ඉන්දියාවේ පහළ වූ ෂඩ් දර්ශන වන න්‍යාය, මයිෂේෂික, ශාංබ්ය, යෝග, පූර්ව මිමංසා සහ වේදන්ත අතර ප්‍රමුබ ස්ථානයක් හිමි කරගන්නා යෝග දර්ශනයට අතීතයේ සිටම ඉතා වැදගත් තැනක් හිමි ව තිබේ. ප්රාග් ඓතිහාසික යුගයේ සිට තපස්වරුන් රැකගෙන ආ යෝග දර්ශනය ක්‍රි.පූ. 2වන සියවසේ දී පතංජලී සෘෂිවරයා විසින් ග්‍රන්ථාරූඪ කරන ලදී. යෝග දර්ශනයේ පියා ලෙස සැලකෙන්නේ පතංජලී සෘෂිවරයාය.
පතංජලී යෝග සූත්‍රවලට අමතරව සමකාලීනව ලියැවුණු හතයෝග ප්‍රදීපිකා, ශිව සංහිතා සහ භගවත්ගීතාව යෝග ගැන සඳහන් වේද ග්රන්ථ වේ. ක්‍රි.පූ. 1700ට පෙර පැවැති ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ද යෝග ආසන ක්‍රමයක් පැවැති බවට සාක්ෂි සොයාගෙන තිබේ. පුද්ගලයින් යෝග ආසනවල සිටින රූප 11 ක් එම පුරාවිද්‍යා කැණීම්භූමිවලදී හමුවී තිබේ. පුරාවිද්‍යාඥ ග්‍රෙගරි පොසෙල් පවසන පරිදි එම රූප අඹා ඇති ආකාරය අනුව ඔවුන් යෝගාසනවලට සමාන ආකාරකින් සිටින බවට හඳුනාගත හැකිව තිබේ. ක්‍රි.පූ. 600 උපනිෂද් ග්‍රන්ථවල සහ ක්‍රි.පූ. 500 භගවත් ගීතාවේ ද යෝග දර්ශනය පිළිබඳ සඳහන් ව තිබේ.
යෝග පිළිබඳ සෘෂිවරුන් ඉදිරිපත් කරන දර්ශන සියල්ලේ සංක්ෂිප්තයක් ලෙස යෝග දර්ශනය මිනිසාගේ එදිනෙදා ජීවිතය යහපත් කරගැනීම සඳහා විවිධ ගුරුවරුන් විසින් භාවිතාවට ගනු ලබමින් තිබේ. යෝග ´´යුග්`` සංස්කෘත වචනයෙන් සෑදී ඇති අතර එහි තේරුම ´´සම්බන්ධ කිරීම`` යන්නයි. මිනිසාගේ ජීව ශක්තිය ´´විශ්ව ශක්තිය``ට සමකරන්නාවූ මාර්ගය ය යෝග වේ. මූලික ග්‍රන්ථවල ශක්තිය, ධාරණය, සමාධි සහ ප්‍රාන යෝගවලින් ඇති වන බව පැහැදිලි කරයි. වර්තමානයේ යෝග යනු ආසන ක්‍රමයක් නැතහොත් ශරීර හා මානසික සුවතාව ලබාගැනීමේ ක්‍රමයක් ලෙස බොහෝ දෙනා වටහාගෙන ඇතත් යෝග දර්ශනය යනු ඊට වඩා පුළුල් විෂයයක් වන අතර යෝග දර්ශනය අධ්‍යාත්මික වශයෙන් පුළුල් ලෙස ප්‍රගුණ කරන්නකුගේ ඉලක්කය වනුයේ මෝක්ෂය නැතහොත් නැවත ඉපදීමක් නැති කරගැනීමයි.
යෝග ආසන ඔස්සේ මෝක්ෂය වෙත ළඟා වීමට බුද්ධිමත් විය යුතුය. එසේ නොවන අයට පහත සඳහන් මාර්ග ඔස්සේ මෝක්ෂය උදාකර ගත හැකි බව යෝග දර්ශනයේ සඳහන් වේ.
භාවනා මගින් අධ්‍යාත්මිකව හිත දියුණු කිරීමෙන් ඉහළ මානසික මට්ටමක ළඟා වීම. නැතහොත් භාවනාව මගින් ජීවිතයේ යථා ස්වරූපය අවබෝධ කරගැනීම වේ.
හඨ යෝග
සුසුම්නා පද්ධතියේ ශක්තිය ස්ථාන හයක සැඟව තිබේ. ඒවා අවධිකර ඉහළ මානසික මට්ටමක ළඟා වීම හඨ යෝග මගින් සිදුකෙරේ. ඉඩා හා පිංගලා යන නාඩි 2 සුසුම්නාවේ වම් හා දකුණු පැත්තෙන් දිවෙන අතර එහි මූලය මූලධර චක්‍රය නම් වේ. මූලාධරයෙහි කුණ්ඩලනී නම් ශක්තිය ඇත. ´´ප්රාණයාම`` මගින් මෙම ශක්තිය නිදහස් වේ. මෙම ශක්තිය සුසුම්නාවේ චක්‍ර මගින් බ්‍රහ්ම රන්ද්රය දක්වා ඉහළට යයි. මෙම තත්වයට පැමිණි විට යෝගි ෂත්‍ය (මෝක්ෂය) අවබෝධ කරගනී. චක්‍ර යහ පහත ආකාර වේ. මූලාධර චක්‍ර, ස්වාධිෂ්ඨාන චක්‍ර, මහිපුර චක්‍ර, අනාහත චක්‍ර, විශුද්ධ චක්‍ර සහ ආශ්‍ර චක්‍ර වශයෙනි.
මන්ත්‍ර යෝග
මන්ත්‍ර ජප කිරීම හා දෙවියන් පිදීම මගින් සමාධිය කරා ළඟා වීම. ගුරුවරයකු මාර්ගයෙන් සම්පූර්ණ ශ්‍රද්ධාව සහිතව ඉගෙනගත යුතු ශාස්ත්රයකි. එසේම මන්ත්‍ර පිළිබඳ විශ්වාසය සහ භක්තිය ඇතව පුහුණු කළ යුතුය.
ලය යෝග
මනසේ ශබ්ද පිළිබඳ ඒකාග්‍රතාව ඇති කොට සමාධි සිද්ධි කරා ළඟාවීම. එවිට, වීනා, බටනලා ආදී වාද්‍ය භාණ්ඩවලින් ධ්වනිත නාදයන් තුළ සමාධිගත වේ.
කර්ම යෝග
පින්දහම් කිරීමෙන් අධ්‍යාත්මික බව වැඩිදියුණු කරගැනීම. නිදසුන් ලෙස දක්වතොත්, දුප්පතුන්ට උදව් කිරීම, ආගමික ස්ථාන වැඩිදියුණු කිරිම, පරෝපකාරය ආදිය දැක්විය හැකිය.
භක්ති යෝග
දෙවියන් පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ළඟාවන අධ්‍යාත්මික බව. උදාහරණ ලෙස දක්වතොත් දේවාලවල රාජකාරී කිරීම, ආවතේවකම් කිරීම දැක්විය හැකිය.
ඥාණ යෝග
භාවනාව මගින් ඥානය දියුණු කිරීමෙන් ලබන අධ්‍යාත්මික වර්ධනය. එනම් ශරීරය සහ ජීවය පිළිබඳ අවබෝධ කරගැනීමයි. විවිධ සෘෂිවරුන් යෝග පිළිබඳ විවිධ අර්ථ නිරූපණය කර ඇත. පතංජලී යෝග සූත්‍ර අනුව පහත සඳහන් අෂ්ටාංග යෝග මෝක්ෂය වෙත ළඟා වීම සඳහා උපකාරී වේ. වර්තමානයේ යෝග පිළිබඳ බොහෝදෙනා කතා කරන ආසන අයත් වන්නේ මෙම අෂ්ටාංග යෝගවල තුන්වන කරුණට ය.
අෂ්ටාංග යෝග
1. යම 2. නියම 3. ආසන 4. ප්රාණයාම 5. ප්‍රත්‍යාහාර 6. ධාරණ 7. ධ්‍යාන 8. සමාධි
යම සහ නියම මමත්වය නැතිකර ශරීරයේ හා මනසේ ප්‍රථමික ශෝධනය කෙරේ.
1. යම (සමාජ විනය) පොදුවේ සමාජයට අහිතකර නොවන ආකාරයෙන් නැතහොත් වැරදි නොවන ආකාරයෙන් ජීවත් වීමයි. සමාජ විනය රැකගැනීම සඳහා පිළිවෙත් පහක් යම යටතේ සඳහන් වෙයි.
කිසිදු ජීවියෙකුට කයින්, මනසින් හෝ වචනයෙන් හිංසාවක් හෝ පීඩාවක් නොකිරීමයි.
සත්‍ය (සත්‍යවාදී වීම)
ඇස, කන, නාසය, දිව සහ ශරීරය යන පංචේන්ද්රීයය් කවර ආකාරයක හෝ අසත්‍ය පැවසීමට යොදා නොගැනීම.
ආස්තේය (අනුන්ගේ දේ නොගැනීම)
තමන්ට අයත් නොවන දේ නොගැනීමයි. මෙහිදී සොරකම පමණක් නොව තමන්ට අයිති නැති කිසිම දෙයක් නොගැනීම සිදුකළ යුතුය. නිදසුනක් ලෙස දක්වතොත් බිම වැටී තිබෙන භාණ්ඩයක් වුවද ගැනීම නොකළ යුතුය.
කාමමිථ්‍යාචාරයෙන් තොරවීම.
අපරිග්‍රහ
අයුතු අසාධාරණ මාර්ගයන්ගෙන් ධනය හෝ වස්තුව ලබා ගැනීම හෝ උපයා ගැනීම හෝ තමන්ට උරුම නොවන ධනය හෝ සම්පත් ලබා ගැනීමෙන් වැළකිය යුතුය. එමෙන්ම තමන්ට උරුම නොවන ආස්වාදයන් ලබාගැනීම පවා නොකළ යුතුය.
2.නියම (පුද්ගල විනය)
නියාම යනුවෙන් හැඳින්වෙන්නේ පුද්ගලයකු විසින් පිළිපැඳිය යුතු විනායානුකූල පිළිවෙත් පද්ධතියකි.
පුද්ගලයාගේ බාහිර සහ අභ්‍යන්තර පිරිසිදුකම රැකගැනීම. කිසියම් කෙනෙකු තම සෞබ්‍ය ගැන සැළකිළිමත් නොවන්නේ නම් ඔහු නිසැකයෙන්ම රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක සිටියි. ලෙඩ රෝග ඇතිවීම මගින් තමන් ද අනුන් ද කරදරයට පත්වෙයි. එමෙන්ම තමන්ට තමන්ද, අනුන්ගේ ද පිළිකුලට ලක්වෙයි. එම නිසා තමන් ද අනුන්ද කරදරයට පත් නොවීමට නම් අනුන්ගේ පිළිකුළට ලක්නොවීමට නම් තම සෞබ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.
සන්තෝෂ (තෘප්තිමත් බව)
කවර තත්වයක් යටතේ වුවද සතුටින් වැඩකටයුතු කිරීම සහ ජීවත් වීම.
තපස් (භාවනාදියෙන් ලබන සංවරය)
පවිත්‍ර චේතනා. පවිත්‍ර වචන, පවිත්‍ර ක්‍රියා සහිතව ජිවත් වීම.
තමන් පිළිබඳ අවධානයෙන් යුතුව ජිවත් වීම. (ජීවිතයේ ඒ ඒ අවධියේ දී කළ යුතු දේවල් සහ ලබාගත යුතු දේවල් ලබාගැනීම. නිදසුනක් ලෙස ළමා කාලයේ දී ඉගෙනීම කටයුතු නිසි පරිදි කරගැනීම. නැතිනම් ඉදිරි අවධිවලදී බොහෝ කරදරවලට මුහුණදීමට සිදුවේ)
සියලු ආකාරයෙන් පවිත්‍රව දෙවියන් වෙත යාම. හින්දු දර්ශනය අනුව ඊශ්වර දෙවියන්ගේ වචනය විශ්වාස කිරීම. මෙය වෙනත් ආගම්වල අයට ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ දේශනා පිළිපැදිය හැකිය.
3. ආසන
සිත සහ කය එකඟකරගනිමින් නිශ්චිත ඉරියවුවක පහසුව රැඳී සිටීමයි. මෙම ඉරියවුවල රැඳී භාවනායෝගීව සිටීමෙන් ශාරීරික, මානසික, ආධ්‍යාත්මික සුවය ළඟා කරගත හැකි. යෝග ආසන 86000 ක් පමණ පැරණි සූත්‍රවල සඳහන්ව තිබෙන අතර භාවිතාවේ තිබෙන්නේ යෝගාසන 86 කට ආසන්න ප්‍රමාණයක් ය.
4. ප්රාණයාම
ප්රාණයාම යන පදයෙහි අර්ථය වනුයේ ප්‍රාණ ශක්තිය නැතහොත් ජීව බලය විහිදුවා හැරීමයි. මෙහිදී සුදුසු ආසනයක සිට සිහිකල්පනාවෙන් හුස්ම ගැනීම, රඳවා ගැනී, පිටකිරීම සිදුකරයි. ප්‍රාණය සහ මානසික ශක්තිය අතර ඇත්තේ ගැඹුරු සම්බන්ධයකි. ප්රාණයාමෙන් ශරීරයේ රුධිරය පිරිසිදුවන අතර මනසේ පාරිශුද්ධිය ද ඇති වේ. එසේම ප්රාණයාම යෝග ආසනවල නිවැරදි ප්‍රතිඵල ලබාගැනීමට උපකාරී වේ.
5. ප්‍රත්‍යාහාර
විවිධ අරමුණු ඔස්සේ ගමන්කරන සිතුවිලි බාහිර ලෝකයෙන් ඉවත්කොටගෙන තම අභ්‍යන්තරයට යොමුකරවමින් පංචේන්ද්‍රීයයන් සංසුන්කරවීම ප්‍රත්‍යාහාර නම් වේ. ඉහත යෝග පිළිවෙළින් අනුගමනය කරමින් පැමිණෙන යෝගීවරයා මෙම මට්ටමේදී භාහිර ඇලීම් ගැලීම් සහ බැඳීම් අවම කළ යුතුය. නැතහොත්
6. ධාරණ
ධාරණ යනු මෙනෙහි කිරීමයි. පිළිවෙළින් ඒකාග්ර වූ මනස කිසියක් දෙවියකු දේව වචනය හෝ තමන් අභිමත පූජ්‍ය වස්තුවක නිශ්චලව පිහිටුවා ගැනීමයි. නොඑසේනම් තම ශරීරය වෙතම සිත යොමුකර ගැනීමයි. පිටින් පැමිණෙන අරමුණ මනසට ඇතුළ් කරගැනීම නොකරයි. ඒම අරමුණු බැහැර කරමින් මනස එක ස්ථානයට රඳවාගැනීම මෙම මට්ටමේ දී සිදුකරයි.
7. ධ්‍යාන
ධාරණ මට්ටම තවදුරටත් වැඩි දියුණු කිරීමෙන් ධ්‍යාන මට්ටමට පත් වේ. ධ්‍යාන තත්වයට පත් වූ පුද්ගලයාට කාලය හා අවකාශය ඉක්මවා මනස මෙහෙයවිමේ හැකියාව ලැබේ. ධ්‍යාන තත්වයට පත් වූ පුද්ගලයාට තව කෙනෙකුගේ සිතේ ජනිත වන සිතුවිලි හඳුනාගැනීමේ හැකියාව ලැබේ. කාලය සහ අවකාශය ඉක්මවා මනස මෙහෙයවිය හැකි හෙයින් ප්රාතිහාර්ය පෑම් කළ හැකිය.
8. සමාධි
ඉහත යෝග නිසි ආකාරයට පිළිපැදීමෙන් එකාග්ර වන සිත සහ කයත් බාහිර ලෝකයත් සමඟ පවතින වෙනස තුරන් වී තමාටත් සමස්ත විශ්වයත් එකක්ම ලෙස අවබෝධ කරගන්නා අවස්ථාවයි. සමාධි යෝගයට පිවිසෙන්නාට පරම සංතුෂ්ටිය හිමි වේ. සුබ, දු:බ වේදනා රහිත වේ. නැතහොත් මෝක්ෂය උදාකර ගනී. යම, නියම, ආසන, ප්රාණයාම සහ ප්‍රත්‍යහාර භාහිර යෝග වන අතර ධාරණ, ධ්‍යාන සහ සමාධි අභ්‍යන්තර යෝගයි. යම, නියම, ආසන, ප්රාණයාම සහ ප්‍රත්‍යහාර යන අංග පහ අනුගමනය කරන පුද්ගලයකු හෙතෙම නිරෝගී සුවය අත්විඳින්නකු වෙයි. ඔහුට සාමකාමී යහපත් ගතිගුණයන්ගෙන් අනූන වූවකු වන අතර අධ්‍යාත්මික ශක්තයක් ද හිමි ඇත්තෙකු වෙයි.
ආසන
යෝග දර්ශනයේ කියැවෙන අෂ්ටාංග යෝග අතර ප්‍රමුබ තැනක් හිමිකරගන්නා යෝගාසන මේ වනවිට පෙරඅපරදිග බහුතර ජනතාවක් අනුගමනය කරන ශරීර සුවතා ව්‍යායාමක් ලෙස භාවිතා කරයි. යෝග දර්ශනයේ සඳහන් වන පරිදි යෝගාසන අභ්‍යාස මගින් යෝග දර්ශනයේ අවසන් ප්‍රතිඵලය වන මෝක්ෂය වෙත ළඟාවීම සඳහා කය සහ මනස ඒකාග්ර කරගැනීම මේ හරහා සිදුකෙරෙයි. නමුත් වර්තමානයේ මෙම යෝගාසන බහුලව භාවිතා කරනුයේ ලෞකික ජීවිතය නිරෝගී සහ යහපත් කරගැනීමේ අරමුණු වෙනුවෙනි. ඒ හරහා කායික, මානසික සහ සාමාජීය සුවය අත්කරගත හැකිය.
යෝග සූත්‍රවල යෝග ආසන 86000 ක් පමණ සඳහන් වන අතර එයින් ප්‍රධාන ආසන පවතිනුයේ 86කට ආසන්න ප්රමාණයකි. යෝග අභ්‍යාස ඉරියව් නිර්මාණය වී ඇත්තේ වස්තූන් හෝ ජීවින් පිහිටා හෝ නිර්මාණය වී ඇති ආකාරයන්ට අනුවය. එය නිදසුන් ආකාරයෙන් දක්වතොත් වෘක්ෂාසනය නිර්මාණය වී ඇත්තේ ගසක් නිරූපණය වන ආකාරයෙන් වන අතර භුජංගාසනය නිර්මාණය වී ඇත්තේ පෙනය පුප්පාගෙන සිටින නගයකු ආකාරයෙනි. ධනුරාසනය දුන්නක් ආකාරයෙන් නිර්මාණය වන විට පද්මාසනය නෙළුම් මලක් ආකාරනේ නිර්මාන්ය වී තිබේ. මේ ආකාරයෙන් යෝග අභ්‍යාසවල ඇති සියලු ආසන කිසියම් වස්තුවක් හෝ ජීවයක් පදනම් කරගෙන නිර්මානය වී ඇත. තවද යෝග අභ්‍යාසවල ඇති සෑම ඉරියව්වක්ම ශරීරයේ නම්‍යතාවක් ඇති වන ආකාරයෙන් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. යෝග ආසනවලින් ලැබෙන ප්‍රතිඵලය එකිනෙකට වෙනස් ගුණාංගයන්ගෙන් සමන්විත වේ.
ලොව සියලුම මනුෂ්‍යයින් එකම ආකරයකට උප්පත්තිය ලැබුවත් මිය යනුයේ විවිධාකාරයෙනි. යෝග නියමාකාරයෙන් පුරුදු කළ අයකුට මෙලොවින් තම ශරීරය අතහැර යන ´´මරණය`` නමැති සංසිද්ධිය සිහිකල්පනාවෙන් නිදහස් විය හැකිය. එම ඔහුගේ ආත්මයට ආශිර්වාදයකි.
බුද්ධ දර්ශනය අනුව සිත සියලු දෙයට මුල්වන බව පෙන්වා දෙයි. එහිදී මනුෂ්‍යයාගේ දුක් විඳීම හෝ සැප විදීම ට එම පුද්ගලයාම වගකිවයුතු බව පෙන්වා දෙයි. එසේම පුද්ගලයෙක් කොතරම් හොඳ දේ කර තිබුණත්, මිය යන අවස්ථාවේ දී සිත දූෂ්‍ය කරන සිතුවිලි පහළ වුවහොත් එය ඔහුගේ ඊළඟ උත්පත්ති ස්ථානයට බලපාන බව බෞද්ධ පොත්පත්වල සඳහන් වේ.
එබැවින් යෝග අභ්‍යාස සඳහා සුළු කාලයක් හෝ වැයකරන පුද්ගලයා මෙලොව ජිවිතය පමණක් නොව පරලොව ජීවිතය වාසනාවන්ත කරගැනීමට උපකාරී වේ. යෝග ආසන කොටස් තුනකට වෙන් කළ හැක. එනම් සංස්කෘතික ආසන, භාවනා යෝගී ආසන සහ විවේකාසන ලෙස වෙන්කෙරේ.
සංස්කෘතික ආසන
ස්වභාවධර්මයේ පවතින්නාවූ කිසියම් ජීවියෙක් හෝ වස්තුවක් නිරූපණය වන්නා වූ ආකාරයේ ආසනයි. උදා - මත්යාසනය - මත්සයකු ආකාර වේ. සලඹාසනය - සලඹයකු ආකාර වේ. ත්රිකෝනාසන - ත්‍රිකෝණ ආකාර වේ. පර්වතාසනය - පර්වතයක් ආකාර වේ.