topone

karmaya-ha-punarbawaya

ව්‍යවහාරික සමාජයේ කර්මය නමින් අදහස් කෙරෙනුයේ පුද්ගලයා විසින් කරනු ලබන දෙයයි. බෞද්ධ සාහිත්‍යයේ ද ඒ අදහස් තහවුරු කෙරෙන තැන් සුත්ත නිපාතයේ වාසෙට්ඨ සුත්‍ර ආදියෙහි දී දක්නට ඇත.ජාති ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කෙරෙන තැන්වලදී පුද්ගලයා විසින් කරනු ලබන කාර්යයන්ට (කර්මයන්ට) අනුරූපව නම් ගොත් භාවිත කෙරෙන ආකාරය එයට නිදසුන් කොට දක්වයි.

කස්සක සිප්පික, වාණිජ, ආදි නම්වල මෙන්ම බ්‍රාහ්මණ , වසල ආදියෙහි ද ප්‍රභව ඒ ඒ පුද්ගලයාගේ උත්පත්තිය හෝ වර්ණය අනුව නොව ඔහු කරන කියන දේ අනුව බව එයින් පෙන්වා දී ඇත. මනුෂ්‍යයාගේ චිත්ත සන්තානය ඇසුරු කොට ගෙන පවත්නා කරුමය හඳුන්වාදී වෙනත් අංශයෙකි. බුදු සමයෙහි ද්‍රර්ශනික පක්ෂයට නැඹූරු වු එකී කර්ම සංකල්පය වඩාත් ගැඹුරු දහමක් නිරූපනය කරනුයේ ඒ අනුවය. 


බුදුදහම ‘කර්මය’ යනුවෙන් සඳහන් කරන්නේ චේතනා චෛතසිකයයි. කායික, වාචසික හා මානසික සියලු කාර්යයන්හිදී චේතනාව මුල් වු පමණට ඒවා වගකීම් සහිත කාර්යයයන් බවට පත් වේ. නැතහොත් ඒවා ප්‍රතිඵල රහිත හිස් කාර්යයෝය. “ චේතනා හං භික්ඛවේ කම්මං වද්‍රමි”  යනු ඒ අදහස ගෙන දෙන දේශනා පාලි පාඨයයි.

චේතනාව ක්‍රියාත්මක විමේදී හොඳ- නරක වශයෙන් හෝ කුසලා - අකුසල වශයෙන් හෝ යන දෙපැත්තතෙන් එක් පැත්තකට අයත් විය හැකිය. යම්කිසිවක් කිරීමට හෝ කිමට හෝ සිතීමට මුල්වන සිතිවිල්ල තමාගේ යහපත පිණිස හේතු වෙයි නම් , එ‍සේම අනුන්ගේ යහපත පිණිසත් හේතු වේ නම් එය හොඳ ක්‍රියාවකි. කුසල කර්මයකි. එයට පටහැනි වනුයේ නරක ක්‍රියාවයි හෙවත් අකුසල කර්මයයි. පුද්ගලයා හා සමාජය කේන්ද්‍ර කොට ගෙන හොඳ - නරක තීරණය කර ගනු ලැබේ. 


දෛනික ජිවිතයේදී අසඤ්චේතනිකව සිදුවන කායික වාචසික හා මානසික ක්‍රියා අපමණය. වගකීම පිළිබඳ සඳහන් කිරීමේ දී එබඳු ක්‍රියා කුශලා කුශල දෙකින් එකකට හෝ අයත් නො කිරීම කර්මය චේතනා සහිත බව අවධ‍ාරණය කිරීමේ ප්‍රධාන අරමුණ වේ. තෙල් මල් පහන් රැගෙන විහාරයට යන සැදැහැවතාගේ පයට පෑගී මිය යන සතුන්ගේ ප්‍රමාණය ඇතැම් විට ඉතා විශාල විය හැකිය. එහෙත් ඒ පුද්ගලයාගේ අධ්‍යාශය සතුන් විනාශ කිරීම නොවේ. කුස කර්මයක් සඳහා යාමකි. එහෙයින් එතැන දී අකුසල කර්මයක් සිදු විය හැකි නොවේ.වෛද්‍යවරයා සැත්කමක් කරද්දී රෝගියා මිය යයි.

සැත්කම කරන ලද්දේ රෝගියා මරා දැමීමේ අදහසින් නම් එහිදී ප්‍රාණඝාත අකුශළය සිදු විය හැකිය. එහෙත් රෝගියා ජිවත් කරවීමේ අභිප්‍රාය මුල් වී නම් එතැන අකුශලයකට  ඉඩක් නැත. ජෛන ආදී වෙනත් සමයාන්තරයන්ට වබා බුදු සමයෙහි දී මනසට ප්‍රධාන ස්ථානයක් හිමි කර දී චේතනා චෛතසිකය අවධාරණය කෙරෙනුයේ මේ පසුතලය යටතේය.


සචේතනිකව කයින්, වචනයෙන් හා මනසින් කෙරෙන දේ කායකම්ම, වචිකම්ම, මනෝකම්ම යන නම්වලින් හැඳින් වේ. චේතනාව කය වචනය සිත යන ද්‍රෙරටු තුනෙන් නික්ම කෙරෙන අකුසල් දසයක් බුදු දහමෙහි දැක්වේ. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි මගින් කම්සැප විදීම, යන තුන අකුසල කායකම්ම නමි.බොරු කීම, කේළාම් කීම, රළු වචන කීම හා හිස් වචන කීම අකුසල වචිකම්මයෝ වෙති.

අකුශල මනෝකම්ම නම් දැඩි ලෝභය, ළුයාපාදය හා මිසදිටු බව යන තුනයි. මේ ත්‍රිවිධ අකුසල්වලින් වැලකීම හා ඉන් ඉවත්ව ක්‍රියා කිරීම කුසල කම්ම ලෙස ගැනේ. අකුසල චේතනාවකින් ඒ මොහොතෙහි දුෂ්‍යවන හෝ කුසල චේතනාවකින් පිරිසිදු වන සිත තවත් සිත් පරම්පරාවකට මුල් වීම ස්වභාවිකය. පුද්ගලයෙකු කෝප වූ කල්හි ඔහුගේ මුහුණේ දරුණු ස්වභාවය කොපමණ වේලාවක් පවතීදයි අපට සාමාන්‍යයෙන් දැක ගත හැකිය.

ඇසපිය හෙළන මොහොතක දී දහස් ගණනක් සිත් ඇති වී නැති ව යාම බෞද්ධ මනෝවිද්‍යාත්මක සිද්ධාන්තයකි.එක් සිතක් නැතිව යනුයේ ඊළඟ සිතට පසුබිම් සකස් කර දිමෙනි. ඒ අනුසාරයෙන් ඉහත කී පුද්ගලයාගේ මනසෙහි දෝස සහගත සිත් සුළු කාලයක් තුළ දී ඇතැම් විට කෝටි ගණනක් ඇතිව නැතිව ගොස් තිබෙන බව පහසුවෙන් වටහා ගත හැකිය. 


ද්වේශය හෙවත් පටිඝය ද සෙසු කුසල් හෝ අකුසල් සිත් මෙන් පුද්ගල මනසින් ඉවත්ව යනුයේ එය ක්‍රියාත්මක වූ ප්‍රමාණය අනුව එහි උණුසුම යටි සිතෙහි තැන්පත් කරමිනි. අවශ්‍ය ප්‍රතයයන් ලැබු මොහොතක දී එය නැවත ප්‍රකටව පෙනේ. නින්දේ දී හෝ ප්‍රකෘති සිහියෙන් තොර වූ විටෙක දී හෝ යටිසිතේ තැන්පත් වූ සිතිවිලි පිබිදී එන්නේ ද ඒ ආකාරයෙනි. ඇති වෙමින්, පවතිමින්, නැසෙමින් (උප්පාද, ඨිති, භංග) නැවත ද ඇති වන සිතත් සමඟ කර්මමය චේතනා මොස් ප්‍රවාහයක් සේ ගමන් කරයි.

අවිද්‍යාව නිසා කුශලා කුශල සංස්කාරයන් එක්රැස්කර ගනු ලබන අතර එය වඤ්ඤාණයේ පහළ වීමට හේතුව වෙයි. විඤ්ඤාණය සමඟ කර්මය ශක්තිය ද එසේම ප්‍රවාහි ස්වරූපයෙන් ගමන් කරයි. පුද්ගලයා සමඟ කර්ම ශක්තිය ද සෙවනැල්ලක් මෙන් ගමන් කරන බව බුදු සමය සඳහන් කරනුයේ එහෙයිනි. 


බිජයට අනුරූපව අස්වැන්න ලැබීමේ සිද්ධාන්තය ඇසුරින් කර්මය (හේතුව) ට අනුව විපාක(ඵලය) ලැබෙන ආතාරය භාරතීය ආගම් හා දර්ශන විසින් පිළිගෙන ඇත. විපාකය කුසල් අකුසල් යන දෙකින් එකකි. කර්ම විපාකය පුද්ගලයා කෙරෙහි බලපැවැත්වීම ඇතැම්විට ඒ හේතුවට සම්බන්ධ වූ ආත්මභාවය තුළ දී ම, එකි පඤ්ච ස්කන්ධය පවතිද්දී ම (දිට්ඨෙ වා ධම්මේ)සිදු විය හැකිය. එසේ නැත්හොත් ඊට ආසන්න වූ ම ආත්ම භාවයේ දී (උපපජ්ජේ වා) විය හැකිය. එසේ ත් නැති නම් සංසාරික ජිවිතයේ කවර හෝ අවස්ථාවකදී (අපරේ වා පරියායේ) එකි කුශලා කුශලා කර්ම විපාකයට මුහුණ දීමට සිනුවන ඇත.

සියලු කෙලෙසුන් නැසූ බුදු පසේබුදු මහරත් උතුමන්ය පවා කෙලෙසුන් පසුබිම් කොට ගෙන උපන් රූපා දී පඤ්ච ස්කන්ධයන් පවත්නා තාක් කල් කර්මයේ සුඛ හෝ දුක්ඛ ද්‍රයක විපාකයෙන් මිදීමක් නොමැති බව විවිධ කථාවස්තු මාර්ගයෙන් බෞද්ධ සාහිත්‍යයේ විවරණය කොට තිබේ. අනුපාදිශේෂ නිර්වාණ ලබන තෙක් කර්ම ශක්තියේ ක්‍රියාත්මක වීම නො නවතින බව එයින් ස්ථූල කෙරේ. 


චුති ප්‍රතිසන්ධි දෙකෙහි  දී මෙන්ම ජිවිතයේ අනෙකුත් අවස්ථාන්හි දී කර්මය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරයේ සීමාවක් දැක්විය නොහැකියි. එහෙත් පඤ්ච නියාමධර්ම අතුරෙන් උතුබිජ, ධම්ම හා චිත්ත යන නියාම ධර්ම අනුව සිදුවන සිද්ධින් කර්ම නියාමය වශයෙන් ගැනීම ධර්ම විරෝධි වෙයි. නිදසුන් මගින් මෙය පැහැදිලි කර ගත  යුතුය.

ස්වභාව ධර්මය නිසා වැසි , සලං ආදිය ඒ ඒ සෘතුවට අනුව වායු පීඩනයන්ට අනුරූපව පුද්ගලයා කෙරෙහි බලපායි. ශ්‍රීෂ්ම කාලයට ජලය හිඟ වෙයි. තද සුළගින් දුරුවල ගසක් ඉදිරි වැටෙයි. සිටුවන ලද බිජයක් පුස්සක් වු හෙයින් දළු ලියලීමක් සිදු විය නොහැකිය. මේවා අනුව සියල්ල පූර්ව කර්මයෙන් සිදුවේය. (සබ්බං පුබ්බේකත හේතුං යන්න කෙරෙහි බලපානා ප්‍රමාණය බුදු ඇසකින් විනා පොදු ඇසකින් දැකිය නොහැකි හෙයින් “කර්ම විෂය අවින්න්‍ය) ලෙස බුදු දහමෙහි දන්වා ඇත. 


“කර්ම රැස්කිරීම නිසා එහි විපාක කර්මය නිසා හට ගනි. පුනර්භවය ඇති වන්නේ එයිනි. ලෝකය පවත්තා මේ ආකාර යෙනි.” මනුෂ්‍යයෙකුගේ පහළවීම සඳහා කරුණු තුනක් සම්පුර්ණ වියයුතු බව බුද්ධ ධර්මයේ සඳහන් වෙයි. එනම්: මවගේ සෘතුවීම සිදවිය යුතුය, මවුපියන්ගේ සභවාසය සිදුවිය යුතුය. කර්මශක්තිය සහිත විඤ්ඤාණ්‍ය ලඟා වි තිබිය යුතුය. මවු කුස කලල රූපයක් ඇතිවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය සාධක මව්පිය දෙදෙනාගෙන් ලැබිය යුතුය. එහෙත් විඤ්ඤාණයක් මව්කුසට බැස නො ගත්තේ නම් එකි සාධනයන් විනාශ වී යයි.

සත්ත්ව ජිවිතයක පේශී අවස්ථාව ඇති වී වැඩීම සඳහා මේ කරුණු සම්පුර්ණ විය යුතුය. ගන්ධබ්බ නාමයෙන් හැඳින්වෙන කර්මවේගය සහිත විඤ්ඤණ සන්තතිය ඉහත ආත්ම භාවයේදී රැස් කරගන්නා ලද කුශලා කුශලාකර්ම යන්ගේ විපාක වශයෙන් ලැබෙන්නකි. මරණාසන්න අවස්ථාවේ දී රූපස්කන්ධය හැරපියා යන චිත්ත චෛතසික බලවේගය කර්ම ශක්තිය අනුව යෝග්‍ය වු අභිනව මව් කුසයක් ග්‍රහණය ( උපාද්‍රනය) කෙරෙයි. තණ්හාව නිසා ඇතිවන මේ ග්‍රහණය හෙවත් අල්වා ගැනීම් හේතු කොටගෙන භවය ඇතිව්. එනම් කුශලා ‘කුශලා ශක්තිය නම් වූ කර්ම භවය හා හට ගැනීම , වැඩීම ආදී වූ උත්පත්තිභවය නමින් හැඳින්වෙන සංස්කාරයන්ගේ පහල වීමයි. 

පුනර්භවය අවබෝධ කර ගැනීමෙහිලා සිත ඇතිවීම පිළිබඳ බෞද්ධ විවරණය මහෝපකාරී වේ. සත්තව පුද්ගල නමින් ගැනෙන්නේ චිත්ත චෛතසික හා රූප කලාප පරම්පරාවකි, හෙවත් නාමරූප සන්නතියකි. මේවා එකක් අනෙක ඇසුරු කොට ගෙන පවත්නා සාපේක්ෂ ධර්ම වන අතර, එකකින් තොරව අනෙකෙහි පැවැත්මක් දැක්විය නො හැකිය. සිත පිළිබඳව සලකා බැලීමේදී එය මොහොතින් මොහොත වෙස් වෙමින් ගලා යන ආකාරය හා එක් සිතක් ඉපදීම, පැවැත්ම හා බිදීම යන අවස්ථා තුනකින් යුත්තය.

බිඳී යන්නේ තවත් සිතක උපත හා බිඳීම යන අවස්ථා තුනක‍ින් ඉකුත්ව ගිය සිත හා දැන් පවත්නා සිත අතර හිස් බවක් හෝ සම්පුර්ණ වෙනසක් හෝ නැත. චිත්ත පරම්පරාව, සන්තතිය ආදී නම් යෙදෙන්නේ ඒ නිසාය. රූපය ද එබඳුය. සිත පමණ වේගයකින රූපය ගමන් නො කරන අතර එහි පැවැත්ම ( ආයුෂය) චිත්තක්ෂණ 17 ක කාලය වශයෙන් අභිධර්මයේ දැක්වෙයි. එයින් පසුව වෙනත් රූපයකට ඉඩ සලසා බිදී යයි. සාමාන්‍ය ඇසකට ගෝචර නො වූවද ප්‍රතිසන්ධියේ සිට චුතිය දක්වාත් නාම රූප ධර්මයන්ගේ පැවැත්ම මේ අයුරින් සිදුවේ. 


චුතිය යනුවෙන් අදහස් කෙරෙනුයේ සිතිවිලි ( චෛතසික)හා සමඟ එක් වූ සිත එතෙක් ඇසුරු කොට ගත් රූප කලාපයෙන් ඉවත්වීමයි. ඒ මොහොතේ ම සිත (විඤ්ඤාණය) වෙනත් රූප සන්තතියකට සම්බන්ධවීම පටිසන්ධි නාමයෙන් හැඳින්වේ. රූපධර්ම බිඳී යද්දී එයට ජිවය ලබා දුන් නාම ධර්මයන් වෙනත් රූපයන් කරා සංක්‍රමනය වන ආකාරය මෙයින් දැක්වේ.

නාමරූපයන්ගේ ක්ෂණභංගුරතාවත්, සන්තති ස්වරූපයක් පූර්ණ වශයෙන්අවබෝධ වන්යේ ප්‍රනිත්‍ය සමුප්පාදය ප්‍රත්‍යක්ෂ කර ගත් රහතන් වහන්සේටපමණකි. ව්‍යවහාරික ලෝකය තුළ සත්ත්වයාගේ සංසාරික ජිවිතය පැහැදිලි කරමින් මරණය හා නැවත ඉපදීම අතර සම්බන්ධය කෙබඳුදැයි යන ප්‍රශ්නයට “ එසේ උපදින්නේ මෙලොව සිටි අය නොවේ, වෙනත් කෙනෙක් ද නොවේ.” (න ච සො න ව අඤ්ඤෝ) යන්න නාගසේන හිමියන් ඉදිරිපත් කරන පිළිතුරයි. 


කර්මය හා පුනර්භවය යථාර්ථ වශයෙන් විවරණය කිරීම සඳහා බුද්ධ ධර්මයෙහි උපයෝගි කොට ගෙන ඇත්තේ ප්‍රනීත්‍ය සමුප්පාද න්‍යායයයි. කර්ම රැස් කරන්නේ අවිද්‍යාව හෙවත් නොදැනීම නිසාය. අවිජ්ජා, සංඛාර,තණ්හා, උපාද්‍රන, භව යන මේ සියල්ලක් හේතු කොට ගෙන විඤ්ඤාණ, නාමරූප ආදී ඵලයන් ජනිත කෙරේ. මෙසේ කවර ආකාරයකින් හෝ හේතු- ඵල වශයෙන් දුක් ඇති කරවමින් සත්ත්වයාගේ සසර ගමනසිදු වේ.

අවිජ්ජා, තණ්හා ආදිය පසුබිම් කොට ගත් චෛතසිකයන් සිතක නැවත ඇති නොවෙන සේ මුලිනුපුටා දැමීය හැකි වු විටෙක නැවත භවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. ( න හි ජාතු ගබ්බසෙය්‍යං පු‍නරේති) පුනර්භවය ඇති කරන සාධකයන් යථාභූත - ඤාණදස්සනයෙන් හඳුනා ගත් කල්හි ඊලඟ භවයන් පිළිබඳ අපේක්ෂා රහිතව, උපාච්‍රනයෙන් තොරව සිතෙහි නිරෝධය  ඇතිවෙයි. පුනර්භවය රහිත ව නාමරූප ධර්මයන්ගේ එම නැවැත්ම නිවි ගිය පහන් දැල්ලක් මෙන් අනිර්වචනීය ස්වභාවයටපත් වේ.

buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software