topone

silmatha-kaiw

 

චක්කවත්තිසීහනාද සූත්‍රයෙහි සමාජ දැක්ම 02

 

දුප්පතුන්ට ධනය නොලැබිම නිසා රටෙහි දිළිඳුකම බලවත් විය. මෙසේ දිළිඳුකම බලවත් වීම නිසා එක් පුද්ගලයෙක් අන්සතු වස්තුව සොරසිතින් ගත්තේය. ඒ පිළිබඳ වස්තුව හිමි පුද්ගලා රජුට දැන්වීය. රජු ඔහු ගෙන්වා කරුණු විමසීය. එවිට ඔහු රජුට පැවැසුවේ අන්සතු ධනය ගත්තේ දුප්පත්කම නිසා බවයි. එවිට රජු ඔහුට ධනය දුන්නේය. අන්සතු වස්තුව ගත් අයට රජු ධනය දෙන බව සෙසු අයට ආරංචි විය. රජුගෙන් ධනය අපේක්ෂාවෙන් ඔවුන්ද අන්සතු ධනය පැහැර ගන්නට විය.

තව දුරටත් කියවන්න...

බත්තරමුල්ල සුදර්ශනාරාම සෙනසුනේ අනුශාසක
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

මෙලොව සියලුදෙනාම සැප ලබන්න කැමැතියි. දඬුවමට, නින්දාවට කිසිවෙකුත් කැමැති නෑ. නමුත් බොහෝ අයෙක් මේ ගැන සිතන්නේ නෑ. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අන් අයට හිරිහැර හා දුක්පීඩා ගෙනදෙයි. මෙහිදී වරදවා තේරුම් නොගත යුතු කරුණක් තිබේ.

තව දුරටත් කියවන්න...

අලුත්නුවර සේනානි වන සෙනසුනේ මංගලතිරියේ සන්තින්ද්‍රිය හිමි

Santhenjra-himiලෝකය තුළ හෝ ලෝකයෙන් පරිබාහිරව යම් ජීවී කොට්ඨාශයක් පහළ වන්නේ නම් ඒ සියල්ලෝම  අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන කුල සතරින්  එකකට අනිවාර්යයෙන් අයත්වේ. එකී කුලයන්හි ජලාබුජ හෙවත් මවු කුසින්   බිහිවන ජීවීන් අතරින් උසස් දියුණු කරගත හැකි මනසකින්  යන අදහසින් අනුවර්තනය කරන මනුෂ්‍ය වූ සත්ව කොට්ඨාශයෙහි  ඔබ අප  ඉපිද ඇත. මේ ඉපදීම ඔබට සහ මට කැමති අයුරින් සිදු වූවක්ද? නොඑසේ නම් වෙනත් කවුරුන්ට හෝ රිසියෙන් ඇති කරන ලද්දක්ද?

තව දුරටත් කියවන්න...

Natabunඔය විජයාරාම නටබුන් තියන කැ‍ලේ ඉන්නවය කියන වලිගයක් තියන මිනිහයි ගල් මූණක් තියන මිනිහයි ගැන මමත් පස්සේ තොරතුරු ටිකක් හොයලා බැලුවා පැරණි ආගමික නටබුන් සහිත අනුරාධපුර පෙරිමියන්කුලමේ විජයාරාම වන පෙතේ සිට එදින සවස්  යාමයේ රුවන්වැලි මහසෑ විහාරස්ථානයට පැමිණි මට 'දසේ' (ඩී.එම්.එම්. දසනායක) කීය.

තව දුරටත් කියවන්න...

"බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා.ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට.සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ,තේ‍රෙන්නෙ නැහැනෙ.නමුත් මනුස්සයො වෙලා ඉපදුනා.මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන.නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ.පෙර ජීවිතයේ මනුස්සයො වෙලා ඉපදිල ඉදල පින් දහම් කළා.බණත් ඇහුවා.ඒ නිසා මනුස්ස ජීවිතයක් ලැබුවා.නමුත් ඒගොල්ලො මේ ධර්ම දානය කියන එක දුන‍්නෙ නැහැ.අනුන්‍ට බණක් කියල දෙන්න,ධර්ම පොතක් දෙන්න වගේ දේවල් කළේ නැහැ.

තව දුරටත් කියවන්න...

බුදු දහම අනුව යම් පුද්ගලයෙකු රහත් භාවයට පත්වෙලාද, නැතිද යන කාරණය සැක රහිතවම මේ වර්තමාන කාලයේ දී දැනගත හැකිද?
පසුගිය දිනවල 'ඉරිදා ලක්බිම' පුවත් පතේ පළවූ පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රකාශ හා ඒ හිමියන්ගේ අදහස් ප්‍රශ්න කිරීමට ලක්කරමින් තම තමන්ගේ අදහස් දැක්වූ නායක හිමිවරුන්ගේ ලිපි කියැවීමෙන් ඉහත සඳහන් ප්‍රශ්නය අප තුළ පැන නැගුණි. අපට මෙන්ම 'ඉරිදා ලක්බිම' පාඨකයන් බොහෝ දෙනෙකුටද එබඳු අදහස් මතුවන්නට ඉඩ ඇත.

තව දුරටත් කියවන්න...

මේ සිරිපා වන්දනා සමයයි. මෙවර ශ්‍රී පාද වන්දනා වාරය තුළදී ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවිය. ශ්‍රීපාද උඩමළුවේ ෙශෙලමය දොළොස්මහේ පහනක් ස්ථාපනය කිරීම හා දැවැන්ත ඝන්ඨාරයක් පිහිටුවීම ඒ අතුරින් ප්‍රධානතම සිදුවීම් වේ. ශ්‍රී පාද උඩමළුවේ පිහිටු වූ දොළොස්මහේ පහන සහ ඝන්ඨාරය සුභ මොහොතින් විවෘත කෙරුනේ ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  අතිනි.

තව දුරටත් කියවන්න...

අවසරයි හාමුදුරුවනේ අද සමාජයේ බොහෝ දෙනෙක් කුමන මාර්ගයෙන් හෝ ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ කරමින් ඉන්නවා නේද ?
අද රටේ ගොඩක් දෙනෙකුට අමුතු කුලප්පුවක් හැදිලා තියෙනවා ජනප්‍රිය වෙන්න. මේ ජනප්‍රිය වීමේ වලිප්පුවෙන් පෙළෙන සියලුම දෙනා මොන විකාරයක් විජ්ජුම්බරයක් දාලා හරි ජනප්‍රිය වෙන්න හදනවා. සමහරු ගස් බඳිනවා. සමහරු ගස් නගිනවා.

තව දුරටත් කියවන්න...

- අනගාරික සම්‍යක්‌ බ්‍රහ්මචාරි දයාසේන සේනාරත්න

යමෙකුට භාවනා වැඩීමට රුචියක්‌, කැමැත්තක්‌ හටගත්තේ නම් ඒ සඳහා ඔහු විසින් බොහෝ කරුණු දත යුතු ඇත.

01. සද්ධර්මයේ අඩංගු අවශ්‍යයෙන්ම දත යුතු ධර්ම කරුණු විමුක්‌ති මාර්ගයට අනුව පළමුකොට යෝගාවචර තෙමේ ස්‌කන්ධ පස, ආයතන 6, ධාතු 6, පටිච්ච සමුප්පාදයේ අඩංගු කරුණු 12 පිළිබඳව මනා අවබෝධයක්‌ ලබාගත යුතු වේ. අනතුරුව ඒ ඒ ස්‌කන්ධාදියෙහි ආත්ම, සත්ව ජීවිතයන් නැති බව දත යුත්තේය.

තව දුරටත් කියවන්න...

- ආචාර්ය, පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

පංච ඉන්ද්‍රියන් පිනවීමට උපදෙස්‌ සැපයීමට අමුතු කිසිදු ආගම් යතිවරයකු මෙලොව පහලවිය යුතු නොවේ. ඒ මක්‌නිසාද යනු ගණනය කළ නොහැකි අදීන කාලවල සිට මිනිස්‌ සත්ව භේදයකින් තොරව ස්‌වභාවිකව සදාකාලිකව ලැබෙමින් පවතින තෘෂ්ණාවේ යථා ස්‌වභාවය නිසයි. බුද්ධිමත් බෞද්ධයිනි,

තව දුරටත් කියවන්න...

 

 

බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විහාරස්ථානය හා සම්බන්ධකම් පැවැත්විය යුතුයි. විහාරස්ථානය සමඟ සබඳකම් පැවැත්වීමට නම් අප නිරතුරුවම විහාරස්ථානයට යා යුතු වෙනවා. අතීතයේ ‘වැවයි දාගැබයි – ගමයි පන්සලයි, සංකල්පය බිහි වුණේ ගම් වැසියන් නිරතුරුවම විහාරස්ථානය නැත්නම් පන්සල හා සමඟ තම සියලු කටයුතු සිදුකළ නිසයි. එහෙත් අද අප ඇත්තටම පන්සල් යන්නේ ඇයි දැයි හරියටම දන්නේ නැති බවක් ඇතැම්විට පෙනෙන්නට තිබෙනවා. පන්සලේ දී කළ යුතු වත් පිළිවෙත් පවා ඇතැම් විට හරියාකාරව දන්නේ නැහැ. සැබෑ බෞද්ධයකු නම් ‘පන්සල් යනවා’ කියන අදහස මනසට කා වදින කොටම ඒ පුද්ගලයා තුළ පන්සලේ තිබෙන පිරිසුදුකම තමන්ගේ සිතට කා වදිනවා.

තව දුරටත් කියවන්න...

නෑයින්ගේ මස් නොකමු!

මිනිසා සහ සතුන් අතර ඇති බැඳීම බුදු රජාණන් වහන්සේ තරම් මනා ව පැහැදිලි කළ ශාස්තෘවරයෙක් මේ විශ්වයේ නැත. උන් වහන්සේ නොයෙක් බෝධිසත්ත්ව ආත්මවලදී පවා තම වර්ගයාට සහ මිනිසාට උදව් කළ අවස්ථා ජාතක පොත් වහන්සේ තුළ ද මනා ව පැහැදිලි කර ඇත. බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති පරිදි මේ සෑම සතා-සිව්පාවෙක් ම අපගේ ම ඥාතියෙකි. බුද්ධ වචනය අනුව “මගේ අම්මා නොවුණ, මගේ තාත්තා නොවුණ, මගේ දුවක දරුවකු නොවුණ, මගේ ඥාති නොවුණ කෙනෙක් නැත” යනුවෙන් වේ.

තව දුරටත් කියවන්න...

හිත මිතුරු සොබාදම රුදුරු වන කරුණ කිම?

 

සුනාමි යන වචනය ඇසෙත්ම ඔබේ හදවත කම්පාවට, ත්‍රාසයට, භීතියට, දුකට, වේදනාවට පත්වෙනවා ඇති. කිසිවෙකු බලාපොරොත්තු නොවූ අනපේක්‍ෂිත මොහොතක මහ සයුර රුදුරු වුණා. වටිනා මිනිස් ජීවිත මෙන්ම ගේ දොර, ඉඩකඩම්, යානවාහන, මිල මුදල්, සතා සිව්පාවුන් මහ මුහුදට ඩැහැගෙන ගියා.අප නොසිතන දේවල් නොපතන දේවල් සිදු වෙන්නෙ එහෙමයි.

තව දුරටත් කියවන්න...

මාර බන්ධනය ඉතා සියුම්

කාමලෝකයටම අධිපති වන්නේ මාරයා බව අමතක නොකළ යුත්තකි. සතරවරම් දෙවිවරුන්ගේ පාලකයා වන්නේ ශක්‍ර දෙවියා. නමුත් ශක්‍ර දෙවියත් පාලනය වන්නේ මාරයා යටතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ලෝකයේ අධිපතිභාවය අතරින් මාරයා අග්‍ර වෙනවා කියලා. පුද්ගලයා කෙලෙස්වලින් මිඳෙනවට මාරයා කොහෙත්ම කැමැති නෑ. ඊට හේතුව මාරයාට තැනක් නැතිවන නිසා.

තව දුරටත් කියවන්න...

18-1

අවසරයි මහනායක හාමුදුරුවනේ, ඔබ වහන්සේ  ශත වර්ෂයකට ආසන්න කාලයක් දිවි පවෛතම ශාසනික, සාමාජයීය, ධර්ම ශාස්ත්‍රීය සේවාව වෙනුවෙන්  කැප කරමින් කටයුතු කළා. ඔබ වහන්සේ යුග යුග රැසක  අත්දැකීම් අනූනව දෙස්  විදෙස් ගිහි පැවිදි කොයි කාගේත්  ගරු සම්භාවනාවට පාත්‍රව වැඩ වෙසෙනවා. එදා සහ අද  සමාජය ගැන කෙටි ආවර්ජනයක්ද සමගින් මෙම දහම් සංවාදය අරඹමු.

 

ඔව්. එදා සහ අද කියලා වෙන් වෙන්ව සමාජය දෙස බැලුවොත් ඕනෑම කෙනෙක් කියන ‍පොදු කාරණාව වෙනස් වෙලා කියන එකනේ. ඇත්තෙන්ම ඔව්. මම එක්දහස් නවසිය මුල් ගණන් වල ඉපදිලා මේ ගත කර ගෙන ආ කාල සීමාව තුළ එය පැහැදිලිවම පෙනෙනවානේ. නවීන
තාක්ෂණයේ අසීමිත  දියුණුව, පුද්ගල දියුණුව ඇතුළු විවිධ කරුණු කාරණා නිසා අද සමාජයේ සෑම අංශයක්ම බොහෝ ලෙස වෙනස් වෙලා. මෙහි  හොඳ, නරක වගේ විවිධ බලපෑම්ද දැකිය හැකියි.

තව දුරටත් කියවන්න...

සිKadu1රිපා සටහන් ගැන ජනප්‍රවාදයේ එන අපූරු කතා

සිරිපා වන්දනා සමය දැන් ඇරඹී තිබේ. රත්නපුර ශ්‍රී පලාබද්දල පුරාණ ශ්‍රී පාද මාර්ගය ප්‍රතිසංස්කරණයට ලක්වීම ආදී හේතූන් නිසා මෙවර ද එය වඩාත් උත්කර්ෂවත් වනු ඇත.
අතීතයේ සිට ශ්‍රී ලාංකිකයන් මෙම සිරිපා වන්දනාව කෙරෙහි කොතෙක් හදවතින් බැඳී තිබේද යත් සිරිපා වන්දනාවටම ආවේණික බස් වහරක් චාරිත්‍ර වාරිත්‍ර මාලාවක් චර්යා ධර්ම පද්ධතියක් ඇතුළු ඊටම ආවේණික සංස්කෘතික ලක්ෂණ සමුදායක් නිර්මාණ වී තිබේ.

තව දුරටත් කියවන්න...

රත්මලාන ධර්මපර්යේෂණාලයවාසි
ගෞරව ශාස්ත්‍රවේදී
කෙත්සිරිගම සුජාත හිමි

 

බෞද්ධ ලෝකයේ අසහාය පූජ්‍යස්ථාන (පිදිය යුතු ස්ථාන) තෙවැදෑරුම් වේ. එනම් ශාරිරික, පාරිභෝගික, උද්දේශික යනුවෙනි. මෙම ත්‍රිවිධ චෛත්‍යස්ථානයන්ගෙන් බෝධින් වහන්සේ පාරිභෝගික චෛත්‍යය වෙයි.

අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වය ලබා ගැණීමේ අධ්‍යාශයෙන් වැඩ සිටියෝ, අස්සත්‍ථ, (පාලි) අශ්වත්‍ථ (සංස්කෘත) ඇසතු, ඇහැටු, වෘක්‍ෂ මූලයේ යැ. බොධිදුම, බෝධිද්‍රැම, බෝ ගස ආදි වශයෙන් ව්‍යවහාර කරනු ලබන ගසක් ප්‍රාග් බෞද්ධ යුගයේ නැතහොත් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට පෙර ලෝකයේ කොහෙවත් නොතිබුණි. එබැවින් Ficus rligiosa යන උද්භිද ගණ නාමයෙන් හැඳින්වෙන ඇසතු ගසට “බෝධිය” යන නාමය ලැබුණේ ගෞතම බෝසතාණන් වහන්සේ එම ගස මුල වැඩ හිඳිමින් ලොවුතුරා බුද්ධත්වයට පත්වූ බැවිනි.

තව දුරටත් කියවන්න...

 

අත්තානංධාරෙන්තෝ චකුසු
අපායෙසු වට්ටදුක්ඛේසුච
අතතමානෝභත්වා ධාරේතී තිධම්මෝ

 

ඉහත ධර්ම පාඨයෙන් කියැවෙන්නේ ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම අපායගාමීවීමට ඉඩ නොතබා සසර දුකින් අත්මුදවන බවයි. එසේ නම් ඔබ අදට යෙදී ඇති උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයෙහි විවිධ ධර්මානුකූල ක්‍රියාවන්හි නිරත වෙමින් ධර්මයෙහි රැකවරණය ලබා ගැනීමට සුදුසු පුද්ගලයකු වීමට වෙර දරන්නෙකු විය හැකිය. ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව අප අවසන් කරමින් සිටින්නේ තවත් වර්ෂයක අවසන් දින කිහිපයයි.

තව දුරටත් කියවන්න...

Dedugalaශ්‍රී ලංකාවේ මුල්ම පුරාවිද්‍යා ගවේෂණ වාර්තාව අනුව දෙව්දත් පා සටහන සොයා ගිය ගමනක්

තවත් සිරිපා සමයක් ඇරඹීමට ඇත්තේ දින කිහිපයකි. ඒ මෙම දෙසැම්බර් දහසය වනදාට යෙදෙන උඳුවප් ‍පොහොයත් සමගිනි. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේ දී කලින් බුදු බණ අසා සෝවාන් ඵලයට පත්ව සිටි සමන්ත කූඨ වාසී සුමන සමන් දෙවිඳුන් විසින් කරන ලද ඇරයුමක් පිළිගත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ වම් ශ්‍රී පාද ලාංඡනය සමනළ කඳු මස්තකයෙහි පිහිටුවා වදාළ බව චිර ප්‍රසිද්ධ කරුණකි. බුදුරජාණන් වහන්සේගේ  මහා කාරුණික ගුණයට අභියෝග කරන්නකු මුළු මහත් බෞද්ධ ලෝකයේම නැත.

තව දුරටත් කියවන්න...

කාරුණික පින්වතුනි,

නිර්දෝෂි උතුමන්ට අවැඩ කරන, දෝෂාරෝපණය කරන, නින්දා අපහාස කරන, බාධාකරන අයට විඳීමට සිදුවන විපාක මෙම ගාථාවෙන් දේශනා කළ අපේ බුදුරජාණන් වහන්සේ, පව්කම් කරන විට මිහිරි ලෙස සිතුවත් ඒවායෙහි විපාක විඳින කල්හි දැඩි ලෙස පීඩා විඳීමට සිදුවන බව අවධාරණය කර ඇත.

තව දුරටත් කියවන්න...

අන්‍යාගමික තර්ජනවලට ලක් වූ දෙවනගල පුදබිමේ ඓතිහාසික උරුමය

Dewanagalaපසුගියදා මාවනැල්‍ලේ පිහිටි  අප්‍රකට පුදබිමක් වූ දෙවනගලට රටේම අවධානය යොමු වූයේ එම පුදබිමට එල්ල වී ඇති අන්‍යාගමික ආක්‍රමණවලින් මුදවා එය රැකදෙන්න යැයි ඉල්ලමින් භික්ෂුන් වහන්සේ උපවාසයක් ආරම්භ කිරීම නිසාය. 2006 දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාර එම පූජා භූමිය මැන සීමා නිර්ණය කරන ලෙස ඉල්ලමින් අනුරාධපුර අමිතධම්ම හිමි මාවනැල්ල බස් නැවතුම්‍පොළ අසල දී මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.

තව දුරටත් කියවන්න...

- උතුමන් උපන් ස්ථානයේ වෙහෙරක් තැනීම සම්ප්‍රදායක් - එල්ලාවල මේධානන්ද හිමි
- වංශ කතා හා ශිලා ‍ලේඛන යළි යළිත් තහවුරු වුණා - හෑගොඩ විපස්සි හිමි
- බෝසතුන් උපන් ස්ථානය සියයට සියයක්ම තහවුරුයි - පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන ආකාරයටම සිදුහත් කුමරාගේ උත්පත්තිය සිදු වී ඇත්තේ ලුම්බිණියේ බව පුරා විද්‍යාත්මක සාධක අනුව තහවුරු කර ගැනීමට පුරා විද්‍යාත්මක පරීක්ෂණ කණ්ඩායමක් පසුගිය දා සමත් විය.

තව දුරටත් කියවන්න...

භාග්‍යවත් සම්බුදු රජාණන් වහන්සේ සැම බෞද්ධයෙකු විසින්ම දැකබලා පහන් සංවේගය උපදවාගෙන වන්දනා මාන කලයුතු පුජනීයවූ භුමි හතරක් පිළිබඳව පරිනිර්වාණ සුත්‍රයෙහි අනුදැන වදාරා ඇත.

සිද්ධාර්ථ බෝසතානන්ගේ උත්පත්තිය සිදුවුන ඒ අසිරිමත් ලුම්බිණිය එයින් එකකි. බෝසතානන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූ අසම සම බුද්ධගයා පිංබිම, ලෝසතුන්ගේ විමුක්තිය උදෙසා උන්වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශනාව සිදුකළ මිගදායේ අවිඳු අඳුර දුරැකළාවූ  ඉසිපතනාරාමය සහ මහා කාරුණිකයාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ සාල වනය අනෙක් සිද්ධස්ථාන වෙයි.

තව දුරටත් කියවන්න...

Oldest Buddhist shrine holds clues to Buddha's birth

Archaeologists Robin Coningham (left) and Kosh Prasad Acharya direct excavations within the Maya Devi Temple, while Thai monks meditateThere are about 500 million Buddhists worldwide, but it's unclear exactly when in history this religion began. The Buddha's life story spread first through oral tradition, and little physical evidence about Buddhism's early years has been found.Now, scientists for the first time have uncovered archaeological evidence of when the Buddha's monumentally influential life occurred.

තව දුරටත් කියවන්න...

ලුම්බිණි සල් උයනේ මහ මයා සෑයේ නටබුන් මතුවේ

නේපාලයේ ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරය ආසන්නයේ කළ කැණීමකදි මෙතෙක් සොයා ගැණුනු පැරැණිම බෞද්ධ විහාරයේ නටබුන් සොයාගැනීමට පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්වූහ.

ලූම්බිණියේ මායාදේවි විහාරය පිහිටා ඇත්තේ සිදුහත් කුමරුන් උපත ලැබූ සල් උයනේ වන අතර කැණීම් වලදි සොයාගෙන ඇත්තේ මහාමායා දේවිය සිදුහත් කුමරුන් බිහි කරන අවස්ථාවේ අල්ලාගෙන සිටි බව කියන ගස ආවරණය කරමින් තැනූ විහාරයයි.

මෙම විහාරය ක්‍රිස්තු පූර්ව  6 වැනි සියවසට අයත් වන බවත් ලූම්බිනියේ පිහිටි මායා දේවි විහාරයට යටින් ඉදිකර තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software