topone

sadakada-pahana-katayam

සඳකඩ පහණ පැරණි ලක්දිව කැටයම් කලාවේ බෙහෙවින්ම කැපීපෙනෙන අංගයක් වේ.පැරණි ලක්දිව ඉදිකරන ලද ආගමික හා ගිහි ගොඩනැගිලිවලට ඇතුළු වීම සඳහා වූ පියගැට පෙළෙහි මුලටම තබන ලද අර්ධකවාකාර ගල්පුවරුව සඳකඩ පහණ වන අතර වර්තමාන පාපිස්සකින් සිදුවන කාර්යය ඉටුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

  • අමාවතුරෙහි '"අඩසඳපහණ"'
  • සද්ධර්මරත්නාවලියේ හා පූජාවලියේ "සඳකඩපහණ"
  • පාලි බෞද්ධ ග්‍රන්ථවල "අඩිස් චන්ද පාෂාණ" ලෙසත් හැඳින්වේ.

අනුරාධපුර යුගයේ සඳකඩ පහණ

sakadapahana01බොහෝ දුරට ලක්දිවට පමණක් ආවේණික වූ කැටයම් අංගයක් වන සඳකඩ පහණ අනුරාධපුර යුගයෙන් ආරම්භ වී ඇත.අනුරාධපුර මුල්ම යුගයට අයත් සඳකඩ පහණ සෘජු කෝණාස්‍රාකාර ආකෘතියක් ගන්නට ඇතැයි උපකල්පණය කළ හැකිය.


උදා:- මිරිසවැටිය විහාර සංකීරණය


එය කිසිදු කැටයමකින් තොර වූ අතර හුදෙක් සරල චාම් අර්ධකවාකාර ගල් පුවරුවක් බව පමණක් කිව යුතුය.අනුරාධපුර සඳකඩ පහණේ මීළඟ අවස්ථාව වූයේ සම්පූරණයෙන් පිපුණු නෙළුම් මලක අඩක් සරල ගල් පුවරුව මධ්‍යයෙහි නිරූපණය කිරීමයි.


උදා:- ශ්‍රී මහා බෝධියට ඇතුළු වන දොරටුව අභියස

සඳකඩ පහණ විකාශනයේ තවත් දියුණු අවස්ථාවක් ලෙස පෙරහැර ඊට එක් වීම දැකිය හැකිය.සඳකඩ පහණ විකාශනයේ පරිසමාප්ත අවස්ථාවට පත් වීමෙන් අනතුරුව එය කලාත්මක පක්ෂයෙන්ද විශිෂ්ටත්වයට පත් විය.අනුරපුර යුගයේ දෙවන භාගයේ සම්පූර්ණයෙන්ම මුහුකුරා ගිය සඳකඩ පහණ කැටයම් මෝස්තර තුනකින් සමන්විත විය.පිටතින්ම ඇති තීරුවේ හමුවන්නේ ගිනිදැල් හෝ පලා පෙති ය.ඊළඟ තීරුවේ ඇත්,සිහ,හා ගව යන සතුන් හතරදෙනාගේ පෙරහැරකි.

මෙම සතුන් වමේ සිට දකුණට ගමන් කරයි.ඉන් පසුව ලියවැලකි.ලියවැලට පසුව හමුවන්නේ වමේ සිට දකුණට ගමන් කරන නෙළුම් පොහොට්ටු කටින් ගත් හංසපෙළකි.සඳකඩ පහණෙහි මධ්‍යයේම නිරූපණය වන්නේ සම්පූර්ණයෙන්ම පිපුණු නෙළුම් මලක අර්ධයකි. අනුරාධපුර යුගයට අයත් දැනට ලැබී ඇති හොදම සඳකඩ පහණ හමුවී ඇත්තේ අභයගිරියට නුදුරුව පිහිටි බිසෝමාළිගයේ බව සොයා ගෙන ඇත.

පොළොන්නරු යුගයේ සඳකඩ පහණ

ලක්දිව ඓතිහාසික යුගයේ දෙවන උප අවධිය ලෙස පිළිගැනෙන පො‍ළොන්නරු යුගය තුළදී සඳකඩ පහණ සැලැස්මෙහි යම් යම් වෙනසිකම් කිහිපයක් ඇති බව පැහැදිය.පොළොන්නරු යුගයේ සඳකඩ පහණ කවයකින් 3/4ක් පමණ වන අතර එහි මධ්‍යයේද නිරූපණය වන්නේ පිපුණු මලක 3/4ක් වේ.පොළොන්නරුවේ නෙළුම් මල,අනුරාධපුරයේ ‍නෙළුම් මලට වඩා මඳක් ඉහළට එස වී ඇත. පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ නිරූපණය කර ඇති රූප අතුරින්ගවයා අතුරුදහන් වී ඇති අයුරු පෙනේ.

මෙයට හේතුව හින්දු ආගමේ බලපෑම නිසා බව උගතුන්ගේ පිළිගැනීමයි.හින්දු ආගමේ ප්‍රධාන දෙවියෙකු වන ශිව දෙවියන්ගේ වාහනය වන ගවයා පෑගීම අයහපත් ක්‍රියාවක් ලෙස සැලකෙන්නට ඇත.අනුරපුර යුගයේ සතුන් හතරදෙනාම එකම පෙරහැරක ගමන් ගත් අතර පොළොන්නරු යුගයේදී එක් එක් සත්ත්වයා සඳහා වෙනවෙනම පේළි යොදා ගෙන ඇත.

අනුරපුර යුගයේ සඳකඩ පහණෙහි නෙළුම් මල අසලින්ම නිරූපිත හංස පංතිය මේ සඳකඩ පහණේදී පිටතම තීරුවට තල්ලු වී ඇත.එසේම මෙම යුගයේ ලියවැල් කීපයක් යොදා ගෙනද ඇත.හින්දු ආභාසය හේතු කරගෙන විවිධ මෝස්තර හා අලංකරණය සිදු වී තිබුණද අනුරාධපුර යුගයේ සඳකඩ පහණ කලාත්මක බවින් හා ජීවමාන බවින් ඉහළ බව පෙනී යයි.පොළොන්නරුවේ ඇති හොඳම සඳකඩ පහණ දළදා මළුවේ ඇති සඳකඩ පහණ වේ.

මහනුවර යුගයේ සඳකඩ පහණ

අඩකවයකින් ඇරඹි සඳකඩ පහණ බොහෝ දුරට සම්පූර්ණ කවයක ආකාරයට මේ යුගයේ දී වී ඇත.පූර්ව යුගයන්හි අඩක් දැක්වූ නෙළුම් මල මහනුවර යුගයේ සම්පූර්ණයෙන්ම නිරූපණය කර ඇති අතර එය ඉහළට එසවී ඇති ආකාරයක්ද පෙනී යයි.මහනුවර යුගයේ සඳකඩ පහණේ මූලික අවධානයක් යොමු වී ඇත්තේ නෙළුම් මල සඳහාය.

පැරණි යුගයේ සඳකඩ පහණ්වල නිරූපණය කෙරෙන සතුන් සියල්ලම මේ යුගයේදී අතුරුදහන් වූඅතර ඒ වෙනුවට විවිධ අලංකාර ලියවැලින් හා මල්වැලින් පිරී ගිය බව පෙනේ.මහනුවර යුගයට අයත් හොඳම සඳකඩ පහණ හමුවන්නේ දළදා මාලිගය ආශ්‍රයෙනි.

Share

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software