topone
භාවනා යෝගී ආසන

මෙම ආසන වැඩිපුර භාවනා යෝගීව සිටීමට භාවිතා කරයි. උදා - සුබාසනය, පත්මාසනය, වජ්‍රාසනය

විවේකාසන

යෝග ආසන තුළ රැඳී අභ්‍යාස කිරීමේ දී යම් වෙහෙසක් දැනුනහොත් තවදුරටත් ශරීරය සහ මනස සැහැල්ලු කිරීම සඳහා භාවිතා කරන ආසනයි. උදා- ශ්වාසනය, මකරාසනය

යෝග යනු තවත් ව්‍යායාම් ක්‍රමයක් ද? 

වර්තමානයේ යෝග යනු තවත් ව්‍යායාම් ක්‍රමයක් බවට සමාජයේ මතයක් පවතියි. නමුත් යෝග සහ ව්‍යායාම් එකිනෙකට සමානකම් නොදක්වයි. ව්‍යායාම් සඳහා ශරීර ශක්තිය වැය වෙයි. යෝග ආසන මගින් ශරීර ශක්තිය හානි නොවන අතර විශ්ව ශක්තිය ශරීරගත වන ක්‍රියාවලියකි. තවද යෝගාසන අනුගමනය කිරීමේ දී මහන්සියක් ඇති නොවීම ද යෝගාසන, ව්‍යායාම්වලට සමාන නොවන දැක්වීමට කදිම උදාහරණයකි. යෝගාසන කිරීමේ දී සිතට ගෙන සිතින් ඉරියව් වෙනස් කිරීමක් සිදුකරන බැවින් කුමන ආකාරයේ ආසනයක දී වුවද ශරීරය වෙහෙසට පත් නොවේ. යෝගාසන පුරුදුවීමේදී ව්‍යායාම්වලදී මෙන් බලෙන් ශරීරයේ ඉරියවු පවත්වාගෙන යාමට උත්සාහ නොකරන අතර හුස්ම ගැනීම ගැන අවධානය යොමුකරයි.

යෝග ආසන පුරුදුවීමේ දී සැලකිළිමත් විය යුතු කරුණු

සුදුසු ගුරුවරයකු සොයාගැනීම

අතීතයේ ඉන්දියාවේ යෝග ආසන පුරුදු පුහුණු කරනු ලැබුවේ ගුරු ශිෂ්‍ය කුල පරම්පරාවන් විසිනි. පසුව අධ්‍යාත්මික විමුක්තිය සොයන අය මේ සඳහා වැඩිපුර යොමු විය. පසුකාලීනව යෝගීන්ගේ ආයුෂ, නිරෝගීකම, මානසික ශක්තිය සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඉහළ මට්ටමක පැවතීමට හේතුව සෙවීමට විශේෂඥයින්, වෛද්‍යවරුන් යොමුවූහ. ඔවුන් මිනිසාගේ කායික, මානසික, සාමාජීය ගුණාංග වැඩිදියුණු බව සමාජයට පෙන්වා දුන් අතර තවදුරටත් පර්යේෂණ කරමින් භෞතික ලෝකයට එම ප්‍රතිඵලයන් දායක කරගන්නේ කෙසේද යන්න පිළිබඳ සොයමින් සිටිති.

පසුව ක්‍රමක්‍රමයෙන් යෝග සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත වීම හරහා විවිධ පුද්ගලයන් යෝග ඉගෙනීම සඳහා යොමු වීම සිදුවිය. යෝග පිළිබඳ අධ්‍යාත්මික ප්‍රයෝජනයට ගන්නා අයට අමතරව භෞතික ලෝකයේ ප්‍රයෝජනය සඳහා ඉගෙනීම සහ පර්යේෂණ කිරීම ඩිප්ලෝමා, උපාධි, මහචාර්ය උපාධි දක්වා ඉන්දියාවේ දැනට විශ්වවිද්‍යාලවල හැකියාව පවතින අතර යෝග සති දෙක තුනක, මාස කිහිපයකට සීමා වූ පාඨමාලාවන්ද බිහි වී ඇත.

මෙහි අහිතකර ප්‍රතිඵලයක් වනුයේ යෝග ආසන පිළිබඳ නිසි ප්‍රායෝගික අවබෝධයක් නැති බොහෝ පිරිසක් යෝග ඉගැන්වීම් සඳහා යොමුවීමයි. නමුත් මෙම තත්වයේ හිතකර පැත්තක්ද නැත්තේම නොවේ. එනම් යෝග සඳහා මහජනයාගෙන් තිබෙන පිපාසය සංසිඳුවීම මේ හරහා සිදු වූ නිසා පෙර නොවූ විරූ අයුරින් යෝග දර්ශනයේ ඉදිරිගමනට එය මහත් රුකුලක් විය.

යෝග අභ්‍යාස පුහුණුවීම සඳහා පුහුණු ගුරුවරයකුගේ සහාය ලබාගැනීම අනිවාර්යය කටයුත්තකි. මෙහිදී රෝගී පුද්ගලයකු තම රෝගී තත්වයන් වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට යෝග අභ්‍යාස අනුගමනය කිරීමට තීරණයකරන්නේ නම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ දැනුවත් ගුරුවරයකු වෙත යොමුවීම සිදුකළ යුතුය. ඒ මන්දයත් රෝගීන් සමඟ කටයුතු කිරීමේදී හදිසි තත්වයන් ඇති විය හැකි බැවින් ඔවුන්ගේ රෝගී තත්වයන් සහ හදිසි ප්‍රථමාධාර, ප්‍රතිකාර පිළිබද දැනුවත් ගුරුවරයකු සිටීම අතිශය වැදගත් ය. කෙසේවුවත් ගුරුවරයකු වෙත යාමේ දී යෝග පිළිබඳ ඔහු ලබා ඇති පුහුණුව පිළිබඳ විමසිලිවත් වීම වැදගත් ය. යෝග කොතරම් හොඳ දෙයක් වුවත් නිසි පරිදි සීමාවන් නොදැන භාවිතා කිරීමෙන් අනිසි ප්‍රතිඵල අත්විය හැකිය.

යෝග අභ්‍යාස සඳහා සූදානම් වීම

යෝග සඳහා ස්ත්‍රී පුරුෂ බේදයක් නොමැත. ස්ත්‍රීන් දරුවකු පිළිසිඳ ගැනීමෙන් මාස 4කට පසුවත් දරුවකු ඉපැදී මාස 4ක් ගතවන තෙක් යෝග අභ්‍යාසවල යෙදීම සුදුසු නොවේ. හින්දු දේව සංකල්පය යෝග දර්ශනය මත බලපා ඇති හෙයින් කාන්තාවන්ගේ සෘතු වෙනස් වන දිනයන්හි යෝග අභ්‍යාසවල යෙදීම නුසුදුසු ලෙස සලකයි.

තවද උණ, සෙම්ප්‍රතිශ්‍යාව හෝ කැස්ස ආදී තීර්ව රෝග අවස්ථාවලදී යෝග අභ්‍යාසවල යෙදීම සුදුසු නොවන අතර රෝගී තත්වයන් වළක්වා ගැනීමට හෝ අවම කරගැනීමට යෝග අභ්‍යාසවල යෙදීමේදී ඒ ඒ රෝගී තත්වයන්ට සුදුසු ආසනවලපමණක් අභ්‍යාස කිරීමට වගබලා ගත යුතුය.

යෝග අභ්‍යාස ආරම්භ කිරීමට පෙර මලමුත්‍ර වේග පහකර සැහැල්ලු ඇඳුමකින් සැරසිය යුතුය. යෝග අභ්‍යාසවල නිරතවීම සඳහා පිරිසුදු වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් යොදාගැනීම වඩාත් සුදුසුය. එසේම අභ්‍යාසවල යෙදෙන කාලය තුළ තමන්ගේ සිත වෙනත් භාහිර බැඳීම් සමඟ පවතින සම්බන්ධතා තාවකාලිකව නවතා දැමිය යුතුය. ආධුනිකයකු ලෙස යෝග අභ්‍යාසවල යෙදෙන්නෙකුට තමාගේ හිත වෙනත් භාහිර අරමුණුවලට, ශබ්දවලට යොමුවිය හැකිය. එම නිසා නිශ්ශබ්ද ස්ථානයක් යොදාගැනීම වඩාත් සුදුසු වන අතර එසේ නොහැකි නම් දින කිහිපයක් එම ආසනවල හිත අරමුණුකර යෙදීමෙන් එම භාහිර බලපෑම්වලින් සිත මුදවා ගත හැකිය.

යෝග ආසන කිරීමට සුදුසු කාලය වයස අවුරුදු 12 සිට අවුරුදු 75 දක්වා සුදුසු කාලය වේ.

යෝග අභ්‍යාසවල නිරතවීම

යෝග අභ්‍යාසවල නිරතවීමට සුදුසු වේලාව ලෙස සඳහන් කර ඇත්තේ බ්‍රහ්ම මුහුර්තයෙන් උදෑසන අවදි වී එළඹෙන උදෑසනයි. එනම් ලෝකයේ සියලුම ගහකොළ, සත්වයින් (නිශාචර හැර) අවදි වන වෙලාවයි. ස්වභාවධර්මයට අවනතවීම තුළින් බොහෝ රෝග අවම වන බව විද්‍යාඥූයින් ද එකඟවන කරුණකි. ඉර පැයීමට විනාඩි 48කට පෙර මල මුත්‍ර වේග පහකර මුව දෝවනය කර යෝග අභ්‍යාසවල පැයක් පමණ නිරත විය යුතුය. උදෑසන යෝග ආසනවල නිරතවීමට අපහසු නම් ඉර බැසයාමට ආසන්න පැය 2ක කාලය ඒ සඳහා සුදුසු වේ. එයත් අපහසුනම් ගුරුවරයා හා සාකච්ඡා කොට සුදුසු වෙලාවක් යොදාගැනීම කළ හැකිය.


යෝග අභ්‍යාසවල නිරතවන්නාට වේදනාව දැනේ නම් වෙහෙසකාරී බවක් දැනේනම් පසුව ශරීරය සැහැල්ලු කර උපදේශකවරයාගේ උපදෙස් මත නැවත අභ්‍යාසවල යෙදීමට උත්සාහ කර බැලිය යුතුය.

එසේම යෝගවලදී ආසනයට පිවිසෙන ආකාරය, රැදෙන ඉරියවුවත් ආසනනේ නිදහස් වන ආකාරයත් ගැන සැළකිලිමත් විය යුතුය. එසේ නොමැති වුවහොත් අපහසු තත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි අතර ආසනයෙන් ලැබෙන ප්‍රතිඵලය නොලැබේ.

යෝග ආසනවලදී ශරීරයේ ප්‍රකෘති අස්ථි සන්ධි ව්‍යුහාවේ නම්‍යශීලීතාවට හානියක් නොවේ. එසේම යෝග අභ්‍යාස ශරීරයේ වම, දකුණ සමතුලිත වන ලෙස කළ යුතුය. එක එක යෝග ආසනයෙහි යෙදීමෙන් ලැබෙන ප්‍රතිඵල වෙනස් නිසා එම ආසනවල රැඳි යෝග සැහැල්ලුවන ආසනයක යෙදී නැවත වෙනත් යෝග ආසනයක යෙදීම කළ යුතුය.යෝග අභ්‍යාසයන් රැසක් එක දිගට කිරිම අත්‍යවශ්‍ය නොවේ.

යෝග ආසනවල පවතින සූර්ය නමස්කාරය කිරීම තුළින් කායික, මානසික නිරෝගීතාවට වැදගත් වේ. නමස්කාරය හරහා ශරීරයේ නම්‍යතාවක් ඇති වේ. සූර්ය නමස්කාරයේ දී ආසන වෙනස්වන චක්‍රයක් ලෙස පුහුණු කරන අතර අනිකුත් ආසන තමාට පහසු වෙලාවක් එකම ඉරියවුවක සිටීම විශේෂතාවයකි.

යෝග අභ්‍යාසවලින් ලැබෙන කායික සහ මානසික සුවතාව

තාක්ෂණයේ දියුණුවත් සමඟ කාර්යයන් පහසු කිරීම සඳහා උපකරණ රැසක් අප ප්‍රයෝජනයට ගනිමින් තිබේ. මේ නිසා අප ශරීරයට ලැබෙන ව්‍යායාම් හෝ ශක්තිය වැයවීම් ඉතාම අවම වී තිබේ. මේ නිසා අතීතයේ අපේ මුතුන් මිත්තන්ට වඩා වැඩි වේගයකින් වර්තමානයේ දරුවන්ගේ සිට මහලු වයස දක්වා රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මේ තත්වය යෝග අභ්‍යාස මගින් බොහෝ දුරට වළක්වා ගැනීමේ අවකාශය පවතී.

යෝග අභ්‍යාසවල මූලික අරමුණක් වනුයේ ද කායික සහ මානසික සුවය ලබාදීමයි. යෝග අභ්‍යාසවලදී ආසනයක රැඳෙනුයේ සිත, ශරීරයේ ඉරියවු සහ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම අරමුණු කරයි. සාමාන්‍යයෙන් ප්‍රාණය තියෙන ඕනෑම පුද්ගලයෙක් සිතීම, ශරීරයේ ඉරියවු පැවැත්ම, හුස්ම ඉහළ පහළ ගැනීම සිදුකරයි. නමුත් යෝගාභ්‍යාසවල යෙදෙන පුද්ගලයකු මේවා තමන් සිහිකල්පනාවෙන් කිරීම පුරුදු කිරීම නිසා තමන්ට අවශ්‍ය ලෙස මෙම ක්‍රියා අඩුකිරීමට හෝ වැඩිකිරීමට හැකියාව ලැබේ.

සාමාන්‍යයෙන් පුද්ගලයකු පෙනහලු පිරීයන ලෙස ආශ්වාස ප්‍රාශ්වාස නොකරයි. යෝග අභ්‍යාස පුරුදු වූ අයකු ප්‍රාණයාම යන සිතීමෙන් කරන හුස්ම ඉහළ පහළ ගැනීම තුළින් පෙනහලු හොඳින් ක්‍රියාත්මක වන අතර ඔක්සිජන් වැඩිපුර ශරීරගත වන අතර කාබන්ඩයොක්සයිඩ් පිටවීම හොඳින් සිදුවේ. එසේ රුධිරය පිරිසුදුවීම නිරෝගී බව ආරක්ෂා කරගැනීමට පිටුවහලක් වේ.

සාමාන්‍ය පුද්ගලයන්ගේ අවුරුදු 30 පසුවන විට අස්ථි සන්ධි ව්‍යුහාවේ කැල්සියම් තැන්පත් වීමෙන් නම්‍යශීලී බව අඩු වේ. නමුත් යෝග ආසන පවත්වන්නාවූ පුද්ගලයාගේ අස්ථි සන්ධි ව්‍යූහාව නම්‍යශීලීවන ආකාරයෙන් අභ්‍යාසවල යෙදෙන බැවින් ශරීරයේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාකිරීම සහ රුධිර ගමන ප්‍රශස්ත මට්ටමක පැවතිම තුලින් නිරෝගී බව ආරක්ෂා වීමට උපකාරි වේ.

යෝග ආසන කරන පුද්ගලයා එය සිත අරමුණුකරගෙන කරන බැවින් එම සංවේදන මොළයට යාමෙන් මොළයෙන් අවශ්‍ය ඉරියව්වට පුද්ගලයා හසුරුවන බැවින් එම පුද්ගලයාට වෙහෙසක් නොදැනේ. ඉහත කරුණු නිසා යෝග ආසන කරන පුද්ගලයකු යෝග ආසන නොකරන පුද්ගලයකුට වඩා තරුණ වේ. ලොව කිසිම පුද්ගලයකුට තමා වයසට යාම නතර කිරීමට ශක්තියක් නැත. නමුත් යෝග ආසන කරන පුද්ගලයින්ට සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩිකාලයක් නිරෝගීව ජීවිත්වීමේ වාසනාව උදා වේ.

මිනිසාගේ ජීව ශක්තිය විශ්වයේ පවතින ශක්තියට සමාන නොවන නිසා වෙනම ශක්තියක් ලෙස ප්‍රදර්ශනය වේ. විශ්වයේ පවතින්නා වූ ශක්තිය පුද්ගලයකුගේ ශබ්රයට ගත හැකි එකම ස්වරය ´´ඕම්`` ස්වරයයි.

යෝග ආසන නිසි පරිදි ප්‍රගුණ කරන කෙනෙකු ´ඕම්කාරය`` පුරුදු පුහුණු කරයි. එයින් ඔහුට හෝ ඇයට විශ්ව ශක්තිය ලබාගැනීම තුළ ජීව ශක්තිය වැඩිකර එය ශරීරය පුරා විහිදී යයි. ජීව ශක්තිය වැඩිවීම තුළ ශරීර ප්‍රතිශක්තිය වර්ධනය වේ.

එසේම පුද්ගලයකු ජීවත් වනුයේ ශරීරය තුළ ජීව ශක්තිය තිබෙනතාක් පමණි. වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ නොහැකි ප්‍රකෘති සිහිය තිබෙන අසාධ්‍ය රෝගීන්ට ඕම්කාරය සහ සැහැල්ලු යෝගාසනවල සිටීමෙන් තාවකාලික සුවයක් ලබාගත හැකිය.

ප්‍රාණයාම අභ්‍යාසවල නිරතවීම ආයුෂ වැඩිකිරීමට හේතු වේ. යෝග ආසන තුළ යෙදීමෙන් ජීව ශක්තිය වර්ධනය කරන සහ රැස්කරන ක්‍රියාවලියකි. යෝග අභ්‍යාසන්හි දියුණු තත්වයන්ට පත් වූ ඉන්දීය යෝගේෂ්වරයන් අවුරුදු 120ක් 200ක් භාවනායෝගීව ජිවත් වී ඇත.

යෝග මගින් ලෞකික ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ

යෝගාසන මගින් බහුතරයක් දෙනා පීඩා විඳින සන්ධි රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ශීර්ෂශූල, පීනස, ක්‍රිකශූල, නින්ද නොයාම, ශ්වාස, ගලගණ්ඩය, බලබද්ධය, අම්ල පිත්ත (ගැස්ට්‍රයිටිස්) තරුණ පීඩක (පිම්පල්) කෑම අරුචිය, කාන්තා රෝග, ලිංගික දුබලතා, මානසික අපහසුතා, තරහා යාම, මතක ශක්තිය අඩුවීම, ආතතිය (ස්ට්‍රෙස්) සමේ රෝග, හෝර්මෝන සමතුලිත නොවීම නිසා ඇති වන රෝග, ප්‍රතිශක්තිය අඩුවීම නිසා ඇති වන රෝග යනාදී කායික සහ මානසික රෝග වළක්වා ගැනීමට මෙන්ම සිරුර හැඩකරගැනීම, ක්‍රියාශීලීබව වර්ධනය කරගැනීම, පෞරුෂ වර්ධනය, තරුණ පෙනුම රැක ගැනීමට, රූමත් බව වර්ධනය කරගැනීමට යෝග ප්‍රගුණ කිරීමෙන් ලබාගත හැක.

නිතර රෝගී වීම වළක්වාගැනීම, සමහර හෘද රෝග අවස්ථාවන් ද යෝග දර්ශනයේ විස්තර කර ඇති යෝග ආසන සහ ප්‍රාණයාම තුළින් වළක්වාගත හැකිය. එසේම දැන හෝ නොදැන වැරදි කරන්නවුන්ව, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්, අපරාදවලට යොමුවූවන්, පුනරුත්ථාපනය කළ යුතු වූවන්, යුද්ධවලින් හෝ වෙනත් ආපදාවලින් පීඩාවට පත් වූවන් යෝග සඳහා යොමුකිරීමෙන් ඔවුන් සිටින තත්වයන්වලින් මුදවා ගත හැකි මෙන්ම ඔවුන් වැඩදායක පුද්ගලන් ලෙස නැවත සමාජගත කිරීමට හැකියාව ලැබේ.

ලොව ශක්තිය පරිවර්තනය වනවා මිස නැතිවීමක් සිදු නොවේ. ගස්කොලන්, සත්වයින් ඇති වී නැති වී යයි. ලොව පහළවූ ගෞතම බුදුන් ඇතුළු අනෙකුත් ධර්මයන් දේශනා කළ ශාස්තෘාවරුන්ගේ දේශනා විශ්වයට එකතු වී ඇත.

යෝග දර්ශනය සැබෑ අරමුණවලින් බැහැරව වර්තමානයේ ස්වල්ප දෙනෙකු විසින් එය තවත් වෙළෙඳාමක් බවට පත්කරගෙන තිබීම කණගාටුවට කරුණකි. යෝග ජනයා අතරට ගෙන යාම සඳහා විද්‍යුත් සහ මුද්‍රීත මාධ්‍ය යොදාගෙන තිබේ. යෝග පුරුදු පුහුණුවිය යුත්තේ ගුරුවරයකු ඉදිරිපිට ඔහුගේ නිරීක්ෂණය යටතේ ය. ගුරුවරයකු සමඟ යෝග අභ්‍යාස පුහුණුවීමේදී ඒ අවස්ථාවේදී ඇති වන ගැටලු ඒ අවස්ථාවේදීම විසඳාගත හැකිය.

නැතහොත් පුවත්පත්වල ඡායාරූප, විස්තර හෝ වීඩියෝ දර්ශන මගින් යෝග අභ්‍යාස අනුගමනය කිරීමට යාමෙන් ඇති වන ගැටලු සහගත තත්වයන් නිවැරදි කර ගැනීමට නොහැකි වේ. විශේෂයෙන්ම රෝගී පුද්ගලයන් මාධ්‍ය තුළින් ඉදිරිපත්වන යෝග පාඩම් හෝ වීඩියෝ දර්ශන අනුව කිසිවිටකත් යෝග අභ්‍යාසවල යෙදීම සුදුසු නොවේ.

සෘෂිවරුන් පවසන ලද යෝග දර්ශනය ත්‍රෛයිකාලීනය. සත්‍යවාදීන් වන ඔවුන් පැවසූ දෑ අතීතයේ වර්තමානයේ මෙන්ම අනාගතයේ දී සත්‍ය ලෙස පවතී. අතීතයේ සෘෂිවරුන්ගේ අරමුණ වූ යෝග මගින් ජනතාවට ලෝකෝත්තර සුවය ලබාදීමයි. වර්තමානයේ යෝග ලෞකික ජීවිතය යහපත් කරගැනීම සඳහා යොදාගැනීම වඩාත් ඵලදායී වන අතර යාන්ත්‍රික වෙමින් පවතින මිනිසා තුළ අධ්‍යාත්මික ගුණවගාවන් වැඩිදියුණුවීම තුළින් යහපත් සමාජයක් බිහි කිරීමට යෝගවලට හැකි වේ.


Share

පාරමිතා පූජාව - 2019

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software