topone

bududhama-ha-samaja-sankalp

අප ජීවත්වන සමාජය සමග ප්‍රසන්න හා අර්ථසම්පන්න සම්බන්ධතා සමූහයක් ඇති කරගෙන අන්‍යෝන්‍ය සුහදතාව හා ගෞරවය රැකගනිමින් ජීවත්වීම සඳහා අවශ්‍ය උපදේශ සමූහයක් බුදුසම‍යෙන් ලැබේ. විව්ධ සමාජ භූමිකාවන් පසදනම් කර ගනිමින් අපෙන් සමාජය‍ට ඉටු විය යුතු යුතුකම් ගැන බුදුසමය උගන්වන්නේ අර්බුදවලින් තොර සමාජ රටාවක් ඇති කිරිම පිණිස ය.
සිගාලෝවාද සූත්‍රයෙහි එන සදිසා නමස්කාරය මීට හොඳ ම නිදසුනකි.සදිසාවට තම යුතුකම් ඉටු කළ විට සෑම පුද්ගලයකුගේ ම අයිතිවාසිකම් සුරැකෙන හෙයින් හැමදෙන ම සතුටින් වෙසෙති.එම යුතුකම් තුළ ගුණධර්ම පමණක් නොව ආර්ථික, දේශපාලන හා වෘත්තීය අයිතිව‍ාසිකම් ද අන්තර්ගත වී ඇත.එම යුතුකම් පද්ධතිය සමාජයේ අවශ්‍යතා රාශියක් ගැන මැනවින් සිතා මතා සකස් කළ ආචාර ධර්ම ම‍ාලාවක් බව පැවසිය හැක. මෙබඳු අන්‍යෝන්‍ය යුතුකම් ජාලයක් තුළ පුද්ගලයා රඳවන ලද්දේ පුද්ගලයා විෂයෙහි සමාජ සන්දර්භය අතිශයින් වැදගත් වන බව පිළිගෙන ඇති හෙයිනි. පුද්ගලයකු ගුණ යහපත්කමින් වැඩෙන්නේ තමා ජීවත්වන සමාජය වෙත නිවැරදි හා හිතකර ප්‍රතිචාර දැක්වීම තුළිනි. 

සමාජය සම්බන්ධයෙන් බුදුසමය ඉදිරිපත් කරන සංකල්පය කවරෙක් දැයි පැහැදිලි ව තේරුම් ගැනීම මෙහි දී අවශ්‍ය වෙයි.මිනිසා ජීවත්වන ජීවී හා අජීවී සමස්ත පරිසරය ම ඔහුගේ පැවැත්ම හා සම්බන්ධ වන බව මෙහි ලා අමතක කළ නොහේ.මහාචාර්ය කෝගන් මිශුනෝ පවසන්නේ “බුදු දහමේ ඉගැන්වීම අනුව එක් අ‍ෙයක් නම් හැමදෙනා ම ය. හැම දෙනා නම් එක් අයෙක් ම ය. එක් අ‍යකු ගේ ක්‍රියාවක් සමස්ත ප්‍රජාවට ම හොඳට හෝ නරකට බලපායි.එහෙයින් අප වටා ඇති ලොවත් සමාජයත් එක ම සමස්තයකි.” යනුවෙනි.

රජ කෙනෙකු විසින් ආරක්ෂාවරණය සැපයිය යුතු සමාජය ගැන පවසන විට මානව සංහතිය පමණක් නොව සිවුපාවුන් හා කුරුල්ලන් ද ඇතුළත් කර දක්වා ඇත්තේ එහෙයිනි. ලෙ‍ාව ප්‍රථම පශු චිකිත්සාව බෞද්ධාධිරාජ අශෝකනයන් විසින් අරඹන ලද්දේ මේ සංකල්පයේ ආභාසය නිසා ය. සමස්ත විශ්වයේ ම උපන් -නූපන්, දිසි-අදිසි, ලඟ-දුර හැම ආකාරයේ ම සත්ව‍යන්ට මෙත් වඩන සේ ද, උඩ, යට හා හරස් සිව් දෙසින් සතුරු බවක් නැති සේ සිතන ලෙස ද කරණීය මෙත්ත සූත්‍රයෙන් ඉගැන්වෙන්නේ ද මෙම සංකල්පපය ම ය.

මෙසේ  පුළුල් ව්‍යූහයක් තුළ ජිවත් වන මනුෂ්‍යයන් විසින් තම සමාජගත චර්යාව සර්වජීව හිකාමී පිළිවෙතක් බවට පත්කර ගන්නා හෙයින් එය නූතනිකයන් ඉදිරිපත් කරන මානව හිතවාදයට වඩා බෙහෙවින් පුළුල් බව කිවයුතු  ව ති‍ෙබ්. මානව හිතවාදීන් තම ආචාරධර්ම ගොඩනගන්නේ මිනිසා කෙරේ අසීමිත වැදගත්කමක් පිරිනමමිනි.අනෙකුත් ජීවීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ අඩුවෙන් තක්සේරු කිරීමක් මෙහිදී සිදුවෙයි. බුදුසමය සියළු සත්වයන්ට ම ජීවිතය ප්‍රිය බවත්, හැම සත්වයන් ම මරණයට බිය බව හා දඬුවමට අකමැති බවත් සැළකිල්ලට ගනිමින් ආචාරධර්ම ඉදිරිපත් කරයි. 


         මෙයින් අදහස් කරන්නේ මිනිස් සමාජය සම්බන්ධ කරගත් විශේෂ ඉගැන්වීම් සමූහයක් බෞද්ධ සදාචාර සංකල්ප මඟින් ඉදිරිපත් නො කැ‍ෙරන බවක් නොවේ. බුදුසමයේ සමාජ සංකල්පය පුළුල් මට්ටමින් සමස්ථ ජීවී සංහතිය ම හසුකර ගන්නා අතර ධර්මය පිළිපැදීමෙන් ප්‍රයෝජන ලද හැකි ජීවීන් වශයෙන්  දෙවියන් හා මිනිසුන්  වෙන්කොට හඳුනා ගනී යි. එහෙයින් බුදුරදුන් ශාස්තෘවරයකු ලෙස හඳුන්වන විට උන්වහන්සේ “සත්ථා දේව මනුස්සානං” හෙවත්  ‘දෙවි මිනිසුන්ගේ ගුරුවරයා’  වශයෙන් නම් කරනු ලැබේ. එහෙත් මිනිසුන් වූ අපගේ සෘජු සම්බන්ධතා පැවැත්වෙන්නේ මිනිසුන් සමඟ ම හෙයින් මානව සමාජය පිළිබඳ සැලසුම් වෙන ම සාකච්ඡා කර ඇති බවද කිව යුතු ය. එහෙයින් බුද්ධ ශ්‍රාවක සමාජය පිළිබඳව පවත්නා විශේෂ සංකල්පය මනුෂ්‍ය සමාජය පරිමිත කර ගනිමින් සිවුවණක් පිරිස ලෙස පෙළ ගස්වනු ලැබේ.


බුදුරදුන් ගේ සිවුවණක් පිරිස හඳුන්වා ඇත්ටත් භින්ෂු-භික්ෂුණී- උපාසක හා උපාසිකා නමිනි. ටසවන් ව්‍යුහයක් තම ශ්‍රාවක පිරිස අතර පෙළ ගැසුනු දැක්මේ අභිප්‍රායෙන් බුදුරදුන් වෙත බුදු වූ අළුත පටන් ම පැවති බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වෙ යි. බුදුරදුන් සියළු කෙලෙසුන් නසා බුදු වූ පසු දහම් දෙසන්නට සැරසෙද්දී උන්වහන්සේට ඉක්මණින් ම පිරිනිවන් පාන්නැයි ඇරයුමක් මාරයා‍ෙගන් ලැබුණු බව එම සූත්‍රයෙහි කියැවෙයි.බුද්ධත්වය ලද පසු තව දුරටත් සසරේ දුක් විදීමෙහි අවශ්‍යතාවයක් නැති බව පවසමින් වහා ම දුකින් මිදී නිවන්සුව විඳින සේ මේ ඇරයුම කර ඇත.

එහෙත් එම ඇරයුම බුදුරදුන විසින් ප්‍රතික්ෂේප  කර ඇත්තේ පිරිනිවන් පාන්නට පෙර වියත්, විනීත, විශාරද, ධර්මධර, ධර්මානුධර්මප්‍රතිපන්න, ධර්ම‍ දේශනයෙහි මෙන් ම ප්‍රතිවාදීන් කරන වැරදි විවරණ නිවරද කිරීමට ද සමත් සිවු පිරිසක් ඇති වන තුරු තමන් පිරිනිවන් පිරිනිවන් නො පාන බව දක්වමිනි. මෙහි විශේෂ වැදගත්කම වන්නේ සිවුපිරිස වෙතින් ම සමාන කෞශල්‍යයන් අපේක්ෂා කරන බව දක්වා තිබීම ය. බුදුසමය හදාරා   ධර්මානුකූල ව ජීවිත හැඩ ගසා ගනිමින් ක්‍රියා කිරීම පිළිබඳ සමාජගත අපේක්ෂාව සිවු පිරිසට ම එක සේ සමාන බව මෙයින් පෙනී යයි.


එතකුදු වුවත් එකම ශික්ෂා මාර්ගයක් අනුගමනය කිරීම සඳහා වූ සමාජයක් සිවුපිරිසක් ලෙස වර්ග කිරීමෙහි  අර්ථයක් තිබේ දැයි ප්‍රශ්න කළ හැකිය.මෙම සිවු පිරිස වෙනස් කරන පදනම  කුමක්ද? ඔවුන් අතර ඇති වෙනස්කම් ශික්ෂා මාර්ගයෙහි කවර වෙනසකට තුඩු දී පවතීද?


භික්ෂු හා භික්ෂුණීන් අතර ද උපාසක  හා උපාසිකාවන් අතර ද පවත්නේ ස්ත්‍රී පුරුෂ වෙනස්කම  බව  මෙහි ලා කෙනෙකුට  නිතැතින් ම පෙනී යනු ඇත. ඊට වඩා ගැඹුරු වෙනසක් භික්ෂු- භික්ෂුණී දෙපක්ෂය හා උපාසක- උපාසිකා දෙපක්ෂය අතර පවති යි. එනම් ගිහි- පැවදි වෙනසයි. ගිහි- පැවදි දෙපක්ෂයට  එකම ශික්ෂා මාර්ගය අනුගමනය කළ නොහැකි බව ( මජ්ඣිම නිකායේ දත්තභූමි සූත්‍රයෙහි දී ) ජයසේන නම් රාජකුමාරයකු විසින් අචිරවත නම් සාමණේර  හිමියනට ප්‍රකාශ කළ බව ද ඒ බව             දැනගත්  බුදුරදුන්  එම කියුම සැබෑ බව  වදාළ බව ද මෙහිදී සැළකිල්ලට ගත  හැකි ය.

බුදුරදුන් විසින් පැහැදිලි කර ඇත්තේ නෛෂ්ක්‍රම්‍යය කළ අයෙකු විසින් දත යුතු සාක්ෂාත් කළ යුතු දෙයක් කාමයන් මැද කම් සැප විඳිමින් කාම විතර්කයන්ගෙන් පෙළෙමින් කාම ගින්නෙන් දැවෙමින් කම් සැප ම සොයන අයකු විසින් ‍ෙකසේ දැන දැක ගත හැකි ද යන්නයි. ඒ දෙපක්ෂයේ වෙනස හීලෑ , ඇතුන් , අසුන් , හා  ගවයන්ගෙන්  වල් ඇතුන් ,  අසුන් හා ගවයන් වෙනස්වන ආකාරයට සමාන කර ඇත.රට්ඨපාල  සූත්‍රයේදී ද  මීට සමාන වන අයුරින් ගිහි ජීවිතය හ‍ා පැවදි ජීවිතය සංසන්ද‍ය කර ඇත.  රට්ඨපාල පැවිදි වීම පිණිස තම දෙමාපියන් ගෙන් අවසර ලබාගත්තේ මෙසේ පවසමිනි.

“බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය මට තේරුම් යන ආකාරයෙන් නම් ගෘහස්ථයකුට බ්‍රහ්මචරිය වාසය පිරිසිදු ව වාසය සම්පූර්ණ කර ගන්නට පහසු නැත‍. එහෙයින් ගෘහවාසය අතහැර අනගාරිකත්වයට පිවිසෙන්නට අදහස් කරමි.” ගිහි ගෙය සම්බාධ සහිත ස්ථානයක් බවත් ,රජස්(කෙළෙස් දූවිලි) බහුල තැනක් බවත් දක්වන රට්ඨපාල පැවිද්ද විවෘත අවකාශය සමන් නිදහස් තැනක් බවත් පැහැදිලි කරයි. මේ සංසන්දනය ගෘහස්ථ ජීවිතයට වඩා පැවිදි ජීවිතය උසස් බවත් , එහෙයින් ගිහි-පැවිදි දෙපක්ෂයට ශීක්ෂණ මාර්ග දෙකක් පැවතිය යුතු බවත් හඟවයි.


මෙහිදී පැරණි බුදුදහම ගෘහස්ථයනට කිසියම් මදි පුංචිකමක් හෝ අසාධාරණයක් කර ඇත්දැයි විමතියක්  ය‍මකු ගේ සි‍ෙතහි ජනිත වීමට ද ඉඩ ඇත.එබදු විමතියක් බුද්ධ කාලයේ ම නාලන්දාවේ එක් ප්‍රභූවරයකු ගේ සිත්හි ජනිත වූ බව සංයුක්ත නිකායෙහි දැක්වෙයි.( iv,314) ජනතාවට ධර්ම දේශනා කරනවිට ගිහි පැවදි වශයෙන් භේදයක් නොකොට එකම ධර්මය දේශනා කළ යුතු බව හෙතෙම පැවසීය. එසේ නොකරන්නේ නම් තමන් සකල සත්ත්ව වර්ගයාට ම එකම මෙත් සිත දක්වනවාය’ යි බුදුරදුන් පවසන්නේ කෙසේ දැයි හේ ප්‍රශ්න කළේ ය.

බුදුරදුන් ඔහු ගේ මේ වැරදි වැටහීම දුරු කළේ තමන් එසේ දහම් දෙසන්නේ පක්ෂග්‍රාහීකමක් නිසා නොව  එක් එක් ශ්‍රාවකයා ගේ ආසය අනුසය හෙවත් චිත්තක්ලේශ රුචි අරුචි කම් බුද්ධිමත් බවෙහි අඩුවැඩිකම් ආදිය පරීක්ෂා කිරීමෙන් බව දේශනා කිරීමෙනි. එමෙන් ම එක් එක් තැනැත්තා‍ ගේ අරමුණු හා පරමාර්ථ විවිධ වන බව  ද උන්වහන්සේ පෙන්වි දුන්හ. කුඹුරු වැඩ මීට නිදර්ශනයක් සේ ගත් උන්වහන්සේ සමහර කුඹුරු ඉතා සශ්‍රීක වන අතර සමහර ඒවා එතරම් සශ්‍රීක නැති බවත්, තවත් සමහරක් අතිශයින්ම නිසරු බවත් දක්වා සශ්‍රීක කුඹුරු  පැවදි ශ්‍රාවකයනට ද  මධ්‍යම කුඹුරු ගිහි ශ්‍රාවකයනටද  නිසරු කුඹුරු  අන්‍ය තීර්ථක  ශ්‍රමණ බ්‍රාහ්මණයන්ටද උපමා කළහ.

එහෙයින් කුඹුරේ හැටියට වගාව තෝරා ගෙන පොහොර දැමීම ආදී සාත්තු කර  අස්වැන්න ලබන්නා සේ ගිහි- පැවදි, උගත්- නූගත් විවිධ ශ්‍රාවකයනට විවිධ ක්‍රමවලින්  දර්මය උගන්වනු ලැබේ.එහි දී එක් පිරිසක් කෙරේ විශේෂ පක්ෂපාතීකමක් දැක්වීමක් නොමැත. හැමදෙනා ම එක ම ආධ්‍යාත්මික ජයග්‍රහණය කරා මෙහෙය වීම සඳහා වඩා ම උචිත ක්‍රමයට ධර්මය ‍ෙද්ශනා කිරීම හු‍ෙදක් සම මෙත නිසාම නරනු ලබන්නකි. එය එක් එක් රෝගියා ගේ කායික තත්වයට ගැලපෙන පරිදි ඖෂධීය විවිධ මාත්‍රාවට අනුව වෙනස් කර යොදන වෛද්‍යවරයකු ගේ වෙදකම් රටාවට සමාන බව මහායාන ධර්මග්‍රන්ථවල විස්තර කර ඇත.


         බුදුදහමේ  උසස් අධිගම සියල්ල පැවිදි පක්ෂයට ම වෙන් කර ඇතැයි ගෘහස්ථයනට  එතරම් තැනක් එහි හිමි නොවෙතැයි ද චෝදනා මුඛයෙන් ලියූ ලේඛකයෝ විරල නොවෙති. ගිහි මහරහතන් වහන්සේලා  කීප නමක් ගැනම බෞද්ධ ඉතිහාසයේ සඳහන් බව අමතක නොකළ යුතුය. සෝවාන්, සකදාගාමී හා අනාගාමී අධිගම ලත් ගෘහස්ථයෝ විශාල පිරිසක් බුදුන් දවස විසූ බව ද බුදුරදුන් ගේ පැසසුමට  ඔවුන් ලක් වූ බව ද  නො රහසකි. ගිහියන් අමතා දේශනා කළ සූත්‍ර “ කුලපති පුත්ත, ගහපති ලුත්ත” වැනි ඇමතුම්වලින් යුක්ත ය. ඒවායින් පැහැදිලි වන්නේ  පැවිදි පිරිස මෙන්ම ගෘහස්තයන් ද බෙෘද්ධ ශිෂ්ටාචාරය සඳහා එකසේ ම වැදගත් බවය.


බෞද්ධ සමාජ සංකල්පය ගෘහස්ථ හා ප්‍රව්‍රජිත ක්ෂෙත්‍ර දෙක්හි ම පරමාදර්ශී පුද්ගලයන් දෙදනකු ඉදිරිපත් කරයි. පැවිදි කේෂත්‍රයෙහි උත්තරීතර සකලාංග පරිපූර්ණ පුද්ගලයා බුදුරජාණන් වහන්සේය. ගෘහස්ථ කේෂත්‍රයෙහි උසස්තම‍ පරමාදර්ශී පුද්ගලයා චක්‍රවර්තී රජතුමාය. ගිහි- පැවිදි උභය ජීවිත රටාවන්හි උත්තරීතර ජයග්‍රහණය නිරූපනය කරන මේ දෙදෙන එක ම ආකාරයේ  අදාහන සඳහා යෝග්‍ය වන්නේ එහෙයිනි. සම්බුද්ධ ආදාහනය කෙසේ කළ යුතු දැයි විමසූ විට එය සක්විති රජකු ගේ ආදාහනයක පරිද්දෙන් කරන්නැයි බුදුරදුන් උපදෙස් දුන්නේ එහෙයිනි. ගිහි- පැවදි සමාජ සදාචාරය සකස් විය යුත්තේ මේ පරමාදර්ශ යුග්මය සිත්හි රඳවා ගනිමිනි.

buddhistculture

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software