topone

pranagathya-yanu-ha-in-midi

‘පාණාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමී’ යන්න “ප්‍රාණ” යන්නෙන් කවරක් අදහස් කරනවාද යන්න බොහෝ අයට වැටහීමක් තිබේද යන්න ගැටලුවකි. මේ කාරණා තේරුම් ගැනීමට භික්‍ෂුව විෂයෙහි පනවන ලද සිල්පද කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි. බුදුරදුන් ඇදුරන් වැඩ විසූ සමයෙහි මුල් වසර විස්සක කාල පරිච්ඡේදය තුළ සාමනේර උපසපන් භේදයක් නොවූ අතර ශික්‍ෂා පද පැනවීමක් ද නොවූ බව, ති‍්‍රපිටකයෙන් සනාථ වෙයි. එහෙත් සියලු භික්‍ෂූන්ට 


“සබ්බ පාපස්ස අකරණංකුසලස්ස උපසම්පදාසචිත්ත පරියො දපනං...” 


යන කාරණා තුනෙන් සංවර විය යුතු බව දේශනා කොට තිබිණි. මෙම ගාථා ගැන අවධානයෙන් බැලීමේ දී මෙහි ශික්‍ෂා පදයක් නොවූවත් මෙම කාරණා තුන තුළ යමෙක් ක්‍රියාත්මක වන්නේ නම් සමාජ යහ පැවැත්මට එය උපකාරී වන බව පැහැදිලි ය. 


සියලු පව් නොකර සිටීමත්, කුසල් සිදු කිරීමත්, සිත දමනය කර ගැනීමත්, යන කාරණා තුන තුළ පුළුල් වූද ගැඹුරු වූද අර්ථයක් විදහා දක්වයි. පන්සිල්, අටසිල්, ආජීව අට්ඨමක සිල්, දස සිල් ආදී සියලු ශික්‍ෂා පදයන්හි සම්පිණ්ඩනාර්ථය ඉහත කාරණා තුන බව පැහැදිලි ය. සියලු පවුවලින් දුරු වීම යනුවෙන් බුදුරදුන් අවධාරණය කර ඇත්තේ පුළුල් අර්ථයකි. එම වචනයට කායික මානසික සියලු තොරතුරු අන්තර්ගත කොට ඇත.

 “පාණාතිපාතා පටිවිරතෝ හෝති” යනුවෙන් සියලු දෙනාම ප්‍රාණඝාතයෙන් වලකී සිටිමු යැයි යන සම්මතය සියලු භික්‍ෂූහු පිළිගෙන සිටියහ. මේ ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දුරු වී ශික්‍ෂා පද පැනවීමේ කාර්යය ආරම්භි වීමත් සමඟ ශික්‍ෂාපද බෙදීම ශාඛා ප්‍රශාඛා වශයෙන් බෙදී ගිය අයුරු දක්නට ලැබේ. තවද පාන - ප්‍රාණ යනුවෙන් මූලික ප්‍රාණ දෙකක් පිළිබඳ සඳහන් වෙයි. එකක් මිනිසුන්ගේ ප්‍රාණයයි, අනෙක සතුන්ගේ ප්‍රාණයයි. මිනිස් පණට හානි කිරීම පරාජිකාවක් (බැරෑරුම්) ලෙසත් සතුන්ගේ පණට හානි කිරීම පාචිත්තියක් හැටියටත් පිළිගෙන ඇත.

මේ හැරුණු විට තවත් ජීවී කොටසක් පිළිබඳ පැනවූ ශික්‍ෂා පද විශේෂයක් දක්නට ලැබේ. එයින් කියැවෙන්නේ ගස්, වැල් තුරු ලතා පිළිබඳවයි. ඒවාට හානි පැමිණවීම ද පාචිත්තිය ගණයට ඇතුළත් වෙයි. උපසපන් භික්‍ෂූන් මෙසේ සත්ව ප්‍රාණයටත් ශාඛ ප්‍රාණයටත් හානි පැමිණවීම පාචිත්තිය ගණයේ වරදක් ලෙස සමාන තත්ත්වයක් දීමෙන් බුදුරදුන් අදහස් කොට ඇත්තේ සමාජයේ හා පුද්ගලයා ගේ යහ පැවැත්මට මේ සාධක දෙක අත්‍යවශ්‍ය බවයි. 


“ජීව සඤ්ඤිනෝ මනුස්සා රුක්ඛස්මිං” යනුවෙන් ‘ඒකීන්ද්‍රීය සත්ථා’ යන පදයද උන්වහන්සේ භාවිතා කොට ඇත. ශාඛ ප්‍රාණය බුදුදහම හඳුනාගෙන ඇති ආකාරය පිළිබඳ මෙහිදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය. මජ්ක්‍ධිම නිකායෙහි එන වාසෙට්ඨ සූත්‍රයත් සුත්ත නිපාතයෙ හි එන කරණීය මෙත්ත සූත්‍රයත් මේ පිළිබඳ වැදගත් වේ. “වාසෙට්ඨ සූත්‍රයේ දී ප්‍රාණීන්ගේ ජාති විභාගයේ ඇති සැටිය අනුපූර්ව වශයෙන් ඉදිරිපත් කරන බුදුන්වහන්සේ මුලින්ම දේශනා කළේ තෘණ හෙවත් වෘක්‍ෂ (තිණ - රුක්ඛ) වලට පණ ඇති බවයි.


“වාසෙට්ඨ මම ඔබට පිළිවෙළින් ජාති ඇති ප්‍රාණීන්ගේ ජාති විස්තරය ප්‍රකාශ කරමි. 


‘ඔබ තෘණ වෘක්‍ෂ දන්නාහු ය. එහෙත් ඔවුහු අපි තෘණය, වෘක්‍ෂ යැයි නොදනිති. ඔවුන්ට ජාතියෙන් හටගත් සටහන් ඇත්තේ ය. වෙන් වෙන් වූ ජාති ඇත්තාහු ය. තීණ රුක්ක්‍ඛපි ජානාථ න ජාති පතිජානාරි... “පණුවන් ද පළගැටියෝ ද, කුහුඹුවෝ ද දක්වා ජාතියෙන් හටගත් සටහන් ඇත්තෝ ය. ඔවුහු වෙන් වෙන් වූ ජාති ඇත්තාහු ය. කුඩා වූද මහත් වූද සිවුපා ජාතීන්ද ඔබ දන්නාහු ය. ඔවුහු ද ජාතියෙන් හටගත් ඇත්තාහු ය. වෙන් වෙන් වූ ජාති ඇත්තාහු ය.” ආදී වශයෙන් කරුණු හතකටත් වැඩි සංඛ්‍යාවක් වර්ගීකරණය කොට වාසෙට්ඨ බ්‍රාහ්මණ පුත්‍රයාට බුදු හිමියෝ වදාළහ.


මෙහි වාසෙට්ඨ බ්‍රාහ්මණයාට බුදු පියාණන් වහන්සේ වෘක්‍ෂවලට තණවලට පණ ඇති බව වදාරා ඇති අතර ඒ ඒ ශාඛවලට ඔවුන් ශාඛ බව නොදන්නා බව පෙන්වා දී ඇත. 


ශාඛවලට ද ආහාර අවශ්‍ය බවත්, ජලය අවශ්‍ය බවත්, වාතය, අවශ්‍ය බවත් අද ජීව විද්‍යාව මගින් ඔප්පු කර ඇත. ඒ අනුව ශාඛ විෂයෙහි ද ප්‍රාණ ඇති බව පිළිගත යුතුව ඇත. 


භාරතයේ පහළ වූ ඇතැම් ආගමික ශාස්තෘවරු වෘක්‍ෂ ලතාවලට ප්‍රාණය ඇති බව තදින් විශ්වාස කළහ. මනුෂ්‍ය ප්‍රාණයත්, සත්ව ප්‍රාණයත්, ශාඛ ප්‍රාණයත් එක හා සමාන වැදගත් බව පෙන්වා දීමෙන් සදාචාර සම්පන්න සමාජයක් පසුබිම කදිමට ස්ථාවර කර ඇති ආකාරය පැහැදිළි ය.


කරණීය මෙත්ත සූත්‍රයේ දී සමස්ථ ප්‍රාණය මූලධර්ම පහක් පදනම් කර ගෙන පස් ආකායකින් විස්තර කර ඇත. 


“යෙ කෙචි පාණ භූතත්ථිතසාවා ථාවරා වා අනවසේසාදීඝා වා යෙ මහන්තාවාමජ්ක්‍ධිමා රස්සකාණුකථූලාදිට්ඨාවා යෙව අද්දිට්ඨායෙච දූරෙ වසන්ති අවිදූරේභූතා වා සම්භවෙ සීවා...” 


කෙලෙස් ඇති සතුන් ද, නිකළෙස් සතුන් ද නාගාදී දිග සතුන් ද මහත් වූ සතුන් ද අශ්ව ආදී මධ්‍යම සතුන් ද, වාමනාදීනූද මසැට නොපෙනෙන සතුන්ද ජලයෙහි උපදින සතුන් ද කැස්බෑ ආදී සතුන් ද ආදී වශයෙන් දක්වන සතුන් කොටස් පහකට අනුව වර්ගීකරණය කර ඇත.


තවද කරණීය මෙත්ත සූත්‍රයේ 


ථස, ථාවර - චලනයදීඝ, මහන්ත, මජ්ඣිම, රස්‍ය, අනුකථුල - ප්‍රමාණයදිට්ඨ, අද්ට්ඨ - දර්ශනය (පෙනීම)දුර, අවිදුර - සමීප බවභූත, සම්භවේසිය - කාලය 

මෙහි දැක්වෙන චලනය, ප්‍රමාණය, දර්ශනය, සමීපබව, කාලය, යන මූලධර්ම පහ තුළ සමස්ත ජීව සන්තනියම කැටි කොට දක්වා ඇත. සෑම ජීව කොට්ඨාසයක් තුළම මේ ප්‍රකාශිත මූලධාර්ම පහ කදිමට නිරූපණය වේ. ප්‍රාණ, භූත, සත්ව යන පද තුනෙන් සමස්ත විශ්වයම ගෙනහැර දක්වා ඇති අතර ඒ මගින් ඔවුන්ගේ ස්වභාවය දක්වා ඇත. 


ඉහත දැක්වෙන විස්තරයට අනුව ශාඛ වැනසීමෙන් වැළකීම භික්‍ෂූන්ට පමණක් සීමා වූ දෙයක් යනුවෙන් කෙනකු සතිය හැකිය. එය භික්‍ෂූන්ට පමණක් සීමා වූ දෙයක් නොවේ. සකල සත්වයා විසින්ම ආරක්‍ෂා කළ යුතු දෙයකි. 


භික්‍ෂුව චිත්ත දමනයට යෝග්‍ය සෙනසුන් පි‍්‍රය කළ බව බෞද්ධ සාහිත්‍යයේ විවිධ දේශනා ආශ්‍රයෙන් පැහැදිළි වේ. “ඉරියාපථං සබ්බජිතානු ලොමිකං” ඉන්ද්‍රිය සංවරයෙන් සියලු සත්වයන් කෙරෙහි හිතානු කම්පී විය යුතු බව දක්වා තිබේ. එපමණක් නොව කෙළෙස් ප්‍රහීණ කළා වූ උතුමන් පරිසරයේ සුන්දරත්වය, ස්වභාවය සෞන්දර්යය ඉහළින් අගය කොට ඇත. 


“රමනීයානි අරඤ්ඤානියත්‍ථන රමතී ජනෝවීතරාගා රමිස්සන්තිනතෙ කාම ගවේසිනෝ” 


සාමාන්‍ය ජනයා මහ කැලෑ විනාශ කරද්දී පරිසරයට කිසිදු ආදරයක්, දයාවක් නොදක්වද්දී වීතරාගී මුනිවරු එම කැලයම ඇසුරු කොට විමුක්තිය සාදා ගනිති. 

“මහණෙනි මේ ශාසනයෙහි මහණ තෙම එක්තරා වන සෙන සුනක් ඇසුරු කොට වාසය කරයි ද ඒ වන සෙන සුන ඇසුරු කොට වාසය කරන ඔහුට පෙර එළඹ නොසිටියා වූ සිහිය එළඹ සිටී” (මජ්ඣිම නිකාය වනපත්‍ථ සූත්‍රය) තවද ආටානාටිය සූත්‍ර දේශනාවේ ද පක්‍ෂීන්ගේ කන්කළු නාදය, පරිසරයේ චමත්කාරය, වීතරාගී සිත්වල සමාධි වර්ධනයට ඉවහල් වන බව පෙන්වා ඇත. 


මයුර කොඤ්චා භිරුදාකොකිලාභිහි වග්ගුභීජීවං ජීවක සද්දෙත්‍ථඅථො ඹට්ඨව චිත්තකා 


යනුවෙන් මිනිස් මනසෙහි රසඤ්ඤතාව ඉස්මතු කරන හේතු සාධක ලෙස අලංකාර රුක් ගොමු විල්තෙර විවිධ මිහිරි නාදවලින් පරිපෝෂිත පක්‍ෂීන් ආදිය නිසා මිනිසාගේ ජීවත් වීමේ ආයු කාලය පවා වැඩි කිරීමට ඉවහල් වන බව කියැවේ.


කෙළෙස් බර උදවිය එවැනි රමණීය ප්‍රදේශ විනාශ කරමින් සත්ව ශාඛ යන ප්‍රාණ නිරුද්ධ කරමින් බොහෝ අකුසල් රැස් කරගනිති. ‘වරක් මට හමුවූ සුදු ජාතික කාන්තාවකගේ අදහස වූයේ අප පාවිච්චි කරන කඩදාසියක් වැරදීමකින් හෝ ඉවත දැමීමට සිදු වූ විට ගසක් කපා විනාශ කරනවා හා සමාන බවයි. එබැවින් ඇය කඩදාසි ඉරා විසිකරනවාට බෙහෙවින් විරුද්ධය. එයින් ඇය අදහස් කළේ ගස් කපා කඩදාසි නිපදවීමත් නිකරුනේ කඩදාසි විනාශ කර දැමීමත් නිසා තවත් සොඳුරු වනාන්තර විනාශ වන බවයි. 


ගිහි විනය යටතේ ඉදිරිපත් වන සරලම ශික්‍ෂා මාර්ගය පංච ශීලයයි. ගිහියා පරුණට හිංසා කිරීමෙන් වැළකිය යුතු වන්නේ සියලු ප්‍රාණීන් කෙරෙහි දඬු මුගුරු ඉවත දැමීමෙනි. 


“සබ්බේසු භූතෙසු නිධාය දණ්ඩංයෙථා වාරයෙ නසා සන්ති ලොකෙ” 


මේ ආකාරයට සියලු සත්ව, මනුෂ්‍ය, ශාඛ යන ත්‍රිවිධ ප්‍රාණය නිරුද්ධ කිරීම එක හා සමාන කොට දක්වා තිබීම කෙතරම් උචිත ද? වෘක්‍ෂ ලතා කෙරෙහි මිනිසා දැක්විය යුතු ආකල්පය ප්‍රතිපත්තියක් හැටියට ගෙන පළමු ශික්‍ෂාපදය පෙන්වා දිය හැකි ය.

මෙකී පරමාර්ථයට ප්‍රායෝගිකව ළඟා විය හැකිවන්නේ යටත් පිරිසෙයින් මිනිසුන්ටත් සතුන්ටත් හිංසා කිරීමෙන් වැළකී සිටියොත් පමණි. පළමු ශික්‍ෂා පදයෙන් මිනිසුන් සතුන් පමණක් ගම්‍ය වේය යන අදහස ඉදිරිපත් කොට ඇත්තේ මේ නිසා විය හැකිය. නමුත් ඉහත විස්තරයට අනුව ශාඛ ප්‍රාණය ද සැලකිය යුතු මෙහෙවරක් සමාජය වෙත ඉටු කරන බව පෙනෙයි.


ප්‍රාණඝාතය යනු අනුන්ගේ ජීවිත නැති කිරීමයි. සියලු සත්වයින්ට ජීවත් වීමේ අයිතියක් ඇත. එම ජීවත් වීමේ අයිතිවාසිකම යමෙක් පැහැරගන්නේ නම් එය සැලකිය යුතු වරදකි. එය දඬුවම් පැමිණවිය යුතු වරදකි. 


සතුන් අතර මෙන්ම මනුෂ්‍ය වර්ගයා අතර ද ශිෂ්ට සම්පන්න ජීවන අඩිතාලමක් දැමීමට ඔවුනොවුන් අතරේ විශ්වාසවන්තකම තහවුරු විය යුතු ය. එම විශ්වාසවන්තකම පිළිබඳ යමෙකුට ස්ථාවර බවක් ඇති වූ කල්හි බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ වරම ලැබේ. සත්ව හිංසාව පවකි. සතෙක් මැරූ පමණින්ම ප්‍රාණඝාත පාප කර්මයක් සිදු නොවේ. එයට කාරණා පහක් සම්පූර්ණ විය යුතු ය. 


“පාණෙහවෙ පාණසඤ්ඤීවධක චිත්ත මුපක්කමොතෙන ජීවිත නාසොචඅංගාපඤ්ච වධස්සච” 


පණ ඇති සතකු වීම, සතකු බව දැන ගැනීම, මරණ චේතනාව, (වධක සිත) ඒ සඳහා උපක්‍රම යෙදීම, මැරීම යන කාරණා පහ සම්පූර්ණ වීමෙන් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව අටුවාව විස්තර කරයි. සද්ධම්මෝපාය නම් ග්‍රන්‍ථයෙහි ප්‍රාණඝාතයක් සිදු වීමට කරුණු 4 ක් සම්පූර්ණ විය යුතු බව සඳහන් කරයි. එනම් ප්‍රාණියෙකු දැකීම, මැරීමේ චේතනාව, මැරීමට උපක්‍රම යෙදීම, මැරීම යන අවස්ථා හතරයි.න කාව්‍යශේඛරය ද මේ පිළිබඳ සාක්‍ෂි දරයි. 


සතකු බව දැනුමදමරණුව සිත් පයෝගදදිවි යනු සිය කබ දපසඟකැයියෙන් පළමු සිත ද

යනුවෙන් ඉහත විස්තරය කාව්‍ය ශේඛර කතුවරයා ද සනාථ කොට තිබේ.


ප්‍රාණාතිපාතා වෙන් වැළකීම හෙවත් විරමණය ක්‍රම තුනක් ඔස්සේ ක්‍රියාත්මක කළ හැකි බව දැක්විය හැකිය. 


01. තමා සතුනට හිංසා කිරීමෙන් වැළකී සිටීම(පාණං න හානෙ)

02. අන් අය ලවා සතුන්ට හිංසා නොකිරීම(න ච සා නෙය්‍ය)

03. අන් පණට හානි කිරීම ඉවසා නොසිටීම(නාචා අනු පඤ්ඤා... හන තංපරේසං) 


ආදී ක්‍රමවලට පාණාතිපාතාව විරමණය කළ හැකි ය. පාණාතිපාතා නම් පදය නිර්වචනය කිරීමේ දී ඉතා අවධානයෙන් තේරුම් ගත යුතුය. 


“එකච්චෝ පාණාතිපාතී හොතී ලුද්ධෝ ලොහිතපාණී අදායා පන්නෝ පාණ භූතෙසු... 


පණ නැසීම තරහ බව, රෞද්‍ර බව, ලේ වන් ඇස් ඇති බව, කරුණාව නැති බව, ආදියෙන් යමෙක් යම් තත්ත්වයක් කෙරෙහි පිළිපැදීම සිල්පද කඩ කිරීමක් සේ අර්ථ ගන්වා ඇත. මේ ශික්‍ෂා පදය විරමණය හෙවත් වැළකීම අර්ථ ගන්වන්නේ ඉතා විශිෂ්ට අයුරිනි. 


“නිහිත දණ්ඩෝ නහීත සෙත්‍ථාලජ්ජි දයා පන්නොසබ්බ පාත, භූත, හිතානු කම්පී විහරතී...” 


මෙහි දක්වා ඇති පාලි පාඨවල අර්ථය පිරික්සීමේ දී පැහැදිලි වන්නේ පාණාතිපාතය එක දේශයකට පමණක් සීමා වන ලෙස අර්ථ ගැන්වීමට පශ්චාත් කාලීන ධර්මධරයන් උනන්දු වී ඇති බවයි. නමුත් මෙහි ගැඹුරු අර්ථය දෙස බැලිමේ දී පැහැදිලි වන්නේ එය සර්වදේශයන්ට ම පොදු වූ ජීවන ප්‍රතිපදාවක් බවයි. එය සුවිශේෂී පරමාර්ථය අවිහිංසාවයි. හිංසා සංකල්පය ද අවිහිංසාවට පටහැනි වූවකි. එබැවින් කයින්, වචනින් පමණක් නොව සිතින්ද මනාව ප්‍රගුණ කළ යුතු ශික්‍ෂා පදයකි. සතුන් මරන විට මෙන්ම අන් අයට කරදර පමුණුවද්දී එය සතුටක්, මිහිරක්, වින්දනයක්, සේ පෙනුනත්, දැනුණත් එහි ඵල ළඟාවන විට කටුක වේදනා සහගත බවත් ලෝ වැඩ සඟරාව නම පොතෙහි දක්වන්නේ මෙසේ ය. 


“කරන කලට පව් මීරිය මීසේවිඳින කලට දුක් දැඩි වෙයි ගින්සේ...”

පාප ක්‍රියාවල නිරත වන පුද්ගලයෝ දෙළොවම දුක් වෙති.

“ඉධ සොචති පෙච්ච සෝචතීපාපකාරී උභයත්ථ සෝචතිසො සොචති සො විහඤ්ඤතිදිස්වා කම්ම කිලිට්ඨ මත්තනෝ


ඕනෑම අයෙකුට තමා සිදු කළ පාපකර්මය ගැන නොසිතා සිටිය නොහැකි ය. ජීවිතය පුරාවටම වද දී නිතර නිතර තමා සිදු කළ පරපණ නැසීම වැනි ක්‍රියා අලුයට ඇති ගිනි පුපුරු මෙන් මතු වෙවී වද දෙයි. එබැවින් එය මරණින් පසුවත් ඔහු පසුපස ලුහුබදී. “චක්ඛං ව වහතො පදං”

රිය පසු පස රෝදය එන්නාක් මෙන් ඔහු පසු පස එම ක්‍රියාවෙහි ප්‍රතිඵල ගමන් කරයි. 


“කාය දුච්චරිතං හිත්වාකායෙන සුචරිතං චරේ...” 


ඤාණවන්ත පුද්ගලයා පාපකාරී ක්‍රියාවලින් වැළකී සුචරිතව හැසිරෙයි. එය ඔහුගේ දියුණුවට මඟ පාදයි.


පෙර අඟනක් එක් එළු දෙනක හිස සිදාසියො ළඟ වැළදී ගිනි දැල් තිරයෙ දුක් විදාඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදාමෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

ලෝවැඩ සඟරාව නම් ග්‍රන්‍ථයෙහි දක්වන මෙම පද්‍යයට සමානාර්ථයෙන් ධර්මප්‍රදීපිකාවේ මෙසේ දක්වා ඇත.


සබ්බෝප භෝග ධන ධඤ්ඤ විසෙස ලාභීරූපෙන භො සමකරද්ධජ සන්ගිභොපියො යොබ්බනෙපි මරණං ලභතෙ අකාමංකාමං සදුතු පරමාණ හරො නරොති...” 


ප්‍රාණඝාතාදී අකුසල් කළ තැනැත්තා අපායෙහි ඉපිද නොයෙක් දුක් විඳ ඉන් මිදී මනුෂ්‍ය ලෝකයෙහි ඉතා රූමත්ව ඉපිදුනත් තරුණ කාලයේ දී ම ඔහුගේ දිවි කෙලවර වේ. ප්‍රාණ ඝාතයෙහි යෙදෙන්නෝ දීර්ඝායුෂ නැත්තෝ ය. ප්‍රාණඝාතය කරන පුද්ගලයාට අල්ප ආයුෂ ද, බොහෝ රෝගාබාධ ද, පි‍්‍රයයන්ගෙන් වෙන්වී සිටීමට ද, බිය සහිතව වාසය කිරීමට ද සිදු වේ. 


“පාණාතිපාතො භික්ඛවෙ ආසෙවිතො භාවීතො බහුලීකතෝ නිරයං සංවත්තිකො හොති තිරච්ජාන යොනි සංවත්ත නිකො...” 


නැවත නැවත අපායගාමී වීමටත්, තිරිසන් ආත්මවල ජීවත් වීමටත් ප්‍රාණඝාත අකුසල් හේතු වේ. කොසොල් රජතුමාගේ අගමෙහෙසිය වූ මල්ලිකා දේවිය පෙර ආත්මයකදී තම නිවසට පැමිණ ආගන්තුකයෙකුට කෑම දීම සඳහා එළු දෙනෙක් මරා මස් ගෙන කෑම පිළියෙලකොට සංග්‍රහ කළා ය. එහිදී කරන ලද පාප කර්ම හේතු කොට ගෙන කල්ප ගණනාවක් අපායවල ඉපිදී එළුදෙනගේ ලොම් ප්‍රමාණයට හිස් සිදීම් ලැබුවා ය. පසු කාලයකදී දින්නා නමින් රජෙකුගේ බිරිද වී ජාතිස්මරණ ඤාණය ලැබුවා ය. එම ඤාණයෙන් පෙර ආත්මභවය ගැන බලා එළු දෙනගේ හිස සිදීමෙන් තමා අනේක දුක් විඳි බව දැක රජු වෙනත් රාජ්‍යයක් සමඟ ඇතිකර ගන්නට ගිය යුද්ධයක් වැළැක්වීය. මේ බව ධර්මප්‍රදීපිකාව නම් ග්‍රන්ථයේ සඳහන් වේ.


සීවලී මහරහතන් වහන්සේ එක් ආත්ම බවයක රජෙක්ව ඉපදී සිටියදී යුද්ධයට ගොස් නුවරක් වටකර රැකවරණ දා සිට සත් දිනක් එම නුවර වැසියන්ට කන්න නැති කිරීමේ පවින් මෙම ආත්මයෙහි සත් අවුරුදු හත් මස හත් දිනක් මවු කුසෙහි විසීමට සිදු වූ බව බණ පොතේ දක්වා ඇත.


මාතර පළාතේ ඉතා අසරණ පවුලක් ජීවත් විය. මේ පවුලේ ස්වාමියාගේ රැකියාව වූයේ පොල් ලෙලි ගැසීමයි. උදෙන්ම අවදි වී පොල් ලෙලි ගැසීමට ඔහු යයි. බිරියට පුංචි දරුවෙක් සිටී. දිනක් ඔහු රැකියාවට ගොස් එන විට නිවසෙහි කිසිවක් උයා නොතිබිණි. ඔහුට හොඳටම කේන්ති ගොස් ගෙදර බඩු පවා විනාශ කොට බිරිඳට ගුටි බැට දී කරදර කරන විට ගෙදර ආදරේට ඇති දැඩි කරන පූසා කකුලේ දැවටිණි. තරහ දෙගුණ තෙගුණ විය.

ඌ අල්ලා එළියට විසිකලාම ඌ හිටවා තිබුණු පොල් උල මත වැටිණි. ඌ ජීවිතක්‍ෂයට පත් විය. ටික කාලයක් ගත විය. පසු දිනෙක ද ඔහු රැකියාවට ගොස් එන විට නිවසේ ආහාරයට කිසිවක් නොමැති විය. එදා ඔහු කේන්ති නොගෙන ළඟම ඇති කොස් ගහට නැඟ කොස් ගෙඩියක් බිම හෙළා බසින විට අත්ත කඩාගෙන පොල් උල මත වැටිණි. මේ සිද්ධි දෙකේම කිසියම් වූ සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. අප කරන සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. මෙය දිට්ඨ ධම්ම වේදනීය කර්මයට සමාන බවක් පෙන්නුම් කරයි. 


මේ නිසා ප්‍රාණඝාතයෙන් වැළකී ජීවන ප්‍රතිපදාව ගොඩ නඟා ගැනීමට හැකිනම් එය ඉතා විශිෂ්ට ය. යුරෝපාකරයේ බොහෝ රටවල ප්‍රධාන ආහාරය මස් හා අලය. මෙහි ඇත්තේ මස් කර්මාන්ත ශාලා එක් පැත්තකින් සතා ඇතුළු කළාම අනික් පැත්තෙන් පිට වන්නේ මස් ය. ඉතින් මෙහිදී බුදු දහම හා සැසදීමේ දී මේ ක්‍රියාවලිය කෙලස බලපාන්නේ ද යන්න සිතිය යුතු ය. ඔවුහු වෙනත් භාණ්ඩ වෙළඳ පොළෙන් ගන්නා සේ මස් ද මිල දී ගනිති.

මෙහිදී චේතනාව පූර්ව වීම බලපායි. සතුන් මරන අයගේ අදහස වන්නේ මිනිසුන් මස් අනුභව කරන නිසා සතුන් මරන බවයි. මිනිසුන්ගේ අදහස වන්නේ සතුන් මරන නිසා අනුභව කරන බවයි. කෙසේ වෙතත් ධර්මයට අනුව තමා විසින්ම යමෙකුගේ දිවි තොර කිරීමෙන් ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිල්පදය ඡේදනය වන බවයි. තර්ක විතර්ක කෙසේ වෙතත් තමාට මස් මාංශයෙන් වැලකී සිටීමට හැකිනම් එය ඉතා වැදගත් ය.

ඇතැම් ආගම් උගන්වන්නේ සතුන් මවා ඇත්තේ මිනිසාගේ ආහාරයට බවත් ඔවුන්ට පණ දී ඇත්තේ නරක් වෙන නිසාත් යන්නයි. මෙවැනි ආගම්, ආගම් නොව ව්‍යාපාරය. මේ නිසා ලයාන්විත හදවතක් ඇත්තවුන් පරපණ නැසීමෙන් වැළකිය යුතු ය. වැළකීමට උත්සාහ කළ යුතු ය. එවිට නිවහල් නිදහස් සමාජයක් ගොඩනැඟිය හැකි ය. 


ප්‍රාණඝාතයෙන් වෙන් වී සිටින්නාට ආනිසංශ ගණනාවක් ලැබෙන බව ප්‍රසිද්ධ ය. ආරෝහ පරිණාහ සම්පත්තියෙන් යුක්ත වීම, කායික ශක්තිය ලැබීම, මනාව පොළොවෙහි පිහිටි පාද ඇතිවීම, රන්වන් පාට සිරුරක් ඇතිවීම, මෘදු මොලොක් සිරුරක් ඇති වීම, හොඳ පැවතුම් ඇති වීම, සූරවීරකම් ඇත්තෙකු වීම, ලෝකයට පි‍්‍රයමනාප පුද්ගලයෙකු වීම, පරිවාර සම්පත් ලැබීම, නැති නොගත් පුද්ගලයෙකු වීම, අකල් මරණ වලට පත් නොවීම, අල්ප ආබාධ ඇත්තෙකු වීම, ශෝක නොකරන්නකු වීම, පි‍්‍රයයන්ගෙන් වෙන් වීමට සිදු නොවීම, දීර්ඝායුෂ ඇත්තකු වීම යනු ඒ ආනිශංස ය.

buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software