topone

bududhama-ha-samajaya

සමාජය නම් පුද්ගලයන් සමූහයක ගේ එකතුවක්  හෙයින් වෙන් ‍වෙන්ව ගැනීමට බැරි තරම් සම්බන්ධ බව කිව යුතුය. සමාජය නිර්මාණය කරන සාධක පුද්ගලයන් වන හෙයින් පෞද්ගලික ක්‍රියාකාරීත්වයන්හි එකතුවකි.සමාජ විද්‍යාඥයන්  පවසා ඇත්තේ පුද්ගලයා සහ සමාජය  නම් එකම කාසියක  දෙපැත්ත බවය. එසේ වුවද පුද්ගලයන් ගෙන් නිර්මාණය වන සමාජය හුදෙක් පුද්ගල සමූහයක් පමනක් ම යැයි පැවසීමද නො වටී. සමාජයක් පුද්ගලයන් වෙත ද  යම් බලපෑමක් කරන හෙයිනි.
සමාජය පුද්ගලයනට නව අර්ථයක් ලබාදෙයි.එයට පෞරෂය යයි කීමටද පිලිවන. තනි තනි පුද්ගලයෝ සමාජයෙන් බොහෝ දේ උකහා ගනිති. ඉගෙන ගනිති. සමාජය පුද්ගලයාගේ ජීවිතයට ‍බෝහෝ බලපෑම් කරයි. අළුත් දේ උගන්වයි. නිදහස සීමා කරයි. පෞද්ගලිකත්වය හැඩ ගස්වයි

සමාජයක් නැති ව පුද්ගලයෙකුට ජීවත්වීමට පුවන්කමක් නැත.

සමාජයකින් තොර වුවහොත් ඔහු මානසික වශයෙන් අසරණ වන අතර හුදකලාව හේතුවෙන්  ආරක්ෂාවක් නැති බලාපොරොත්තුවක් නැති මංමුළා වූවකු බවට පත් වෙයි. ඔහුට තම උසස් ම හැකියාව වූ චින්තනය  නිර්මාණාත්මක ව යෙදවීමටත් ,භාෂා මාධ්‍යයෙන්  එය ප්‍රකට කිරීමටත් සමාජ රාමුවක් අවශ්‍ය ය. මිනිසා ගේ පෞරෂය අර්‍ථවත් වන්නේත් සදාචාරය, ආධ්‍යාත්මික ප්‍රමෝදය වැනි උසස් සාධක පිළිබඳ සංකල්ප උදාවන්නේත් සාමාජයක් පවත්නා විටය. එහෙයින් සාමාජයීය ජීවන රටාවක් සංවර්ධනය නම් පුද්ගලයාගේ ඉදිරි ගමනේ ම අවශ්‍ය අංගයක් බව කිව යුතු ය.


සමාජයක සාමාජිකයන්  වන පුද්ගලයන් විසින් අනුමත ජන මඟ අනුව යමින් මිතුරන් , ඥාතීන් , සමිති සමාගම් හා රජය සමඟ  දකවන අන්තර් සබදතා සාර්ථක වූ විට සමාජය ප්‍රසන්න වෙයි. එම සබඳතා දූෂිත වූ විට,  අසමතුලිත වූ වි‍ට , බිද වැටුණු විට සමාජය අප්‍රසන්න එකක් වේ. මෙබදු අප්‍රසන්න තත්වයන් ඇති කරන පුද්ගලයෝ සමාජයේ ද්වේෂයට හා අප්‍රසාදයට  ලක් වෙති.


බුදුදහම මිනිසා සමාජගත සත්වයකු සේ පිලිගනිමින් ඔහු සමාජ රාමුවක් තුළ මනා පෞරුෂයක් විද්‍යාමාන කරමින් සාර්ථක ජීවිතයක් ගත කළ  යුතු බව නිර්දේශ කරයි. ආරණ්‍යගත ව එකලා ව ජීවත් වන්නකුට හැර අන් හැමට ම සමාජ අන්තර්ක්‍රියා අවශ්‍ය වෙයි. නගරයක හෝ ගමක වෙසෙන භික්ෂුවද ගෘහස්තයන් සමඟ අන්තර් සබඳතා පවත්වයි. ගෘහස්ථයෝ තම සාමාජික තත්වයනට අනුරූප වන පරිද්දෙන් සබඳතා පවත්වති.

ඒ ඒ අවස්ථාවල දී පියෙක් ,මවක් , පුතෙක් , දුවෙක් , සොහොයුරෙක් , සෙ‍ාමහායුරියක් වැනි ඥාති සම්බන්ධතාවක් හෝ මිත්‍රත්වයක් , ගුරුවර බවක් හෝ සිසු බවක්  දරන්නට අපට සිදු වෙයි. ඒ ඒ අවස්ථාවල තම තමා ට පැවරෙන සමාජ භූමිකාව ( කාර්යභාරධාරීත්වය ) නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු ය. ඒ සඳහා අදාල උපදේශ බුදුසමයෙන් ඉදිරිපත් වෙයි.


තමන් ජීවත්වන සමාජය තම ආධ්‍යාත්මික හා භෞතික සමෘද්ධියට අදාල එකක් ම කර ගැනීමට පුද්ගලයා වග බලා ගත යුතු ය. මහා මංගල සූත්‍රයේදී “අසේවනාච බාලානං - පණ්ඩිතානං ච සේවනා” යි වදාරා ඇත්තේ එහෙයිනි. පුද්ගලයකුගේ ජීව හා අජීව පරිසරය පෞරුෂ වර්‍ධනයට බෙහෙවින් බලපාන නිසා නරක ආශ්‍රය විපතට ද හොඳ ආශ්‍රය යහපතට ද හේතු වන බව තේරුම් ගත යුතුය.

බාලයෝ හොඳ හා නරක වෙන් කර හඳුනා ගන්නට අසමත් වෙති. දූරදර්ශී නොවෙති. එවැන්නන්ගේ ඇසුර අප නොමඟ යවයි. පණ්ඩිතයෝ හොඳ නරක දනිති. දූරදර්ශී වෙති. එවැන්නන්ගේ ඇසුර අප සුමඟ යවයි. ඇසුරට හොඳ යහපත් අයෙකු තෝරා ගන්නට නොලැබේ නම් සඳහට තනි ව විසීම හොඳ බව බුදුසමයේ ඉගැන්වේ. ( ඒකචරියං දළ්හං කයිරා - නත්ථි බාලේ සහායකා.)


සෑම පුද්ගලයෙක් ම සමාජය කෙරෙහි මහත් වගකීමක් ද  දරන්නෙකි. ඔහු තම සමාජ සම්බන්ධතා කාර්යය හෙවත් භූමිකාව අනුව වගකීම් ජාලයකට බැදී සිට්යි. එම වගකීම තම පවුලට මෙන් ම පුළුල් සමාජයටද රජයට ද ඉටු නො‍කළ හොත් සමාජය දුර්‍වලවේ. එහෙයින් බුදුදහම ඒ ඒ සමාජ භූමිකාවට උරුම සම්බන්ධතා ජාලය පැහැදිලිව නිර්දේශ කරයි. සිගාලෝවාද, සූත්‍රගත සදිසා සමාජ සංකල්පය මෙම වගකීම් පිළිබඳ පැහැදිලි ම නිර්දේශය යි.


සදිශාව වශයෙන් බුදුදහමෙහි දක්වා ඇත්තේ ඕනෑ ම ගෘහස්ථ විවාහක පුරවැසියෙකුට කම සමාජ ජීවිතය තුළ ක්‍රියා කරන්නට සිදු වන අවම රාමුව යි. එම ව්‍යුහය , තුළ ඔහුට දිසා හය ලෙස අනිවාර්යයෙන් ම සම්බන්ධවන පුද්ගලයෝ හය කොටසක් වෙති.


නැගෙනහිර - මාපියෝ
දකුණ         -  ගුරුවරු
බටහිර        -  අඹුසැමියෝ
උතුර          -   මිතුරෝ
යට             -   සේවකයෝ
උඩ             -   පැවිද්දෝ


සෑම පුද්ගලයෙක් ම මෙම සදිසාව සමඟ විධිමත් යහපත් සම්බන්ධතා පැවැත්විය යුත්තෝ ය. එසේ කිරීම තුළින් තමා වෙත ද ඒ අයගෙන් යුතුකම් ඉටු වන බව සනිටුහන් කර ගත යුතු ව පවතී ඒ අනුව මා පියන්ට දරුවකු සේ වන පුද්ගලයා මාපියන්ට තම යුතුකම් ඉටු කරීම තුළින් තමා වෙත ද යුතුකම් ඉයු කරවා ගනි යි. මෙම යුතුකම් සාමාන්‍ය ලෝකයේ දී අයිතිවාසිකම් සේ හඳුන්වනු ලැබේ. එහෙත් බුදු දහම එක පක්ෂයක අයිතිවාසිකම් අනික් පක්ෂයේ යුතුකම් මඟින් අනිවාර්යයෙන් ම ලැබෙන ආකාරයට මෙම සම්බන්ධතා සකස් කර ඉදිරිපත් කර ඇත.

මාපියන් දරුවනට යුතුකම් ඉටුකරන  විට දරුවනට අයිතිවාසිකම් ගැන  සටන් කරන්නට අවශ්‍යත‍ාවක් උදාවන්නේ නැත. දෙමාපියන්ට දරුවන් යුතුකම් ඉටු කරන විට මාපියන් ගේ අයිතිවාසිකම් ද ඉබේ ම සහතික වෙයි. මෙසේ සදිසා සමාජ සංකල්පය මගින් සියළු දෙනාට ම අයිතිවාසිකම් ලබා ගැනීමට ද මඟ පෑදෙන අතර පුද්ගලයා මෙන්ම සමාජය ද නිරූපද්‍රිත වෙයි. හැම දෙනාගේ ම ආරක්ෂාව සහතික වෙයි.  අවශ්‍යතාවන් සම්පූර්ණ වීමෙන් තෘප්තිමත් ජීවිතයක් සඳහා ද මග පෑදෙයි.


දෙමාපියෝ  සහ දරුවෝ   


බෞද්ධ සමාජ සැලැස්ම තුළ දරුවන් වෙතින් දෙමාපියෝ ‍ෙගෟරවය හා ආදරය  ලබති. බුදුරදුන්  දෙමාපියන් හඳුන්වා ඇත්තේ බ්‍රහ්ම , පුබ්බාචරිය , පුබ්බ‍ෙද්වතා, ආහුණෙය්‍ය වැනි ගෞරව වචනවලිනි.  “බ්‍රහ්ම නම් භාරතීය ජනයා දැන සිටි උසස් ම දේවතාව ය.  ඔහු වෙත මෙත්තා , කරුණා, මුදිතා, හා උපේක්ඛා යන ගුණාංග පවත්නා බව බුදුදහමෙහි ද පිළිගැනේ. ( එහෙත් බ්‍රහ්ම ලොව මැවූ දේවතාවා ලෙස  බුදු දහම නොපිළිගනියි.)  දෙමාපියන් වෙතද මෙම බ්‍රහ්ම විහාර හතර ඇති නිසා ඔවුහු බ්‍රහ්ම නම් වෙති. දරුවනට සිටින මුල්ම ගුරුවරුන් වන්නේ දෙමාපියන් නිසා ඔවුන් පුබ්බාචරිය ලෙස හඳුන්වා ඇත.

පුබ්බදේවතා ලෙස දෙමාපියන් හදුන්වන්නේ මුල දී ම පිදිය යුතු වන්නේ ඔවුන්ය නිසාය. එසේ පිදිය යුතු බව තවත් පැහැදිලි කරනු පිණිස “ආහුණෙය්‍ය” යන්න ද යොදා තිබේ. දෙමාපියෝ නම් දරුවන්ට මෙලොව එළිය දක්නට වාසනාව ලබා දී ( අපාදකා ) පෝෂණය කර (පෝසකා) බොහෝ උදවු උපකාර හිත වැඩ සලසා ( බහුකාරා ) ලෝකය දැක්වූවෝ (ලෝකස්ස දස්සේතාරෝ) වෙති. එහෙයින් දරුවන් ගේ ගෞරවාදරයට ඔවුහු අනිවාර්යෙන් ම නිස්සෝ ය.එහෙයින් දූ දරුවන් තම දෙමාපියන් ,


පෝෂණය කළ යුතු ය.
ඔවුන්ගේ විවිධ කටයුතු කර දිය යුතු ය.
පරම්පරාව රැක ගත යුතු ය.
උරුම වූ දේපල ආදිය රැක ගත යුතු ය.
මිය ගිය පසු පින් දිය යුතු ය.
දෙමාපියන් ගෙන් දරුවනට ඉටු විය යුතු යුතුකම් පහක් ද වෙයි.
 
පවින් වැළැක් වීම
යහපතෙහි පිහිටු වීම
ශිල්ප ඉගැන්වීම
යෝග්‍ය වයසේ දී ආවාහ - විවාහ කිරීම
සුදුසු කල දායාද පවරා දීම


ගුරුවරු හා ශිෂ්‍යයෝ ගුරුවරුන් හා ශිෂ්‍යයන් අතර පවත්නා සම්බන්ධය ද මාපිය - දූ දරු සම්බන්ධය තරම් ම උසස් එකක් බව බුදුසමය පිළිගත් බව පෙනේ. දෙමාපියන් සම්බන්ධයෙන් කථා කරන විට  දෙගුරුන් ලෙස හඳුන්වා ඇත්තේ ද එහෙයිනි. බුදුරදුන් හඳුන්වන “සත්ථා” යන වචනයේ ද ඇත්තේ “ගුරුවරයා” යන අරුතය. ගුරුවරයා නම් දැනුමෙන් මෙන් ම ගුණ යහපත්කමෙන් ද එක සේ මුහුකුරා ගිය අයකු විය යුතු බව බුදුදහමෙහි පිළිගැනේ.

ගුරුවරුන් වෙතින් අපේක්ෂා කරන විවිධ ගුණ පිපිබඳ ව බුදුරදුන් කළ දෙසුම් රැසක් පෙළ පොත්වල එයි. බුදුරදුන් තම ප්‍රතම ධර්‍ම දේශනය කරන්නට සිතා ඇත්තේ ද ගුරුවරුන්ට ය. එසේම ගුරුවරයකු නැතිව විසීම දුක් යැයි පවසා ධර්මය ගුරු තැන තබා ගත් බව ද කියැවේ. එහෙයින් ගුරු ශිෂ්‍ය සම්බන්ධය බුදුසමයෙහි ලා ඉතා වැදගත් සබඳතාවකි. ගුරුවරුන් වෙත සිසුන් 


නැගී සිටීමෙන් (අසුනෙන්)
උපස්ථාන කිරීමෙන් 
මනාව සවන් දීමෙන් 
උවටැන් කිරීමෙන් 
මනාව ඉගෙනීමෙන්
සැළකිලි කළ යුතුය. ගුරුවරු ද ශිෂ්‍යයනට,
මනාව හික්මවීමෙන් 
හොඳින් ඉගැන්වීමෙන් 
අඩු නොකර ඉගැන්වීමෙන්
යහළු මිතුරනට හඳුන්වා දී‍ෙමන්
හැම විටම රැකවරණය සැපයීමෙන්  
සත්කාර කරති.


අඹු - සැමියෝ


සමාජයක ඉතා ම කුඩා ඒකකය ලෙස හඳුන්වනු ලැබෙන්නේ පවුල ය. පවුලක ඇත්තේ මිනිස් සමාජයේ ඇති වන ඉතාමත් ම ස්වාභාවික වූ බිදිය නොහැකි වූ සම්බන්ධතා සමූහයකි. අඹු - සැමි යුවලක් විසින් දරුවන් පෝෂණය කරමින් ගත කරන සාමූහික හැසිරීම් රටාව මනාව සමාජයේ අන්‍ය හැම සංස්ථාවකට ම ආදර්ශය දී ඇත. එහෙයින් බෞද්ධ සමාජ ධර්ම තුළ ද විශේෂ වැදලත් කමක් දී ඇත්තේ පවුලටය.

විශේෂයෙන් අඹු - සැමි සබඳතාව විෂයයෙහි ය. අඹු - සැමි වශයෙන් එක් වන ස්ත්‍රී පුරුෂයන් සද්ධා , සීල , චාග හා පඤ්ඤා යන ගුණාංග හතරින් සමාන නම් මෙලොව පමණක් නොව පරලොවද එක්වීමක් ම අපේක්ෂා කළ හැකි බව බුදුරජ‍ාණන් වහන්සේ දක්වා ඇත. සාමාන්‍ය ලෝකවාසීනට හුදු ගෘහස්ථ බන්ධනයක් වූ විවාහය උතුම් ගුණධර්ම වර්ධනය සඳහා සුදුසු තෝතැන්නක් සේ බුදුසමය හඳුනා ගනියි. එහෙයින් විවාහය මුල් කරගත් සදාචාර සේශනා රාශියක් බෞද්ධ ධර්ම ග්‍රන්ථයන්හි ඇත.   

සිගාලෝවාද සූත්‍රයෙහි දී ස්වාමිපුරුෂයා‍ විසින් තම භාර්යාවට ඉටු කළ යුතු යුතුකම් පහක් දක්වා තිබේ.


 
ගෞරවාන්විත ව ක්‍රියා කිරීමෙන්
අගෞරව නොකිරීමෙන්
දුසිරිතෙහි නොයෙදීමෙන් 
ඉසුරු පවරා දීමෙන් 
ආභරණ ආදිය ගෙන දීමෙන්
මෙසේ සෙනෙහසින් තම බිරිද වෙත යුතුකම් ඉටු කරමින් ක්‍රියා කරන ගුණ යහපත් ස්වාමිපුරුෂයෝ බිරිඳ වෙතින් මෙබඳු සැළකිලි ලබති. ‍
නිවසේ කටයුතු මනාව සැලසුම් කිරීම
පිරිවර ජනයාට නිසි සේ සංග්‍රහ කිරීම
දුසිරිතෙහි නොයෙදීම
මිල මුදල් ආදිය විනාශ නොකිරීම
දක්ෂව අලස නොවී සියළු කටයුතු කිරීම


මෙසේ අඹු - සැමි දෙපක්ෂය ම ක්‍රියා කරන විට පවුල් ජීවිතය තුළ දෙපක්ෂයේ ම අයිතිය සුරැකි සන්තෘප්තියෙන් ජීවත් වීමේ අවස්ථාව උදාවනු නියතය.

මිත්‍ර සම්බන්ධය


පවුලෙන් පිටතට විහිදෙන සමාජ සම්බන්ධතා අතුරින් මිත්‍රත්වය ජන සමාජයක මානසික නිරෝගී බව මෙන් ම ආර්ථික - දේශපාලන ප්‍රගමනය සඳහා ද බෙහෙවින් වැදගත් වන්නකි.

මිතුරන් නැති පුද්ගලයා ගේ ජීවිතය මිහිරි නොවේ. මිත්‍රයන්ගේ සහයෝගය හා හිතවත්කම විමුක්ති මාර්ගයේ දී  පවා අදාළ වන්නකි.

පුද්ගලයකු ගේ පරිහානියට හෝ අභිවෘද්ධියට ඔහු ආශ්‍රය කරන මිත්‍රයන් ගේ ස්වභාවය දැඩි ව බලපාන බව බුදුසමය අවධාරණයෙන් ම දක්ව යි. පාප මිත්‍රයන් හා කළ්‍යාණ මිත්‍රයන් හඳුන්වා දීමෙහි ලා බෞද්ධ සූත්‍රවල කරුණු ඉදිරිපත් කර ඇත්තේ  ඒ නිසාය. කුස තණවල නරක් වූ මස් මාළු එතූ විට කුස තණ ද දුගඳ හමන්නා සේ පාප මිත්‍රයන් ඇසුරු කරන යහපත් පුද්ගලයා ද කෙලෙසෙන බව දක්වා ඇත.

බුදුසසුනෙන් අඬක් රදා පවත්නේ කළ්‍යාණ මිත්‍රතාව මත යැයි ආනන්ද හිමියන් පැවසූ විට මුළු සසුනම රදා ඇත්තේ කළ්‍යාණ මිත්‍රතාව මත බව බුදු සමිඳුන් වදාළේ මිතුරන් ගේ වැදගත් කම අවධාරණය කරනු පිණිසය.

ඇසුරට සුදුසු යැයි තමන් විසින් තෝරා ගන්නා යහපත් මිත්‍රයන්ට සංග්‍රහ කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ මෙසේ දැක්වූ හ.

පරිත්‍යාග කිරීමෙන් 
ප්‍රිය වචනයෙන් 
දියුණුවට අනුබල දීමෙන් ( අර්ථ චර්යාවෙන්)
සමානත්වයෙන් සලකා ක්‍රියා කිරීමෙන් 
අවංක බවින් (අවිසංවාදනතා)
අප එසේ අපේ මිතුරන්ට සංග්‍රහ කළහොත් මිතුරන් අපට‍ මෙබඳු යුතුකම් ඉටු කරනු ඇතැ යි ද උන්වහන්සේ දැක්වූ හ. 
 ප්‍රමාදීව ( නොසැළකිල්ලෙන්  මං මුලාව ) ක්‍රියා කරන විට ආරක්ෂා කරති.
එසේ ක්‍රියා කරන විට ධනය රැක දෙති.
භීතියක් ඇති වූ විට රැක ගනිති.
අපවාදයකදී අතහැර නො යති.
පවුලේ අයට ද සංග්‍රහ කරති.

මෙහි දී විශේෂයෙන් වැදගත් වන්නේ මිතුරන්ට අවංක ලෙස සතර සංග්‍රහ වස්තූන් ගෙන් සංග්‍රහ කරමින් සිටින්නවුනට  විපතේ දී පිළිසරණ වන්නේ මිතුරන් බව දක්ව‍ා තිබීමය. විපතේ දී හැර නොයන මිතුරන් ධන,ධාන්‍ය වස්තුවලට වඩා අගනා වස්තු බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.  

ස්වාමි - සේවක සම්බන්ධය


සමාජයේ ජීවත් වන පුද්ගලයනට තමා ව්‍යාපාරිකයකු නම් සේවක ජනයා පත්කර ගන්නට සිදු වනු ඇත.එසේ නොවූව ද සමහරුනට ගෘහ සේවකයෝ වෙති. සිගාලෝවාද සූත්‍රයේ දී ගෘහ සේවකයන් මුල් කර ගෙන උපදෙස් දී ඇතත් එම කරුණු විශාල ව්‍යාපාර ඇත්තවුනට වුව ද යොදා ගත හැකි කාලීන වැදගත්කමින් යුතු ඒවා බව කිව යුතු ව ඇත.  වැටුප් ලබමින් කිසියම් සේවයක් කරන්නට හෝ එබදු වැටුපක් ලබා සේවයක් කරන පිරිසක් පාලනය කරන්නට සිදුවීම සමාජයේ ජීවත් වන පුද්ගලයනට සිදු වන සාමාන්‍ය දෙයකි.

එබදු අවස්ථාවක දී තමන් කවර පක්ෂයේ විසුව ද අන්‍ය පක්ෂය සමඟ සුහඳ ව කාරුණික ව අන්‍යෝන්‍ය ගෞරවයෙන් ක්‍රියා කිරීම ඉතා වැදගත් ය. සේවක ජනය‍ා යට දිශාව ලෙස සදිසාවේ දී දක්වා ඇත්තේ ඔවුන් පහත් කොට සලකන පිරිසකට නමස්සෙය්‍ය යනුවෙන් නමස්කාර කරන්න හෙවත් ගෞරව කරන්නැ’යි  පවසන්නට හැකි ද? යට දිශාවට ද ගෞරව කළ යුතු බව දක්වා ඇත්තේ ඔවුන් සේවක කම්කරු ප්‍රජාව ගෞරවනීය බව දක්වනු පිණිසය. ඔවුහු ව්‍යාපාරයක බර දරන්නෝ ය. සමාජය ශක්තිමත් කරන්නෝ ය. එහෙයින් ව්‍යාපාරිකයකුගේ පදනම සේ ඔවුහු මානනීය වෙති.

සේවකයනට ස්වාමියා සංග්‍රහ කළ යුතු ආකාරය බුදුරදුන් දක්වා ඇත්තේ මෙසේ ය.      


හැකියාවට අනුව සේවා නියම කිරීමෙන් 
ආහාර පාන සහ වැටුප් ලබා දීමෙන් 
රෝගී වූ විට උවටැන් කිරීමෙන් 
විශේෂ රසවත් දෑ බෙදා දීමෙන් 
වරින් වර සුදුසු කාලයට නිවාඩු ලබාදීමෙන්


         
 මෙබඳු සංග්‍රහ කරන විට සොම්නසට පත්වන සේවකයෝ ස්වාමියා වෙත ද තම යුතුකම් ඉටු කරති. එම යුතුකම් සිගාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන්නේ ගෘහ සේවකයනට ගැලපෙන පරිද්දෙනි.( එය වදාරා ඇත්තේ සාමාන්‍ය පුරවැසියනට නිසාය.)


ස්වාමියාට පෙර අවදි වෙති.
ස්වාමියාට පසුව නින්දට යති.
දුන් දේ පමණක් ගනිති.
සේවය උසස් අන්දමින් ඉටු කරති.
කීර්තිරාවය පතුරති.


මේවා විශාල ව්‍යාපාරයක  කම්කරුවනට  සෑම අයුරින් ම අදාළ නොවන බව පෙනී යතත් 3-4 -5 යන කරුණු අතිශයින් ම වැදගත් ලෙස අදාළ වෙයි.

ගිහි පැවදි සම්බන්ධය


 පුද්ගලයා සමාජය හා සම්බන්ධ වන සය වන ප්‍රකාරය නම් ආගමික වශයෙන් තම ආගමට අනුරූප පරිදි පූජ්‍ය -පූජක ගණයට ගැණෙන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් හා ඇති සබඳතාව යි. පැවිදි සමාජයක් බිහි වන්නේ ද ගිහියන් අතුරින් ම ය. ඔවුහු සමාජයේ වැඩි දෙනා ගේ යහපත පිණිස ගෘහස්ථ වගකීම් හා ආස්වාදයන් අතහැර උත්තරීතර පැවතුම් අනුගමනය පිණිස පැවිදි සමාජයක් ඇති කර ගනිති. ගෘහස්ථයෝ සංඝයා අන්‍යෝන්‍ය සංග්‍රාහකත්වයෙන් පවත්නා ගිහි- පැවදි සබඳතාව ද සමාජයකට අත්‍යවශ්‍ය වන්නේ සෑම පුද්ගලයකුට ම සමතුලිත ජීවිතයක් සඳහා ආගමික පැවැත්මක්, ධර්මෝපදේශ හා ධර්මඥානයක් බෙහෙවින් ම අර්ථ සම්පන්න බව සෑම යුගයක ම බුද්ධිමතුන් විසින් වටහා ‍ෙගන ඇති හෙයිනි. ගෘහස්ථයන් විසින් ස්වකීය ආගමික පැවිදි උතුමනට සංග්‍රහ කළ යුතු ආකාරය බුදුසමයෙහි නිර්දේශ කර ඇත්තේ මෙසේ ය.

මෛත්‍රී සහගත ව ක්‍රියා කිරීම
මෛත්‍රී සහගත ව කතා කිරීම
මෛත්‍රී සහගත සිතුවිලි පහළ කර ගැනීම
නිවසෙහි දොර විවෘතව තැබීම ( නිවසට එන විට සැදැහැ සිතින් පිළිගැනීම)
ආමිසයෙන් සංග්‍රහ කිරීම

මෙසේ පැවදි පක්ෂය වෙත ගෘහස්ථ දායක - දායිකාවන් සංග්‍රහ කරන විට පැවදි පක්ෂය ද තම කෘතවේදීත්වය දක්වන්නේ සය ආකාරයකින් ක්‍රියා කිරී‍මෙනි.

පවින් වළක්වති
යහපත් ක්‍රියාවල යොදවති
හොඳ සිතින් අනුකම්පා කරති
නොදත් දේ කිය‍ා දෙති
දත් දේ වඩා තහවුරු කර දෙති 
දෙව්ලොව උපදින මඟ කියා දෙති

මෙසේ පුද්ගලයකු තම සමාජයක යුතුකම් මනා ව ඉටු කිරීමතුළින් සිදුවන්නේ ඔහු ගේ ආර්ථික, සමාජමය, හා ආධ්‍යාත්මික සුරක්ෂිතතාව හා ප්‍රගතිය සැලසීම බව මැනවින් ප්‍රකට වෙයි. 

buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software