topone
pasaloswaka-pohoya-dolaha

පොහොය

පොහොය හෝ පොහොය දිනය යනු, සෑම පුර පසළොස්වක දිනකම යෙදෙන හා ශ්‍රී ලංකාව තුල භාවිතා වන බෞද්ධ ප්‍රසිද්ධ නිවාඩුවකට යෙදෙන නාමයයි. චන්ද්‍ර දින දර්ශනය පරියෝජනය කරන්නාවූ ලොව පුරා වසන සමස්ත බෞද්ධ ජනතාවට, පුර පසළොස්වක දිනය වැදගත් වනුයේ ඔවුන්ගේ ආගමික පිළිවෙත් වෙනුවෙනි. චන්ද්‍රයාගේ ප්‍රමාණයෙහි සම්පූර්ණ භාවය මෙන්ම එහි උද්දීප්තිය හේතුවෙන්, චන්ද්‍ර වංක සතර අතුරින් වඩාත් වැදගත් දිනය ලෙස, සෑම චන්ද්‍ර මාසය (දින 29.5) කට වරක් පැමිණෙන පුර පසළොස්වක දින සැලකෙමින්, නිවාඩු දිනයක් ලෙස භාවිතා වේ.


සෑම පුර පසළොස්වක දිනයක්ම සඳහා සිංහලයෙන් ව්‍යවහාර වන්නේ පොහොය යන්නයි; මෙදින ශික්‍ෂාකාමී බෞද්ධයන් වෙහෙර-විහාරයන් වෙත ගොස් වන්දනාමාන පිළිවෙත් පුරති. වසරකට පොහොයන් 12 හෝ 13 ක් පවතියි. පොහොය යන පදය ව්‍යුත්පන්න වී ඇත්තේ, ප්‍රාථමික ලෙසින් "උපවාස දිනය" යන අරුත් දනවන පාළි සහ සංස්කෘත ’’උපෝසත’’ (උප + වස්: උපවාස කෙරුමට) යන්නෙනි. සාමාන්‍යයෙන් පොහොය දිනයන්හි, කඩසාප්පු හා ව්‍යාපාර වසා තැබෙන අතර, මද්‍යසාර සහ මාංශ විකිණීම තහනම් කර ඇත.


මාසයපොහොය නාමය
 මැයි  වෙසක් පොහොය
 ජූනි  පොසොන් පොහොය
 ජූලි  ඇසල පොහොය
 අගෝස්තු  නිකිණි පොහොය
 සැප්තැම්බර්  බිනර පොහොය
 ඔක්තෝබර්  වප් පොහොය
 නොවැම්බර්  ඉල් පොහොය
 දෙසැම්බර්  උඳුවප් පොහොය
 ජනවාරි

 දුරුතු පොහාය

 පෙබරවාරි

 නවම් පොහොය

 මාර්තු

 මැදින් පොහොය

 අප්‍රේල්

 බක් පොහොය


යම් මාසයක පොහොය දින දෙකක් ඇති වෙයි නම් දෙවැන්නට පෙරටුවෙන් ”අධි” (සිංහලයෙන් ”අමතර”) යන්න ”අධි වෙසක්”, ”අධි පොසොන්”, ආදි ලෙසින් යෙදෙයි.

පසළොස්වක පොහොය දොළහ

  • වෙසක් පසළොස්වක පොහොය
  • පොසොන් පසළොස්වක පොහොය
  • ඇසළ පසළොස්වක පොහොය
  • නිකිණි පසළොස්වක පොහොය
  • බිනර පසළොස්වක පොහොය
  • වප් පසළොස්වක පොහොය
  • ඉල් පසළොස්වක පොහොය
  • උඳුවප් පසළොස්වක පොහොය
  • දුරුතු පසළොස්වක පොහොය
  • නවම් පසළොස්වක පොහොය
  • මැදින් පසළොස්වක පොහොය
  • බක් පසළොස්වක පොහොය


වෙසක් පසළොස්වක පොහොය

  • සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම, සිද්ධාර්ථ තාපසයාගේබුදුවීම, සහ බුදුන් වහන්සේ ගේපරිනිර්වානය යන අසිරිමත් මංගල කරුණු රැසකින් පූජනීයත්වයටත්,ඓතිහාසිකත්වයටත් පත් වූ වෙසක් දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනයක් වීම.
  • දීපංකර බුදුරදුන් හමුවේ සම්මා සම්බුද්ධ පදවිය සඳහා ගෞතම බුදුරදුන් නියත විවරණ ලැබීම.
  • කිසාගෝතමී දේවිය විසින් "නිබ්බුතා නූන සා මාතා"යන නිබ්බුත පද පැවසීම.
  • බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.
  • බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මනිඅක්ඛිත නාරදුගේ ඇරයුමෙන් කැලණියට වැඩීම,එදවසම සුමන සමන් දෙව්රදුන්ගේ ඇරයුමින් සමනළ පව්වට වැඩම කොට බුදුසිරිපා පිහිටුවා තෙවන වරටත් සිරිලක පුන්‍ය භූමියක් බවට පත් කිරීම.
  • විජය කුමරු ලංකාවට පැමිනීම.
  • පිරිනිවන් මංචකයේ සැතපී සිටි බුදුරදුන් වෙත පැමිනි සක්දෙව් රදුට ලංකාවත් සිංහලජාතියත් රක්නා ලෙස පැවරීම.
  • දෙවනපෑතිස් රජු ධර්මාශෝක චක්‍රවර්තීන් විසින් තිළිණකොට එවන ලද පංච කකුධ භාණ්ඩයන් සහිතව නියම උදාර රජකු ලෙස ද්විතීයාභිශේක ලැබීම.
  • අනුරපුර මහමෙවුනා උයනේ රුවන්වැලි සෑ රදුන් සැදීමට වීසා නැකතින් වැඩ ඇරඹීම.
  • ආනන්ද හිමියන් පිරිනිවන් පෑම.
  • මහා විහාරවංශික භික්‍ෂූන්ගේ වර්ෂයක් පාසා පවත්වනු ලබන උපසම්පදා මහෝත්සවය ප්‍රථමවරට පැවැත්වීම.
  • ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය සිදුකිරීම.

පොසොන් පසළොස්වක පොහොය

  • අනුබුදු මහා මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස ධර්මවිජය පිළිබඳ අනගිතම පනිවිඩය මූර්ථිමත් කරමින් ශාන්තීය දූතයන් වශයෙන් ලංකාකවේ උතුරුමැද නිම්නයේ අනුරපුර මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
  • බුදු වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.

ඇසළ පසළොස්වක පොහොය

  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම
  • සිදුහත් කුමුරු අභිනිෂ්ක්‍රමණය කිරීම.
  • රාහුල කුමරුගේ උපත.
  • බරණැස් පුර ඉසිපතනාරාමයේදී පස්වග මහනුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම.
  • ගණෟඩබ්බ රුක්මුල්හිදී ථීරථකයන්ගේ මානය මර්ධනය කිරීමට යමාමහ පෙළහර පෑම.
  • මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම.
  • ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.
  • ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීම.
  • අරිෂෟඨ කුමරු ප්‍රධාන සිංහලයන් සපනස් දෙනාගේ මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයේදී සිදු කිරීම.
  • ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය.
  • බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.
  • මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.
  • කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.
  • ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීම.

නිකිණි පසළොස්වක පොහොය

  • වස් එළඹීම ඇරඹීම.
  • ආනන්ද හිමියන් රහත් වීම.

බිනර පසළොස්වක පොහොය

  • මෙහෙනි සස්නේ ආරම්භය.

බුදුරදුන් විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ වෙසෙන සමයේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය රෝහිනී නදී තීරයේදී පැවිදි වූ කුමරුවන්ගේ භාර්යාවන් 500 දෙනා සමඟ කෙස් සිඳ, කසාවත් හැඳ කිඹුල්වත් පුරයේ සිට පා ගමනින්ම විශාලා මහනුවරට පැමිණියාය.අනඳ හිමියන්ගේ මාර්ගයෙන් කාන්තාවන්ට සසුන් පැවිද්ද දෙනලෙස ඉල්ලා සිටියහ.අනඳ හිමි බුදුරදුන්ට මේ බව සැලකලද උන්වහන්සේ තෙවරක්ම එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළහ.පසුව අනඳ හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට සසුන් දොර විවෘත විය.පැවිද්ද අවශ්‍යනම් අෂ්ඨගරු ධර්ම පිළිගත යුතුය,එයම ඇයට පැවිද්ද හා උපසම්පදාව වන්නේයි බුදුරදුන් ප්‍රකාශ කලහ.එය පිළිගෙන එවලෙහිම පැවිද්ද හා උපසම්පදාව ලැබීය.

වප් පසළොස්වක පොහොය

  • සත්වන වස් කාලය ගතකිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සකස්පුරයට පැමිණ මහා පෙළහර පාමින් වැඩ සිටි සේක.
  • සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.
  • කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම.
  • අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ වප් පෝ දායි.
  • මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණිය සිද්ධයක් වන විනය පිටකය සංඝායනා කිරීම.

ඉල් පසළොස්වක පොහොය

  • මෛත්‍රී බෝධිසත්වයන් ‍ගෞතම බුදුරදුන්ගෙන් විවරණ ලැබීම.
  • ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම.
  • බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම.
  • චීවර මාසයේ අන්තිම පොහොය එනම් කඨිනාස්කරණ විනය කර්මය කළහැකි අවසන් දිනය වීම.
  • අගසව් සැරියුත් මාහිමියන් පිරිනිවන් පෑම.

උඳුවප් පසළොස්වක පොහොය

  • සංඝමිත්තා තෙරණිය ඇතුළු පිරිස ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවද රැගෙන ලක්දිව දඹකොළ පටුනට පැමිණීම.
  • මුඟලන් තෙරුන් පිරිනිවන් පෑම.
  • සිරිපා වන්දනාව ආරම්භ කරන පොහොය වීම.

දුරුතු පසළොස්වක පොහොය

  • බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනය
  • බුද්ධත්වයෙන් නව මසකට පසු උරුවෙල් දනව්වට වැඩමකල බුදුරදුන් උරුවේල කාශ්‍යප,නදී කාශ්‍යප,ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් ප්‍රමුඛ 1000 පිරිස සිය දහම් මගට හරවා ගත්හ.
  • පසුව ලක්දිව බිම්තැන්නේ මහවැලි ගඟ අසබඩ මිනිපේ නම් සරු දනව් පියසට ගුවනින් පහලව බුදුරැස් මාලාවන් විහිදුවමින් වැඩහුන් සේක.
  • ලක්දිව ත්‍රිපිටක බුද්ධ ධර්මය ප්‍රථම වරට පුස්තකාරෑඩ කිරීම.

නවම් පසළොස්වක පොහොය

  • රජගහ නුවර වේලුවනාරාමයේදී සැරියුත් මුගලන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුර ලැබීම.
  • තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරිම.
  • බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත් හැරීම.

මැදින් පසළොස්වක පොහොය

  • බුදුරදුන් 20000ක් ආර්ය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝධන රජතුමා හා සිය ඥාතීන්ව අමාමහ නිවන්සුව ලබාදෙනු වස් කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ගමනාරම්භය.
  • රහල් කුමරු පැවිදි වීම
  • නන්ද කුමරු පැවිදි වීම

බක් පසළොස්වක පොහොය

  • ලක්දිව දෙවන වරට බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත්වූයේත්,බුදුරදුන්ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකමත් වූයේත් දහම් අමා මිහිරෙන්නොයෙක් සනා නිවී සැනසී ගියේත් මේ පොහෝදා වේ.
  • බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
  • සතර පෙරනිමිති වලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.


Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software