topone

bawdha-darmaya-ha-chanithan

බෞද්ධ සමාජ සැලැස්ම තුළ භික්ෂූ-භික්ෂූණී, උපාසක උපාසිකා යන සිවු පිරිස ගිහි හා පැවිදි වහයෙන් ප්‍රධාන දෙපිළකට බෙදෙන බව අපි දනිමු.මේ දෙපක්ෂයේ ජීවිත අරමුණ වෙනස් ය. අරමුණූවලට අනුව පිළිවෙත් ද වෙනස් ය. සෑම බෞද්ධයෙකුම උපතින් ගිහියකු වන හෙයින් මේ සමගින් එක් මඟක් තෝරාගැනීම සඳහා ඔවුනට අවකාශ තිබේ.

ඒ තෝරා ගත් මඟ අනුව අරමුණූ පැහැදිලි කර‍ෙගන නුවණින් ක්‍රියා කළහොත් ජීවිතය සාර්ථක වන බවත්, එසේ නොකළහොත් ජීවිතය අසාර්ථක වන බවත් පැහැදිලි කරගත හැකි ගාථා දෙකක් ධම්මපදයෙහි එයි. එය වදාරන ලද්දේ යස ඉසුරු වනසාගෙන සිඟමන් යදිමින් මහ මඟට වන් මහධන සිටු හා ඔහු ගේ බිරිඳ අරබයාය.


    “අචරිත්වා බ්‍රහ්මචරියං - ආලද්ධා යොබ්බනෙ ධනං
      ජිණ්ණ කොඤචාව ක්ධායන්ති - ඛීණ මචෙචව පල්ලලෙ
      අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං
      සෙන්ති චාපාතිඛීණා ව - පුරාණානි අනුත්ථුනං”   
    (ධම්මපද 155-156 ගාථා)


මේ ගාථා දෙකින් කියැවෙන්නේ තරුණ වයසේ දී එක්කෝ බ්‍රහ්මචරියාව(පැවිද්ද) හෝ ධනෝපායන මාර්ග තෝරාගෙන එය සාර්ථක අයුරින් අනුගමනය නොකළහොත් මසුන් ඉවර වූ සිඳුණු විලක් අසලට වී සුසුම්ලන කොස්වා ලිහිණියන් මෙන් තැවෙන්නට වන අතර, ඉවත දැමූ දුන්නක් මෙන් අතීතය ගැන මතක් කරමින් ශෝක වන්නට සිදුවන බව යි.

ගිහි මඟ මෙහි හඳුන්වා ඇත්තේ ධනය ලබන මඟ ලෙස වීම කෙරේ අපේ සිත් යොමු කරමු. ගිහි ජීවිතය හා ධනෝපාර්ජනය අතර මෙතරම් සමීප සබඳතාවක් දක්වන්නට හේතුව ගෘහස්ථ ජීවිතය අනිවාර්යයෙන් ම ආර්ථික චය්‍යීයාව හා බැඳී පවත්නා නිසා ය.


ගෘහස්ථනයට ගැළ‍පෙන ධර්මයන් ඉගෙන ගැනීම සඳහා බුදුරදුන් වෙත පැමිණි ‘දීඝජාණු’ නම් තැනැත්තා ගිහියන් හඳුන්වා ගත්තේ “සමිඳුනි, අපි ගිහි ව පස්කම් සැප විඳිමු. අඹුදරුවන් මැද වෙසෙමු. කසී සඳුන්, මල් ගඳ විලවුන් පරිභෝග කරමු. රන්, රිදී, මසු, කහවණු භාවිතා කරමු.” යනුවෙනි. එම ජීවිත රටාව ගිහි පිළිවෙත බව මැනවින් දත් බුදුහු ඔවුනට ගැළපෙන දහමක් දෙසූ හ. මෙම හඳුන්වා ගැනීමෙහි එන රන් රිදී මසු කහවණු භාවිතය යන්නෙන් හැ‍ඟෙන්නේ ද ආර්ථික ක්‍රියාවලිය යි.ධම්මික සූත්‍රයේ දී බුදුරදුන් විසින් ම ගිහියාගේ ජීවන රටාව විග්‍රහ කොට කුළු ගන්වා ඇත්තේ,


    “ධමේමන මාතා පිතරෙ භරෙය්‍ය
      පයොජයේ ධම්මිකං යො වණිජජං
      එතං ගිහි චතතයං අපපමතෙතා
      සයං පබො නාම උපෙති දෙවං”
                                                   (406)


යනුවෙන් ය. එහි අරුත වන්නේ “ධර්මයෙන් ධනය උපයා මා පියන් පෝෂණය කරන්න. දැහැමි වෙළඳ්‍රමෙහි යෙදෙන්න. මෙසේ අප්‍රමාදී ව ගිහි ගෙයි විසීමෙන් සුවයං ප්‍රභ දෙව්යන් අතර උපදියි” යනුයි.


බුදුදහම ගෘහස්ථයා ආර්ථික සත්ත්වයකු වශයෙන් හඳුනා ගන්නා බව පැහැදිලි කර ගත් විට ඔහුගේ ආර්තික චර්යාව සාර්ථක කරනු පිණිස සුදුසු උපදෙස් ඉදිරිපත් කිරීම සඳහා බුදුරදුන් කාරුණික වන්නට ඇතැයි සිතා ගැනීම පහසු වෙයි. ගිහියා විඳින සුව පිළිබඳව කරුණු දක්වමින් අත්ථි සුඛ, භෝග සුඛ, අණන සුඛ හා අනවජජ සුඛ වශයෙන් ආර්ථිකය සමඟ බැඳුණු සුව හතරක් දක්වන ලද්දේ මේ අනුකම්පාව නිසාම ය.රිචඩ් ඒ ගාඩ් පවසන පරිදි, ධනය උපයන්නේ කෙසේ ද, බෙදා හදා ගන්නේ කෙසේ ද, සම්පත් නිවැරදි ලෙස පරිහරණය කරන්නේ කෙසේ ද, වැනි කරුණු බෞද්ධ ඉගැන්වීම් තුළින් උකහා ගැනීමේ කිසිදු අපහසුවක් නැත.


නූතන ආර්ථික චින්තනය නිෂ්පාදනය , පරිභෝජනය,බෙදාහරීම වැනි කරුණු පිළිබඳව සාකච්ජා කරන ආකාරයෙන් බුදුදහම ඒ පිළිබඳව සාකච්ජා නොකරන බව අමුතුවෙන් කිව මනා නොවේ. ඊට හේතුව බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයකු මිස ආර්ථික විද්‍යාඥයකු නොවීමයි. ආර්ථික විද්‍යාඥයා තමන් කිසියම් විද්‍යාවක් ශාස්ත්‍රීය උදාසීනත්වයෙන් හෙවත් මධ්‍යස්ථ දෘෂ්ටියෙන්(වාස්තවික ලෙස) ඉදිරිපත් කරන බව සිතමින් මානව සමාජයට අතිශයින් අදාළ සදාචාර ගැටළු වෙතින් ඉවත් වෙයි. හෙතෙ ම කුසල් හා අකුසල් ගැන නොසිතයි.

කරුණාව දයාව වැනි ගුණ ධර්ම ගැන උනන්දු නොවෙයි. ආර්ථික විද්‍යාව දර්ශනයක් හෝ ආගමක් නොවන නිසා අදාළ ප්‍රශ්න ලෞකික ක්‍රමයට මධ්‍යස්ථව කතා කළ යුතුයැයි  සිතීම ඔහුගේ ලක්ෂණය වෙයි. නිදසුනක් වශයෙන් මසට සතුන් ඇති කිරීම හා ගෝවා වැවීම යන දෙකින් වඩාත් ලාබ ලැබෙන්නේ මසට සතුන් ඇති කිරීමෙන් නම්, හෙතෙ ම එය නිර්දේශ කරයි. ප්‍රාණඝාත අකුසලයෙන් වැළකීම ආර්ථික විද්‍යාඥයාට වැදගත් නොවේ.

එහෙත් බුදුදහම ඉදිරිපත් කරන ආර්ථික චින්තනය සාරධර්ම ගැන, කුසලාකුසල කම ගැන මහත් සේ උනන්දු වෙයි. බුදුදහමෙහි උගන්වන්නේ උට්ඨාන වීර්යයෙන් දෑත දෙපය වෙහෙසවා, ශ්‍රමය යොදවා ධාර්මික ලෙස ධනය උපයා ගත යුතු බව(උට්ඨාන වීරියාධිගතෙහි ඛහා බල පරිචිතෙහි සෙද්‍රවකඛිතේතහි ධම්මිකෙහි ධම්මලදෙධහි) ය. මොනම හේතුවක් නිසාවත් අදර්මයෙන් සමෘද්ධිය ප්‍රාර්ථනා නොකළ යුතු බව බුදුරදුන්ගේ අවවාදය යි.


    “න අත්ත හේතු - න පරස්ස හේතු 
      න පුත්ත මිචේජ - න ධනං නරටඨං
      න ඉචේජය්‍ය අධම්මේන සමිදධි මතතනො
      ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා”
                
(තමා වෙනු‍ෙවන් හෝ අනුන් වෙනුවෙන් වැරදි අයුරින් දරුවකු ධනයක් හෝ රටක් නොපතන, අධර්මයෙන් තම සමෘද්ධිය නොපතන තැනැත්තා සිල්වතෙකි, නුවණැත්තෙකි, ධාර්මිකයෙකි.)


විද්‍යාවේ කරුණු සාකච්ජා කිරීමේ දී අනුගමනය කරන සාරධර්ම වියුක්ත මධ්‍යස්ථ දෘෂ්ටිය වැදගත් යැයි ප්‍රතික්ෂේප කළ නොහැක. එහෙත් එය සත්‍ය සොයා ගැනීම සඳහා අදාළ ශීල්පීය ගුණාංගයක් පමණි. මිනිසුන්- සමස්ථ වශයෙන් සියළු ජීවීන්- සම්බන්ධයෙන් ප්‍රායෝගික ව බලපාන කරුණු වල දී උදාසීන වීම සුදුසු නැත. මධ්‍යස්ථ වී පින්- පවු, කුසල් අකුසල් හෝ හොඳ- නරක හා යුතු- අයුතුකම් පිළිබඳ සාකච්ජා අතහැර දැමීමෙන් සිදුවන්නේ හානියකි.

ප්‍රාණඝාතයෙහි හොඳක් හෝ නරකක් නැතැයි පිළිගතහොත්  වන්නේ ඕනෑම සත්ත්වයකු මැරීමට අපට අවසරයක් ලැබීමකි. එම අවසරය හැම දෙනා ම තම තමාට පවරා ගතහත් එකනෙකා විසින් එකිනෙකා මරා ගැනීම මඟින් සමස්ත සත්ත්ව සංහතිය ම වඳවනු නිරනුමානය. එහෙයින් මානව සමාජයේ පැවැත් ම සඳහා සදාචාර පැවැත්ම සඳහා සදාචාර ප්‍රතිපත්ති අවශ්‍යය. සමාජ විද්‍යාවන් විශේෂයෙන් ම සාර ධර්ම පිළිගත යුතුය. වෙනත් විද්‍යාවන් වුව ද ප්‍රායෝගගික මට්ටමේ දී එය පිළගත යුතුව තිබේ.

එසේ නොපිළිගත් විද්‍යාඥයන් විසින් කරන ලද බලගතු අනර්ථකාරී පර්යේෂණ හා නිෂ්පාදන නිසා දැන් මානව ප්‍රජාව සාමූහික විනාශයේ දොරටුව වෙත ම ලඟා වී ඇති බව නොරහසකි. පරිසරය දූෂණය වී, සම්පත් හීන වී, මාරක ආයුධ බහුල වී,මානව භුක්තිය තූනී වී සමස්ත ජීව ලෝකයම මේ අනතුරට යොමු වූයේ සාර ධර්ම ප්‍රතික්ෂේප කළ විද්‍යාඥයන්ගේ අමනෝඥ  ක්‍රියා කලාපය නිසා ය.එහෙයින් බෞද්ධ ආර්ථික චින්තනය නූතන ආර්ථික විද්‍යාඥයනට ප්‍රායෝගික යථාර්ථය වෙත නෙත් විවර කරන්නට යෝග්‍ය විචාරවත් ආකල්පයක් අප හමුවේ තබයි.


ධනය උපයා ගත යුත්තේ කුමක් නිසා ද ? බුදුදහම ධනය පිළිබඳ ව උපයෝගීතාමය ඇගයුමක් ලබා දෙයි. ඒ අනුව ධනය අවශ්‍ය වන්නේ සැපවත් ව ජීවත් වීමෙන් ප්‍රීතියක් විඳගනු පිණිසය. (සුඛෙති ජිණෙති) යම්කිසි අවස්ථාකදී ධනය දුක් පිණිස පවතින්නේ නම් එටිට ධනය අනර්ථකරය. එහෙයින් සැප පිණිස, ප්‍රීතිය පිණිස පවතින ප්‍රමාණයට ධනය තිබීම ප්‍රමාණවත් ය. මෙහිදී බුදුදහම හුදෙක් ධනය රැස් කිරීමෙන් මිනිසාට තෘප්තිය ලබා ගත නොහැකි බවපෙන්වා දෙයි. මිනිසාගේ ආශාව අසීමිත ය. කාම වස්තු කෙරේ ඇති ගිජු බව නිසා මිනිස්සු ආශවෙකන් මැඩී, තවතවත් වුවමනා බව සිතමින් ම අතෘප්තියෙන් ම මිය යති.(ඌනාව හුතවාන ජහනති දේහං)


ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ආර්ථික වද්‍යාටෙව් කාර්යය  ලොව පවත්නා සීමිත සම්පත් ඇසුරෙන් මිනිසාගේ අසීමිත ආශාවන් පිනවීමට උදව් වීම බවය. මෙය කිසිකලෙක සාර්ථක කරගත නොහැකි අරමුණකි. මිනිසාට කිසි කලෙක පිනවා ගත නොහැකි තරම් ආශා ඇත. එක් ආශාවක් තෘප්තිමත් වෙතැයි සිතන විට තවත් ආශාවක් ජනිත වේ. කරත්තයක ඉදිරියෙහි රැඳ වු කැරට් අලයක් අල්ලා ගැනීම සඳහා දිව යන අශ්වයකු මෙන් මිනිසා ද කිසි කලෙක නොලබන තෘප්තිය පසු පස දිව යන බව බටහිර සන්දෘෂ්ටිකවාදී දාර්ශනිකයෝ පවසති.

මේ නිරර්ථක ගමනේ අවසානය සියළු දෙනා ම අතෘප්තියෙන් මියයාම නොවේද? ඉටුකර ගත නොහැකි දෙයක් වෙනුවෙන් වෙහෙසී මියයාම වෙනුවට ප්‍රීතියෙන් තෘප්තියෙන් ජීවත් වීමේ මඟක් බුදුසමය අපට උගන්වයි. එනම් ධනය නිෂ්ටාවක් නොව මාධ්‍යයක් ලෙස  ගැනීමය. ධනය රැස් කර ගොඩගසා ගත යුත්තක් නොව වියදම් කර ප්‍රීතිය ලබා ගත යුත්තකි. එම ප්‍රීතිය ලැබෙන්නේ අසීමිත ආශා වෙනුවට සාධාරණ ලෙස සීමා කරගත් පාලිත ආශා පිණවීමට උත්සාහ දැරීම තුළිනි.


බෞද්ධ ආර්ථික දර්ශනයට අනුව මිනිසාට මූලික අවශ්‍යතා සමූහයක් වෙයි. එනම් ආහාරපාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන හා බේත්හේත්ය. මෙම මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ පසු තම ධනයෙහි අතිරික්යක් ඇති වුවහොත් අතිරේක ආස්වාදයක් (අචජරිය රස) ලබා ගත හැක. මෙසේ අවශ්‍යයතා හඳුනාගෙන සීමා පනවා ගැනීම තුළින් එක් එක් පුද්ගලයන් තුළ ආර්ථික අතෘප්තියෙහි අඩු කිරීමක් සිදුවෙයි. මෙය නූතන මිනිසාගේ ආර්ථික අර්බුදයෙහි එක් අංගයක් විසඳා ලයි.


පුද්ගලයනගේ ධනෝපාර්ජන කටයුතු බලවත් උත්සාහයෙන් හා කූට උපක්‍රම ආදිය යෙදීමෙන් අසීමිතව කරගෙන යාම නිසා ද ආර්ථික වශයෙන් සමාජය තුළ අසහනකාරී තත්ත්වයක් ඇති වෙයි. සියළු දෙනා ම තරඟකාරී ලෙස උපක්‍රමශීලි වීම නිසා තරඟය උග්‍ර වේ. එවැනි තත්ත්වයක් පාලනය කිරීමට බුදුදහම ප්‍රධාන වශයෙන් ශ්‍රමයේ වැදගත්කම අවධාරණය කර, ධනය ධාර්මික වන්නේ ධාර්මික ලෙස ඉවසීම මඟින් පමණක් බව දක්වා ධනෝපායන කාර්යයේ ඇති විය හැකි අකාරුණිකත්වය ද පාලනය කරයි.

ඊට අතිරේකව මිනිසා ධනය රැස් කර ගත යුත්තේ තමා පමණක් සැපවත් වීමට නොව, තම දෙමාපියන්, අමුදරුවන්, ඥාති මිත්‍රයන් මෙන් ම ආගමික උතුමන් ද සුවපත් කරවනු පිණිස බව  ද උගන්වා ඇත. උපයන ලද ධනයෙන් ආගමික යුතුකම් තරමට වැදගත් මට්ටමින් (බලි) ඉටු කළ යුතු දීමනා ලෙස නැදෑයනට, ආගන්තුකයනට, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, මියගිය ඥාතිනට දෙන දේ මෙන් ම ආදයම් බදු ද දක්වා ඇත. මේ අරමුණු රැස් කරගත් විට ධනෝපාර්ජනය ආත්මාර්ථකාමී කටයුත්තක් ‍ෙලස නොපෙරාර්ථකාමී කටයුත්තක් බව ආර්ථික කාර්යාවලියෙක නිරත වන පුද්ගලයන් වටහා ගනු ඇත.

හැකි පමණින් බෙදා හදා ගෙන අනුභව කිරීම තුළින් ලැබෙන ආස්වාදය (දත්වාව භූත්වාව යථානුභාවං) අසීමිත ලෙස රැස් කිරීමේ නිරත වීම තුළින් ලබන පීඩාකාරී නිරත වීම තුලින් ලබන පීඩාකාරී මානසිකත්වයට වඩා ප්‍රසන්න බව වැටහීම මිනිසා යහපත් පුද්ගලයකු කරනු ඇත. බෞද්ධ ආර්ථික චින්තනය පිළිගන්නා පුද්ගලයා ධනය පරිහරණය කරන්නේ ධනයෙහි පැටලී, සිහි මුලාවී, එයට ම යටවී, ආදීනව නොදැක නොවේ. නියම බෞද්ධ ආර්ථික ආකල්පය නම් ධනයෙහි නොපැටලී, සිහි මුලා වනාවී, නිම්හිම් දැන ආදීනව මෙනෙහි කරමින් ධන පරිහරණය කිරීමයි. (අගථිතො, අමුචජිතො, අනජ්ක්ධාපනෙතා,ආදීනව දසසාවී)


මෙතෙක් දැක් වූ කරුණු වලට අනුව බෞද්ධ ආර්ථික චින්තනය මඟින් මිනිසාගේ ආර්ථික චර්යාවට බොහෝ සීමා පණවා ඇති බව කෙනෙකදුට පෙනී යා හැක.

අවශ්‍යයතා සීමා කර ගැනීමෙන්,
ලොවේ සම්පත් සීමිත බව දැන ගැනීමෙන්, 
ශ්‍රමය යෙදවීමෙන් ම ධනය උපයා ගත යුතු බව මෙනෙහි කිරීමෙන්,
ධාර්මික මාර්ගවලින් පමණක් ධනය ඉපැයීම කළයුතු වීමෙන්,
ධනය රැස් කර තබා ගැනීමට නොව බෙදා හදා ගෙන යුතුකම් ඉටු කරමින් පරිභෝජනීය වූ මාධ්‍යයක් බව දැක්වීමෙන්,


යන මේ සැම අයුරකින් ම කිසියම් පාලනයක් සිදුවේ. මෙසේ පාලනය කර ඇත්තේ මිනිසාට හිරිහැර කිරීමට නොවේ. මේ පාලනයට සිය කැමැත්තෙන්, අවබෝධයෙන් කර නොගතහොත් මිනිසා විසින් ම මිනිසා සූරා කෑම වර්ධනය වනු ඇත. සමාජය සාරධර්ම විරහිත නිර්දය අමානුෂික තත්ත්වයකට පත්වීම නියත ය. විෂම ලෝභය නිසා මානව සබඳතා දෙදරා යනු ඇත.

එමෙන් ම මිල මුදල් සඟවා තබා ගැනීම නිසා විවිධ ආර්ථික ප්‍රශ්න ද ඇති විය හැකිය. මේ සියළු දේ විශ්ව ධනයම සියත‍ට ගත්තද එසේ ගත් පුද්ගලයා අතෘප්තියෙන් පෙළෙනු ඇත. එහෙයි මේ සියළු උපදේශ මගින් කරනු ලබන්නේ ආර්තික ජීවිතය තුළ පවත්නා අනර්තකාරී තත්ත්වය ඉවත් කර මානව දයාව පෙරදැරි කරගෙන සියළු සත්ත්වයන්ට ම අර්ථදායක ආර්ථික චය්‍යීයා රටාවක් මානව සමාජය තුළ ප්‍රත්ෂ්ඨාපනය කිරීමට බව පෙනී යා යුතු ය.


පූර්වෝක්ත පසුබිම තුළ ධාර්මික ලෙස ධනය උපයා ගැනීමට පුද්ගලයා සමර්ථ නම්, එමෙන් ම එම ධනය ධර්මානුකූලව පරිහර ණයට ඔහුට හැකි වන්නේ නම්, ඔහු වෙත ධනය ඒක රාශීවීම අරබයා වෙනත් කිසිඳු සීමාවක් බෞද්ධ චින්තනයෙන් පනවනු නොලැබේ. නිදසුනනක් වශවයෙන් වේයකු තුෟඹසක්  බඳින්නා සේ බමරකු රොන් ගෙන වදයක් බඳින්නා සේ වෙහෙස මහන්සිවී ධනවත් වීම බුදුසමය අනුමත කරයි.

එසේ ධනය රැස් කරගන්නට වෙහෙසෙන දැහැමි බෞද්ධයාට ඉතා වැදගත් උපදෙස් රැසක් ද බෞද්ධ සූත්‍රවලින් උකහා හැක. එහුට මූලික වශයෙන් තමන්ට ගැළපෙන වෘත්තියක් හෝ ව්‍යාපාර5යකන් තෝරා ගන්නට සිදු වේ. බුද්ධකාලීනව පැවති වෘත්තියන් අතර


කෘෂි කර්මාන්තය (කසී)
වාණිජ කටයුතු (වණිජජ)
පශු රක්ෂණය (ගෝරක්ඛ)
රජයේ සේවය ද (රාජ පෝරිස) 
ශිල්ප කර්මාන්ත (සිපපඤඤතර)
හමුදා සේවය (ඉසසත්ථ)


යන මේ කවරක් වුව ද ඔහුට තෝරා ගත හැක. මේවායින් වඩාත් ජනප්‍රිය වන්නට ඇත්තේ කෘෂිකර්මය, පශු රක්ෂණය හා වෙළදාම ය. වෙළදාම පහසුවෙන් පොහොසත් විය හැකි මඟක් මෙන් ම පහසුවෙන් වැරදි මඟට වැටෙන්නට ද ඉඩ කඩ වැඩි වෘත්තියක් හෙයින් එහි ලා ඇතැම් වෙළදාම්  හා වාණිජ උපක්‍රම අනර්ථකර බව පැහැදිලි කරන්නට ද බුදුරදුන්ට සිදු විය.


සතුන් හා මිනිසුන් වෙළදාම (සතත වණිජජ)
අවි ආයුධ වෙළදාම (සතථ වණිජජ)
විෂ වෙළදාම (විෂ වණිජජ)
මස් වෙළදාම (මංස වණිජජ)
මත්ද්‍රව්‍ය වෙළදාම (මජජ වණිජජ)


මේවායින් වැළකී යහපත් වෙළදාමක නිරත වුව ද කිරුම් මිනුම් ආදියෙන් වංචනික කටයුතු කෙරේ නැඹුරු වන්නට ඇති ඉඩ කඩ ද විවේචනයට ලක් වෙයි.


තුලාකුට - තරාදිය උපකාර කර ගනිමින් විවිධ ක්‍රම වලින් වංචා කිරීම
කංස කුට - බාලකර විකිණීම්, බාල දේ උසස් දේ ලෙස විකිණීම
මාන කුට - මැනීමේ දී කරන විවිධ වංචනික ක්‍රියා


පශු පාලනය සම්බන්ධයෙන් ද පැවසිය යුතු වැදගත් කරුණක් වෙයි. එනම් සතුන් ඇති කරන්නේ මස් පිණිස නොවන බවය. ගවයා මිනිසාගේ පරම මිත්‍රයා බව ද ආහාර, බලය, වර්ණය හා සැප ලබා දෙන සත්ත්වයකු බව ද දක්වන බුදුදහම පශු ඝාතනය හෙළා දකියි.ආශාව, බඩගින්න හා වයස්ගත වීම පමණක් රෝග වශයෙන් උරුම කරගෙන සිටී මිනිසුන් පශු ඝාතනය ආරම්භ කළ පසු රෝග 98ක් ඇති බව සුතත නිපාතයේ සඳහන් වෙයි.


මේ කවර රැකියාවක නිරත වුව ද සාර්ථක ආර්ථික ජීවිතයක් සඳහා අදාළ විය හැකි උපදේශ රැසක් බුදුරජාණන් වහන්සේ වද්‍රළ හ. ව්‍යගඝපජජ සූත්‍රයේ දී,


උට්ඨාන සම්පද්‍ර
ආරක්ඛ සම්පද්‍ර
කළ්‍යාණ මිතතතා
සමජිවීකතා


යන සම්පද්‍ර හතර නිර්දේශ කර තිබේ. උට්ඨාන සම්පද්‍රව නම් අලස නොවී ධෛර්යයෙන් වීර්යයෙන් කටයුතු කිරීමයි. කුසීත කම ඉතාමත් අනර්ථකාරී කරුණක් බව දක්වා ඇත. උට්ඨාන වීර්යයෙන් ආර්ථික ශක්තිය ගොඩනඟා ගන්නට ප්‍රයත්න දරන්නෙකුට අවශ්‍ය උපදේශ පද්ධතියක් අංගුත්තර නිකායෙහි එයි.


ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැන් කලයුතු දේ දැන්ම කරන්න.

වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළා යැයි නොසිතා ඒ වැඩය කළ කාලය තුළ අතපසු වූ වැඩක් ඇත්දැයි සොයා බලා එය ද කරන්න. 

ගමනක් යාමට ඇති විට කළයුතු ව ඇති වැඩ අවසන් කර ගන්නට වෑයම් කරන්න.

ගමනක් ගොස් ආපසු ආ විට ඒ කාලය තුළ මඟහැරුණු කටයුතු කරන්න. 

ප්‍රමාණවත් ආහාරයක් නොලද අවස්ථාවල දී තවමත් මගේ කය වැඩෙහි යෙදිය හැකිය: සැහැල්ලු ය:දුබල වන්නට පෙර වැඩ කලයුතු යැයි උත්සාහ ගන්න.
ප්‍රමාණවත් ආහාරයක් ගත් කල්හි දැන් ශරීරය ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න.

මඳ ගිලන් බවක් දැනෙන විට රෝගය උත්සන්න වීමට පෙර කළයුතු වැඩ නිම කිරීමට උත්සාහ කරන්න.

රෝගයකින් සුවය ලද පසු රෝගී ව සිටි සමයෙහි අතපසු වූ වැඩ කරගන්නට වෑයම් කරන්න.


බුදුසමය අපට දෙන සන්දේශ ධර්මය පිළබඳ, ශ්‍රමය පිළබඳ වූවක් බව ද ශ්‍රමයෙහි නියම අභිමානය රැකගනිමින් වැඩ නොකරන්නට නොව වැඩ කරන්නට ම හේතු සෙවීමට පෙළඹවීමක් බව ද මෙයින් පැහැදිලි ව පෙනේ. කම්මැලියෙකුගේ සියක් වසරක ජීවිතයට වඩා වීර්යය ඇති පුද්ගලයාගේ එක් දින ජීවිතයඊට වඩා අගනා බව බුදුදහම අපට පෙන්වා දෙයි.


    “යො චෙ වසසසතං ජීවේ - කුසීතෝ හීන විරියෝ
    ඒකාහං ජීවිතං සෙය්‍යා - විරියමාරභතො දළහං”
                                (ධම්මපද)


මෙසේ ශ්‍රමාභිමානය පෙරදැරි කරගනිමින් උට්ඨාන වීය්‍යීයෙන් ධනය සරි කර ගත් පසු එය ප්‍ර‍ෙව්ශමෙන්, නුවණින් යුතුව රැක බලා ගැනීම ද වැදගත් ය. මසුරන් විය පැහැදම් නොකර රකින අයුරින් නොව විචාරවත්ව අර්ථ සම්පන්න පරිභෝගය පිණිස ම එය රැක ගත යුතුය. නාස්තිය මෙන්ම අපරිහරණය ද නිරර්ථක අන්තවාදී ක්‍රියා බව බුදුරදුන් පෙන්වා දෙන්නේ උදුම්බරකඛාදික හා අජදධුමරණ යන සංකල්ප දෙක මඟිනි.

උදුම්බරකඛාදික නම් දිවුල් කඩා ගන්නට ගොස් ගසේ අතුපතර සිඳ දැමීම ය. එසේ කළ විට මතුවට ඵලදාවක් නොලැබේ. සම්පත් විනාශ කර ගැනීම එබඳු අනුවණ කමකි. අජදධුමරණ නම් රැස්කර තබාගෙන නොකා නොබී මියයාමයි. මෙම අනුවණ අන්ත දෙක මඟහැර අරපිරිමැස්මෙන් හා නුවණින් ධනය පරිහරණය කල යුතුය.


මිනිසුනට සොබා දහමෙන් ලැබී ඇති සම්පත් සීමිත බව නිතර මෙනෙහි කරන ජනයා ඒ ගැන නොතකමින් සම්පත් විනාශ කරගන්නේ උදුම්බරකඛාදිකයන් මෙනි. වර්තමාන මිනිසා මුහුණ පා ඇති ස්වාභාවික සම්පත් විනාශය හා පරිසර ගැටළු හමුවේ මේ බෞද්ධ විචාරය කාලීන හා අතිශය අදාළ බව අවධාරණය කළ යුතුය. ආනන්ද හිමිපාණනට සිවුරු පන්සීයක් පුජා වශයෙන් ලැබුණු අවස්ථාවෙහි එම සිවුරු පරිහරණය කරන ආකාරය පිළිබඳ ව උන්වහන්සේ කළ පැහැදිලි කිරීම මෙහි දී දැක්විය හැක.

වැඩිපුර ලද සිවුරු දිරා ගිය සිවුරු ඇති හිමිවරුනට දෙන බවත්, ඒ හිමිවරුනගේ සිවුරු ඇඳ ඇතිරිලි, බුමුතුරුණු, පාපිස්නා ආදී විවිධ ප්‍රයෝජන වලට ගෙන කිසි වැඩකට ගත නොහැකි වූ විට මැටි සමඟ අනා බිත්ති සෑදීමේ දී භාවිතා කරන බවත් ආනන්ද හිමියන් විසින් පවසා ඇත. ගෘහස්ථයන්ගේ ධන පරිහරනයේ දී ආරක්ෂාව පිළිබඳ ව පවසා ඇත්තේ මුදල් ආයෝජන හා සුරක්ෂිත පර‍ිදි  අපදා අරමුදලක් වශයෙන් වෙන්කර තැබීම මඟින් ප්‍රවේශම් කරගත යුතු බවයි. අනපේක්ෂිත විපත් සිදුවන ලොවක ජීවත් වන ජනයා එබඳු හදිසි අභියෝග සඳහා සූදානම් ව සිටීම අවශ්‍යය. ධනය විනාශ කරන පරිහානි මුඛ හයක් සම්බන්ධ අනතුරු හඟවා ඇත්තේ ද ධන සංරක්ෂණයට මෙන් ම සදාචාර වර්ධනයට අදාළ වන පරිද්දෙනි. සිගාලෝවාද සූත්‍රයෙහි දක්වා ඇති පරිදි,


සුරාපානය හා මත් ද්‍රව්‍ය භාවිතය. 
අවේලාවෙහි වීදි සංචාරය.
සමජ්ජ(මද්‍යපානෝත්සව හා සමාජ ශාලා) 
සූදුව.
පාප මිත්‍ර සේවනය
අලස වීම

යන කරුණු විනාශයට මං පාදයි. ඒවාට යොමු නොවී ධනය සංරක්ෂණය කරගත යුතුය.


ආර්ථික ජීවිතයට කළ්‍යාණමිත්‍රතාව කෙතරම් අදාල දැයි ව්‍යාපාරිකයෝ දනිති. ව්‍යාපාරයක දියුණුව හෝ පරිහානිය සඳහා මිත්‍රයෝ බෙහෙවින් බලපාති. කළ්‍යාණ මිත්‍රයෝ දියුණුවට ම අදාළ උපදෙස් දෙමින්, පරිහානිය ගැන කල් ඇති ව අනතුරු හඟවමින් හැකි උපරිමයෙන් සහයෝගය දෙමින් උදව් කරති. පාප මිත්‍රයෝ ධන විනාශයට මං පාදන දුශ්චරිත වෙත යොමු කරමින් යමක් උඳුරා ගන්නට ම යත්න දරමින් විනාශයට මං පාදති.

පරිහානියට පත් වූ විට අතහැර යති. මෙබඳු පාප මිත්‍රයන් පිළිබද හොඳ විවරණයක් සිඟාලෝවාද සූත්‍රයෙහි දක්වා තිබේ. සුත්‍රී ධූර්තත්ත්වය, අක්ෂ ධූර්තත්ත්වය (සූදුව) හා සුරා ධූර්තත්ත්වය ‍කෙරෙහි මිනිසුන් යොමු වීමෙහි ලා පාප මිත්‍ර සේවනය දැඩි ලෙස බලපාන බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. එබඳු ධූර්තත්ත්වයට වැටුණු අය ලද ලද දේ විනාශ කරගෙන පරිහානි මුඛයට වැටෙති.


මේ සැම සම්පතක් මෙන් ම තමන්ගේ ආර්ථිකය තමන් ම තුලනාත්මකව පවත්වා ගෙන යාම ද වැදගත්ය. සමජීවිකතා යන්නෙන් අදහස් කරන්නේ එය යි. එයින් අදහස් වන්නේ හුදෙක් අය - වැය සම සම ව තබා ගැනීම නොවේ. අය-වැය සමකර ගත් පමණින් ජීවිතයක් සාර්ථක නොවන අතර, අය සියල්ල ම වැය කිරීම ද අනුවණ කමකි. මෙහි දී අදහස් වන්නේ අධ්‍යාත්මික පරිහානියක් ඇති නොවන පරිද්දෙන් මානුෂික අවශ්‍යතා පිළිබඳ තුලනාත්මක සංකල්පනයක් පදනම් කරගත් නැණවත් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි.

ධූර්තතාවනට නොගොස්, අති විභූෂණ හෝ විෂම ලෝභය වැනි අන්තවාද වලට නොවැටී ශක්ති පමණින් තමස සමාජ යුතුකම් ද ඉටුකරමින් තුෂ්ටිජනක ජීවිතයක් ගත කිරීමයි. සමතුලිත ජීවිතයක් නම් එවැන්නකි.  මෙබඳු සමතුලනයත් ආර්ථික චින්තනය තුළ නොමැති නම් සිදු වන්නේ වැඩිපුර මිල මුදල් ඇත්තන් කාමසුඛල්ලියානුයෝගයට හුරුවී කායික හා මානසික වශයෙන් පිරීහිම ය. නිදර්ශන වශයෙන් ආහාර ගැනීමෙහි, කාමසුඛල්ලියානුයෝගී අන්තය කවර තරමින් පිරිහෙන්නට ඉඩ ඇත්දැයි දැක්වීමට බුදුරදුන් එබඳු තත්ත්වයකට වැටුණු පස් දෙනෙකුන් ගැන කරන විවරණය දැක්විය හැක.


ආහාර හත්ථක - ආහාර අධික ලෙස ගත් පසු නැඟිටීමට අපහසු වී අතින් අල්ලන්නට යැයි කියන්නා
අලං සාටක - ආහාර අනුභවයෙන් පසු වස්ත්‍රය ගලවා දැමීමට තරම් බඩ පුරවා ගන්නා.
තත්‍ර වට්ටක - එතැන ම වැටී සිටීමට තරම් ආහාර රාශියක් අනුභව කරන්නා
කාකමාසක - කපුටන්ට කටින් ගත හැකි මට්ටමට උගුර දක්වා ම අනුභව කරන අය
භුත්ත වමිතක - කෑ දේ වමනය කරන තරමට බඩ පුරවා ගන්නා අය

මෙසේ අධික පරිභෝජනය හුරු නොවී හැකි පමණින් අන්‍යයන් සමඟ බෙදා හදා ගෙන (දත්වාව භූත්වාව) පරිහරණයට හුරු විය යුතුය.


ආර්ථික ශක්තිය මිනිසාට නැතිවම බැරි දෙයක් බවත්, දිළිඳුකම දුකක් බවත් පිළිගන්නා බුදුදහම මහන්සි වී මිල මුදල් උපයා ගන්නට ජනතාවට දිරි දෙයි. එහෙත් ධනය නිසා මුලා වී තම ගුණ සපුව මුදලින් වැසී යන්නට ඉඩ නොදිය යුතු ය. ධනය අපගේ සේවකයා මිස ස්වාමියා නොවන හෙයිනි. ධනයට දාස වුවහොත් තෘෂ්ණාවට දාසය වන්නට සිදුවේ. තෘෂ්ණාවට දාස වීමෙන් කිසි කලෙක තෘප්තියක් නොලැබේ

buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software