topone

ලෝ වැඩ සඟරාව

සෙත්සිරි දෙනමහ ගුණ මුහු දානන්
සත්හට වන බව දුකට වෙ දානන්
තිත් ගානඳුර දුරුලන දිනි දානන්
සිත් සතොසින් නමදිම් මුණි දානන්


"නිර්වාන සැපත ගෙන දෙන්නා වු, සංසාර දුක නැමැති රෝගය සුව කරන වෛද්‍යවරයකු බදු වු තීර්තක නැමැති මිත්‍යාදෘශ්ටි අන්දකාරය නසන සූර්යයා බඳු වු බුදුන් වහන්සේ සිත් සතුටින් වදිමි."


ඇම පමණින් පැවසු මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිමි සදහම් පහදා සිතු


"ලෝකය පිළිබදව සියළු තතු අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ මෙම සියළු දෙනා දැකගත යුතුය. තම තම නුවනින් අවබෝධ කරගත යුතු ශ්‍රී සද්ධර්මය පැහැදුනු සිතින් නමස්කාර කරමි."


සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මුහ මුගලන් පිළිවෙළිනා
පිළිවෙත් සරු මහ සඟගණ සොබනා
මුදුනත් දී නමදිමි බැති පෙමිනා


"ශ්‍රීමත් මහා බ්‍රග්මයාගේන් පවා වැදුම් ලබන සැරියුත් මහා මුගලන් මහරහතුන්ගේ පිළිවෙලින් ප්‍රතිපත්තියෙන් සාර වු මහා සංෂරත්නය ආදර භක්තියෙන් දොහොත් මුදුන් දී වදිමි."


මනරම් නරදම් සැරිදම් සඟනට
මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට
වෙසෙසින් පෙළදම් නොමදත් දනහට
පවසම් කල කම් පල දැන් හෙළුකොට


"මනෝ රම්‍ය වු නව අරහාදී ගුණයෙන් පිරි බුදුරජාණන් වහන්සේට එම උතුම් ධර්ම රත්නයටත් සංඝ රත්නයටත් මෙලෙස ආදරයෙන් නමස්කාර කොට විශ්වාසයෙන් පාලි භාෂාව නොදත් ජනයා හට කරන ලද කර්ම විපාක සිංහල කවියෙන් ලියමි."


දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිස කී
සිහිකොට කද පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සපැමිණී සඟ සැට නමකී


"පෙර දවස කවියෙන් කියන ලද ධර්මය සිත පහදාගෙන අසා නිසකවම ස්කන්ධ ධාතු පිළිබද බවුම් වඩා රහත්ව නිවන් ලබාගත් භික්ෂූන් වහන්සේලා සැට නමක් වූහ."


එබැවින් එළුවෙක් කීවයි අනදර
නොවමින් බැතියෙන් අදරින් නමකර
සතොසින් ඇසුවොත් මෙදහම් මනහර
සැබවින් සිදුවෙයි සගමොක් සිරිසර


"එම නිසා සංහල කවියෙන් කීවේයැයි නොසතුටට පත් නොවී සන්තෝසයෙන් මේ මනහර දහම ඇසුවොත් නියත වශයෙන් ස්වර්ග මෝක්ෂ සැප ලැබෙනවාමය."


බිම ඉද සිට කී බණ නාසන්නේ
විම තිව උඩ ඉඳ සිට නාසන්නේ
කැමතිව කීවොත් විම සාසන්නේ
එම වද සඟමොක් සැප සාදන්නේ

"බිම ඉදගෙන දෙසන බණ නොඅසනු සිහි මුලාව උඩ ඉඳ බණ නාසන්න. කැමතිව දෙසන බණ විමසිලිමත්ව සිහිණුවනින් අසනු. එය දිව්‍ය සැප හා නිවන් සැප සාදන්නේය."


සියල් සසර දුක් දුරුකර නොයෙකි
අසල් කරන මොක් සිරිසැප නිසකි
සියල් සතුනි පිං කරවයි මුනිකී
නොකල් අටකි පින්කම් කළ නොහැකි


"සියළුම නොයෙක් සංසාර දුකින් මිදී නිසකයෙන්ම නිර්වාන සැපත ලඟා කරන්නා වූ කුසල් සියළු සත්වයා කල යුතු බව බුදුන් වහන්සේ වදාල නමුත් පින් කල නොහැකි කාල අටක් වෙයි."


සිතුවම් බිය කරවන අරතරයේ
වැටුණොත් එක්සිය සතිසක් නිරයේ
බලවත් දුක් විඳිනෙය කරදරයේ
මඳකුත් පිනකට නැත අවසරයේ


"සිතුව පමණින් භය උපදවන්නා වු භයානක එකසිය තිස් හයක් නරකයෙහි වැටුනොත් ඉතා බලවත් දුකට පත්වෙයි. පිනකට කුඩා හෝ ඉඩක් නොලබෙන්නේය."


තිරිසන් ජාතියැ උපනත් පව් කොට
අවසන් නොව බිය පවතියි පිට පිට
මද සන්සුන් කමකුත් නැත හැම විට
සලසන්නේ කෙලෙස ද සිත පිනකට


"පව් කම් කොට තිරිසන් ආත්මයක උපන්නොත් අවසානයක් නැතිව පිට පිටම භය ඇතිවන හෙයින් කිසිම විටෙක පොඩි සැනසීමක් වත් නොලැබේ. සිත පිනකට කෙසේ යොමු කෙරේද?"


උපනත් ප්‍රේතව පව්කොට නොපණත්
කලෙකත් නොලැබෙයි සෙම්සොටු පමණක්
උගුරත් නොතෙමෙයි සුඟග වැටුත්
කලෙකත් පින් නොකළැති මැයි සිතුණත්


"නොහොබිනා පව් කම් කොට ප්‍රේත ආත්මයන්හි උපතලද හොත් කලාතුරකින් හෝ සෙම්, සොටු, පමණවත් අආහාරයක් නොලැබේ. අහස් ගංගාවේ වැටුනත් දිය බිඳෙකින් උගුරවත් නොතෙමෙන්නේය. සිතුනත් කිසිකලෙක පිනක් කල නොහැක."


පව් මිස පිනකැයි නොකරන හැම කල
මුනිබණ නොපැවති නා පිටසක් වල
නිසි ලෙස උපනත් ලැබ දන මන කල
කිසි කලෙකත් කුසලක් නොකළැකි බල


"පවිකම් මිස පිණක් නොකරන්නා වූ බුද්ධ ධර්මය නොපවත් වන්නා වූ පිට සක්වල හොදට ධනය බලය ඇතිව උපතක් ලැබුවත් කිසි කලෙක කුසල් කල නොහැක."


දද මිනිසුන් බස් ගෙන කිසි කලෙකය
තද අකුසල් කොට කුසලින් වැළකය
අඳ ගොලු බිහිරිව ලදුවත් මේකය
මඳ පිනකුත් නොපිරෙයි බල නිසකය


"යම් කිසි කලෙක දුදනන් බස් අසා නොයෙක් බරපතල අකුසල් කොට අන්ධව, ගොළුව, බිහිරිව, මේ සරීරය ලැබුව හොත් කුඩා හෝ පිනක් කල නොහැකිය. එය බලනු සැක නැත.."


සිත මිස කය නැති බඹ ලොව සතරකි
සිත නැතිවම කය ඇති බඹ තලයකි
මෙද සත පින් කොට උපදින පෙදෙසකි
එහි උපනත් කුසලක් නොම කල හැකි

"ශරීරයක් නැතිව සිත පමණක් ඇතිව බ්‍රහ්මලෝක සතරකි. එසේම සිරුර නැතිව සිත පමණක් ඇති බ්‍රහ්මලෝක සතරක් වේ. මෙලොව සත්වයා භාවනාදී පිංකම් කොට උපදින තැන්ය. එහි උපන්නේ නම්වුවත් පින් කල නොහැක."


බළකොටුවන් තර මෙසසර නුවරේ
මුලැසටුවන් දලුලන පව් පඳුරේ
විෂ කටුවන් සගමොක් මඟ අතුරේ
මිසදිටුවන් අයටත් පින් නොපිරේ


"මේ සසර නැමැති නගරයෙහි බලකොටුවක් වැනි ස්ථීර සාර ඇටුවන් සහිත දළු දමන පව් පඳුරක් හා සමාන ස්වර්ග මෝක්ෂමාර්ගයෙහි ඇති විෂ සහත කටු වැනි මිත්‍යා දෘෂ්ඨිකයන්ටත් පින් නොපිරේමය."


බුදු කෙනෙකුන් මේ ලොව නූපන්වර
අඳු රෙක්මය සදහම් නැති මෙසසර
ඉඳු රා නොදැනෙහි පව් පින් තොරතුර
සිදු නොකළැකි ඉන් සගමොක් සිරිසර


"අබුද්ධෝත්පාද කාලයෙක සද්ධර්මය නැති මේ ලොව අන්දකාරයෙන් වැසී පවතී. මේ සංසාරයේ පව්කම් මේයැයි පින්කම් මේ යැයි නොවැටහේ. ස්වර්ග මෝක්ෂ සැපත ලිබිය නොහැකිය."


සැබවින් බණ ඇසුවත් මුනිඳුන්කී
ගොළුවන් බිහිරන් සේ නොව සැලකී
ඉදිනෙන් මිස තොප කුසලින් වැලකී
මෙලෙසින් පින් නොකළකි කල් අටකී


"ඇත්තවශයෙන්ම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය නොඅසා ගොළුවන් බිහිරන් මෙන් කුසල් ධර්මයන්ගෙන් වැලකී සිටියොත් මිස, පින් කල නොහැකි කාලයන් අටක් වන්නේය."


දිගු පුලුලින් සක්වල වන් සිදු කස
සිය වසකින් උඩ එන කැස් බෑ හිස
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස
තව උපදින්නට බැරි මෙමිනිස් කුස


"දිගින් පළලින් සක්වල හා සමාන මහා සාගරයේ අවුරුදු සියයකට වරක් උඩට එන කැස්බෑවගේ හිස විය සිදුරෙන් මතු වුවත් නරකාදී දුගතියෙක උපන් සත්වයා දුගතියෙන් මිදී මිනිස් ලොව ඉපදීම ඊටත් වඩා දුෂ්කර වන්නේය."


කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ


"බොහොම කලාතුරකින් බුදු කෙනෙකු උපදින්නේය. මිනිස් බව ලබාගන්නේ ඉතාමත් දුෂ්කරතාවෙකිනි. මේ සංසාර දුක දුරුකරන්නේ මේ කරුණු දෙකෙනි සත් පුරුෂයෙනි මෙය ලැබූ අවස්ථාවේ වීරිය නොකරන්නේ මන්ද?"


පස්පව් කොට මෙතැනත් ලැබ සෝකය
ගොස් නිරයේ දුක් විඳිනා අනේකය
රැස්කොට ඉන් පින් මේ මිනිස් ලෝකය
සිස් නොකරව් කලකින් ලත් මේකය

"සතුන් මැරීම ආදී පස් පව් මේ ආත්මයේදී සිදු කොට සෝක වෙමින් සිට නිරයට වැද අනේක වූ දුක් විඳිති. එම නිසා මේ මිනිස් ලෝකයේදී පින් රැස්කොට ලබාගත් උතුම් මින්ස් බව හිස් නොකරන්න."


කන්නන් මෙය විස අඹපල රිස්සේ
මන් සන්තොස් කර කිම පල සෙස්සේ
දැන් දැන් එයි මරුවා පසු පස්සේ
ඉන් පින් මය කටයුතු නම් දස්සේ


"ඉතාමත් කැමැත්තෙන් විශ සහිත අඹ පල බුදින්නන් සේ සිත් සන්තෝස කිරීමෙන් ඇතිවන සුළු හෝ පලය කුමක්ද, මාරයා දැන් දැන් තමන් පසුපස එන බව දැන දක්ෂව පින්කම්කළ යුතුමය."


ඉස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස
කුසලට මදකුත් පමා නොවනු මිස
මෙසසර අත්හැර නොයන මෙදුක් රැස
වෙසෙසින් නැත අත්හරිනා උපදෙස


"හිස ගිනිගත් තැනැත්තෙක් එම ගින්න නිවා දැමීමට ඉක්මන් කරන්නා සේ පින් රැස් කිරීමෙහි පොඩි ප්රගමාදයක් හෝ නොකලොත් මිස මේ සංසාරය අත් නොහරින්නා වු දුක් සමූහය අත්හරින්නා වූ වෙනත් උපදේශයක් නැත. "


තනකින් ගෙන දැමුවොත් කැට නුබ කුස
අතරක නොරදන මෙන් මේ බිම මිස
සිත සතොසින් පින් නොකළොත් නිසි ලෙස
නැත වටිනා තැන් සසර අපා මිස


"උත්සාහයෙන් ගල් කැටයක් අහසට විසිකල නමුත් එය අතරෙක නොරැඳී මේ බිම පතිත වන්නා සේ නිසියාකාර සිත සතුටින් පින් රැස් නොකොළොත් සතර අපයේ මිස සිටීමට තැනක් නම් නැත."


තිරව නොසිත කුණුකය මෙතමායේ
නොතිර බවට විදුලිය උපමායේ
නිතර මෙකය පවකට නොනමායේ
කවර කුසල් වීරිය නොපමායේ


"මේ දෙතිස් කුණුකයෙන් ශරීරය ස්ථීරය නොසිතන්න. අස්ථීර බවට විදුලිය එක උපමාවකි. මේ ශරීරය නිරතුරුම පාපකර්මයකට නොනමා වීරියවන්තව නොපමාව කුසල් කරන්න."


අදුරෙහි අස්ලොම විදිනට දුරදී
විදුලිය පැහැ වැර දුනහොත් වරදී
විදුලිය වන් මේ කය ලත් තැනදී
සිදු නොකළොත් මතු සගමොක් වරදී


"අන්දකාරයේ තිබෙන අශ්ව ලෝම ගසකට යම් දුණු ශිල්පියෙකු විදුලිය එළියෙන් විදීමට උත්සාහ කරන්නේද විදුලිය වැරදුනොත් ඉලක්කය යම් සේ වරදීද? එසේම විදුලිය හා සමාන මේ මිනිස් කය ලබාගත් අවස්ථාවේ කුසල් රැස් නොකළොත් ස්වරග මෝක්ස සැප වරදී."


කොතන වුණත් නැත මරු හට බාදා
විදින මෙසැප පින් ඇති තෙක් වේදා
ගෙවන සසර දුක් බුදු බණ නාදා
කුමන නැටුම් කෙළි කවට සි නාදා

"කොතනකදී වුවත් මරණයට බාදාවක් නැත. අප විඳිනා වූ සියලු සැප පින්ඇති තෙක් පමණි. සසර දුක් නැති කරන්නා වූ බුදුබණ නො අදහා සිනාසෙමින් කරන මේ නැටුම් ගැයුම් වැයුම් කුමණ විහිලුවක්ද?"

සැදැහැත් තන්හට බව දුක් නොකැමැති
යහපත් කල් මේ කල් මිස වෙන නැති
දනිතොත් දන්සිල් ගුණ සත නොනැවතී
පැයකුත් අවුරුඳු දහසක් විත රැති


"සංසාර දුකට අකමැති සැදැහැති පින්වත් අයට පින් දහම් කිරීමට මීට වඩා සුදුසු කාලයක් නැත. දාන සීලාදී කුසල් ගුණයෙහි නතර නොවී දැනගත් තැනැත්තාට එක පැයක කාලයක් අවුරුදු දහසක් වන්නේය."


අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැළි වන්නේ


"අද අදම මාරයා පැමිණෙතැයි සිතා පින් කළ යුතුය. හෙට මරු නොඑන්නේ දැයි කෙලෙස සිතන්ද? මහාසේනාවක් ඇති මාරයාට කවරනම් කාලය ඇප වෙන්නද? එබැවින් කුසල් කිරීමට කුමක් හෙයින් කම්මැලි වන්නේද?"


කුමටද කා බී නිති සැර සෙන්නේ
කොතැනද මේ කය අරගෙන යන්නේ
ඇම සඳ නොමැළිව පින් කර ගන්නේ
එම වද සගමොක් සැප සාදන්නේ


"කා බී ඇඳ පැළඳ හැඩ වැඩ වන්නේ කුමටද? මේ ශරීරය රැකගෙන කොහි යන්නද සියලු කල්හි කම්මැලි නැතිව පින්කරගන්න සංසාර සාගරයෙන් එතෙර කරන්නේ එම පින්ම නොවෙද?"


තෙරව සසර සයුරෙන් තෙපි නොලසා
තිරව ලබන මොක්සිරි සැප උදෙසා
තොරව පවින් නිතරම මුනි බණසා
කරව කුසල් වීරිය පසු නොබැසා


"නොඅලසව සංසාර සාගරයෙන් එතෙරව ස්ථීරවම නිර්වාන සුවය ලබනු පිණිස නිතරම පවෙන් තොරව මුණිදුන් කී ධර්මය අසා දහිරියමත්ව පසුනොබැස කුසල් රැස් කරන්න."


හැමවිට පිනටම සිත පාදන්නේ
නිවනට මග එම වද සාදන්නේ
වැඩකට කී බස් කිම නාදන්නේ
නිරයට වන් කලදෝ තොප දන්නේ


"සැමවිටම පිනටම සිත යොමු කරන්න. නිවනට මාර්ගය සාදන්නේ එයමය. පල ප්ර යෝජන පිණිස කියන වචන නො අදහන්නේ කුමක් හෙයින්ද? නරකාදී දුකට පැමිණී කල්හිද තොප එය දැනගන්නේ."


මොක්සිරි දෙන මුනිඳුන්ගේ උපතකි
කප් කොළ සිය දහසකිනුත් නොලදැකි
පත් වු එබුදුන්ගේ යුත් මෙකලකි
එක් වරදුණ නැත පරලොව පිහිටකි


"උතුම් වූ නිර්වාන සම්පත ලබා දෙන්නේ බුදුන්ගේ උත්පත්තියයි. කල්පකෝටි සියදහස් ගණනින් නොලද හැක්කෙකි එවන් බුද්ධොත්පාද කාලයෙක උපත ලබා එම අවස්ථාවත් මගහැරුනොත් පරලොවට පිහිටක් නැත්තේය."

වැඩි විස්තර >>



Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software