මහර සිරිමා බණ්ඩාරනායක මාවත විවේකාරාමයේදී සප්තාංග සමන්වාගත අධිෂ්ඨාන ප්‍රාර්ථනා පින්කම ලබන 27 වැනිදා ප.ව. 5.00 සිට පැවැත්වේ
මෙම පිංකම සඳහා අධිෂ්ඨාන බල කංචුක මුතුකුඩ පූජාව, සම්ප්‍රදානුකූලව සකස් කර පුදන අටපිරිකර හා චීවර පූජාව, සුවඳ තෙලින් දල්වා පුදන පහන් පූජාව, ඖෂධ 21කින් යුත් සුවඳ ධූප හා නොයෙක් ප්‍රමාණයෙන් යුත් අනේක සුවඳ කූරු හා සුගන්ධ දියර වර්ග යොදා මුළු විහාර පරිශ්‍රයම සුවඳවත් කොට සිදුකරන සුගන්ධ පූජාව, පිච්ච මල් 100,000, නෙළුම් මල් 25,000 ඇතුළු අනේක වර්ණයෙන් හා සුගන්ධයෙන් යුත් මල් 1,000,000ක් නොයෙක් අයුරුන් සකසා පුදන පුෂ්ප පූජාව, ස්වභාවික ඖෂධ 108ක් පුදා සිදුකරන ඖෂධ පූජාව සිදු කිරීමට නියමිතය.
අටපිරිකර, චීවර, මුතුකුඩ, වෙසක් කූඩු, විදුලි සැරසිලි ඇතුළු පුද පුජා සැපයීමට හැකිවන අතර බුදුන් පුදන ඕනෑම මල් හැකි උපරිම ප්‍රමාණයක් ලබාදීමෙන් මෙන්ම ඔබට හැකි උපරිමයෙන් කාලය, ධනය ශ්‍රමය පරිත්‍යාගයෙන් මෙම පිංකම සඳහා දායකවීමට හැකිය. මේ පිළිබඳ වැඩි විස්තර 0112-925396 ඇමතීමෙන් හෝ වබේ අඩවි www.sriviwekaramaya.org ෆේස්බුක් sapthangapinkama පිවිසීමෙන් ලබාගත හැකිය.