topone

silmatha-kaiw

 

පරවාහැර චන්දරතන නාහිමි ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක

 

Kalaniලෝකයේ මිනිසා ඇතුළු සත්ව වර්ගයා උපදිමින් මැරෙමින් පවතිනා මේ ස්වභාවය සසර යනුවෙන් හැඳින්වෙයි. සංසරන්තී ති සංසාරෝ යන්න අටුවාචාරීන් වහන්සේලාගේ විවරණයකි. එහි අදහසට අනුව ඉපදෙමින් මියයමින් සසර සැරිසරන බැවින් සංසාර යනුවෙන් හැඳින්වේ. සැබවින්ම එය සත්‍යයකි. සත්වයා සිදුකරන්නේ සැරිසැරීමකි.

තව දුරටත් කියවන්න...

kandy-peraheraමේ දිනවල අප රටේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට මහ වැසි ඇදහැළෙන අතරේ උතුර, උතුරු මැද, නැගෙනහිර, ඌව ආදී ප්‍රදේශ කිහිපයකට දරුණු නියඟයක් බලපා ඇති බව නොරහසකි. ඒ අතරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ සම්බන්ධ ඇසළ උත්සව සමයේදී මෙරටට වැසි ඇදහැලෙන බවට ද දැන් කලක සිට ‍පොදු ජන විඥානයේ මුල් බැසගත් විශ්වාසයක් පවතී. මෙහි සුළමුල කුමක්ද? දැන් අපි ඒ පිළිබඳ මඳක් විමසා බලමු.

තව දුරටත් කියවන්න...


මිනිසුන්ට මෙන්ම තිරිසන් සතුන්ටද මහ ‍පොළවෙහි ජීවත්වීම පිණිස එක හා සමාන උරුමයක් තිබේ. එනිසා මිනිසුන්ට තම දිවි රැක ගැනීමට තිබෙන අයිතියම තිරිසන් සතුනටද ඔවුන්ගේ ජීවිතය රැක ගැනීම සම්බන්ධයෙන් තිබිය යුතුමය. මෙය බුදු දහමෙහි ඉතා පැහැදිලිවම සඳහන් වන්නකි. ඒ සම්බන්ධ ප්‍රමුඛතම බුද්ධ වචනයක් වනුයේ ‘අත්තා නං උපමං කත්වා - න හනේ‍යය න යානයේ’ යන්න ය. එනම් ‘තමන් උපමාවට ගෙන අනිකෙකු නොමරන්න නොමරවන්න’ යන්නය.

තව දුරටත් කියවන්න...

සෙන්කඩගල පෙරහර උදානය

දළදා පෙරහරේ ප්‍රධානම සංකේතය දළදා කරඬුවයි. වැඩ සිටින මාලිගය ඇතුළේ තැන්පත් කර ඇති පෙරහර කරඬුව පෙරහර සඳහා දියවඩන නිලමේ තුමාගේ අතෙහි තැන්පත් කරන මොහොත සැබැවින්ම අසිරිමත් දසුනකි.

තව දුරටත් කියවන්න...

වස් සමයෙහි පිළිවෙත් පුරමු

අටමහා කුසල් අතර උසස්ම පින්කම කඨින පින්කමයි. එය ඒ තරම්ම ශක්ති සම්පන්න පිනක් වනුයේ එය හුදු චීවර පූජාවක්ම නොවන නිසාවෙනි. බොහෝ මිල මුදල් වියදම් කර කරනු ලබන පින්කමකට වඩා කඨින පිංකම උසස් වනුයේ ඒ හා සම්බන්ධ සංඝකර්ම. ඇවතුම් පැවතුම් මෙන්ම එක විහාරස්ථානයක වසරකට කළ හැකි වන්නේ එක් පින්කමක් පමණක් නිසාවෙනි.

තව දුරටත් කියවන්න...

දළදා වහන්සේ සම්බන්ධව අපේ රටේ දළදා සාහිත්‍යයක් පවා බිහි වී තිබේ. එම දළදා සාහිත්‍යය ‍පෝෂණය වී ඇත්තේ දළදා සිරිත, දළදා පූජාවලිය, දළදා හටන, දළදාවලිය, දන්ත ධාතු විස්තරය, දළදා අෂ්ටක, දාඨා වංශය ආදියෙනි. මේවායෙහි දළදා වහන්සේ සම්බන්ධව සෘජුවම තොරතුරු දැනගත හැකිවෙයි.

තව දුරටත් කියවන්න...

ඉතා සරලව විග්‍රහ කරන්නේ නම් බෞද්ධයා යනු තෙරුවන් සරණ පිළිගත් පුද්ගලයාය. බෞද්ධයා සිල්වත් අයෙකු බවට පත්වන්නේ පංච ශීලය අනුගමනය කිරීමෙන්ය.මෙසේ තෙරුවන් සරණ පිළිගත් සිල්වත් බෞද්ධයා තෙරුවන් සමීපයෙහි ඇසුර ලබන හෙයින් උපාසක උපාසිකා යනුවෙන් හඳුන්වනු ලැබේ.

එම උපාසක භාවය දියුණුවන හා පරිහානියට පත්වන කරුණු දහයක් අංගුත්තර නිකායේ උපාසක චණ්ඩාල සූත්‍රයෙහි දැක්වේ.

තව දුරටත් කියවන්න...

Nirayaනිරය, නරකය බොදු ජන මනසෙහි තදින් කාවැදී ඇති කේන්ද්‍රීය සංකල්පයකි. එම ඉගැන්වීම එපමණටම ජන විඥානයට සමීප වන්නට හේතුකාරක වූ හේතූන් රාශියකි. අපි සිතන, පතන කියන දෑ ප්‍රතිඵල වශයෙන් සසර පුරාවටම ලැබෙන බව විශ්වාස කරන කර්ම සංකල්පය පිළිගන්නා වූ අනුගාමිකයෝ වෙමු. ඒ කර්ම සංකල්පයට අනුව දුශ්චරිතය ‍පෝෂණය කරන්නවුන්ට දුක්ඛිත විපාක ලැබෙන ස්ථාන ප්‍රධාන වශයෙන් හතරක් ලෙස දහමේ උගන්වයි. ඒවා අපාය භූමි නොහොත් කාමදුගති භූමි ලෙස හැඳින්වේ.

තව දුරටත් කියවන්න...

රාජකීය පණ්ඩිත වල්‍පොළ පියරතන හිමි

යහපත් මිහිරි වචන කථා කරන අයට මෙලොව හා පරලොව  වශයෙන් ලැබෙන ආනිශංස පිළිබඳව ධර්මයේ විස්තර කෙරිලා  තියෙනවා නේද?
යහපත්, කන්කළු මිහිරි වදන් කථා කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳව  ත්‍රිපිටකයේ බොහෝ තැන්වල විස්තර වී තිබෙනවා. මහා මංගල සූත්‍රයේදී යහපත්  වචන කථා කිරීම (සුභාසිතා ච යා වාවා) උතුම් වූ මංගල කරුණක් හැටියට දේශනා කරල තිබෙනවා. ඊට අමතරව දීඝ නිකායේ, බ්‍රහ්මජාල සූත්‍රය, මජ්ජිම නිකායේ, කන්දරක, උපාලි, දේවදහ  වැනි සූත්‍රවල කථා ව්‍යවහාරයේ දී අවධානය යොමු කළ යුතු කාරණා කීපයක් විස්තර වෙලා තියෙනව.

තව දුරටත් කියවන්න...

ශ්‍රී ගෞතම සම්බුද්ධ ටෙලි නාට්‍යයේ සිදුහත් කුමරා හිමන්සු සෝනි

Sri-siddartha1ශ්‍රී ගෞතම සම්බුද්ධ’ එහෙමත් නැත්නම් බුදුන් වහන්සේගේ චරිතය ප්‍රතිනිර්මාණය කළ ටෙලි නාට්‍යය මේ දිනවල බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. බුද්ධ චරිතය ටෙලි නාට්‍යයක් ලෙසින් සිංහල බසින් හඬ කවා  විකාශනය වන මුල්ම අවස්ථාව මෙය වන්නටත් පුළුවන්.

තව දුරටත් කියවන්න...


වන මෘගයන් විසින් පමණක් සේවනය කරන්නට ප්‍රිය කරන මහා වනයක හුදකලාව බවුන් වඩන පැවිද්දෙකි. හණ නූලෙන් කරන ලද ගත දැවටි චීවරයත් පාත්‍රයත් හැරෙන්නට ඔහු සතුව ඇති වෙනත් කිසිවක් නොපෙනේ.

තව දුරටත් කියවන්න...

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි

Hagoda-Vipassi-Theroඅපේ රටේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ආශ්‍රිතව සිදුවූ ආශ්චර්යමත්, අද්භූත සිද්ධීන් පිළිබඳව මෑතකදී වාර්තා විය. ශ්‍රී පාද කන්දේ මහගිරිදඹය සහ අහස් ගව්ව අතර රැස් වළල්ලක් විහිදීම ඉන් එකකි. අරණායක පරපිටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් එදිරිසිංහ නම් මහතකු ඔහුගේ පවු‍ලේ අයත් කැටුව අප්‍රේල් 03 දා ශ්‍රී පාදය වැඳ පුදාගෙන පසුදින පාන්දර කන්ද බසින විට හැටන් පාරේ සීත ගඟුල ආසන්නයේ දී නැවත  කන්ද දෙස බලද්දී මේ රැස් වළල්ල දුටු බව කියනු ලැබේ.

තව දුරටත් කියවන්න...

ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ඉදිවෙන වෙසක් සැරසිලි අතර වෙසක් තොරණට හිමිවන්නේ සුවිශේෂ තැනකි.
මෙවරත් කොළඹ හා තදාසන්න නගරවල වෙසක් තොරණ රැසක් ඉදිවෙමින් තිබේ.

තව දුරටත් කියවන්න...

 

 

දෙමව්පියන්ගෙන් දූ දරුවන්ට, දූ දරුවන්ගෙන් දෙමව්පියන්ට දීම ලැබීම, ප්‍රධාන කරගත් යුතුකම් උපරිම වශයෙන් ක්‍රියාත්මක කරන්නට අවකාශය, බුද්ධිය, විවේකය ලැබෙන්නේ අලුත් අවුරුදු සමයේ බව ප්‍රත්‍යක්‍ෂවන්නේ ය. එමෙන්ම ගිහි පැවිදි යුතුකම් ඉෂ්ට කිරීම, අවංක මිතුරුහමුව, සුහද ආගන්තුක සත්කාරය යන සියලු කාර්යයන් ඉෂ්ට සිද්ධ කරන විට දෙලොව ශාන්තිය උදා වන්නේ ය

තව දුරටත් කියවන්න...

නව වසර උදාවෙන මොහොතේ රතිඤ්ඤා පත්තු කරන ඔබ මොනම හේතුවක් නිසාවත් සිතන්නෙ නැහැ ඔබ පත්තුකරන රතිඤ්ඤා නිසා බරපතළ සත්ව ඝාතන, සත්ව හිංසාවන් සිදුවෙනවා කියලා. මොකද ඔබ දකින්නෙ ඇසෙන් පෙනෙන ලෝකය පමණයි. ගස්, ගල්, මනුෂ්‍යයෝ, ගෙවල් දොරවල් ඔබට පෙනෙන ලෝකය. ඒ ලෝකය තුළ ඔබ නිවැරදිකරුවෙක් බව ඇත්ත.

තව දුරටත් කියවන්න...

බුදුදහමට අනුව ලෝකයේ ස්වභාවය මොහොතින් මොහොත වෙනස් වී පරිණාමයට පත්වීමයි. එය මානව සමාජය සහිත සියලු සත්ව ප්‍රජාවට මෙන්ම ගස්වැල් ආදී භෞතික සම්පත්වලටද සාධාරණ වෙයි.

තව දුරටත් කියවන්න...

බෞද්ධ ජාතක කතාවන්හි විස්තර වන්නේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධියේ සම්පූර්ණ කළ පාරමිතා ධර්මයන් බව අපි කවුරුත් දනිමු. ඒ සෑම ජාතක කතාවකින්ම කියවෙන්නේ බෝධිසත්වයන් වහන්සේ විවිධ ආත්මයන්හි ඉපිද පාරමි ධර්මයන් සම්පූර්ණ කළ අයුරුය. සෑම ජාතක කතාවකම බෝධිසත්වයන් වහන්සේගේ චරිතයේ යහපත් පැතිකඩයන් නිරූපණය කර ඇත.

තව දුරටත් කියවන්න...


“අහසේ සැරිසරන, දියෙහි ජීවත්වන පෙනෙන නොපෙනෙන, ඉපැදීමට සිටින කිසිදු ජීවියෙකු මේ භයානක වූත් දීර්ඝ වූත් සංසාරයේ තම, මව, පියා, අඹු දරුවන්, සොයුරු සොයුරින් ලෙස හමු නොවූ කිසිවකුු නොමැත...”
යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ අනවනග්ග සූත්‍රයේ දේශනා කොට ඇත. එසේ බලන කල ලොව කවර සත්වයෙකු වුවද හිංසනයට ලක් කිරීම තමාගේම ඥාතියෙකුුට හිංසාවක් සිදුකිරීමක් බවත්, කවර සතකු මරා අනුභව කළද එය ඥාතියෙකුගේ මාංශ අනුභව කිරීමක් බවත් බෞද්ධ දර්ශනය පිළිගන්නා අප හට පිළිගන්නට සිදුවේ.

තව දුරටත් කියවන්න...

මියගිය පුද්ගලයෙකුගේ දෙන මිනී පෙට්ටියක තැන්පත් නොකර මැස්සක තබා අවසන් කටයුතු කිරීමට සුසාන භූමියට රැගෙන යාමේ චාරිත්‍රයක් ගැන අපි සාමාන්‍යයෙන් අසා නැත්තෙමු. එනමුත් අල්පේච්ඡ දිවියකට හුරුවී හුන් භික්ෂූන් වහන්සේලා සිය අවසන් කටයුතු සරලව සිදු කරන ලෙස අවසන් කැමැත්තේ සඳහන් කළ සිද්ධි නැතුවා නොවේ. මෑත කාලයේ අපට එවැනි සිද්ධියක් දක්නට ලැබුණේ හොරණ ‍පොකුණුවිට විනයාලංකාර පිරිවෙනේ වැඩ හුන් රේරුකානේ චන්දවිමල අමරපුර ස්වේජින් නිකායේ මහානාහිමියන් අපවත් වූ අවස්ථාවේදීය. අභිධර්මය පිළිබඳව බහුශ්‍රැතයකු වූ මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා ශ්‍රී දේහය තැන්පත් කර තිබුණේ උන්වහන්සේ මරණ මංචකයේ සැතපී හුන් ඇදේය.

තව දුරටත් කියවන්න...

ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර හිමි,
ශ්‍රී ලංකා අවිහිංසාවාදී භික්‌ෂු මහා සභාව


ප්‍රායෝගිකව මෛත්‍රිය වැඩීම සුවිශාල විශ්ව ශක්‌තියක්‌ සහ බලයක්‌ තමන් තුළට ආකර්ශනය කර ගැනීමක්‌ වන්නේය. එය සත්‍යයෙනුත් සත්‍යයකි. ප්‍රායෝගිකව අත්හදා බැලීම් කළ දෙයකි. දිට්‌ඨධම්මවේදනීය කුසලකම මෙම ජීවිත කාලය තුළදීම ළඟාකරගත හැකිය.

තව දුරටත් කියවන්න...

සිංහල සාහිත්‍ය ‍පෝෂණය කළ සාහිත්‍යාංග අතරින් බුදු සිරිතට හිමිවනුයේ ප්‍රමුඛ ස්ථානයකි. ඔබ අප කුඩා කල සිට අසා හුරුපුරුදු බුදු සිරිතේ එන කතා හුදු ප්‍රබන්ධයන් නොවන බව ලෝකයට පසක් කර දෙනු වස් විද්‍යාත්මක පසුබිමක පිහිටා සිදුකරනු ලබන පුරාවිද්‍යා කැණීම් ගණනාවක් මේ දිනවල නේපාලය ආශ්‍රිතව සිදු කරයි.

තව දුරටත් කියවන්න...

බුද්ධ චරිතය ගැන විමසීමේ දී කපිලවස්තු පුරය ප‍්‍රධාන ස්ථානයක් ගනී. සිදුහත් කුමාරයා ඉපදී ගිහිගෙය හැරපියා අභිනික්මන් කරන තුරුම වාසය කළේ, සිය තුරුණු විය ගෙවා දැමුවේ මේ නගරයේය.

තව දුරටත් කියවන්න...

සිතේ ස්වභාව ආස්වාදය සොයා යෑමය. උපන් සත්වයා උත්සාහ දරන්නේද සතුට ගෙන දෙන හැම දෙයක්ම තමා වසඟයේ ස්ථිරසාරව පවත්වා ගැනීමටයි. එහෙත් හේතුන්ගෙන් හටගත් යමක්වේද මොහොතක් පාසා වෙනස් වෙමින් විපරිණාමයට පත්වීම ධර්ම නියාමය වේ.කොපමණ වින්දනය ස්ථීර කරගැනීමට ප්‍රයත්න කළත් තාවකාලික වන්නේය. තාවකාලික දේ නුවණින් විමසා අත්හැරීම මානසික සුවයට හේතු වන්නේය. නමුත් අවිද්‍යාව ප්‍රත්‍ය කරගත් ලෝකයා නැවැත නැවැත ඉන්ද්‍රියන් පිනවීමට යෑමෙන් කෙළවර දුකට, ශෝකයට, තැවීමට, අසහනයට පත්වන කරුණු කාරණා රැස් කරන්නේය.කර්ම රැස්කරන තාක් සසර දුකින් එතෙරවීමට ශක්තියක් ඇති නොවන්නේය.

තව දුරටත් කියවන්න...

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව සිදු කරන අම්පාර රජගල ආරණ්‍ය සේනාසනය ආශ්‍රිත පුදබිමේ පුරාවිද්‍යා සංරක්ෂණ ව්‍යාපෘතියේදී අඩි 15ක් දිග ලෙන් ලිපියක් සොයා ගෙන තිබේ.

තව දුරටත් කියවන්න...

Mahabodhi Temple

කිංසීද සූත්‍රය

2015 වෙසක් තොරණ

47වන වරටත් ඉදිකළ - මහර තොරණ

 

Read more >>

යුගාසන කවි බණ 01

යුගාසන කවි බණ 02

-----------------------------------------------------------------------

වර්තමාන විහාරාධීපති

About Sriviwekaramaya

click here

Paritta

Paritta-01

Paritta-02

Paritta-03

Email Us :-

email

ගෞතම බුදුරජාණන් වහන්සේ

siddartha-kumaru
mul-jiwithaya-ha-vivahaya
buddathwayata-pathweema
gawthama-budurajanan-wahans
darma-pacharana-charika
sanga-samajaya-athiwima
lowata-sri-sddaramaya-pahal

bududhama
bududahame-ithihasaya
samma-sambuduwarun
niwana
thripitaka-ithihasaya
prathamadarma-sangayanawa
dewana-sangayanawa
thewana-sangayanawa
chathurarya-sathya
dukka-sathya
samudaya-sathya
niroda-sathya
dukka-niroda-gamini-patipad
therawada-bududhama
mahayana-bududhama
gihi-saha-pavidi-jiwithaya

anapanasathi-bawanawa

yoga-darshanaya

pasaloswaka-pohoya-dolaha-f

ශ්‍රී දළදා මාලිගාව

dalada-maligawa

රත්නමාලී යන්ත්‍රය

rathnamali-yanthraya

ata-wisi-bodi-puja

bodi-wandana-kawi

කලා ශිල්ප

srilankawe-kala-silpa
katayam-kalawa
athdath-katayam
isuru-muniya-katayam
wahalkada-katayam
korawak-gala-katayam
muragala-katayam
sadakada-pahana-katayam
ambakke-katayam

දහම් කරුණු

sathpurusa-ha-asathpurusa-p
sugathiya-ha-dugathiya
budunwahansege-iganweem
pranagathya-yanu-ha-in-midi
karmaya-ha-punarbawaya
alpechchathawaya
satharawaram-dewa-sankalpay
bawdha-chithra-kalawa
bawdha-darmaya-ha-chanithan
bududhama-ha-samaja-sankalp
bududhama-ha-samajaya
bududhama-ha-vivaha-jiwitha
nikaya-bedaya-ha-rajya-pala
barathiya-bawdha-padiwaru
sathara-sangra-wasthu
asu-maha-sawakayan-wahansel
biksu-sasanaya

කාව්‍ය ග්‍රන්ථ

subasithaya yasodarawatha

lowada-sagarawa

මෙම  කාව්‍ය ග්‍රන්ථ කියවන ඔබ සැමටත්  උතුම් වූ ශ්‍රී සද්ධර්මය  අවබෝධ වෙවා!......

ip address tracker software