු කොට ගෙන ස්ත්‍රී-පුරුෂ ඇසුර ඇතිවී පවුල් සමාගමය ප්‍රභවිත ව ගෘහවාසය හා ආහාර රැස්කර ගබඩා කිරීම, ඉඩකඩම් සීමා තීර්ණය කර ගැනීම හා ඒ පිළිබඳ විවිධ ප්‍රශ්න නිසා අපරාධය හා නීතිය  පරිණාමය වීමත් එම සූත්‍රයෙහි විවරණය කර ඇත්තේ සිත්ගන්නා සුළු විලාසයෙනි. 


විවාහ ජීවිතය ගෘහස්ථ සංස්කෘතියෙහි අංගයක් බව පිළිගන්නා අතරම එහි සාර්ථකත්වය අරමුණු කර ගත් සදාචාර උපදේශ පද්ධතියක් ද බුදුසමයෙන් ඉදිරිපත් කැරෙයි. එහෙත් ගිහියන්ගේ පංචකාම ආස්වාදය පිළිබඳ ව එබඳු සදූපදේශ දානයක් බුදුසමයෙන් අපේක්ෂා කළ හැකිදැයි යමකු තුළ විමතියක් ඇති විය හැකි බව ද මෙහි දී සටහන් කර ගත යුතුය. බෞද්ධ ශීක්ෂණය විරාගී චරණයක් හෙයින් සරාගී පැවතුමින් ඈත්ව නෛෂ්ක්‍රම්‍ය ජීවිතයක් ගත කිරීම බෞද්ධ ප්‍රතිපත්තිය නො වන්නේද? නෛෂ්ක්‍රම්‍යය වර්ණනා කරන අතර ම විවාහ ජීවිතයක් වර්ණනා කළ හැකිද? 


නෛෂ්ක්‍රම්‍ය ජීවිතය නම් පැවිදි ජීවිතය  ම බව මෙහි ලා මතක තබාගත යුතුවෙයි. පැවිද්ද නම් ගෘහස්ථ සමාජයේ ම වඩාත් සංවේදී සාමාජිකයන් විසින් බිහි කරනු ලබන උත්තරී සමාජයකි. සසර පිළිබඳ කළකිරීම හේතුවෙන් විමුක්ති ලාභය අරමුණු කරගෙන පැවිදි ජීවිතයට පිවිසෙන උතුමෝ විරාගී වරණයක් මගින් විද්‍යාව කරා යොමු වී පරම සත්‍යාවබෝධයෙන් සැනසෙති. එහෙත් ලොව සියළු දෙනා සසර  කළ කිරීමෙන් විමුක්ති ලාභය සඳහා යොමු නොවෙති. වැඩිදෙනා නැවත සසරට ම හෙවත් මෙතෙරට ම එන බවත්,පරතෙර යන්නන් ඇත්තේ ස්වල්ප දෙනෙකු බවත් බුදුරජාණන් වහන්සේ වදාළහ.

එහෙයින් සසර ම වසන ජනයාට පුන්‍ය සම්භාර රැස්කිරීම තුළින් ස්වර්ගගාමී වන මාර්ගය පැහැදිලිකර දෙනසේ සඟරුවනට අවවාද කර ඇත. ගිහියන්ගේ ජීවන මග නෛෂ්ක්‍රම්‍ය චින්තනය මගින් හැසිරවිය හැක්කේ නොවේ. ස්වල්ප දෙනෙකු නෛෂ්ක්‍රම්‍යය තෝරාගත් පමණින් ගෘහස්ථ සමාජ සංස්ථා හෙළා දැකීම ද අසාධාරණ ය. එහෙයින් බහු ජනතාවගේ සංස්කෘතික රටාව තුළට ද ධර්මය ප්‍රවේෂ කළ යුතුම ය. විවාහක ගෘහස්ථ ජනතාවටද දහම් මගක් තිබිය යුතුම ය. මුල පටන් ම තම පිරිස චතුර්විධ බව වදාරමින් උපාසක හා උපාසිකා පිරිස ද තම ශ්‍රාවකයන් බව බුදුරදුන් අවධාරණය කළේ එහෙයිනි. 


විවාහක, බෞද්ධ ගිහියා දෙවියන්ගේ වන්දනයට ද සුදුසු උතුමක් වන බව ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් මනුලොව දෙසට කළ නමස්කාරය පිළිබඳ පුවතින් සනාථ වෙයි. 


    යෙ ගහට්ඨා පුඤ්ඤකරා 
    සීලවන්තා උපාසකා 
    ධම්මේන දාරං පෝසෙන්ති                      
    තං නමස්සාමි මාතලී


“මාතලී, යම් ගෘහස්ථ සිල්වත් උපාසකයෙක් පින් දහම් කරමින් තම භාර්යාව ධර්මානුකූල ව පෝෂණය කරත් නම් මම ඔහුට වඳිමි.” යන්න එහි අරුතය. මෙහිදී විවාහකත්වය ඉස්මතු කර දැක්වීමෙන් එය බෞද්ධ ගෘහස්ථ ජීවිතයට මනාව ගැලපෙන සංස්ථාවක් බව පෙන්වා දෙනු ලැබේ. සිගාලෝවාද, මංගල, පරාභව, වසල වැනි ගිහි විනයට අදාළ හැම සූත්‍රයකම ගිහියා නිරූපණය වන්නේ විවාහකයකු වශයෙනි.


බුදුරජාණන් වහන්සේ විසින් නකුලමාතා හා නකුලපීතා නම්-යුවලට ඔවුන්ගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය මුල් කරගෙන මහත් සේ ප්‍රශංසා කර ඇත. තමන් දෙදෙනා කෙතරම් උනුනූන්ට ප්‍රේම කරනවාද යත් මතු භවයේ ද එකට හමුවන්නට කැමති බව ඔවූහු බුදුන් හමුවේ ප්‍රකාශ කර සිටිය හ.

ඔවුන්ගේ ප්‍රේම ජීවිතයේ සාර්ථකත්වය නිසාම බුදුරදහු ඔවුනට “පරම විස්සාසිකා “යන ගෞරවාභිධානය ද ප්‍රදානය කළහ. පරම විස්සාසිකා යන්න “ඉතා කුලුපග පෙම්වත්තු” යන අරුත දෙන බව මහාචාර්ය මලලසේකර දැක්වීය. මෙයින් හැ‍ඟෙන්නේ බෞද්ධ සමාජයෙහි විවාහ ජීවිතය ගෞරවයෙන් පිළිගත යුතු සමාජ සබඳතාවක් බව ය. එහෙයින් එය ධර්ම ව්‍යාකරණයන්හි අනිවාර්ය තේමාවක් වුවමනා ය.


නෛෂ්ක්‍රම්‍යය විමුක්ති මාර්ගය හා සම්බන්ධ කරන ශික්ෂා මාර්ගයක් වූ බුදුදහම විවාහ ජීවිතය අගය කරන්නේ එය බහු ජනතාවගේ ගමන් මග නිසාම නොවන බව දැන් අපට පැහැදිලි විය යුතුය. විවාහය මිනිසා දෙවියන්ගේ පවා ගෞරවයට මෙන්ම බුද්ධාදී උතුමන්ගේ ප්‍රශංසාවට ද යෝග්‍ය කරන්නා වූ සදාචාර ධර්ම ප්‍රගුණ කිරීමට සුදුසු තෝතැන්නක් බව පෙනී යන හෙයිනි.

සිල්වත් උපාසකයන්ගේ විවාහය සදාචාරයට අනුකූල වෙයි. ස්වදාර සන්තෝෂය ගෘහස්ථයන්ගේ බ්‍රහ්මචර්යාව සේ අටුවාචාරීන් හැඳින්වූයේ ද එහෙයිනි. අවිවාහකයන් ගේ වගකීමෙන් තොර ජීවිතයට වඩා විවාහකයන්ගේ වගකීම් සහිත, යුතුකමින් බැඳුණු දිවි පිළිවෙත ගෘහස්ථසදාචාරය සඳහා හිතකර ය. 


විවාහය දෙදෙනකු එක් වී කරන සදාචාර ප්‍රතිපත්ති පූරණයක් සේ හැඳින්වීම නිවරද ය. නකුළ දම්පතීන් ප්‍රකාශ කළ පරිදි පතිවත හා පතිනිවත උදාර ගුණදම් වෙයි. එමෙන් ම සද්ධා,සීල, වාග.... පඤ්ඤා යන ගුණදම් විවාහවන යුවළ තුළ සම මට්ටමින් පවතින්නේ නම් එම විවාහය සාර්ථක වන බව බුදු හිමියෝ වදාළ හ. ශ්‍රද්ධාව, ශීලය, ත්‍යාගශීලී බව හා ප්‍රඥාව ඉතා උසස් ගුණධර්ම බව මෙහි දී තේරුම් ගතයුතුව  පවතී. මේවා ප්‍රගුණ කිරීම දෙව්ලොව ඉපදීමට පමණක් නොව නිර්වාණ ප්‍රතිලාභයට ද හේතුවෙයි. එහෙත් ගිහි විනයේ අරමුණ ඉක්මන් නිවනක් නොව වඩා යහපත් සසරකි. 


විවාහයේ දී අඹුසැමියන් ගැළපෙන ප්‍රමාණය අනුව හතර වර්ගයක පවුල් ජීවිත ඇති බව ධර්ම ග්‍රන්ථවල දක්වා තිබේ.   

    

මළමිනියක් මළමිනියක් හා විසීම
මළමිනියක් දෙව්දුවක හා විසීම
දේවපුත්‍රයෙක් දෙව්දුවක හා විසීම
දේවපුත්‍රයෙක් මළමිනියක් හා විසීම


මෙහිදී ‘දේව’ යන්නෙන් සදාචාර සම්පන්න විනීත පුද්ගලයන් ගැණෙන අතර ‘මළමිනිය’ යන්නෙන් නොදැහැමි, පහත් චරිත ඇති උදාසීන අය ගැනෙයි. ස්වාමිපුරුෂයෙකු කෙරේ පිළිපදින ආකාරය අනුව භාර්යාවරුන් වර්ග කරන විට (1) වධක සම (වධකයකු වැනි)(2)වෝරි සම(හෙරක් වැනි)(3) අය්‍ය සම (අධිපතිනියක වැනි) (4)මාතු සම(මවක් වැනි)(5)භගිනි සම (නැගනියක වැනි)(6)සබී සම (මිතුරියක වැනි)(7)දාසි සම(දාසියක වැනි) වශයෙන් බෙදා ඇත. මෙයින් මුල් තිදෙන ඉතාමත් අයෝග්‍ය බව ද පසුව දැක් වූ හතරදෙනා යහපත් බව ද දක්වා ඇත. 


විවාහ ජීවිතය යනු ස්වාමියා හා භාර්යාව අන්‍යෝන්‍ය ගෞරවය හා ප්‍රේමය පදනම් කරගෙන ගත කරන චර්යා මාර්ගයක් මිස ප්‍රමුඛත්වය සඳහා කරන තරඟයක් නොවන බව ද බෞද්ධ වෛචාහික සදූපදේශ තුළින් ප්‍රකට වෙයි. සිගාලෝවාද සූත්‍රය ඉදිරිපත් කරන අන්‍යෝන්‍ය යුතුකම් මාලාව දෙස බැලීමෙන් එය තේරුම් ගත හැක.

බිරිඳ නිතරම ස්වාමියාට කීකරුම අවනතව ක්‍රියා කරන නමුදු ස්වාමියා නිවසේ ඓශ්චර්යය බාර දෙන්නේ බිරිඳවය. (ඉස්සරියානුප්පදානේන)හේ ඇයට ගරුසරු ඇති ව කතා කරයි. අවමන් නොකරයි. විශ්වාසය කඩ නොකරයි. අබරණ-සැරහුම් ලබා දෙයි. වනිතාවට එතරම් වැදගත් සමාජ තත්වයක් නොතිබී අවදියක විවාහ ජීවිතය තුළ මෙතරම් සම්මානනීයත්වයක් ලැබීම ඇත්තෙන්ම විප්ලවකාරී ය.


මෙහි දී මැනවින් පෙනී යන නරුණක් නම් මනුෂ්‍යයන්ගේ කාම ජීවිතය විෂයයෙහි ඉතාමත් යථාර්ථවාදී දෘෂ්ටියකින් බුදුරදුන් කරුණු තේරුම් කර දී ඇති ආකාරය යි. පරමාර්ථික දෘෂ්ටියකින් බලන විට කාමය සංසාරික පැවැත්මට හේතුවන බව පෙනීයන හෙයින් සමුලෝත්ගමනය කළයුත්තක් බව අවධාරණය කරන අතර ම සසර පැවැත්ම නවත්වන්නට තරමේ සසර එපාවීමක් අත්දැකීම් තුළින් නොලත් පෘතග්ජන ගෘහස්ථනයට කාමයෙන් සහමුලින් විරත විය නොහැකි බව ද පිළිගෙන තිබේ.

එහෙයින් සංවර අයුරකින් ලිංගික ජීවිතය ගත කිරීමටත්, ගෘහස්ත ජීවිතයේ මධ්‍යම ප්‍රතිපදාව මගින් සුගතගාමී වීමටත් අදාළ ගෘහස්ථ සදාචාරයන් උන්වහන්සේ උගන්වති. එම සදාචාර ප්‍රතිපත්ති සමාජයේ පුළුල් සාරධර්ම පද්ධතිය සමග මැනවින් ගැලපී උසස් විනීත බෞද්ධ සංස්කෘතියකට පාදක වී ඇති ආකාරය කොතරම් ප්‍රසන්න ද? අඹුසැමි ස්නේහය මෙන්ම -දාරක මාපිය ස්නේහය, සමාජ අනුශීලනය කුලදෙටු අපවායනය වැනි සංස්ථා සමාජයක සමගිය හා සම්මිතිය රකිමින් සමාජය ඉදිරියට ගෙන යන බව පිළිගන්නා බුදුදහම විවාහය ආගමික පූජෝත්සව හා සබඳ නොකළ ද ආගමික සාරධර්ම සඳහා එය මනා තෝතැන්නක් බව දනියි.


buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software