topone

අත්වැඩ පරවැඩ සමව සිතන්නේ
මෙත්සිත සව්සත කෙරෙහි කරන්නේ
ඒත් බැරි නම් තොප සසර ගෙවන්නේ
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ


"තමන්ගේ යහපත මෙන්ම අනුන්ගේ යහපතද සමසේ සිතා සියලු සත්වයා කෙරෙහි මෛත්රි්ය වඩන්න. එයත් නොහැකි නම් සංසාරයෙන් මිදීමක් නැත. ශාන්ත සුන්දර නිවන් පුර සැප කෙසේ ලබන්නද."


මස් ලේ නැති ඇට බලු ලෙව කන්නේ
කුස පිරුමක් පලයක් නොල බන්නේ
ලෙස් ඒ සැපතෙහි සැප නොසිතන්නේ
දොස් නොපෙනෙනු මිස දුක්මය වන්නේ


"මස් ලේ නැති ඇට බල්ලන් විසින් ලෙව කෑ නමුත් කුස සිරීමක් හෝ ප්රියෝජනයක් නොලැබේ. එමෙන් පස්කම් සැපෙහි සැප ඇතැයි නොසිතන්න. එයින් දොස නොපෙනෙනු මිස දුක් ඇති වන්නේම ය. "


මස් කැටියක් ගත් උකුසෙකු අහසේ
මස් නොදැමුව උකුසන්ගෙන් වැනසේ
පස් කම් රස ලොබ කළහොත් එමසේ
පස් විසි මහ බයකින් දුක් සැලසේ


"මස් කැබැල්ලක් ගත් උකුස්සකු එම මස් කැබැල්ල අත නොහැරිය හොත් වෙනත් උකුස්සන් වෙතින් විනාසයට පත්වෙයි. එමෙන් ම පස්කම් සැපතෙහි ඇලුනොත් ලෝභ කලහොත් විසිපස්වැදෑරුම් භයකින් දුක් සැලසෙන්නේය."


සෙත සලසන මුනිබණ ඇත ස්මිහිරි
ඇත තොපගේ කන් ඇසුමට නොබිහිරි
නැත කරනට පිනකුත් මෙතොපට බැරි
සතර අපා දුක් වද විඳිනට බැරි


"සෙත් සාන්තිය සලසන්නා වූ බුදුන් වහන්සේගේ සුමධුර වූ ධර්මය ඇත. එය ඇසීමට ඔබට නොබිහිරි වූ කන් ඇත. ඔබට කරන්නට බැරි කිසිම පිනක් නැත. නමුත් සතර අපා දුක් විඳින්නට නම් නොහැක. "


කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උප දේසේ
නුදුන මැනවි තුන්දොර අව කාසේ


"අකුසල කර්ම කරන කල්හි ඉතා මිහිරි පැණිමෙන් වුවත් එහි විපාක විඳින කල්හි දුක් ගිනිදැල් මෙන් දැඩි වන්නේය. එම පව් දුරුකරන අපදෙස් දැන හැඳින සිත කය වචනය යන තුන්දොර පාපයට අවකාශ නොදෙනු මැනවි."


අදමින් ජීවත් වෙනවා විතරට
දැහැමින් මිය යනු සොඳමයි දනහට
මෙලෙසින් වදහල මුනිබණ සිහිකොට
සැබැවින් පින්කොට පැමිණෙව් නිවනට


"අධර්මයෙන් ජීවත් වනවාට වඩා ධාර්මිෂ්ටව මිය යෑම සත්වයාට යහපත් වන්නේය. මේ ආකාරයෙන් දේශනාකරන ලද්දා වූ බුද්ධ ධර්මය මෙනෙහි කොට ඇත්ත වශයෙන්ම පින්රැස්කර නිර්වානයට පැමිණෙන්න."

එකම සතකු තම මව් මළ දුකටා
වෙනම ඇඩූ කඳුලේ බිඳු වලටා
මෙහැම මුහුදු දිය අඩුවන කලටා
තවම සසර ආලය ඇයි තොපටා


"එකම සත්වයකු තම මෑනියන් මළ ශෝකයට වෙනම හැඬුවා වු කඳුලු බින්දු වලට මේ සියළුම මුහුදු ජලය අඩුවන්නේය. එසේ වූ කල තවමත් සංසාරයෙහි ආසාවක් බිඳීමක් ඔබ ඇතිකර ගන්නේ කුමක් නිසාද."


ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
සැපයක් යයි කකුළුව දිය කෙළියේ
එපවත් තොප සිතතොත් නොහැ කිළියේ
සැපයක් නම් නැත මේ රස කෙළියේ


"ලිපෙහි ගිනි මොලවන තුරු වතුර හැලිය තුල සැපයක්ය සිතා ජල ක්රීආඩා කරන කකුළුවා මෙන් කිසිම පැකිලීමකින් තොරව ඒ පුවත තරම්වත් නොසිතන්නේද. එමෙන්ම කම්සැප විඳී මෙහි කිසිම රසයක් නැත. "


උඩු සුළගට අල්වා ගෙන යන්නේ
තණසුළ නොදැමී නම් අත දන්නේ
වර පල යයි කම් රස තොප ලන්නේ
එද කල කම් නිරයේ සැප වන්නේ


"දැල්වෙන තණසුල උඩු සුලඟට අල්ලාගෙන යන තැනැත්තා තණසුල අත නොහැරිය හොත් අත පිලිස්සෙන්නේය. පස්කම් සැප උතුම් ඵලයක් යැයි කියමින් කරන ලද පාප ක්රිමයා කර්ම ඇති අය නිරයේ පැසවන්නේය."


පිරුළෙන් අරගත් අබරණ මගුලට
දමමින් ගැතිවන අයමෙන් අනුනට
පෙර පින් ඇති තෙක් විදිනා සැපතට
තෙපි දැන් උඩගුව නොවදිවි නිරයට


"මංගල උත්සවය සඳහා තාවකාලිකව අනුන්ගෙන් රන් අභරණ ගෙන පැළඳ ඔවුනට ගැතිවන්නවුන්සේ පෙර කරන ලද පින් ඇති තෙක් විඳිනා සැපතට උඩඟු වී පින්කම් නොකොට නිරයට පත් නොවෙත්වා."


වදයට බැඳගෙන ගෙනයන සොරුටා
වද මල් දම්ලූ බෙර පිරි වරටා
ලද ඉසුරෙහි ලොබ කල හොත් තොපටා
එද සැපතෙහි කළකම් මරු රවටා


"මරණු පිණිස ගෙනයන සොරකුට වද මල්මාලා දමා බෙර පිරිවර සහිත සැලකුම් කරන්නා සේ ලුබුණු සැප සම්පත් වලට ලෝභ වුව හොත් එයද මාරයා රවටා කරන ලද කර්මයක් වන්නේය."


දුමුවොත් ගිරි මුදුනෙන් හෙන සොරුටා
පවනින් කම් නැති මෙන් ඇග ගිමටා
ජරයෙන් මැඩෙමින් යන මරු මුවටා
සැපතින් පලකිම පව් කළ තොපටා


"මරණය සඳහා පර්වත මුදුනින් පහලට හෙලන ලද සොරකුට සරීරයේ ග්රී ස්මය නිවා ගැනීමට ගත දැවටෙන සිසිල් සුලඟින් පලක් නැතිසේ ජරාවෙන් තැලෙමින් මාරයාගේ මුඛයට යන පව්කම් කිරීමෙන් සැප ලබන තැනැත්තාට කවර ප්රරයෝජනයක්ද?"

අලවන මේ කම් රස දොස විමසා
පලයව් තපසට පුලුවන් වයසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුලසිඳිනාතෙක්ඉදිදෝනොබැසා

"සිත අලවන්නා වූ කම් සැපතෙහි රසයක් නැත. එහි ඇති දොස් විමසා දැක පුලුවන් වයසේ දී තපසට යා යුතුය. ගස උඩ ඵල රස විඳිමින් සිටින මිනිසා එම ගස මුලින් කපන තෙක් ගසින් නොබැස සිටීද?"


බණ නම් නිබොරුය මුනිවරයන්නේ
කය නම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිනිබිදු වැන්නේ
පින නම් නොපමාවම කර ගන්නේ


"මුණිවරයන්ගේ බණ බොරු නොවන්නේය. මේ ශරීරයේ අස්ථීර බව අදහාගන්න. ප්රා්ණය නම් තනකොල අග රැඳුන පිනි බින්දුව මෙනි. නොපමාව පිනනම් කරගත යුතුය."


අසන් මෙමා කී දේ වැඩ ඇති වන
පසන් සිතින් උන්නත් පව් කර මින
උපන් නොතින් මතුයක් බූ පිසසුන
පයින් ඇවිද පිනකුත් බැරි එපවින


"සත්වයාට වැඩදායක වූ මා මේ කියන දේ අසනු සතුටු සිතින් පව්කම් කරමින් සිටි නමුත් යක්ෂ, භූත, පිසාච ආත්මයක උපන්නොත් පයින් ඇවිද යම් පිනක් කිරීමට ඒ පාපය නිසාම නොහැකි වන්නේය."


ලොබේ සිතින් පව් කම් කළ සතටා
ඉබේ ඉන්ට නොමදී සිතු රඟටා
හබේ කියති ගෙන ගොස් යම රජුටා
ලැබේ නිරාදුක් පැමිණේ එවිටා


"ලොභ සිත් ඇතිව පව්කම් කල සියලු සත්වයන් යම රජුවෙත ගෙනගොස් සභාවේදීම ඒ බව කියති තම සිත් වු පරිදි ඉබේ ඉන්නට නොලැබ එවිට නරකාදී දුක් වලට පැමිණේමය."


තොසින් නොයෙක් සැප විද සමහරු නිති
ඇසින් ම දැක පව් පින් කළවුන් ගති
බසින් කීවත් අදහා පින් නොක රති
ගොසින් නිරේ වැටුණොත් දුක් නිම් නැති


"නිතර සන්තෝසයෙන් නොයෙක් සැප විඳින සමහරු පව් පින් කල අයගේ ගති නියම ඇසින් ම දැක දැකත් වචනයෙන් කීවත් නොඅදහා පින් නොකරති. ගොසින් නිරයේ වැටුනහොත් සීමාවක් නැතිව දුක් විදීමට සිඳුවේ."


පින් පව් නොදැනම අනුවණ කම් කොට
කන් නන් මස් රස හොදමයි කර තුට
ඉන් ගැලවෙනු බැරි නොගොසින් නිර යට
දැන් එම ආලය අරිනේ අද සිට


"පින් පව් නොහඳුනන අනුවන ක්‍රියා කොට මස් රස යැයි හොඳයැයි සතුටින් කන්නා වූ අයට ඒ පාපයෙන් නිරයට නොගොස් ගැලවෙන්නට බැරිය. දැන්ම එම ආසාව අද සිට අත්හරින්න. "


කාලා රස මුසු භොජන කර පෙම්
ගාලා සුවදැති සඳුනුත් මනරම්
ලාලා අබරණ රිසි ලෙස සැර සුම්
පාලා ගිය වැනි බහු රූ කෝ ලම්

"ආසා ඇතිව රසමුසු භොජන අනුබවකොට මනරම් වු සඳුන් ආදී සුවඳ විලවුන් ගල්වා නොයෙක් ඇඳුමෙන් ආභරණයන්ගෙන් සැරසී බහුරූ කෝලම් පෙන්වා ගියාක් මෙනි."

වැඩි විස්තර >>


Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software