topone

biksu-sasanaya


භික්ෂු භික්ෂුණියන්ගේ පාලනය සඳහා ‍දේශනා කළ විනය පිටකයට ආනා ‍දේසනාවක් යැයිද කියනු ලැබේ‍‍ ( සුත්ත) විභංග බන්ධක පරිවාර වශයෙන් ප්‍රධාන කොටස් තුනකි.ප්‍රථම ධර්ම සංඝායනා‍වට හේතුවු:(අලං ආවුසො මා සෝචිත්‍ථ, මා පරිද්විත්‍ථ, සුමුත්තා මයං තෙන මහා සමණෙන, උපද්දුතා හොම, ඉදං වො කප්පති ඉදං ‍වො නකප්පතී ති ඉදානි මයංයං ඉච්ඡිස්සාම තං කරිස්සාම යං න ඉච්ඡිස්සාම තං න කරිස්සාමාති...) යනාදි වශයෙන් සුභද්‍ර නම් මහලු පැවිද්දකු විසින් කියන ලද අවිනීත වචනය නිසා ධර්ම සංගායනාව ප්‍රථම පැවැත්වීමට හේතු වූ බව චුල්ලවග්ගපාලීය සාක්ෂි දරයි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ක්‍රමානුකූලව සකස් කොට එය ආරක්ෂා කර ගැනීම සඳහා තබන ලද මූලික පියවර වශයෙන් හැඳින්විය හැකි ප්‍රථම ධර්ම සංඝායනාව ශාසන ඉතිහාසයෙහි දැක්වෙන ආදිම වැදගත් සිද්ධියයි. විනය සංඝායනාවක් පැවැත්වීමට හේතු වූ ඇතැම් කරුණුවල මූලබීජ බුද්ධ කාලයේදීම හටගත්තේ යැයි මතය, පිළිගත යුතු සත්‍ය එකක් සේ නොපෙනෙයි.

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතැම් භික්ෂූන් තුළ පැවැති දුර්මත නිරාකරණය කිරීමටත්, බුදුරජාණන් වහන්සේ විසින් ඒ ඒඅවස්ථාවලදී දේශනා කරන ලද (ධර්මය හා විනය) විසිරී ගොස් නා නා වර්ගවලට අයත් මල් රැසක් සේ පැවැති ධර්ම කොට්ඨාස ක්‍රමානුකූලව පිළියෙල කොට බොහෝ කල් පැවැත්මත් සඳහා ධර්ම සංඝායනාවක්පැවැත්වීමට අදහස් කල බව සැලකිය හැකිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙර, මහාකාශ්‍යප හිමියන් අමතා පිටක රැස්කොට තබන ලෙස වදාළ බවත්, එය සුරකින ලෙස දෙවියන්ට භාරකළ බවත් අශෝකාවාදනයේ සඳහන් වෙයි.

1. මුලින් සඳහන් (විභංග)යන්න

  • පාරාජිකා පාළි
  • පාචිත්‍ය පාළි ලෙසද

2.බන්ධක යන්න

  • හාවග්ග පාළි
  • චුල්ලවග්ග පාළි ලෙසද

3.පරිවාර යන්න පරිවාර පාළි.

ලෙසද දක්වා තිබේ මේ අනුව ආනන්ද මහ තෙරණුවන්ගේද සහාය ලබාගෙන ධර්මය උණපතුරුවල හා සිල්කරෙදිවල ලියා තැබූ බවත් චීන බසට පරිවර්තනය කරන ලද පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙයි. කෙසේ වුවද සුභද්‍රගේ ප්‍රකාශය එය කල් පසු නොකොට සිදුකිරීමට හේතු වූවායැයි නිසැක ය. මෙම කාර්යය සඳහා මහතෙරවරුන් පෙළඹ වූ වෙනත් ඓතිහාසික හා සාමාජික හේතුද තිබිණැයි සැලකීමට කරුණු තිබේ.

ඒ අතර සංඝභේදය, දෙවිදත් තෙරුන්ගේ අභියෝග, විවිධ මතධාරී භික්ෂූන් ඇතිවීමපරම්පරා ක්‍රමය, විනය පිළිබඳ මතභේද, ධර්මය ඒකරාශී කිරීම,( ධර්ම විනය) රැක ගැනීම, යන කරුණු අයත් ය.බුදුරජාණන් වහන්සේ විසින් පස්වග මහණුන්ගෙන් ආරම්භ කළ භික්ෂූ සමාජයට මුල් අවධියේ දී ඇතුළත් වූයේ ගිහි ජීවිතය කෙරෙහි කලකිරී සැදැහැයෙන් යුතුව පැවිදි වූ අය යි. ඒ පිරිස් විමුක්ති සාධනයටම උනන්දු වූ අය විය. පසුකාලීනව ශාසනයට ඇතුළත් වූ ඇතැම් පිරිස් ඊට වඩා වෙනස් ස්වභාවයක් ඉසිලීය. ජබ්බන්තිය, සත්තරසවග්ගිය ආදී නම් වලින් හැඳින්වෙන කණ්ඩායම් පසුව බිහි විය.

මූලික බුද්ධ වචනයටපටහැනිව ක්‍රියාකළ බො‍හො භික්ෂූන් වහන්සේගේ විසමාචාර ගැන චුල්ලවග්ග හා මහාවග්ග යන විනය ග්‍රන්ථ දෙකේ ද විශේෂයෙන් පාරාජිකා පාලියේ ද සෙසු සුත්‍රාන්තවලද සඳහන් වෙයි. භික්ෂු සමාජයේ සමගිය බිඳී ගිය පළමු අවස්ථාව වුයේ කොසබෑ නුවර ධර්මධර, විනයධර භික්ෂූ කණ්ඩායම් දෙකේ ගැටුමයි. මෙය ධර්ම විනය පිළිබඳ;පෟද්ගලික අදහස් ඉදිරිපත් කරන්නට බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීම භික්ෂූන් වහන්සේ උත්සාහ කළ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.


දේවදත්ත තෙරුන් විසින් ඇති කරන ලද සංඝ භේදය භික්ෂු සමගිය දෙදරා ගිය තවත් අවස්ථාවකි. පංච වරයක් ඉල්ලීමත් සමග ඇති වූ මෙම ගැටුම නිසා සංඝ සමාජය තුළ ආකූල- ව්‍යාකූල තත්ත්වයක් හටගත් අතර මෙම ප්‍රශ්නය නිරාකරණය කිරීමට අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ මුල්ව ක්‍රියා කළ නමුත්, ප්‍රශ්නය එයින් නිම වූයේ යැයි සිතිය නොහැකි ය.

විවිධ ලෙස භික්ෂූන් භේද කරමින් බුදුරජාණන් වහන්සේට එරෙහිව දෙව්දත් තෙරුන් ගෙන ගිය මෙම අර්බුදකාරී ක්‍රියා මාර්ගය දෙවිදත් තෙරුන්ගේ අපවත්වීම තෙක්ම පැවතිණැයි සිතිය හැකි ය. මෙහිද විභංග නැවත කොටස් දෙකකට බෙදා දක්වා තිබ 1. භික්ෂු විභංග 2. භික්ෂුණී විභංග යනුවෙනි‍. දී. නී. සංගීති සූත්‍රයේ සඳහන් පරිදි විවිධ ආගම් දර්ශනවල ශාස්තෘවරයා ඇවෑමෙන් පසු ඒ ඒ ශ්‍රාවක පිරිස්අතර බොහෝ අර්බුදකාරී තත්ත්වය හට ගැනිණි. මෙම ප්‍රශ්නය භික්ෂු ශාසනවයේ ඇති නොවීමට ඉහත අයුරින් කටයුතු කොට තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ඇවෑමෙන් පිළිසරණ කොට පැවතිය යුතු එක් භික්‍ෂුවක් හෝ උන් වහන්සේ විසින් පත් කොට නැති බවත්, ඒ අනුව තම ශාස්තෘවරයාගේ සම තත්ත්වයෙහිලා සැලකෙන ධර්ම විනය ආරක්ෂා කර තැබීම සඳහා ධර්ම සංගායනාවක් වැනි ඉක්මන් පියවරක් ගැනීමේ අවශ්‍යතාව ශාසන භාරධාරී මහ තෙරවරුන් තුළ තිබුණා විය හැකි බව ගෝපක මොග්ගල්ලාන සූත්‍රයට අයත් කරුණු වලින් සනාථ වෙයි.

ඉක්බිති මහා කාශ්‍යප හාමුදුරුවෝ ‘සුනාථ මේ ආවුසො සංඝො යදි සංඝස්ස පත්තකල්ලං, අහං උපාලිං විනයං පුච්ජෙය්‍යං...’ යනුවෙන් සංඝයාට දන්වා, පළමුවම උපාලි හිමියන්ගෙන්විනය ප්‍රශ්න විචාලහ. නිදාන, පුග්ගල, වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදී සියුම් විස්තර සහිතව භික්ෂු, භික්ෂුණි, ප්‍රාතිමෝක්ෂ, ශික්ෂාපද සියල්ලම පුච්ඡා විස්සජ්ජන ක්‍ර‍්‍රමයෙන් විනය සංගායනා කළහ.‍මේ කරුනු පදනම් කරගෙන ලංකාවේ භික්ෂු සමාජය ගොඩනගා තිබේ.

ශ්‍රී ලංකාවේ භික්ෂු සාසනය

ලංකාවට බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම විනය රැගෙන ආවේ මිහිදු මහරහතන් වහන්සේය.ඉන්පසු ධර්ම විනය නොයෙක් විට වෙනස්කම් වලට භාජනය වූහ.එතැන් සිට අපේ සංස්කෘතිය, හැදියාව, අධ්‍යාපනය, ජීවන ක්‍රමය, සමාජ රටාව, ආර්ථිකය, පාලන ක්‍රමය මහත් වූ පෙරළියකට ලක් වෙයි. ක්‍රමවත් වෙයි. සුචරිත, සදාචාර සම්පන්න පරමාදර්ශී සමාජයක උපත පොසොන් පොහොයත් සමඟ ආරම්භ වෙයි.මහින්දාගමනය ලක් වැසි ජනතාවගේ භෞතික හා අධ්‍යාත්මික දිවි පෙවෙත කෙරෙහි අතිශය ප්‍රබල බලපෑමක් ඇති කළේ ඒ අයුරිනි.


පොසොන් පොහොය” ශ්‍රී ලංකාවාසී බෞද්ධයන්ට වෙසක් පොහොය තරම් ම නොඑසේ නම් ඊටත් වැඩි පමණින් වැදගත් වන්නේ එබැවිනි.ආදි මිනිසා විමුක්තිය අරමුණු කර ගනිමින් විවිධ අදෘශ්‍යමාන බලවේගයන්ට හා විශ්වාසයන්ට නැඹුරු වුවත් ඉන් ඔවුන් ලත් විමුක්තියක් නොමැත්තේය. සැබෑ විමුක්තිය ළඟා කර ගන්නට නිවැරදි දර්ශනයක් හා පැහැදිලි චින්තනයක් අවැසිය.මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කරන්නට පෙර යුගයේ ඇදහිලි පිළිබඳව සළකා බලන කල්හි පෙනී යන්නේ නිවැරදි මඟ නොදැන මං මුළාවූ පිරිසක් ලෙසින් මිනිසුන් ගස්, ගල්, ජලය, සඳ, හිරු, සතුන් ආදිය වන්දනා මාන කළ බවයි.මේ පිරිසට නිවැරදි මාර්ගය පෙන්වමින් සමාජය වඩා යහපත් එකක් කරනු වස් මිහිඳු හිමියන් අප වෙත පෑ දයානුකම්පාව ඉමහත්ය.

පොසොන් සඳ උදාවත් සමඟින් සිදු වූ මිහිඳු හිමියන්ගේ ලංකා ගමනය මෙරට සමාජ පුනරුදයකට සවිමත් අඩිතාලමක් දැමුවේය යන්න අතිශයෝක්තියක් නොවේ.එතැනින් පටන් ගත් සමාජ ශෝධන ක්‍රියාවලිය බොහෝ පුළුල් වී ගල්ලෙන් පරිශ්‍රයන් විහාරාරාම බවට පත් විය. ලක්දිව මහා විහාර බිහිවීම ඇරඹිණි. ගම කේන්ද්‍ර කොට ගත් සංවර්ධනය ඇරඹිණි. මේ අනුව සමාජ, ආර්ථික, ආගමික, සංස්කෘතික හා දේශපාලන ප්‍රගමනයක් ඇති විය. මහාවංශය ඇතුළු පොත පත ලිවීම ආරම්භ වෙමින් පොදු ජනයා වඩ වඩාත් ධර්මය වෙත නැඹුරු කිරීමේ ප්‍රවාහයට පදනම වැටුණි.

වෙහෙර විහාර , මහ දාගැබ් ඉදිවෙමින් සාමාන්‍ය ජනතාව හා සංඝරත්නය අතර සමීප සබැඳියාවක් ඇති විය. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංස්කෘතික සංකල්පය බිහි වූයේ එතැන් සිටය.සැඟවී තිබූ සිංහල බෞද්ධ ලකුණ මෙය යැයි අපට පෙනෙන්නට විය. ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට මිනිසා ක්‍රමයෙන් හුරු විය.


බෞද්ධ දර්ශනයෙන් මිනිසා තුළ මානසිකව ඇති වූ සංවර්ධනාත්මක පිබිදීම සංවේදී මිනිස් සමාජය බිහි කිරීමට සමත් විය.රළු කළු ගලෙකින් අතිශය ගුණ බර කරුණාබර ජීවමය බුදු රුවක් නිර්මාණය කරන්නට තරම් ඒ සංවේදී මිනිසා අධ්‍යාත්මික සංවර්ධනය ළඟා කර ගෙන තිබුණි. ප්‍රතිභාවෙන් යුක්ත මිනිස් අත්වලින්, සංයමය, ඉවසීම පුහුණු කළ සිත්වලින් වඩ වඩා විශිෂ්ට කලා නිර්මාණ බිහි වි මෙසේ නව නිර්මාණ කෙරෙහි මිනිසා යොමු වූයේත්, සමාජ සංවර්ධනය උදෙසා වූ නව ප්‍රවේශයකට මිනිසා ගේ විඥානය යොමු වූයේත්, අපට උරුම වූ නව සංස්කෘතිය හේතුවෙන් නොවේද?

සිරිලක පුරා අස්සක් මුල්ලක් නෑර ධර්මය පැතිරවීමට කේන්ද්‍රස්ථානය වූ “මිහින්තලාව” හෙවත් මිස්සක පව්ව අද වන විටත් දෙනෝ දහක් සැදැහැතියන්ගේ උපහාරයට, වන්දනාවට පාත්‍ර වන්නේය. එය එසේ වන්නේ අපට අපේ සිංහල බෞද්ධ ලකුණ හෙළි කර දුන් කේන්ද්‍රස්ථානය එය වූ නිසාමය.අහස සිඹින මහ දාගැබ්, මහ සයුර පරදවන මහ වැව්, බුදු ගුණ ජීවමානව සටහන් වූ මහ බුදු පිළිම, සරු සාර කෙත් වතු, දම්පද රැගත් පත පොත, අතීතයේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල ආදී වූ එකී නොකී මෙකී සියලු දෑ පොසොන් උදාවත්, මහින්දාගමනයත් සමඟින් සිදු වූ ප්‍රාතිහාර්යය දක්වන ජීවමාන සාධකයෝ වෙත්.

බෞද්ධ සමාජයේ ගිහි පැවිදි සියලු දෙනාගේම ප‍්‍රධානම අරමුණ වන්නේ සසර දුකින් මිඳීමය. නමුත් ඊට පළමුව මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ගිහියා උත්සාහ කළ යුතු ය. ඒ සඳහා ඔහුට අවශ්‍ය ධර්මානුකූල මඟ පෙන්වීම ලබාදීම, පැවිද්දාගේ යුතුකම වෙයි. පැවිද්දා විසින් ලබා දිය යුතු මෙම මඟ පෙන්වීම කුමක්දැයි, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අයුරු, සිඟාලෝවාද සූත‍්‍රයෙහි දැක්වෙයි. ඒ අනුව ගිහි ජනයා වෙනුවෙන් අනුකම්පාවෙන් යුතුව පැවිද්දකු විසින් ඉටු කරනු ලබන, ඉටු කළ යුතු, සේවා මෙසේ ය.


  1. පවෙන් වැළැක්වීම
  2. කුසළ කර්මයන්හි යෙදවී
  3. සෙත් පැතීම
  4. නොදන්නා දෙය ඉගැන්වීම
  5. දැන සිටින දෙය පුහුණු කරවීම
  6. සුගතියට මග කියා දීම

ගිහියාට පස්පව්, දස අකුසල් ආදියෙහි අනිසි විපාක පෙන්වා දෙමින්, ඔහු දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ආදී පුණ්‍ය කටයුතු වල යොදවනු ලබන්නේ භික්‍ෂූන් වහන්සේ ය. එසේම උපතේ පටන් මරණය දක්වාම ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදී තම දායකයන්ට සෙත් පැතීම උන්වහන්සේගේ සිරිතකි. දරුවකු මවුකුසින් බිහිවීමට ආසන්න වන විට සෙත් පිරිත් කියවා ගන්නා අතර, පසුව නම් තැබීම, ඉඳුල් කට ගෑම, කන් විදීම, අකුරු කියවීම, විවාහය, නව නිවෙසකට ගෙවැදීම, රැකියා සඳහා පිටත්වීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, ආදී බොහෝ වැදගත් අවස්ථාවන්හිදී ආගමික චාරිත‍්‍ර වලට මුල්තැන දෙමින් ඒවා සිදුකිරීම, වර්තමානයේ වූවද දැකගත හැකි ය.

එසේම මෙම අවස්ථාවන්හිදී භික්‍ෂූන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම බොහෝ සෙයින්ම සිදු වෙයි. උන්වහන්සේ ද එවැනි අවස්ථාවන්වලදී දායකයන්ට සෙත් පැතීම තම යුතුකම සේ සලකති. ඈත අතීතයේ සිටම ගිහි ජනයාට ලෝකය, ජීවිතය පිළිබඳ ;මන්ම හොඳ නරක පිළිබඳද කියාදෙනු ලැබුයේ, පැවිදි උතුමන් විසිනි. එසේම ලාංකික සමාජයේ නූතන බටහිර අධ්‍යාපන ක‍්‍රමය ආරම්භ වීමට පෙර අධ්‍යාපනික මධ්‍යස්ථානය වූයේ ද පන්සලයි.

ගුරුවරයාගේ කාර්යය ද භික්‍ෂූන් වහන්සේගෙන් ඉටු වූ නිසා උන්වහන්සේට ලැබුණු සමාජ ගෞරවය තව තවත් වැඩි විය. මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ මාර්ගය ද ගිහි සමාජයට කියාදීම ලංකාවේ භික්ෂු සමාජ‍යේ වගකීමයි.



Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software