topone

sathpurusa-ha-asathpurusa-p

ලොව ජීවත් වන මිනිසුන්ට ඇසුරට යෝග්‍ය වන පුද්ගලයන් කවර අය ද යන්න බුදුදහම පෙන්වා දෙයි. එයින් කෙනෙකුගේ ජීවිතයට යහපත උදාකර ලීමට හේතුවන පුද්ගලයා සත්පුරුෂයා ය. ඔහු ඇසුරු කිරීමෙන් මෙලොව පරලොව දෙලොවම සැපවත් කරගත හැකිවෙයි. අනෙක් පුද්ගලයා අසත් පුරුෂයා ය. ඔහුගේ ඇසුර දෙලොව පරිහානියට හේතු වෙයි. මේ නිසා ලොව තුළ වෙසෙන සෑම අයෙක්ම ඇසුරු කිරීමේ දී තමාට වඩාත් ගැලපෙන පුද්ගලයා කවරෙක්ද යන්න තෝරා ගත යුතු වෙයි.

ආශ්‍රය කරන විට පුද්ගල ගති ලක්‍ෂණ දෙස නිරන්තර අවධානයෙන් සිටිය යුතු වෙයි. මේ පිළිබඳ බුදුපියාණන් වහන්සේ නොයෙක් අවස්ථාවලදී කරුණු ගෙන හැර දක්වා ඇත. ත්‍රිපිටකයට අයත් මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍රය, අවිද්‍යා සූත්‍රය, ධම්ම පදය ආදී තැන්වල බොහෝ ධර්ම කරුණු ඇතුළත්ව තිබේ. මෙහිදී සත්පුරුෂයා යනු කුමන ලක්‍ෂණ වලින් යුතු අයෙක් ද යන්න, අංගුත්තර නිකායේ අවිජ්ජා සූත්‍රය පෙන්වා දෙයි. සසර ගමන දික්වන, සසර තුළම රැඳවීමට හේතුවන අවිද්‍යාව හෙවත් අනවබෝධය ඇතිවන්නේ අසත්පුරුෂ ඇසුර නිසාය.


අසත්පුරුෂයා ඇසුරු කරන්නා ඔහුගේ ගති ලක්‍ෂණ වලට හුරුවෙයි. පාපී ක්‍රියාවන්ට දායක වෙයි. මේ නිසාම අසත්පුරුෂ ධර්මය පි‍්‍රය කරයි. ඉන් පසුව අසත්පුරුෂ ඇසුරටම වෙයි. ඔහුගේ මනස තුළ අකුසල චේතනා වැඩෙයි. සිත කය වචනය යන තිදොර වරදට බරව ක්‍රියා කරයි. එයින් ඔහු තුළ අයෝනිසෝ මනසිකාරය වැඩෙයි. එසේ වැඩීම නිසා ඔහු තුළ පාපී ක්‍රියා වැඩෙයි. සතර අගතියට බර වෙයි. එයින් මෙලොව විනාශයත් පරලොව විනාශයත් ඇතිකර ගනියි. මේ නිසා අසත්පුරුෂ ඇසුර සසර දික්වීමට හේතුවක් බව පෙනෙයි.

 සත්පුරුෂයා ඇසුරු කරන විට සද්ධර්මය ශ්‍රවණය කරයි. යහපත් දේ පිළිගනියි. එමඟින් යෝනිසෝ මනසිකාරය වැඩෙයි. සිත, කය, වචනය කුසලයට බර වෙයි. ශ්‍රද්ධාව වැඩෙයි. එමඟින් ඔහු ලැජ්ජා භය ඇතිව මෙලොව ජීවිතය ගත කරයි. කුසල් දහමෙහි නිරත වෙයි. සතර අගතියට නොවැටී ප්‍රගතිය ඇති කරන දාන, සීල, භාවනා ආදී කුසල සිත් පහළ කරගනියි. මෙයින් ඔහු මෙලොව හා පරලොව සුවපත් වෙයි. සත් පුරුෂයාගේ ඇසුර දෙළොව දිනීමට හේතුවන බව මේ මඟින් පැහැදිලි වේ. සද්ධර්මයට සිත යොමුවූ තැන විද්‍යාව පහළ වෙයි.



 සත්‍යය දැන ගැනීමට ප්‍රයත්න දරයි. මේ සත්පුරුෂ ඇසුර තුළින් ලැබිය හැකි දෙයක් වෙයි. මේ නිසා අප විසින් නිතරම කල්පනා කළ යුත්තේ දොළොව ප්‍රගතිය උදාකරන සත්පුරුෂ ඇසුර ප‍්‍රිය කිරීමයි.යහපත් දිවි පෙවෙත සකස්කර ගැනීමට හේතු වන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුරයි. කල්‍යාණ මිතුරා යනු සත්පුරුෂයා ය. ඔහු දොලොව දියුණුවට මග කියා දෙන්නා වෙයි. මේ නිසාම තවත් අවස්ථාවලදී බුදුරදුන් විසින් ඔහු ‘පණ්ඩිත’ යන නමින්ද හඳුන්වයි. දෙලොව යහපත් ඵල ලබන මඟ දකින්නා පණ්ඩිතයා ය. අපේ සමාජයේ ඕනෑ තරම් ‘පණ්ඩිතයන්’ සිටියද එයින් මේ වචනය විග්‍රහ කළ නොහැකි ය. විභාගයකින් පාස් වූ තරමටම කෙනෙක් පණ්ඩිතයකු නොවෙයි. සමහර උගත්තු සමාජ සාරධර්ම වලට පවා ගරහති. ඔවුන් පණ්ඩිතයන් නොවේ.

 ආත්ම දමනයක් මත දිවිපැවැත්ම අන්‍යයන්ගේ යහපතට හේතුවන ආකාරයට හැඩ ගස්වා ගත් තැනැත්තා පණ්ඩිතයා ය. පැරැණි බෞද්ධ කතාවක් මතකයට නැගෙයි. එය නම් පෙර ‘පණ්ඩිත’ හා ‘අතිපණ්ඩිත’ යැයි යහළුවන් දෙදෙනෙක් විසූහ. මේ දෙදෙනාම එකතුව වෙළෙඳාමේ නිරත වූහ. දිනක් පිට පළාතකට වෙළෙඳාමේ ගිය මේ දෙදෙනා එදින විශාල මුදලක්, ලාභය ලෙස ඉපැයූහ. මෙහිදී අතිපණ්ඩිත නම් තැනැත්තා ලාභයෙන් වැඩිහරියක් ලබා ගැනීමට උත්සාහ කළේ ය.

 පණ්ඩිත, එයට විරුද්ධ විය. අතිපණ්ඩිත මෙයට කපටි උපක්‍රමයක් සිතා, ගෙදර ගොස් තම පියාට විස්තරය කියා, වනයේ ගස් බෙනයක් ඇති ගසක එම බෙනය තුළ සිට ලාභයෙන් වැඩි කොටසක් අතිපණ්ඩිතයට අයත් විය යුතු බවට කියන්නැයි කීවේ ය. කතාකරගත් පරිදි දෙදෙනාම එම මහා වෘක්‍ෂය වෙතගොස් වෘක්‍ෂ දේවතාවාට පැමිණිල්ල ඉදිරිපත් කර සිටියේ ය. මෙහිදී අති පණ්ඩිතගේ පියා රුක් බෙනය තුළ සිටිමින් “ලාභයෙන් වැඩි කොටසක් අතිපණ්ඩිතට අයත් විය යුතු බව කීවේ ය.


මෙය ඇසූ පණ්ඩිත මොහොතක් කල්පනා කර රුක් දෙවියන් කවුදැයි බැලීමට එම ගස් බෙනය ඇති ගහ මුලට කුණු රොඩු එකතුකොට ගිනි තිබ්බේ ය. ගින්දරින් හා දුමින් පීඩාවට පත් එම මහලු පියා ගස් බෙනයෙන් බිමට පැන්නේ ය. ඔහුගේ ශරීරය බිඳීමට ලක්විය. එහිදී ඔහු ප්‍රකාශ කළේ අති පණ්ඩිතගේ පියා වීම තමාට විපතක් ගෙන දුන් බවයි. මෙයින් පැහැදිලි වන්නේ දැනුම් ඇත්තෝ යහපත් දිවි මඟට බැස ගත්තේ නැත්නම්, මෙලොවදී මෙන්ම පරලොවදී ද නරක විපාක විඳීමට හේතුවන බවයි.

මහා මංගල සූත්‍රයේ ද ආශ්‍රයකළ යුත්තන් පිළිබඳව සඳහන් වෙයි. “අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා” බාලයා යන නමින් හැඳින්වෙන්නේ ධර්මය නොදකින්නා ය. තුන් දොරම අවැඩට යොමු කර ඇති තැනැත්තා පාපී ක්‍රියාවල යෙදෙමින් අපාය ගාමී මාවත විවර කරගන්නා බාලයා වේ. ඔහු ඇසුරු නොකරන්නැයි බුදුහිමියෝ දේශනා කළහ. ශරීරය වැඩී ගියද ගුණධර්මය හා නුවණින් පොහොසත් නොමැත්තා බාලයා වෙයි.

ඔහුගේ ඇසුර විනාශයට මුලකි. විනාශයට ලක්කරවයි. මෙනිසා ‘බාලයා’ යනු දෙලොව අක්‍රීය කරන්නා වෙයි. මෙලොව දී පන්සිල්වත් නොරකින, මවුපියගුණ නොදන්නා, පැවිද්දන් නොහඳුනන, සාධු ජීවන චර්යාව මඟහැරපු පුද්ගලයවයි. බාල පුද්ගලයා පිළිබඳව ධම්ම පදයේ බාලවග්ග නමින් වෙනමම වග්ගයක් වෙන්වී තිබේ. එමඟින් අසත් පුරුෂයා සතු ලක්‍ෂණ ඉතා මැනවින් පැහැදිලි කර තිබේ. මෙම පුද්ගලයා දිවි ඇති තෙක්ම පණ්ඩිතයන් ඇසුරු කළද, යහගුණ දහම් තම දිවියට ආදේශ කර නොගනීයි. එවන් අනුවණයා කිසි දිනෙක ධර්මයට සිත නමා නොගනියි. ඒ බව ඉතා හරවත් උපමාවක් ගෙනහැර දක්වමින් බුදුපියාණෝ කරුණු පැහැදිලි කර දී ඇත. මෙය බාල වග්ගයේ 5 – 6 යන ගාථා තුළින් මනාව පැහැදිලි වෙයි.

යාවජීවම්පි චෙ බාලො

පණ්ඩිතං පයිරු පාසති

නසෝ ධම්මං විජානාතී

දබ්බී සුපරසං යථා

මෙම ගාථාවේ අර්ථය වන්නේ “බාලයා දිවි ඇති තෙක් පණ්ඩිතයකු ඇසුරු කළත්, ධර්මය මනාව දැන නොගනියි. කුමක් මෙන්ද, “හැන්ද මාළු පිණිවල රස නොහඳුනන්නාක් මෙනි”

 අනුවණයා හෙවත් අසත්පුරුෂයා කිසිදා ධර්මය පි‍්‍රය නොකරයි. එය ඇසීමටත් අකැමැති වෙයි. පෙර වාසනාවක් නිසා හෝ පණ්ඩිතයන් ඇසුර ලද ද ඔහුට ගුණ ධර්ම වලින් වැඩක් නැත. තම ලාභ අපේක්‍ෂා හා අවස්ථාවාදී සිතිවිලි ඉටුකර ගැනීම සඳහාම ක්‍රියාකරනවා විනා යහගුණ ධර්ම ප්‍රගුණකර දිවිමග සාරවත් කර ගැනීමට ඔහුට අවශ්‍ය නැත. මෙහිදී යොදාගෙන ඇති උපමාව හරිම අපූරුයි. ගෙදරක මුළුතැන්ගෙයි නිතර පවතින හැන්ද හොද්ද සකස්කර ගැනීමට උපකාර වෙතත්, රසට සකස් කරන ව්‍යංජනයේ ලුණු, කහ, මිරිස් රසයක් දැනගැනීමට හැකි නොවන්නාක් මෙන්ය. අසත්පුරුෂයාගේ ලක්‍ෂණය හැන්දට උපමා කිරීමෙන් ඔහු තුළ ඇති අඳබාල ස්වභාවය හොඳින් වටහා ගත හැකිය.

බාල වග්ගයේ මීළඟ ගාථාව මඟින් පෙන්වන්නේ, සත්පුරුෂයා සතු ලක්‍ෂණයකි. ඔහු උගතුන් පණ්ඩිතයන් ඇසුරු කරයි. නිසිලෙස එම ගුණධර්ම ප්‍රගුණ කර තම දිවිපෙවෙත සුඛිත මුදිත කර ගැනීමට වෙර දරයි. එමඟින් සමාජයට යහපතක් සිදු කරයි.

මුහුත්ත මපි චෙ විඤ්ඤු

පණ්ඩිතං පයිරු පාසති

ඛිප්පං ධම්මං විජානාති

ජිව්හා සුපරසං යථා

මෙහි තේරුම “නුවණැත්තා මොහොතකුදු පණ්ඩිතයකු ඇසුරු කළද දහම වහා දැනගනී කුමක් මෙන්ද “දිව වහා මාළුපිණිවල රස හඳුනා ගන්නාක් මෙන්ය” මෙම ගාථාව පෙන්වා දෙන උපමාව වන්නේ සත්වයාට පිහිටි දිව, සියලු රස හඳුනා ගන්නා ආකාරයයි. යමක් කටට ගත් කෙනෙහිම, එහි රස දිව දැන ගනී. යමක් දිවග තිබූ කෙනෙහිම එහි ඇති පැණි රස, ඇඹුල්, තිත්ත, කහට, රස ආදී රසය තෝරා හඳුනා ගනී.


දිවට එවන් රස හඳුනා ගැනීමට ගත වන්නේ ඉතාම සුළු කාලයකි. අසත්පුරුෂයා (මෝඩයා) පණ්ඩිතයෙකු තම දිවි තිබෙනතුරු ආශ්‍රය කළද ගුණ ධර්ම දැන ගන්නේ නැත. ඉතා සුළු කාලයක් තුළ යමක් වහා වටහා ගත හැකි අයකු පණ්ඬිතයකු ඇසුරු කරත් ද ඔහු ඒ සුළු කාලය තුළ දී ධර්මය දැන ගනියි. “විඤ්ඤු” යනු, නුවණැත්තා ය. මනා සිතින් හා හොඳ නොහොඳ වැටහෙන නුවණින් යුතු තැනැත්තා ය.

අසත්පුරුෂයා නිතරම ලාභයට ගිජු වෙයි. ඔහු තමා ගැනම මිස, අන් අය ගැන නොසිතයි. මේ නිසාම සමාජය තුළ විවිධ ගැටුම් ඇති වෙයි. නීතිය නිසි ලෙස හසුරුවාලීමට ද ඔහු බාධකයකි. මේ අනුවණයා අනුන්ට සේවය කිරීමට වඩා තමාට සේවය කර ගැනීම අංක එකට යොදා ගනී. මහජන සේවය පිණිසයි. යන නාමයට මුවා වී බඩගෝස්තරවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරයි.

මේ නිසාම තම පරම්පරාවට සුරසැප ලබා ගැනීම උදෙසාම මහජන දේපළ සම්පත් අයුතු ලෙස යොදා ගනියි. ධර්මය නොපිට හරවා පෙන්වීමට උත්සාහ කරයි. විවිධ උපක්‍රම යොදාගෙන තෙරුවන්ට නිගාදෙන ක්‍රියාවල යෙදී, ධනය සොයයි. ඔහුට ධර්මය, තිත්තය, ගුණ ධර්මය අනවශ්‍ය ය. තමාට කීයක් හරි මුදලක් ලැබෙනවා නම් සමාජය යුක්ති ධර්ම යකාට ගියත් ඔහු ඒවා ගැන නොසොයයි. නොබලයි. මේ අසත්පුරුෂයා නිසා සමාජ ගැටුම්, අවුල් ඇති වෙයි.ඔහු තුළ විවේකයක් නැත.


කායික, මානසික විවේකයක් නැත. ඔහු කාර්ය බහුල ය. එතරම්ම තම සුඛ විහරණයට කැපවෙයි. ධර්මයේ සඳහන් කරනුයේ විවේකය ලැබිය යුතු බවයි. මෙහිදී පිරිසෙහි ඇලී විසීමෙන් හා කම් සැපයෙන් වෙන් වීමෙන් ඇතිවන විවේකයයි. අසත්පුරුෂයා පිරිස් වලින් වෙන්ව විසීමට පි‍්‍රය නොකරයි. ඔහු නිතරම ඒ හා සම ගති ඇත්තවුන් පිරිවරා ගෙන සිටියි. එය දෙළොව ප්‍රමාදයට හේතු වන්නක් වේ. චිත්තවිවේකය යනු, සිත එකඟ කර ගැනීමයි. අසත්පුරුෂයාට සිත එකඟ කර ගත හැකි නොවේ.


එය ඔහුට ඉවසුම් නොදෙන්නකි. නිතරම පාපී සිතුවිලි ජනිත වන විට සිත පාලනය කර ගැනීමට ඔහුට අපහසු වෙයි. මේ නිසාම “යං හෝති කටු කප්පලං” කටුක විපාක දෙන ක්‍රියාවලම යෙදෙයි. එය විපාක දීමේ දී ඔහු කළ වැරැදි වල බරපතල බව තේරුම් ගනියි. එවිට ඔහු ප්‍රමාද වී වැඩිය. පණ්ඩිතයා කාය හා චිත්ත විවේකය ඇති කර ගැනීමට වෙර දරයි. සිතට සැනසිලි දායක ක්‍රියාවල යෙදෙයි. සිත එකඟ කර ගැනීමෙහි යෙදෙයි. විපාකය යහපත් ලෙස ලැබෙන ක්‍රියාවල යෙදෙයි. අසත්පුරුෂයා ධර්මයට ද්වේෂ කරන අතර, සත් පුරුෂයා ධර්මය පි‍්‍රය කරයි. ධර්මය ඉගෙන ගනියි. ධර්මය පි‍්‍රය කරන නිසා දෙලොව දියුණුවට පත්වෙයි. මේ බව පරාභව සූත්‍රයෙන් බුදුරදුන් දේශනා කොට ඇත

ධම්ම කා මෝ භවං හෝති
ධම්ම දෙස්සි පරාභවෝ


 පරාභව සූත්‍රයේම එය තව දුරටත් පැහැදිලි කරන්නේ අසත් ධර්මය පි‍්‍රය කිරීම, ලෞකික දියුණුව විනාශ කිරීමක් ලෙසයි “අසතං ධම් රෝචේති තං පරාභවතෝ මුඛං” යන්නෙන් එය කියැවෙයි. යම් විෂ සහිත දෙයක් යම් භාජනයක තබා ඇත්ද එම භාජනයද විෂ අන්තර් ග්‍රහණය කරගන්නා සේම අසත්පුරුෂයාගේ ඇසුර නිසාම සමහර උගත් අය පවා නොමගට වැටෙන අයුරු පෙනෙයි. මේ නිසා බොදුනු ඔබ ඔබේ දූ දරුවන් ද කුඩා කළ සිටම සාධු සිරිත් විරිත් හා ධර්මයෙන් පෝෂිත කළ යුතු වෙයි.


එය මෙලොව පරලොව ජයග්‍රහණය පිණිසම හේතුවන බැවිනි. අසත්පුරුෂයා ඇසුරේ මෙලොවදීම මහත් දුක් ගොඩක් ඇති කරයි. තමාද තැවෙමින්, අනුන් ද තවමින් බොහෝ මානසික දුක් පීඩා ඇති කර දෙයි. බුදුරදුන් දවස මහා ධන සිටු පුත්‍රයා කෝටි 160 ක මහා ධනයට හිමිකම් ඇත්තකු විය. ඔහුගේ ඇසුරට පත් වූයේ සල්ලාලයින්, සුරා බොන්නන්, සූදු කාරයින් හා රස්තියාදුකාරයින් ය. මේ මහා ධන ස්කන්ධය අවැඩ දායක වූ පාපී ක්‍රියාවලට යොදවා මොහු අවසානයේ තමාගේ ඇඳිවතට පමණක් හිමිකම් කියමින් මහා පාරට බැස කබල් කෑල්ලක් අතින් අරං සිඟමන් යදින්නකු බවට පත්විය. මේ කථාවෙන් බාලයා හෙවත් අසත්පුරුෂයාගේ ඇසුර මෙලොව දියුණුව විනාශ කර පරලොව දුගතිය හිමි කොට දෙන බව පෙන්වයි.

 (රත්නපුර මුද්දුව සිරි සුමන මහ පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රවේදී, වේරහැර 
සමචිත්ත සූත්‍රය


බෞද්ධ ආචාර ධර්ම පද්ධතිය ලාංකික ජනතාවට පුරුදු කිරීම පිණිස දේශනා කරන ලද සූත්‍ර දේශනා සමචිත්ත පර්යාය දේශනා ලෙස හඳුනාගෙන ඇත. ජනතාවගේ සිතුම් පැතුම්, චර්යා ධර්මවල ප්‍රායෝගික වූ වෙනසක් ඇති කිරීම සහ වනචාරී අදහස්වලින් නිදහස් කිරීම පිණිස මෙම කරුණු උපයෝගී කර ගෙන ඇත. තම යුතුකම් සහ වගකීම් මැනවින් සපුරා ගැනීමට ධර්මයෙන් ලැබෙන පිටිවහල මෙතැකැයි කියා නිම නොකළ හැකිය.

අංගුත්තර නිකාය සූත්‍ර පිටකයේ සිව් වෙනි අංගය වේ. කුඩා අනුකුඩා සූත්‍ර රැසකින් සහ ඒවා වර්ග කරන ලද වර්ග රාශියකින් යුතු අංගුත්තර නිකාය ධර්මයේ හරවත් චින්තන සමුදායක් ගොනු කළ සූත්‍ර සංග්‍රහයක් ලෙස අගය කළ හැකිය.සමචිත්ත පර්යාය දේශනා ආරම්භ කරමින් බුදුරදුන් පළමුව වදාරන්නේ ,


1. සත් පුරුෂ භූමි
2. අසත් පුරුෂ භූමි ගැනය.


සත්පුරුෂයා කෘතඥ වෙයි. කළගුණ ප්‍රකට කොට දැනගත්තේ වෙයි. ඒ කෘතඥ බව කෘතවේදී බව සත්පුරුෂයන් විසින් ම ප්‍රශංසා කරන ලද්දකි. එවැනි භූමිකාව සත් පුරුෂ භූමිය යයි කියනු ලැබේ. අසත් පුරුෂයා අකෘතඥ වෙයි. කළගුණ නොදන්නේ වෙයි. ඒ අකෘතඥ බව අසත්පුරුෂයන් විසින්ම ප්‍රශංසා කරන ලද්දකි. අකෘතඥ බව අසත්පුරුෂ භූමිකාව වශයෙන් හඳුන්වා ඇත.

මව්පිය උපස්ථානය බුදුරදුන් විසින් මැනවින් ප්‍රශංසා කරන ලද උත්තම ගණයේ සාධු ක්‍රියාවකි. දෙදෙනකුට ලොව කොතරම් ප්‍රත්‍යූපකාර කළත් සෑහීමට පත් වේ යයි නොකියමි. ඒ මව සහ පියා යන දෙදෙනාට අවුරුදු සීයක් ආයුෂ ඇති, වර්ෂ සීයක් ජීවත්වන්නෙක්. එක අංශයකින් මව වඩාගෙන, තව අංශයකින් පියා වඩාගෙන පෝෂණය කරයිද, ඔහු ඔවුන්ගේ ඇඟ ඉළීමෙන් පිරිමැදීමෙන් නැහැවීමෙන්, අත පය මිරිකීමෙන් උපස්ථාන කරයිද, ඔවුහු ද දරුවාගේ උකුලෙහිම මළ මූත්‍ර පහ කරයි. ඒත් මව් පියන්ට උපකාර කිරීමක් ප්‍රති උපකාර කිරීමක් නොවේ.

ශ්‍රද්ධාව නැති දෙමව්පියන්ගේ සිත් තුළ ශ්‍රද්ධාව උපදවයි ද, ප්‍රඥාවෙන් තොර දෙමව්පියන් තුළ ප්‍රඥාව අවදි කරයි ද එබඳු ප්‍රති උපකාරය මව්පිය උපස්ථානය සපුරාලීමට ප්‍රමාණවත් බව බුදුරදුන් වදාළ සේක. ලොව ජනතාව කාය වාග් මනෝ සුචරිතයේ නිරතවෙමින් ක්‍රියා කරයි නම් එය සැමදෙනාගේ යහපතට හේතු වේ. දක්‍ෂිණා පිළිගැනීමට සුදුසු දක්‍ෂිණාර්හ පුද්ගලයෝ දෙදෙනෙක් ලොව වාසය කරති.

1. සේඛ
2. අසේඛ


යයි සමචිත්ත දේශනාවේ සඳහන් වේ. සිල්වත් ගුණවත් ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් සංවර වූ භික්‍ෂුව ආධ්‍යාත්ම සංයෝජනයෙන් පිරි උතුමෙකි. වරදෙහි බිය දන්නා හෙතෙම මැනවින් ශික්‍ෂාපද පුරමින් ජීවත් වෙති.



ලෝභය දුරු කිරීමට, ද්වේෂය දුරු කිරීමට, මෝහය දුරු කිරීමට ක්‍රියා කරන කාය වාග් මනස් සංවරයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා සමසිත් ඇතිව (සමචිත්ත) කල්ගත කරන්නෙකි. හෙතෙම පරලොව බිය උපදවාගෙන ඒ අනුව ජීවත් වෙති.



මහා කච්චාන තෙරුන් සහ බ්‍රාහ්මණයෙකු අතර ඇති වන සංවාදයකදී කච්චාන තෙරුන් වදාරන්නේ, කාමරාගයෙහි පිවිසීම බැඳීම, ගිජුවීම, වැළඳ ගැනීම, ගැලීම හේතු කොට ගෙන ඔවුනොවුන් වාද විවාද, ඇන - කොටා ගැනීම ආදිය සිදු කරන බව වදාරති. යමෙක් කාම පරිදාහයෙන් දැවෙයි ද කාම විතර්කවලින් පෙළෙයිද, කම් සැප සෙවීමෙහි නිරතවේද? එවැනි පුද්ගලයා “බාලයා” යයි කියනු ලැබේ.

භද්‍ර යෞවනයෙන් පිරිපුන් අයෙකු වුවත් කාම දාහයට අසුනොවී කම් සැපෙහි ගිජු නොවී ක්‍රියා කරයි නම් හෙතෙම පණ්ඩිතයෙකු බව ද ඒ සමඟ දේශනා කර තිබේ. යම් කලෙක රාජ්‍යයක ජනපදයක සොරු බහුල වෙත් නම් එකල රජවරු දුර්වල වෙති. පාලකයෝ සිතැ’ඟි අනුව ක්‍රියා නොකරති. රජවරු පාකයෝ ප්‍රබල වූ විට සොරු දුර්වල වෙති. මෙම ධර්මතාවය අප රටටද පොදු මුළු ලොවටම සාධාරණ ප්‍රමිතියකි.

ගිහි වුවද, පැවිදි වුවද මිථ්‍යා ප්‍රතිපත්ති ඇත්නම් ඒවා පැසසුමට ලක් නොවේ. මධ්‍යම ප්‍රතිපදාවට අයත් නොවේ. මධ්‍යම ප්‍රතිපදාව සපුරන්නෙක් බවට පත් නොවේ. වැරදි ලෙස ගත් සූත්‍ර අටුවා වැරදි මාවතට වැරදි ගමන් මගට අනුගත වූවා විනා නිවැරැදි මාවතට සම්බන්ධ වූ ඒවා නොවේ.

පරාභව සූත්රය

මිනිසුන්ගේ දියුණුවත් පරිහානියත් පිළිබඳව මේතරම් කථාකරන අවධියක් 

මීටපෙර තිබුණේදැයි සැක සහිතය.බලන්න රජෙක් වගේ හිටි 

 මනුස්සයනෙ අද බලුවෙලාතියෙන්නේ මේ කියමන කීදෙනෙකු

 විෂයෙහි යෙදිය හැකිද? ඔවුහුපරිහානියට පත්වූ 

හේතුව ඔවුහුත් නොදනිති. එක් කාලයක බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වසන දිනෙක දෙවි කෙනක් පැමිණ "භාග්‍ය වතුන් වහන්ස පුද්ගලයෙක් පරිහානියට පත් වන කරුණු මොනවාදැයි දැන ගැනීමට පැමිණියෙමුයි සැලකර සිටියේය." එහිදී බුදුන් වහන්සේ පහත සඳහන් කරුණු පුද්ගල පරිහානියට හේතු වේයැයි දේශනා කල සේක.

  • දශ කුශල ධර්මයට අකමැත්තෙන් ධර්මයට ද්වේශ කරන්නා පිරිහෙයි.
  • යමෙක් බුද්ධ ආදී සත් පුරුෂයන් අප්‍රිය කොට දෙසැටක් මිත්‍යා දෘෂ්ඨි සහිත ධර්මයන් ප්‍රිය කරයිද එය පිරිහීමට හේතු වේ.
  • යමෙක් නිදන සුළුද, උට්ඨාන වීර්යෙන් තොරද, උපතින්ම අලස වේද, ක්‍රෝධය ඇසුරු කරයිද හේ පිරිහීමට පත් වේ.
  • යමෙක් වත්පොහොසත් කමින් පරිපූර්ණ වූ විට වයසට ගිය දෙමව්පියන් පෝෂණය නොකරයිද හේ පිරිහීමට පත් වේ.
  • බ්‍රහ්මයෙක් වේවා, භික්ෂුවක වේවා, සිඟන්නෙකු වේවා බොරුවෙන් රවටන්නේද හේ පිරිහීමට පත්වෙයි.
  • වත් පොහොසත් කමින් අග තැන්පත් රස මසවුල් ආහාර ඇත්තා තනිවම වළඳයි ද හේ පිරිහීමට පත් වේ.
  • යමෙක් ජාතිමානයෙන් කුල මානයෙන් තද වූයේද එහි අන්තය වූයේද හේ පිරිහීමට පත්වේ.
  • යම් පුද්ගලයෙක් ස්ත්‍රී, සුරා, අක්ෂ ධූර්තව ලැබෙන සියල්ල වනසයි නම් හේ පිරිහීමට පත් වේ.
  • තම බිරිඳගෙන් සතුටු නොවී ගණිකාවන් සොයා ගොස් සැප සොයන්නෙක් වේද හේ පරිහානියට පත් වෙයි.
  • වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.
  • මස් මාංශ හා මද්‍යසාර ලොල්ව ඒ සඳහා මුදල් වියදම් කරන හෝ එසේ කරන්නෙකු ප්‍රධානත්වයේ තබා ඇසුරු කරන පුද්ගලයෙක් වේද හේ පිරිහීමට පත් වේ.
  • වත් පොහොසත් කම් බෝග සඳහා තණ්හාව ඇත්තෙක් අල්ප බෝග සහිතව ක්ෂත්‍රීය කුලයක ඉපදී හේ රාජ්‍ය පතයි නම් එය පිරිහීමට හේතු වේ.

 දෙවියන් ඇසූ පැනයට පිළිතුරු ලෙස බුදුන් වහන්සේ ඉහත සඳහන් කාරණා 12ඇතුලත්ව පරාභව සූත්‍රය දේශනා කල සේක.

buddhistculture


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software