topone

budunwahansege-iganweem

බුදු දහම ලෝකයේ ප්‍රධාන ආගම් අතරින් එකකි. එයට පදනම දමන ලද්දේ ක්‍රි.පූ. 560 - 480 අතර සමයේ උතුරු ඉන්දියාවේ විසූ සිද්ධාර්ථ ගෞතම හෙවත් බුදුන් වහන්සේ විසිනි. උන්වහන්සේගේ කාලවකවානුව වූයේ, ගංගානදී නිම්නයට ආර්ය ශිෂ්ඨාචාරයේ වැඩිදුර ඉදිරියට ඒම මඟින් සනිටුහන් කරන ලද සමාජ හා ආගමික පෙරළියක් ඇති වූ සමය යි.

මේ පෙරළියට, වෙළඳාම හා නගරයන්ගේ සංවර්ධනය, පැරණි ගෝත්‍රික සමාජය බිඳ වැටීම සහ යුගයේ අභියෝගයට ප්‍රතිචාර වශයෙන් නව ආගමික ව්‍යාපාරයන්ගේ පුළුල් පරාසයක් ජනිතවීම ද ඇතුළත් වෙයි. මේ ව්‍යාපාර පැනනැඟුනේ හින්දු දහමේ බ්‍රාහ්මණික සම්ප්‍රදායෙන් වන නමුත් එයට එරෙහි ප්‍රතික්‍රියාවක් ද වූයේ ය. මෙමඟින් බිහි වූ අලුත් නිකාය දහම් අතරින් බුදුදහම අත්‍යන්තයෙන් සාර්ථක වූ ද, අවසානයේ ඉන්දියාව හා ආසියාවේ වැඩි කොටසක් පුරා පතල වූ ද දහම විය.


අද බුදුදහම ප්‍රධාන ශාඛා දෙකකට බෙදා දැක්වීම සාමාන්‍ය දෙයකි. මේ දෙකින් ථෙරවාද යන්න වඩා සාම්ප්‍රදායික ලෙස සැලකේ. එය ශ්‍රී ලංකාව, මියන්මාරය, (බුරුමය), තායිලන්තය (සියම) යන රටවල්හි ස්ථථාවරව පවතී. මහායාන දහම වඩාත් නම්‍යශීලී සහ ස්වාධීන වෙයි. එය ප්‍රධාන වශයෙන් තායිවානය, කොරියාව සහ ජපානයේ ද දක්නට ලැබේ. බෞද්ධ තන්ත්‍ර අවධාරණය කරමින් තිබ්බත ජනයා අතර ද මහායාන දහම හදුනාගනු ලැබ ඇත. වත්මන් යුගයේ ථෙරවාද හා මහායාන දෙකත්, එසේ ම තිබ්බත තාන්ත්‍රික බුදුදහමත් අපරදිගින් සිය අනුග්‍රාකයන් උපයා ගෙන ඇත. 


සැබවින් ම අද, වත්මන් බෞද්ධ ජනගහනයේ ප්‍රමාණය ගණනින් දැක්වීම අපහසු ය. ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විස්තර ලබා ගැනීම දුෂ්කර ය. එයට හේතුව ඇතැම් පුද්ගලයන් බෞද්ධ විශ්වාසයන්ගෙන් යුක්තව සහ බෞද්ධ වත්පිළිවෙත් සමග බැඳී සිටියත්, ඒ එක්ක ම ජන හෝ වෙනත් (ශින්ටෝ, තාවෝ, හින්දු ආදී) ආගමික මතවාද දරා සිටීම යි. එවන් පුද්ගලයන් තමන් බෞද්ධයන් ලෙස නම් කරගන හෝ නොගනු විය හැකි අතර, එලෙස ගණන් ගනු හෝ නොගනු ද විය හැකි ය. කෙසේ වෙතත් ලොව පුරා පැතිර ගත් බෞද්ධයන්ගේ සංඛ්‍යාව මිලියන 300කට වැඩි බවට ඇස්තමේන්තු කර ඇත. 


බුදුන් වහන්සේ ඉදිරිපත් කළ චතුරාර්ය සත්‍යයෙන් පළමුවැන්න දුක යන්න යි. මෙයින් උන්වහන්සේ අදහස් කරන ලද්දේ ඇතැම් විට දුක් සහිත වන්නේ මානව පැවැත්ම පමණක් නොව, සකල සත්ත්ව සන්තතිය එනම්, මිනිසුන්, සිවුපා ආදි සතුන්, පේ‍්‍රතයන්, නිරිසතුන් ද එපමණක් නොව දෙවියන් පවා ඔවුන්ගේ කර්මය විසින් මංමුලා කරනු ලැබ සංසාර ගමනේ, පුනර්භව චක්‍රයේ දුක්ඛ ජාලයක පැටලී, කොටුවී සිටින බව යි. සංසාරය හා කර්මය පිළිබඳ සිද්ධාන්ත බුදුදහමට පමණක් විශේෂ වූ ඒවා නොවේ.

කෙසේ වෙතත් බුදුන් වහන්සේ විසින් සංසාරය, ත්‍රිලක්ෂණ සිද්ධාන්තය ස්වභාව කොට ඇතැ යි විශේෂ කර දක්වා ඇත. මේ ත්‍රිලක්ෂණය වන්නේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම යි. නිරන්තරයෙන් වෙනස් වන හෙවත් ක්ෂණ භංගුර ලෝකයක දුක් විඳින්නාහු තනි තනි පුද්ගලයෝ පමණක් නොවෙති. මමත්වය හෙවත් අහංභාවය සේ පෙනෙන ‘ආත්මන්’ වෙත පවා එයින් වෙන් කොට ගත හැකි, නන්විධ මූලික කරුණු වලින් තොර,ස්වාධීන සත්භාවයක් නැත. 


දෙවන ආර්ය සත්‍යය නම්, දුකට ම පාදක වූ හේතුව යි. එනම්, දුක්ඛ සමුදය සත්‍යය යි. සරලතම පියවරේදී එයට හේතුව තණ්හාව යැ යි කිව හැකි ය. එහෙත් ඒ පිළිබඳ සිද්ධාන්තය ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය තුළ සපුරා විස්තර කරනු ලැබ ඇත. එය අඛණ්ඩ හේතු දාමයට අනුව සමස්ත සත්භාවයේ අන්තර් සම්බන්ධතාව පැහැදිලි කරයි. 


තෙවන ආර්ය සත්‍යය හෙවත් දුක්ඛ නිරෝධ සත්‍යය, ඉහත දැක්වුණු අඛණ්ඩ හේතුදාමය සිඳ දමා දුක් නැති කළ හැකි බව දක්වයි. බෞද්ධයෝ මෙසේ දුක කෙළවර කිරීම නිර්වාණ නමින් හඳුන්වති. එය සංසාර විමුක්තිය හෙවත්, පුනර්භව නිරුද්ධිය ලෙස තේරුම් ගනුලැබේ.


අවසාන හෙවත් හතර වැනි ආර්ය සත්‍යය වන්නේ දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා සත්‍යය යි. එනම් දුක්ඛ නිරුද්ධීය සලසා ගන්නට ගමන් කළ හැකිව ඇති මාර්ගය යි. එය ආර්ය අෂ්ටාංගික ප්‍රතිපදා මාර්ගය වේ. මේ ප්‍රතිපදා මාර්ගය, සදාචාරාත්මක හා විනයානුකූල ව්‍යවහාර (සීල) සහ සමාධි හා භාවනා පරිචය ශ්‍රද්ධාව සමඟ සංයෝජනය කරමින් අවසාන වශයෙන් ප්‍රඥාව වෙත යොමු කරනු ලැබේ. එනම්, සීල, සමාධි, පඤ්ඤා ප්‍රතිපදා මාර්ගය යි. මෙය සීල මාර්ගයෙහිලා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ලෙස ද, සමාධි මාර්ගයෙහිලා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලෙස ද පඤ්ඤා මාර්ගයෙහිලා සම්මා සංකප්ප, සම්මා දිට්ඨි ලෙස ද දැක්විය හැකි ය. 


බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමග අනුගාමිකයෝ (සංඝ) අර්බුදයකට මුහුණ පෑහ. සිය ශාස්තෘවරයා අප්‍රවෘත්තව සිටියදී ඔවුනට කළ හැකිව තිබුණේ කුමක් ද? ගෘහපතියන්ව සිටි ගිහි අනුගාමිකයෝ උන්වහන්සේගේ ශාරීරික ධාතු වලට ගරු බුහුමන් දක්වන්නට පවරා ගත්හ. ඔවුහු ඒවා ස්තූප නම් ලත් සිහිවටන වල නිදන් කළහ. බුද්ධ පෞරුෂ්‍යය විෂයයෙහි භක්ති පූජාවේ ආරම්භය එය යි. පසුව එය ස්තූ®පයට පමණක් සීමා වූයේ නොවේ. බෝධිය වැනි පාරිභෝගික වස්තු පූජාව දක්වා එය විකාශනය වූයේ ය. එබඳු තැන් කෙමෙන් වන්දනා මධ්‍යස්ථාන බවට ද ව්‍යාප්ත විය.

අවසානයේ උද්දේසික වස්තුවක් ලෙස පිළිමය ද පූජාවට නිමිත්තක් වන්නට පටන් ගැනිණ.අනෙක් අතින් භික්ෂූන් හා භික්ෂුණින් බවට පත්ව සිටියාහු පිරිනිවනට පත් සිය ගාස්තෘවරයාගේ ඉගැන්වීම් (ධර්ම) සංග්‍රහ කරන්නට හා රැක ගන්නට පියවර ගත්හ. සම්ප්‍රදායට අනුව බුදුරදුන්ගේ පිරිනිවනින් පසු රජගහනුවරට රැස් වූ රහත් භික්ෂූන් වහන්සේ 500 කින් යුත් මහා සම්මේලනය බුදුරදුන්ගේ බොහෝ දේශනා (ධර්ම) සහ විනය නීති (විනය) ස්මරණය කර සංගායනය කළෝ ය.ඒ අනුව එතැන් පටන් භික්ෂූහු කෙමෙන් සිය සංඝ සමාජ ජීවිතය තහවුරු කර ගත්හ.

මූලික වශයෙන්, එවක භික්ෂාටනයෙහි යෙදුණු වෙනත් බොහෝ පැවිද්දන් මෙන් බුදුනු සඟ පිරිස් ද වසරකට වරක් පමණක් වස්සාන තෙමස තුළ රැස් වෙමින් නිරන්තරයෙන් පිඬු සිඟා යන්නට යොමු වූහ. 


ඉක්බිති මේ වස්සාන විවේකය (වස් විසීම) වසර පුරා වඩාත් සංවිධිත ස්ථාවර ආරාමික ජීවන ව්‍යුහයක් බවට වැඩී ගියේ ය. නව ආරාමික සංඝ සමාජයක් වැඩී යෑමේදී ඔවුන් අතර බුදුන් වහන්සේගේ ධර්මය හා විනය දෙක තේරුම් ගැනීමේලා ඇතැම් පරස්පරතා ඇතිවීම නොවළක්වනු හැකි විය. බුදු පිරිනිවනින් පසු වසර 100 ක් ගතවනවිට වෛශාලියෙහි දෙවන ධර්ම සංගායනාවක් පවත්වන්නට කටයුතු යෙදිණ. එයට හේතු වූයේ විනය නීතිවල ඇතැම් ලිහිල් කිරීම් සම්බන්ධයෙන් පක්ෂපාතිත්වය දැක්වූවන් කෙරෙහි වූ විරෝධය යි. 


ඉක්බිති ක්‍රි.පූ. 250 පමණේ දී ශ්‍රේෂ්ඨ බෞද්ධ අධිරාජයා වූ අශෝක විසින් ධර්මය පිළිබඳ ඇතැම් මතභේද නිරවුල් කරනු පිණිස පාටලීපුත්‍ර නුවර තෙවැනි ධර්ම සංගායනාවක් පවත්වන ලදැ යි කියැවේ. ආදි බුදුසමයෙහි ඒකමතිකත්වය කවරාකාරයකින් විය හැකිව තිබුණත්, මෙකී තොරතුරු සහ වෙනත් බෞද්ධ සංගායනා වලින් ද, එය කඩිනමින් නන්විධ නිකායික කොටස් වලට බෙදී ගිය බව පැහැදිලි වෙයි. මේවායින් ආදිතම සහ වැදගත්ම එක් බෙදුමක් නම්, ථෙරවාද හා මහාසාංඝික සම්ප්‍රදාය අතර සිදුවූවකි. මෙසේ කලින් බෙදී ගිය සර්වාස්තිවාදි නිකාය (ඔවුන්ගේ ධර්ම ග්‍රන්ථ සමුදායේ බස සංස්කෘති යි) සහ ධර්ම ග්‍රන්ථ සමුදාය පාලි භාෂාවෙන් යුක්ත ථෙරවාදි නිකාය වැනි එවන් වැදගත් නිකායයෝ සමස්ත හීනයාන බුදුසමය නියෝජනය කරමින් අද සිටින එක ම පිරිස වෙති. 


හීනයාන නිකායක් වූ මහාසාංඝික නිකාය සපුරා අභාවයට ගියේ ය. එහෙත් එය මහායාන ධර්මයේ පූර්වගාමියකු නියෝජනය කරන හෙයින් වැදගත් වෙයි. මේ ධර්ම බුදුන් වහන්සේගේ ස්වරූපයට වෙනස් අර්ථකථනයක් දෙන්නටත්, බෝධිසත්ත්ව සංකල්පය හා පාරමිතා ධර්ම අවධාරණය කරන්නටත් යොමුවිය.ඊට අමතරව මහායානය තුළ, බුදුදහමට ඇතැම් නවමාන හඳුන්වා දෙන්නට සමත් මහා චින්තකයෝ කීප දෙනෙක් වූහ.

මෙයින් කෙනෙක් නම්, ක්‍රිව. දෙවන සියවසේ මාධ්‍යමික සම්ප්‍රදායේ නිර්මාතෘ නාගාර්ජුන පාදයෝ ය. නාගාර්ජුන පාදයෝ විචක්‍ෂණ සහ අනූන විශ්ලේෂණ ක්‍රමයක් යොදා ගනිමින් ප්‍රතීත්‍ය සමුත්පාද සිද්ධාන්තය එහි තර්කානුසාරි අන්තය දක්වා ගෙන ගියෝ ය. එමඟින් එතුමෝ අන්තිමට හැම දෙයක ම පරම සාපේක්‍ෂතාව යන්නෙන් අදහස් කරන්නේ හැම දෙයක් පිළිබඳ ශූන්‍යත්ව යැයි නිගමනයට එළඹෙමින් ශූන්‍යතා දර්ශනය ඉදිරිපත් කළහ. ක්‍රි.ව. 04 වැනි සියවසේ දී තවත් වැදගත් මහායාන සම්ප්‍රදායයක් බිහි වූයේ ය.

ඒ අසංග සහ වසුබන්ධු යන ගිහි සහෝදර භික්‍ෂු දෙනම විඥානවාදී දර්ශනය ඉදිරිපත් කරන්නට යත්න දැරීමේ දී ය. එනම්, සිත හුදෙක් හුදකලාව ම පවතී. ඉන් තොරව අරමුණු විෂයයෙහි සත්භාවයක් හෙවත් අර්ථවත් භාවයක් නැත යනු යි. මේ විඥානවාදී දර්ශනය සහ නාගාර්ජුන පාදයන්ගේ ශූන්‍යතා දර්ශනය, ඉන්දියාවෙන් පිටත බෞද්ධ දර්ශනය වැඩි දුරටත් සංවර්ධනයේලා වැදගත් කාර්යය භාරයක් ඉටු කළේ ය. ඒ අනුව ඉන්දියාව තුළ ම පවා ධර්මය පිළිබඳ අර්ථකථනයේලා තවත් පියවරක් ඉදිරියට යන්නට මං සැලසිණ. ඒ බෞද්ධ තන්ත්‍රවාදය බිහිවී වැඩී යෑමෙනි. 


බුදු දහමේ ව්‍යාප්තිය 


තාන්ත්‍රික බුදුදහම සුවිශිෂ්ට වජ්‍රයානයක් මෙන්, ඇතැම් විට මහායාන බුදු දහමින් වෙන්ව, විශේෂයෙන් තිබ්බතයේ කැපී පෙනෙන තත්ත්වයට පත් වූයේ ය. එය තිබ්බතයට හඳුන්වා දෙනු ලැබුණේ හත්වැනි සියවසේ දී ය. කෙසේ වෙතත් ඉන්දියාව තුළ බුදුදහමේ අවසන් අවධිය, එක් අංශයකින් හින්දු සම්ප්‍රදාය විසින් ප්‍රත්‍යවශෝෂණය කර ගනු ලැබීමෙන් ද, අනෙක් අතින් මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් හිංසනයට ලක් කරනු ලැබීමෙන් ද, 13 වැනි සියවසේ දී සිය පැවැත්ම නිමාවට පත් කරනු ලැබිණ. 


බුදුදහම ඉන්දියාව තුළ අභාවයට යන්නට පෙර, සමස්ත ආසියාව පුරා මුළුමනින් පැතිර ගොස් තිබිණ. මේ ව්‍යාප්තිය ඇරඹුණේ අවමයෙන් ක්‍රි.පූ. 03 වැනි සියවසේ අශෝක අධිරාජයාගේ සමය තරම් ආදි කලක ය. සාම්ප්‍රදායික පිළිගැනීමට අනුව, ස්වේච්ඡාවෙන් බුදුදහම වැළඳ ගත් මේ මහාධිරාජයා දැඩි උද්යෝගයකින් ආගමට උදව් දුන් අතර, ධර්ම ප්‍රචාරය පිණිස උත්සුක ද විය. ඔහු තමාගේ ම පුත් මහින්ද හිමියන් ධර්ම දූතයකු ලෙස ශ්‍රී ලංකාවට එවන ලදැයි ද කියනු ලැබේ. බුදු දහම එහි මුල් බැස ගත් අතර, මල්පල ගැන්වූණේ ද විය.

ඉක්බිති ශ්‍රී ලංකාව ථෙරවාදී බුදුදහමේ බලකොටුවක් බවට ද පෙරළිණ. කිපූ. පළමුවැනි සියවසේ එහි දී මුල් වරට පාලි බසින් ත්‍රිපිටකය ලියවුණේ ද විය. එයින් අනාගතයේ (ක්‍රිව. 05 වැනි සියවසේ දී) මහා ථෙරවාදී ක්‍රමවේදියා සහ අටුවාකරු ද වූ බුද්ධඝෝෂ හිමියනට සත්කාරකයා වන්නට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලද්දේ ය. එසේ ම අශෝක අධිරාජයා දැන් මියන්මාරය (බුරුමය) හා තායිලන්තය( සියම) නමින් හැඳින්වෙන පෙරදිග රටවලට ධර්ම දූතයන් යැවූහ යි කියනු ලැබේ. මේ උරුමයේ සත්‍යය කුමක් වෙතත්, ක්‍රිස්තු වර්ෂ මුල් සියවස් කීපය තුළ දී බුදුදහම ඉන්දියානු සංස්කෘතියේ ව්‍යාප්තිය ද පිරිවරා ගෙන, ඉන්දුනීසියාව දක්වා පවා, අග්නිදිග ආසියාවේ මහා පරිමාණ වපසරියක ස්ථාවර වූ බව පැහැදිලි ය. 


චීනය – එවක මධ්‍යම ආසියාව, ආසියාවේ හැම කොටසකින් හා ළඟපාත පෙරදිගින් ද පැමිණි නන්විධ ආගම් හමුවන තැනක් විය. පළමුවැනි සියවස පමණේ දී මධ්‍යම ආසියාවේ බෞද්ධ භික්‍ෂූහු කෙමෙන් චීනයට විනිවිද යමින් සිටියහ. මේ ක්‍රියාවලියේදී වඩාත් පුළුල් වෙනසකට බලපෑවේ කුමක් ද යන්න කිසියම් විවාදයකට කරුණක් විය හැකි ය. එනම්, බුදුදහම චීනයට බපලෑවේ ද, නැතහොත් චීනය බුදුදහමට බලපෑවේ ද යනු යි.

එක් අතකින් මුල් පියවරේ දී බෞද්ධයෝ චීන අධිකරණයට වැදගත් බලපෑමක් කළ පිරිසක් වූහ. ඉක්බිති ඔවුන්ගේ චින්තනය චීන ප්‍රභූ පැළැන්තියේ දාර්ශනික හා දැන උගත් පිරිස් අතර විනිවිද ගියේ ය. අනෙක් අතින් මුල් පියවරේ දී බෞද්ධ ග්‍රන්ථ පරිවර්තකයෝ ඉන්දියානු බෞද්ධ සංකල්ප වඩාත් අර්ථවත් කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස තාවෝ වාදීන්ගේ ශබ්දවේදය යොදා ගත්හ. අනෙක් අතරට බුදුදහම විශේෂයෙන්ම, සිතෙහි වැදගත්කම පිළිබඳ චීන දෘෂ්ටිය අවධාරණය කරන අතර, ඔවුන්ගේ ලෝක දෘෂ්ටිය ඉදිරිපත් කරන්නට තාවෝ ශබ්දවේදය යොදා ගත්හ.


චීනයේ බුදුදහම ද අලුත් නිකායයන්ගේ බිහිවීම අත්දුටුවේ ය. ඒවායින් බොහෝමක් පසුව ජපානයට ද පැතිරිණ. සවන සියවසේ දී ශියි

භික්‍ෂුව තියන්තායි  සම්ප්‍රදාය සංස්ථාපනය කළේ ය. එහිදී ඔහු කළේ සියලු බෞද්ධ ඉගැන්වීම් නිශ්චිත සංවිධිත ක්‍රමයකට කුළු ගැන්වීමේ අරමුණින් සද්ධර්ම පුණ්ඩරීක සූත්‍ර නමින් හැඳින්වෙන ග්‍රන්ථය පෙළ ගැස්වීමයි. ටෑං රජ පෙළපත සමයේ (618 – 907), චීන බුදුදහමේ රන්යුගය යි කියනු ලබන කාලය තුළ හුවායන් සම්ප්‍රදාය (අවතංසක සූත්‍රයේ ඉගැන්වීම් පදනම් කොට) ෆාහියන් සම්ප්‍රදාය (විඥානවාදී දර්ශන ඉගැන්වූ අතර, මහා වන්දනා කරුවකු හා පඬිවරයකු වන හියුං සාං මතය) සහ චෑං සම්ප්‍රදාය(ජපානයේ සෙන් බුදුදහම නමින් මැනවින් දන්නා) ද යන සියල්ල සරු මල්පල ගැන්වී ය. ඊට සමකාලීනව සුඛාවතී ව්‍යුහසූත්‍ර බුදුදහම වර්ධනාත්මක ජනපි‍්‍රයත්වයක් අත්කර ගත්තේ ය. 


ක්‍රි.ව. 845 දී පමණ මහා පරිමාණ වශයෙන් සංඝයාගේ සංඛ්‍යාත්මක වර්ධනයක් හා ධනයෙන් ආඪ්‍ය බවක් ද දක්නට ලැබිණ. එකල්හි ආගමික ආයතන අයබද්දෙන් නිදහස් කර තිබීමේ හේතුවෙන් අධිරාජ්‍යයේ ආර්ථිකයට දැඩි පසුබෑමකට මුහුණ දෙන්නට සිදුව තිබිණ. මේ කරුණ සහ වෙනත් හේතු නිසා එය කෙටිකාලීන් නමුත්, ප්‍රබල හිංසනයකට මාතෘකාවක් වූයේ ය. එකල්හි බොහෝ පන්සල් කඩාබිඳ දැමිණ. දහස් ගණන් භික්‍ෂු භික්‍ෂුණීහු සිවුරු හරවන ලදහ. මහා පරිමාණයෙන් ආරාම සතුව පැවති ඉඩම් අයිතිය රාජසන්තක කැරිණ. බුදුදහම- වෙසෙසින් ම චෑං සම්ප්‍රදාය යළිත් ප්‍රකෘති තත්ත්වයට ගෙනාවත් නැවත කවරදාකවත්, චීන සමාජය තුළ පෙර පරිදි සම්මානයට බඳුන් වූයේ නැත.


ජපානය – ක්‍රි.ව. 845 ට පෙර චීන සම්ප්‍රදාය කීපයක් ජපානයේ පැතිර ගොස් තිබිණ ක්‍රිව. සවන සියවසේදී පමණ ජපානය බුදුදහම හඳුනාගෙන තිබුණේ කොරියාවෙනි. එය ජපානයේ මූලික වශයෙන් ස්ථාපිත වූයේ මායාකාරී බලවේගයන්ගේ සුපිරි මාධ්‍යයක් ලෙසයි. ඒ වෙසෙසින් ම ජාතික ආරක්‍ෂණය හා සංරක්‍ෂණය කිරීමේ පරමාර්ථයෙනි. එහි මුල් ඓතිහාසික සමයේ දී (හත්වන සියවස) එයට ශොතෝකූ කුමාරයාගේ අනුශාසකත්වය ලැබිණ. ඉක්බිති නාරා යුගයේ දී (710 – 784 )බුදුදහම ජපානයේ රාජ්‍යාගම බවට පත්විය. 


නවවැනි සියවසේ මුල හරියේ හීයන් යුගයේ සායිකෝ සහ කුකායි නම් භික්‍ෂු දෙනමක් චීනයට ගොස් ආපසු එන ගමනේ, ජපානයට තෙන්දායි  ,චීන - සම්ප්‍රදාය සහ ශින්ගොන් සම්ප්‍රදාය හඳුන්වා දුන්හ. ශින්ගොන් සම්ප්‍රදාය, චීන තාන්ත්‍රික බුදුදහමට අනුරූපිත ය. මෙකී ගුප්ත සම්ප්‍රදාය දෙක, බුදුදහම ජපන් ශින්ටෝ දහමේ නොයෙක් ජන, තවුස් සහ මෝහන විද්‍යාත්මක ව්‍යවහාර සමඟ මිශ්‍රවීමෙන් බිහි වූවකි.


ඉක්බිති තව දුරටත්, තෙත්දායි සම්ප්‍රදාය නොයෙක් පශ්චාත් ජනපි‍්‍රය බෞද්ධ ව්‍යාපාරයකට මූලාශ්‍රයක් විය. තෙන්දායී සම්ප්‍රදායේ විශේෂ ලක්‍ෂණයක් වූයේ අමික (අමිතාභ) බුදුන් ඇදහීමත්, සුඹාවතී ව්‍යුහසුත්‍ර ධර්මය කෙරෙහි විශ්වාසය තැබීමත් ය. ඉක්බිති හෝනෙන් (1133 – 1212) සහ ශින්රාන් (1173 –1262 ) හිමිවරුන් සමඟ සුඛාවතී ව්‍යුහසූත්‍රය කෙරෙහි වූ විශ්වාසය ක්‍රමානුගත කර, නව ජනපි‍්‍රය සම්ප්‍රදාය දෙකක් වන ජෝඩෝ සහ ජෝඩෝ ශින් වෙත විශේෂ අවදානයක් යොමු කරන ලදී.

කෙන්දායි සම්ප්‍රදායේ තවත් විශේෂ ලක්‍ෂණයක් වූයේ සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රයේ ඉගැන්වීම් කෙරෙහි බර තැබීම යි. 13 වැනි සියවසේ දී නිචිරෙන් හිමියෝ, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය පමණක් එකම ඇදහීම පදනම බවට සම්මත කර දැඩි ක්‍රියාශීලී සහ ජාතිමාමකත්ව සම්ප්‍රදායක් බිහි කළහ. අන්තිමට චීනයෙන් සෙන් බුදුදහම මඟින් සම්ප්‍රදායයන් දෙකක් හඳුන්වා දෙනු ලැබුවේත් මේ සමයේ ම ය. 


තවද වැඩවසම් තොකුගාවා පාලනය (1603 – 1867) යටතේ මේ සියලු නිකායයෝ හෙවත් සම්ප්‍රදායයෝ රජයේ මෙවලම් බවට පත් වූහ. ආරාම සහ භික්ෂූහු, පොදු ජනතාව ලියාපදිංචි කරන, අධ්‍යාපනය ලබා දෙන සහ පාලනය කරන මාධ්‍ය බවට පත් කරනු ලැබූහ. මෙයිජි යුගයේදී (1868 – 1912) මේ බෞද්ධ ව්‍යුහය ශින්ටෝ දහමට පක්ෂව අස්ථාවර කරන ලදී. අනතුරුව 20 වැනි සියවස තුළදී, නූතන යුගයේ ප්‍රශ්න වලට ප්‍රතිචාර වශයෙන්, බුදුසමය තුළ සෝකා - ගක්කායි සහ රිෂ්ෂෝ - කායි වැනි නව ආගමික ව්‍යාපාර පැන නැඟී ඇත. 


ආයතන සහ පිළිවෙත්‍ 


ආසියාව පුරා බුදුදහම හඳුන්වා දෙනු ලැබූ කොතැනකදී වුවත් එහි නායකයෝ රජුන්ගේ සහ වෙනත් රාජ්‍ය පාලකයන්ගේ ද, අනුග්‍රහය ලබාගන්නට නැඹුරු වූහ. යම් රටක බෞද්ධ රජු හා ආරාමික සමාජය අතර සහසම්බන්ධක ආකෘතියේ ස්ථාවර ක්‍රම සංයෝජනය ක්‍රිපූ. 03 වැනි සියවසේදී අශෝක අධිරාජයා විසින් හඳුන්වා දී තිබිණ. මෙය සංඝයාගේ අනුග්‍රහය හා පක්ෂපාතිත්වයේ හිලවුවට අදාළ සහජීවන සම්බන්ධයක්වූ අතර, එහිලා සලකන විට අධිරාජයා බුදුදහමේ අනුශාසකයා ද, අනුග්‍රාහකයා ද වූයේ ය.

එසේ ම එක්තරා දුරකට, මේ ක්‍රමසංයෝජනය ගිහි ජනතාව වෙතට ද ව්‍යාප්තව ඔවුන් ද රඳවා තබා ගන්නක් වූයේ ය. ඇති තාක් හැම තැනක ම, බෞද්ධ ආරාමික සමාජය සිවුපසයෙහිලා ගිහි සමාජයෙන් යැපෙන්නට නතුව සිටියහ. සමස්තයක් ලෙස ගත් කල ඇතැම් තන්හි සංඝයා වුවත්, සාම්ප්‍රදායිකව සලකන විට සංඝයා වහන්සේ පිණ්ඩපාතිකයෝ වූහ. අදත් අග්නිදිග ආසියාතික රටවල්හි භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩිති. සාම්ප්‍රදායිකව ද බෞද්ධ භික්ෂූහු බ්‍රහ්මචාරීහු ය. ඔවුහු පිණ්ඩපාතය සහ මූල්‍යමය අනුග්‍රහය කෙරෙහි තබන විශ්වාසය මත පමණක් නොව අලුත් දායක පිරිසක් මත ද රඳා පවතින්නෝය.

බොහෝ විට පිරිමි දරුවී ආරාමයකට ඇතුළුව අවුරුදු කීපයක් සාමණේරයන් ලෙස ගත කරත්. එකල්හි ඔවුුහු පතපොත කියවති, උගනිති, සාමාන්‍ය කටයුත්තේ යෙදෙති. ඉක්බිති යථා කල්හි උපසම්පදාව ලබති, සංඝ සමාජයේ පූර්ණ සාමාජිකයන් බවට පත් වෙති, උපරිමයෙන් ධර්ම විනය දෙකෙහි හැසිරෙන්නට ගිවිසිති. ඉක්බිති සිය ඉදිරි ජීවිතය වත්පිළිවෙත් පිළිබඳ කටයුත්තේ යොදති. ඒ අනුව වැඳුම් පිදුම් කරති, බවුන් වඩති, උගනිති, උගන්වති, බණ දෙසති. මසකට දෙවරක් භික්ෂු ප්‍රාතිමෝක්ෂය සංජ්ඣායනය පිණිස නම නියම කර ගත් ආරාමයකට සියලු භික්ෂූන් වහන්සේ එක්රැස් වෙති, කිසියම් විනය නීතියක් උල්ලංඝනය කිරීමේලා ඇවැත් දෙසීමේ යෙදෙති. 


බෞද්ධ භික්ෂූන් සහ ගිහියන්ගේ වත්පිළිවෙත් සහ උත්සව පසුපස කේන්ද්‍රීය සංකල්පයක් නම් දාන චේතනාව යි. මෙය ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ ගිහියනට ය. එයට හුදෙක් ආහාරපාන සහ වස්සාන සමය අවසන්හි විශේෂ උත්සවයකදී භික්ෂූන් වහන්සේට අලුත් සිවුරු පිළිගැන්වීම පමණක් නොව, බුදුපිළිම, ස්තූප, බෝරුක් ආදියට සුවඳ, මල්, පහන් පිදීම හා බැතිගී ගැයීම ද ඇතුළත් ය.

වෙසෙසින් ම මහායානික රටවල්හි බෝධිසත්ත්වයන් වැනි වෙනත් බෞද්ධ දේවගණයා පිදීම ද දක්නට ඇත. භික්ෂූන් සම්බන්ධයෙන් දානය පිළිබඳ දෘෂ්ටිය, දේශනා ස්වරූපයෙන් ධර්මදානය චාරිත්‍රයක් ලෙස ගුප්තාකාරයෙන් ආරක්ෂක සහ ස්වස්තිදායක වෙති යි සිතිය හැකි ආගමික ධර්ම ග්‍රන්ථ සජ්ඣායනය හෙවත් පිරිත් දෙසීම සහ මළවුන් වෙනුවෙන් සූත්‍ර සජ්ඣායනය ආදී වශයෙන් ව්‍යාප්ත වෙයි. 


වත්මන් බුදු සසුන 


දානය පිළිබඳ මේ සියලු ක්‍රියා,පුණ්‍යසාධන සකල්පය හෙවත් කුසල් කිරීම සමඟ මැනවින් ගැළපෙයි. මේ කටයුතු සංවිධානය කිරීමෙන් පුද්ගලයනට අවබෝධ ඥානය සාක්ෂාත් කර ගැනීමට අදාළ විය හැකි කුසල ක්‍රියා මඟින් දිව්‍ය ලෝකයක උත්පත්තිය හෝ ජීවිතය විෂයයෙහි වඩා හොඳ තත්ත්වයක් පිළිබඳ පැතුම හෝ සහතික කර ගන්නට හැකි ය.


20 වැනි සියවස තුළ සාම්ප්‍රදායික බෞද්ධ ව්‍යවහාර ලෞකිකකරණය හා බටහිරකරණයේ දියුණුව විසින් ආසියාව තුළ වර්ධනාත්මක ලෙස අභියෝගයට ලක් කරනු ලැබ ඇත.

මේ නිසා නන්විධ බෞද්ධ නායකයෝ ජනප්‍රිය බෞද්ධ ව්‍යවහාර හා විශ්වාසය පිළිබඳ භාෂිත හෑල්ලු කරන්නට හා භාවනාව පිළිබඳ ප්‍රතිපත්ති සේ ම, බෞද්ධ චින්තනයේ වඩාත් බුද්ධිවිෂයාත්මක සහ ප්‍රත්‍යක්ෂ මූලක අංග ලක්ෂණ අවධාරණය කරන්නටත් නැඹුරුව සිටිති. ඒ එක්ක ම ඔවුන් සිය රටවල්හි ජාතික ව්‍යාපාර තුළ තීරණාත්මක භූ®මිකාවක් බුදුදහමට පවරා ඇති අතර, දැනට ලොව පුරා ශාඛා පිහිටුවා ඇති ලෝක බෞද්ධ මහා සම්මේලනය වැනි සහයෝගිතා සංවිධාන ඔස්සේ වෙනත් බෞද්ධ ජාතීන් සමඟ සබඳතා දියුණුකර ගෙන ඇත.


කෙසේ වෙතත් වඩාත් මෑත වසර වලදී, ඇතැම් බෞද්ධ නායකයෝ සිය ජාතික බලපෑම් අහිමි කර ගෙන සිටිත්. කලින් කොමියුනිස්ට් වූ කාම්බෝජියාවේ හා මොන්ගෝලියාවේ බුදුදහම පුනස්ථාපනය කර ඇතත්, වියට්නාමය, ලාඕසය, චීනය (තිබ්බතය ඇතුළුව) සහ උතුරු කොරියාව වරක් බෞද්ධවූ අතර දැන් කොමියුනිස්ට්වාදී බවට පත්ව ඇත. කෙසේ වෙතත්, කොමියුනිස්ට්වාදී හෝ ලෞකික ධනවාදී ආකෘතියෙන් වූවත්, බටහිර දෘෂ්ටිවාදය පවා ආසියාවේ පෙරමුණට පැමිණ තිබියදීත්, බුදුදහම අපරදිග පැතිරෙන්නට පටන් ගෙන තිබේ.


buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software